Go to full page →

11 පරිච්ඡේදය - ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයට යාම GCSinh 26

ඊළඟට මට පෙන්වූයේ යේසුස්වහන්සේ ස්වර්ගයට නැගී යන අතර උන්වහන්සේ නොපෙනී යන තෙක්ම දුකින් පිරී හදවත්වලින් යුතුව එදෙස බලා සිටි ගෝලයන් හා එහි සිටි අනිකුත් අයවලුන්වය. සුදු වස්ත්‍ර හැඳ සිටි දේව දූතයන් දෙදෙනෙක් එවිට ඔවුන් ළඟ සිට ‘ගලීලයේ මනුෂ්‍යයනි නුඹලා ස්වර්ගය දෙස බලා සිටින්නේ මක්නිසාද? නුඹලා වෙතින් ඔසවා ගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැ’යි ඔවුන්ට කීවෝය. යේසුස්වහන්සේගේ මවද ගෝලයන් සමග මෙම දර්ශනය දුටුවාය. ඔවුහු උන්වහන්සේගේ පුදුම ක්‍රියා ගැනද පසුගිය කෙටි කාලය තුළ සිදුවූ විශ්මය ජනක දේ ගැනද කථා කරමින් මුළු රාත්‍රියම ගත කළහ. GCSinh 26.1

ස්වර්ගීය සේනාවන් යේසුස්වහන්සේ පියාණන්වහන්සේ වෙත පැමිණෙන ජයග්‍රාහී වේලාව පැමිණෙන තුරු බලා සිටියහ. ස්වර්ගයට උන්වහන්සේව උත්සවාකාරයෙන් කැඳවා ගෙන යාමට දේව දූතයන් පැමිණ සිටියහ. උන්වහන්සේ ඇත ඔසවා ආශීර්වාද කළ විට ගෝලයන් වෙතින් වෙන් කොට ඔසවා ගනු ලැබූ සේක. දේව දූතයන් අතරට උන්වහන්සේ පිවිසෙන අතර උන්වහන්සේ විසින් මුදාගන්නා ලද මළවුන්ගෙන් නැගිට සිටි පිරිසද උන්වහන්සේ අනුවම දේව දූත සමූහයා අතරට පිවිසියහ. අහස තරණය කළ මහත් සමූහයා ශුද්ධ නුවර වෙත සමීප වෙත්ම මහත් හඬින් ශබ්ද පවත්වා ‘සදාකාල ද්වරයෙනි, නුඹලාගේ හිස් ඔසවාපල්ලා. මහිමයේ රජතුමා ඇතුල්වන පිණිස නුඹලාගේ දොරටු විවෘත කරපල්ලා’ යයි කෑගැසූහ. එවිටම යේසුස්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුව සිටි අති විශාල දේවදූත කණ්ඩායම කෑගසමින් ‘මේ මහිමයේ රජතුමා කවුද’යි ප්‍රශ්න කළහ. යේසුස්වහන්සේ පිරිවරාගෙන පැමිණෙන කණ්ඩායම ශබ්ද නගා ‘බලවත් ශක්තිමත් ස්වාමින්වහන්සේය, සටනෙහි බලසම්පන්න ස්වාමින්වහන්සේය. නුඹලාගේ හිස් ඔසවාපල්ලා. සදාකාල ද්වාරයෙනි, විවෘත වෙයල්ලා. මහිමයේ රජතුමා ඇතුල්වන පිණිස විවෘත වෙයල්ලා’ යයි පැවසූහ. යේසුස්වහන්සේ පිරිවරාගෙන පැමිණි මහත් සමූහයා ශුද්ධ නුවරට ඇතුල් වූහ. දේව දූත සමූහයා තමන්ගේ අධිපතියාණන් වන දේව පුත්‍රයාණන්ව වටකරගත්හ. මහත් ගම්භීර නමස්කාරයෙන් යුතුව හිස් පහත් කොට තමන්ගේ දිලිසෙන ඔටුනු ගළවා උන්වහන්සේගේ දෙපා ළඟ තැබූහ. ඔවුහු තමන්ගේ රන් වීණා රැගෙන මිහිරි ශබ්දයෙන් හා ගී හඬින් මරනු ලැබූ නමුත් ජීවත්වන යේසුස්වහන්සේ ගැන ගී ප්‍රශංසාවෙන් මුළු ස්වර්ගයම පිරවූහ. GCSinh 26.2

සාතන් තම දූතයන් සමග රැස්වීමක් පැවැත්වීය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෙරෙහි තද කෝපයෙන් කතා කරමින් තම බලය ලෝකයෙහි පවතින තාක් කල් යේසුස්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තම උත්සාහයන් දහ ගුණයකින් වැඩි කළ යුතු බව පැවැසීය. අපට යේසුස්වහන්සේව අල්වා ගන්ට නොහැකි විය. නමුත් ගෝලයන්ට විරුද්ධව සෑම පරම්පරාවකම ඔවුන්ව පරීක්ෂාවන්ට හසුකර ගැනීමට ක්‍රියා කළ යුතුය. යක්ෂාත්ම දුරු කරන්ට ලෙඩුන් සුවපත් කරන්ටත් යේසුස්වහන්සේ තම ගෝලයන්ට බලය දුන් බව සාතන් තම දූතයන්ට පැවැසීය. ඉන්පසු සාතන්ගේ දූතයෝ ගොරවන සිංහයන් මෙන් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් විනාශ කරන්ට සොයන පිණිස පිටත්ව ගියෝය. GCSinh 26.3

______________________________________
බලන්න: ගීතාවලිය 24: 7-10 සහ ක්‍රියා 1: 1-11 GCSinh 26.4