Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පටුන

    පරිච්ඡේදය 1—ඔබ නිවසේ වාතාවරණය

    නිවස, සමාජයේ පදනම වේ: පවුල් වලින් සමන්විත වන සමාජය සෑදෙනුයේ පවුලේ සියලු දෙනාගෙනි. ජීවිතයේ කාරණා සිත තුළින් පැන නගින අතර,සමාජයේද සභාවේද ජාතියේද හදවත නිවස වේ. සමාජයේ ශුභ සාධනයද සභාවේ සාර්ථකත්වයද ජාතියේ සමෘධියද රඳා පවත්නේ නිවසේ අනුබලය මතය.AHS 5.1

    අනාගත සමාජයේ ප්‍රගතිය හෝ පරිහානිය තීරණය වනුයේ අප වටා වැඩෙන්නා වූ යොවුන් පෙළේ ගති පැවතුම් අනුවය. දරුවන්හට බාල වියේදීම පමණ දැන ක්‍රියා කිරීමට, ආත්ම දමනයට, යහපත් ගති ගුණ පුරුදු පුහුණු වීමට ඔවුන්ගේ චරිත හැඩ ගස්වමින් අධ්‍යාපනය ලබා දෙන විට, සමාජය කෙරෙහි ඔවුන්ගේ අනුබලයද එයාකාරයෙන් යහපත් වේ. ඔවුන් මනස පහදවනු නොලැබ, හික්මීමෙන් තොරව සිටීමට අත්හරිනු ලැබීම නිසා මුරණ්ඩු වී, ආහාර පානාදියේදී මෙන්ම චිත්ත ආවේගයන්හීදීද සීමාව ඉක්මවා ක්‍රියා කිරීමට පුරුදු වුවහොත්, සමාජය කෙරෙහි ඔවුන්ගේ මතු දායකත්වයද එසේම වන්නේය.බාලයන් දැන් ඇසුරු කරන්නන්, ඔවුන් දැන් ඇතිකරගන්නා වූ පුරුදු සහ ඔවුන් දැන් දරන ප්‍රතිපත්තීන් මතු සමාජයේ ස්වභාවය දක්වන දර්ශකයක් වැනිය.AHS 5.2

    ස්වර්ගයෙන් බිඳක්: නිවස වචනාර්ථයෙන්ම නිවසක් විය යුතුය. අන්‍යයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා වෙනුවට ලයාන්විත සෙනෙහස ලියලන ස්ථානයක් වශයෙන් නිවස මිහිබට සුරපුරයක් විය යුතුය. අපගේ සතුට රඳා පවත්නේ එකිනෙකා කෙරෙහි වර්ධනය වන ප්‍රේමය, දයානුකම්පාව සහ සැබෑ ආචාරශීලිත්වය මතය.AHS 5.3

    බොහෝ දුරට නිවසේ වාතාවරණය සකසන්නේ දෙමාපියන්ය. පියා සහ මව අතර එකඟ නොවීමක් ඇති වූ කල්හි, දරුවෝ පිල් බෙදෙති. ඔබ නිවසේ වාතාවරණය මෘදු කල්පනාශීලත්වයෙන් සුවඳ හමන්නට සලස්වන්න. නොමනාප කම් ඇති කොට ගෙන, බයිබලයේ කිතුණුවන් වීමට ඔබ අසමත්ව සිටින්නහු නම්, ස්වාමින්වහන්සේ වෙතට හැරෙන්න. ඔබ ස්වර්ගයේ ශුද්ධවන්තයකු වීමට සිතන්නෙහි නම්, පළමුව පොළවේ ශුද්ධවන්තයකු විය යුතුය. ඔබ අලුම්වන චරිත ලක්ෂණ මරණය හෝ නැවත නැගිටීම කරණ කොට ගෙන වුව වෙනස් වන්නේ නැත. ඔබ නිවසේදී සහ සමාජයේදී දක්වා ලූ එම ගති පැවතුමින්ම සොහොනින් නැගිට එනු ඇත. යේසුස්වහන්සේ නැවත වඩිනා විට උන්වහන්සේ කිසිවකුගේ චරිතය වෙනස් නොකරන සේක. ජිවිතයේ විපර්යාසය දැන් සිදුවිය යුතුය.අපගේ දෛණික ජීවිතය අප ඉරණම තීරණය කරයි.AHS 6.1

    නීති රීති වල වැදගත්කම: සෑම කිතුණු නිවසකම නීති රීති තිබිය යුතුය.තම වදන් හා හැසිරීම තුළින් දෙමාපියන් තමන්ගේ දරුවන්හට යහපත් පුරවැසියන් වනු පිණිස අගනා, සජිවී ආදර්ශ දිය යුතුවේ. කථනයේ පිවිතුරු බව සහ සැබෑ කිතුණු ආචාරශීලත්වය නිරතුරු පුරුදු පුහුණු කළ යුතුය. තමනට ගරු කරනටද දෙවියන්වහන්සේට සහ ප්‍රතිපත්තීනට සත්‍යවාදී වීමටද ළමා හා තරුණ පෙළට උගන්වන්න. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ගෞරවයෙන් යුතුව කීකරු වීමට ඔවුනට කියා දෙන්න.AHS 6.2

    මෙම ප්‍රතිපත්තීන් ඔවුන්ගේ ජීවිත හසුරුවනු ඇත.එමෙන්ම ඒවා ඔවුන් අන්‍යයන් සමග කරන ඇසුරේදී ක්‍රියාත්මක වනු ඇත.එම ප්‍රතිපත්තීන් පවිත්‍ර වතාවරණයක් ඇති කරවන අතර ශුද්ධ භාවයට සහ ස්වර්ගයට යොමු කරවන මගට දුබලයන් පොළඹවන අනුබලයක් ඉන් යමෙකුට ලැබෙනු ඇත. ඔබ ආදර්ශයෙන් දෙන සෑම පාඩමක්ම ගුණ ගරුත්වය වගා කරවන, උතුම් පාඩමක් වන්ට සලස්වන්න. එවිට ඔබ ගැන ස්වර්ගීය පොත්වල සටහන්වන වාර්තා ගැන ඔබ විනිශ්චයේදී ලජ්ජා නොවනු ඇත.AHS 6.3

    මෙවන් උපදෙස් ලබන්නා වූ දරුවන් වගකීම් දැරීමට සූදානම් කෙරෙන අතර, ප්‍රතිපත්තියෙන් හා ආදර්ශයෙන් ඔවුන් සෑම විටම හරි දේ කිරීමට අන්‍යයන්වද පොළඹවනු ඇත. සදාචාරාත්මක අවබෝධය මොට නොවුණවුන් නිවැරදි ප්‍රතිපත්ති ගරු කරනු ඇත. තමනට ස්වභාවිකව ලැබුණු දායාදයන් වටහා ගන්නවුන් තම කායික, මානසික හා සදාචාරාත්මක ශක්තීන්ගෙන් උපරිම එළ නෙළා ගනු ඇත.එවන් පුද්ගලයන් පරික්ෂාවනට එරෙහිව ප්‍රබල ලෙස ආරක්ෂා වී ඇත.පහසුවෙන් බිඳිලිය නොහැකි ප්‍රාකාරයකින් ඔවුන් වටවී ඇත.AHS 6.4

    නිවස ප්‍රීතිය උතුරා යන ස්ථානයක් කර ගන්න: කරදර පැමිණිය හැකිය.ඒවා මනුෂ්‍යත්වයට අයත් කොටස වේ. දව කෙතරම් අඳුරු වුවද හදවත තුළ හිරුඑළිය බැබළවීමට ඉවසීම, කෘත ගුණය සහ ‍ප්‍රේමයට ඉඩ දෙන්න.AHS 6.5

    නිවස ඉතා චාම් එකක් විය හැකි වුවද එය සෑම විටම සතුටු වදන් පැවසෙන, කාරුණික ක්‍රියා කෙරෙන, ආචාරශීලීත්වය සහ ප්‍රේමය නිරතුරුව පවතින තැනක් විය හැකිය.AHS 7.1

    නිවසේ නීති රීති දරදඬු ලෙස නොව, ප්‍රඤාව සහ ප්‍රේමයෙන් යුතුව පනවන්න. ප්‍රේමයෙන් යුතුව දෙනු ලබන නීති වලට දරුවන් කැමැත්තෙන් කීකරු වනු ඇත. හැකි සෑම විටම ඔබගේ දරුවන්ගේ ක්‍රියා පසසන්න. ඔවුන්ගේ ජීවිත හැකිතාක් දුරට පිනවන්න. සත්‍යයේ බීජය සඳහා ඔවුන් සූදානම් කරවමින් ප්‍රේමය සහ සෙනෙහස දැක්වීම කරණ කොට ගෙන ඔවුන්ගේ සිතේ පස මෘදුව තබන්න. ස්වාමින්වහන්සේ පොළොවට වර්ෂාව පමණක් නොව, බීජ පැලවී මල් පිපෙන පිණිස අලංකාර හිරු එළියද දෙවා වදාරන බැව් මතක තබා ගන්න. දරුවන්ට තරවටු කිරීම හා නිවරද කිරීම පමණක් නොව කාරුණික වදනේ හිරුඑළියවන දිරිගැන්වීම හා පැසසීමද අවශ්‍ය බව සිහි තබා ගන්න.AHS 7.2

    ක්‍රිස්තුස්වහන්සේ වැඩ සිටීම: ප්‍රේමය, දයානුකම්පාව සහ මෘදු කමින් අලංකෘත වූ නිවස දේවදූතයනට ප්‍රිය උපදවන්නා වූද දෙවියන්වහන්සේ මහිමයට පත් කරවන්නා වූද ස්ථානයකි. බාල හා තරුණ කාලයන් හිදී සැලකිලිමත්ව රැක ගනු ලැබූ කිතුනු නිවසක අනුබලය දූෂණයන්ට එරෙහිව ඇති එකම ස්ථිර සාර ආරක්ෂාවය. එවන් නිවසක වාතාවරණය තුල දරුවෝ තම භූමික දෙමාපියනට සහ ස්ර්වගීය පියාණන්වහන්සේට ප්‍රේම කීරීමට උගනිති.AHS 7.3

    දෙවියන්වහන්සේ කෙරෙහි දැක්විය යුතු ශුද්ධ භාවය නිවස සිසාරා යා යුතුය. දෙවියන්වහන්සේ හා සමග සහයෝගීව ක්‍රියා කිරීමට දෙමාපියන් සහ දරුවන් උගත යුතුය. ඔවුන් තම ගති පැවතුම් සිරිත් විරිත් දෙවියන්වහන්සේගේ සැලැස්මට අදාළ වනසේ සකසා ගත යුතුය.AHS 7.4

    පවුලේ සබඳතාවය එහි අනුබලය තුළ පරිශුද්ධවත් විය යුතුය. දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව පිහිටුවා පවත්වා ගනු ලබන කිතුණු නිවෙස් ක්‍රිස්තියානි චරිත වර්ධනයට විශ්මිත රුකුලකි. මානව ප්‍රේමය පවිත්‍රව සහ උතුම් ව තබා ගැනීමට හැකි එකම තැනැන්වහන්සේට තම ප්‍රේමනීය සේවය කැප කිරීමේදී දෙමව්පියන් සහ දරුවන් එක්විය යුතුය.AHS 7.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents