Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 10—ඔබ නිවස ගොඩ නැගීම සහ සැකසීම

    වාතාශ්‍රය, හිරු එළිය සහ දිය බැස්ම: මහජන ගොඩනැගිලි හෝ නිවාස තැනීමේදී මනා වාතා‍ශ්‍රය සහ හිරුඑළිය ගොඩනැගිල්ල තුළට ලැබෙන්නට සැලැස්වීමට වග බලා ගත යුත‍ වේ. හැකි තාක් දුරට, මිනිස් වාසය සදහා ඉදිවෙන සියලු ගොඩනැගිලි උස්වූ, පහසු ජල බැස්මක් ඇති භුමියක තැනිය යුතු වේ. මෙමගින් වියලි භුමියක්ලැබිය හැකිය. ‍බොහෝ විට මෙම කරුණ සුළු කොට සැලකේ. නිසි ජල බැස්මකින් තොර පහත් බිම් වල පදිංචිය නිසා නිරන්තර ලෙඩ දුක්, බරපතල රෝග මෙන්ම බොහෝ මරණද සිදුවේ.AHS 30.1

    නිවාස‍ ගොඩ නැගීමේදී හොදින් වාතාශ්‍රය සහ හිරුඑළිය ගෙතුලට ලැබෙන සේ කටයුතු කිරීම ඉතා වැදගත් වේ. නිවසේ සැම කාමරයක් හරහාම පවිත්‍ර වාතය හමා යාමටත් ඒ සැම කාමරයකමටම පාහේ හොඳින් හිරුඑළිය වැටීමටත් සලස්වන්න. දිවා රාත්‍රි දෙකෙහිම බාධාවකින් තොරව නිදන කාමර ඔස්සේ මදනළ සංසරණය විය හැකි සේ ඒවා සැකසිය යුතුය. දිනපතා වාතාශ්‍රයට හා හිරු එළියට විවෘත කර තැබිය නොහැකි කිසිදු කාමරයක් නිදන කාමරයක් ලෙස භාවිතා කිරීමට සුදුසු නොවේ.AHS 30.2

    ගෙවත්ත: නිවසින් නිසි දුරකින් පිහිටි ගස් වැලින් හා පඳුරු වලින් අලංකාර වූ ගෙවත්තක් නිවැසියන් තුළ ප්‍රසන්න හැගීමත් ඇතිකරවන අතර ගෙවත්ත මනා ලෙස පවත්වා ගැනීමෙන් ඔවුනට යහපතක්ම සිදුවෙයි. එහෙත් නිවසට ආසන්නව ඇති විශාල සෙවනැලි තුරුලතාදිය හා පදුරු වැනි දෙයින් සුළං සංසරණය වැළකී යන අතර හිරැඑළියද ආවරණය කෙරෙයි. AHS 30.3

    ඔබේ නිවසට සොබා අලංකාරය බලපානා සැටි: දෙවියන්වහන්සේ අලංකාර දේට ප්‍රියවන සේක. අහස, පොළොව චිත්තාකර්ෂනීය සේ සරසාලු උන්වහන්සේ මෙවන් පියකරු පරිසරයක වසනා තම දරුවන් දෙස සතුටින් බලා සිටිනුයේ ලයාදර පියෙකු සේය. අප ස්වභාවික දෙයින් පරිසරය ලස්සන කරගැනීම උන්වහන්සේගේ ආශාව වන සේක.AHS 31.1

    කෙතරම් දිළිදු වුවද ගම්බද වසන සියල්ලන්ටම තම නිවෙස් අසල කුඩා තණ පිට්ටනියක්, සෙවන දෙන ගස් කීපයක්, මල් පඳුරු හෝ සුවඳැති මල් ආදිය සහිත පරිසරයක් සකසා ගන්ට පිළිවන. අන් කවර කෘතීම සැරසිල්ලකටත් වඩා මෙම ස්වභාවික දසුන නිවැසියන්ගේ සිත් පිනවනු ඇත. නිවසේ දිවියට මෘදු ලාලිත්‍යයක් එමගින් ලැබෙන අතර ඔවුන් තුළ සොබාදහමට ප්‍රිය වීම වඩවමින් ඉන් ඔවුන් එකිනෙකා කෙරෙහිද දෙවියන්වහන්සෙ‍් කෙරෙහිද වඩාත් ළං කරවයි.AHS 31.2

    චාම් නිවෙස් සැකැස්ම: කෘතීම ගති පුරුදු අපගේ ආශිර්වාද සහ වින්දනය සොරාගන්නා අතර ප්‍රයෝජනවත් ජීවිත ගත කිරීමට අප නුසුදුස්සන් කරවයි. මිල අධික ගෘහ භාණ්ඩ නිවසට ගෙන ඒම මුදල් නාස්ති කිරීමක් මෙන්ම ඊටත් වඩා දහස් ප්‍රමාණයකින් වටිනා දෙයක්ද නාස්ති කිරීමකි. මේ දේ මගින් රැක බලා ගැනීම, නඩත්තු කිරීම ආදී ලෙසින් බරපතල ශ්‍රමයක් සහ ව්‍යාකූලතාවයක් නිවසට පැටවෙයි. පාවිච්චියට ඔරොත්තු දෙන, පහසුවෙන් පවිත්‍රව තැබිය හැකි, කැඩී බිදී ගිය විට අධික මිලක් යට නොකොට යලි මිලට ගත හැකි ආකාරයේ චාම් සරල භාණ්ඩ වලින් නිවස සකසා ගන්න. නිවසේ ප්‍රේමය සහ තෘප්තිමත් භාවය තිබේ නම්, නිසි තෝරා ගැනීම් මගින් ඉතා චාම් නිවසක් සිත් ගන්නා සුළු ආකර්ෂණීය නිවසක් බවට පත් කරලීමට ඔබට පුඑවන.AHS 31.3

    පමණට වඩා ශුද්ධ පවිත්‍රව සිටීම: ඇතැම් පවුල් වල ගෘහ සැකැස්ම සීමාව ඉක්මවා යයි. පවිත්‍රතාවය හා විධිමත් කම සුව පහසුවට අත්‍යාවශ්‍ය වන මුත්, පවුලේ උදවියට ජීවිතය තික්තවන තරමට නිවස ශුද්ධ පවිත්‍ර කිරීමට ඔවුන් නොයෙදිය යුතුය. අප ඉතා ඉහළින් සලකන ඇතැමුන්ගේ නිවෙස් තුළ ගෘහ භාණ්ඩ සැකසීම හා නිවස විධිමත්ව තබා ගැනීම කොතරම් තද බල ලෙස පවත්වා ගනු ලැබේද කිව හොත් එම තත්ත්වය අවිධිමත් භාවය තරමටම නිරස වේ. පවුලේ සැමගේ සතුට ශ්‍රමය සූරා කන සීමාවක් නැති සේදීම, පිස දැමීම, සහ පිරි මැදීම නිසා යමෙකු සැබෑ නිවසක සොයන සහනය එවන් නිවසකින් නොලබේ.AHS 31.4

    ආයිත්තම් මූලධර්මයක්: බොහෝ නිවෙස්හි දක්නට ලැබෙන අනුචිත අංගයක් සේ අප ඉහතදී දැක්වූ ආඥාදායක විධිමත් භාවය සොබාදහමේ මහා සැලැස්මට නොගැළපේ. කෙතේ පුෂ්පයන් නියමිත පාත්තිවල නියමිත තීර ඇතුළත වැඩෙන්ට නොසැලැස්වූ දෙවියන්වහන්සේ ඒවා සැම තැන විසිරුවා හැර ඒ පුෂ්පයන්ගේ වර්ණ හා හැඩයන්ගේ විවිධත්වය මගින් ‍පොළොව අලංකාරවන්ට සැලැස්වූ සේක. වනයේ වෘක්ෂයන්ට නිසි විධිමත් භාවයක් නැත. චිත්තාකර්ෂණීය දසුනක් මවමින් ගස්වැල් පඳුරු මල් ආදිය සොබාදම් උයනේ කාණ්ඩ ගැසී හැඩයෙන් හා වර්ණයෙන් ඉමක් නැති විවිධත්වයෙන් යුතු ස්වභාවික දර්ශන මවන ලැහැබ්, කඳු හා තැනිතලා‍, මිටියාවත්,ගංගා ආදිය නෙත ගැටීම ඇසට මෙන්ම සිතටද ගෙන දෙන සැනසීම අපමණය. බාල, තරුණ, මහලු ආදී සැමට එහි සහනය හා සතුට ලද හැකිය.AHS 31.5

    මෙම විවිධත්වයේ මූලධර්මය නිවසේද එක්තරා ප්‍රමාණයකට ක්‍රියාත්මක කළ හැකිය. නිවසට ගෘහ භාණ්ඩ, දොර ජනෙල් ඇතිරිලි ආදියෙහි යම් වර්ණ ගැළපීමක් සහ සාමාන්‍ය එකඟ තාවයක් තිබිය යුතුය. එසේ වුවද කාමරයක තිබෙන සියලුමදෑ එකම මෝස්තරයෙන්, එකම රෙ‍ද්දෙන්, එකම ආවරණයෙන් සමන්විත වීම ඇසට පිරිස නොවේ. කාමරය තුළ එක්තරා ගැලපීමක් ඇති විවිධත්වයක් තිබීම ඇසට වඩා ප්‍රියජනක වේ. AHS 32.1

    නිවසේ හොඳම කොටස‍, හොඳින්ම හිරුඑළිය ලබන හා වඩාත්ම සිත් කළු කාමර නිවැසියන්ගේ දෛණික භාවිතයට නතු විය යුතුය. එමගින් නිවැසියන්ට නිවස ප්‍රියජනක වනවා පමණක් නොව,අනෝන්‍යවශයෙන් ඵල ප්‍රයෝජන ගෙන දෙන අපගේ මිතුරු කැළටද මෙම නිවස ආකර්ෂණයක් වනු ඇත. AHS 32.2

    එහෙත් නිවස චාම් හෝ අත්‍යාලංකාර එකක් වුවද එහි භාණ්ඩාදිය අති අගනා හෝ එසේ නොවුවද නිවැසියන්ගේ ස්වභාවය දිව්‍ය කැමැත්තට නොගැළපේ නම්, එහි බිත්ති ඇතුළත සතුට පැවතිය නොහැකිය. ගෘහය තුළ තෘප්තිය හා සතුට රජකළ යුතුය. AHS 32.3

    දරුවන්ගේ සුව පහසුව හා ශුභ සාධනය: දරුවන් ඔවුන්ගේ‍්‍ නිවසෙහි තෘප්තියෙන් හා සතුටින් තැබීමට අවශ්‍යවනුයේ සුඛෝපභෝගී වාතාවරණයක් හෝ මිල අධික ගෘහ භාණ්ඩ නොව, දෙමාපියන්ගේ මෘදු ප්‍රේමය සහ සැලකිලිමත් අවධානයයි.AHS 32.4

    බොහෝ මව් වරුන් පවසනු මට ඇසී ඇති ලෙස, “මේ සාලයේ ඔබ ගැ‍වසෙන්ට එපා. ඔය හොඳ සෝපාවේ වාඩි වෙන්ට එපා” යනුවෙන් දරුවන්ට තහංචි නොදමන්න. ඔවුන් තවත් කාමරයකට ගිය විට, “මෙතන ශබ්ද කරන්න එපා” යැයි නොකියන්න. ඔවුන් මුඑතැන්ගෙට ගිය විට කෑම පිසින්නා‍ නොසතුටින් මෙන් ඔවුන්අමතයි. AHS 32.5

    “මෙතැනට ඇවිදින් කෑ කෝ ගහන්ට එපා, යන්න මට කරදර නොකර”. මේ දරුවන් එසේ නම් යමක් ඉගෙන ගන්ට යන්නේ කොතැනටද? වීථියටය. AHS 32.6

    සුඛෝපභෝගී භාණ්ඩවලට වඩා අගනේය: මිල අධික භාණ්ඩ ගෙන ඒමෙන් අප නිවෙස්වලට තොරක් නැති පිස දැමීම,පවිත්‍ර කිරීම,නඩත්තු කිරීම ආදිය ගෙනෙනු ලබන අතර ස්වභාවික චාම් කම, සාමය, සතුට ආදියට එහි ඉඩක් නැති වන්නේය. භාහිර ලෝකයා කියනා දේට අඩ සැලකිල්ලක්ද පවුල් කවයේ සාමාජිකයන්ට වැඩි සැලකිල්ලක්ද අත් විය යුතුය. ලෞකික ආචාරශීලී භාවය ප්‍රදර්ශනය කිරීම අඩුවෙන්ද නිවසේ සාමාජිකයන් අතර කිතුණු ආචාර සම්පන්න භාවය, ප්‍රමුදිත බව, ප්‍රේමය හා මෘදු කම වැඩියෙන්ද තිබිය යුතුය. නිවස සිත් ගන්නා සුළු වූද ස්ථානයක් බවට පත්කර ගන්නා සැටි බොහෝ දෙනෙකු උගත යුතුව ඇත. වස්තුවට හෝ සුඛෝපභෝගී දේට වඩා කෘත ගුණයෙන් පිරි සිත් ‍හා කාරුණික බැල්ම අගනේය. ප්‍රේමය පවතී නම්, චාම් දේවලින් ලබන තෘප්තියෙන් පවුලේ සතුට ඇතිවේ. AHS 32.7

    අප මිදුම්කරුවාණන් වන යේසුස්වහන්සේ රජෙකුගේ තේජාන්විත කමින් යුතුව මෙම භූමිය මත පා නැගූ සේක. ‍‍එහෙත් උන්වහන්සේ සිතින් මෘදු, මොළොක් වූසේක. ප්‍රමුදිත බව, බලාපොරොත්තුව සහ දිරිය තමන් කැටුව ගෙන ගිය උන්වහන්සේ ඇතුල් වී වදාළ සැම නිවසකටම ‍ආලෝකය හා ආශිර්වාදයක් වූ සේක. දෙවියන්වහන්සේ මිණි මුතු වලට වඩා අගයන මෘදු මොළොක්, නිසල ස්වභාවය නොතකා, අප නිවෙස් හැඩ වැඩ ගැන්වීමට සිතමින් ලබා ගන්ට දුෂ්කර දේ ලබා ගන්ට නොවෙහෙසී අහෝ අපට එතරම් දැඩි නොවන ආශාවන්ගෙන් සතුටු විය හැකිනම්, සතුට හා සාමදානයෙන් ඉවත්ව යනවාට වඩා සැම අපහසුතාවයක්ම සතුටින් දරා ගැනීම හොඳය. AHS 33.1