Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 19—දිව්‍ය මගපෙන්වීමේ පොරොන්දුව

    මවගේ දිව්‍යමිතුරාණෝ යේසුස්වහන්සේ: ඔබගේ දයානුකම්පාවෙන් පිරි මිදුම්කරුවාණෝ ඔබට අවශ්‍ය සහය ලැබ දීමට හා ඔබගේ යැදුම් ඇසීමට සූදානමින් ලයාන්විත ප්‍රේමයෙන් යුතුව ඔබ දෙස බලා සිටින්නාහ. සැම මවකගේම සිත්හි ඇති බර දන්නා උන්වහන්සේ සෑම හදිසි අවස්ථාවකදීම ඇයගේ කළණ මිතුරාණන් වන සේක. දේව භය භක්තිය ඇති ඇදහිලි වන්ත මවට උන්වහන්සේ සදාකාලික හස්තයන්ගේ සහය ලැබේ.AHS 56.1

    පොලොවේ සිටියදී බොහෝ නැති බැරි කම් වලින් පීඩිතව දිළිඳුකම හා අරගලයක යෙදී සිටි මවක උන්වහන්සේට සිටි අතර නැති බැරි කමින් පෙළෙන සැම කිතුණු මවක ගැනම උන්වහන්සේ දයානුකම්පා වන සේක. දුෂ්ඨ ආත්මයක් ආවේශව සිටි දියණියකගේ මවක විඳි ලසෝ තැවුල් සංසිඳලීමට දිගු ගමනක් ගිය එම ගැළවුම් කරුවාණෝ දැනුදු මවගේ යැදුම් අසා ඇගේ දරුවනට ආශීර්වාද කරනු ඇත. AHS 56.2

    මිහිදන් කරනට ගෙන යනු ලැබූ පුතු ආපසු වැන්දඹුවට ලැබ දුන් තැනැන්වහන්සේ දරු සොවින් තැවෙන මවකගේ වේදනාවෙන් අද කම්පා වන සේක. ලාසරුස්ගේ සොහොන අසලදී දුක් කඳුළු සලා, මාර්තා හා මරියා හට ඔවුනගේ සොහොන් ගත කළ සොහොයුරා යලි ලබා දුන්, මරියා මගදලෙනා හට ක්ෂමා වූ, කරුසියේ දැරිය නොහැකි වේදනාවෙන් එල්ලී සිටියදී පවා තම මව සිහිපත් කළ, වැළපෙන කතුනට දර්ශනය වී මළවුන්ගෙන් නැගිටි ගැළවුම් කරුවකු පිළිබඳ සුපුවත පළමුව ලොවට කීමට ඔවුන් තම පණිවිඩකාරියන් කර ගත් උන්වහන්සේ අද කතුනගේ හොඳම මිතුරාණන් වන අතර කාන්තාවට ජීවිතයේ සියලු අවස්ථාවකදීම පිහිට උපකාරී වීමට සූදානමින් සිටින සේක. AHS 56.3

    කිතුණු මවගේ කාර්යයට සම තවත් කාර්යයක් නොමැත. ස්වාමීන්වහන්සෙ‍්ගේ අවවාද අනුශාසනා තුළ තම දරුවන් හදා වඩා ගැනීම යනු කවරේදැයි යන හැඟීමෙන් යුතුව ඇය තම කාර්යය භාර ගන්නීය. තම වගකීමේ බර තමාට දැරිය නොහැකි යැයි කෙතරම් වර ඇයට හැඟී යයිද, එමෙන්ම ඒ සියල්ල ස්වකීය සානුකම්පිත ගැලවුම් කරුවාණන් වෙත ගෙන යාමට ඇයට තිබෙන භාග්‍ය්‍ය කෙතරම් අගනේද! තම බර උන්වහන්සේගේ පාමුල තබා ඉතා දුෂ්කර අවස්ථාවන්හිදී ප්‍රඥාව, ධෛර්යය, බලාපොරොත්තුව හා උද්යෝගීමත් බව ලැබදි තමන් සවිමත්ව තැබීමට උන්වහන්සෙගේ අභිමුඛයෙහි ශක්තිය ලබනට ඇයට හැකි වෙයි. සියලු දුෂ්කරතාවයන්හිදී එවන් මිතුරකු සිටිනවා යැයි හැඟීම වෙහෙසව මිලින වූ මවකට කෙතරම් සතුටක් ගෙන දෙයිද! ක්‍රිස්තුස්වහන්සේ වෙතට නිතර යාමටත් වඩාත් පූර්ණ අයුරින් උන්වහන්සේ කෙරෙහි අදහා ගැනීමටත් මව්වරුනට හැකි නම්, ඔවුන් උසුලන බර සැහැල්ලු වන අතර, සිතට සැනසීම ලබනු ඇත.AHS 57.1

    දෙවියන්වහන්සේ ඔබගේ යැදුම් අසන සේක: තම දරුවන් පුහුණු කිරීමෙහි ලා දෙවියන්වහන්සේගේ උපදෙස් අනුගමනය කරනා විට, තමනට පිහිට ඉහළින් පැමිණෙන බැව් දෙමාපියන් වටහා ගත යුතු වේ. දරුවන්ට උගන්වන විට තමන්ද ඉගෙන ගන්නා බැවින් දෙමාපියෝ බොහෝ එල ප්‍රායෝජන ලබති. ස්වාමීන්වහන්සෙ‍්ගේ මාර්ගය පැවැත්වීමෙන් තමන් ලද දැනීම තුළින් දරුවන් ජයග්‍රහනය ලබනු ඇත. අයහපත කිරීමට ස්වාභාවිකව හා ජන්මයෙන් ලද පෙළඹවීම ජය ගැනීමට ඉන් ඔවුනට හැකි වන්නේය.AHS 57.2

    දෙමාපියෙනි, ඔබ ඔබේ දරුවන් උදෙසා නොමැලවෙන ශක්තියෙන් යුතුව ක්‍රියා කරන්නහුද? ස්වර්ගයේ වැඩ වසනා දෙවියන්වහන්සේ ඔබගේ ඉමහත් උනන්දුව, ජ්වලිත කාර්යය හා නිරතුරුව අවදියෙන් සිටීම දකිනා සේක. උන්වහන්සේ ඔබගේ යැදුම් අසනා සේක. ඉවසීම හා මෘදු කමින් යුතුව ඔබගේ දරුවන් ස්වාමීන්වහන්සේ උදෙසා පුහුණු කරන්න. ඔබගේ කාර්යය කෙරෙහි සකල ස්වර්ගයම උනන්දුව දක්වති. ඔබගේ ප්‍රයත්නයන් මල් එල ගන්වමින් දෙවියන්වහන්සේ ඔබ හා ක්‍රියා කරනු ඇත.AHS 57.3

    ගැළවීමේ සත්‍යතාවයන් පහදා දීමට මෙන්ම පෞද්ගලික ගැලවුම් කරුවකු ලෙසින් ක්‍රිස්තුස්වහන්සේ දරුවනට පෙන්වා දීමට ඔබ උත්සහ ගන්නා විට දේව දූතයන් ඔබ අසලින් සිටිනු ඇත. ලෝකයේ බලා පොරොත්තු වන බෙත්ලෙහෙමේ දිළිඳානන්ගේ මා හැගි කතාන්තරය කෙරෙහි තම කුඩා දරුවන් තුළ සැලකිල්ලක් ඇති කර වීමට ස්වාමීන්වහන්සේ දෙමාපියන් හට අනුග්‍රහය දානය කරන සේක. AHS 58.1

    ඉල්ලා ලබා ගන්න: තම වැදගත් කාර්යයේදී දෙමාපියන් දිව්‍ය සහය ඉල්ලා ලැබ ගත යුතය. දෙමාපියන්ගේ චරිතය, ගති පුරුදු හා පැවතුම් පහත් තත්ත්වයක පැවතුනද ඔවුන්ගේ ළමා හා තරුණ දිවියේදී ඔවුනට දෙන ලද අහිතකර පාඩම් ඔවුන්ගේ දුෂ්චරිතයට තුඩු දී තිබුණද ඔවුන් බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. දෙවිහන්වහන්සේගේ සිත් හරවන බලයට ප්‍රවේනියෙන් පැමිණි, තමන් ඇති කර ගත් ගති පුරුදු වෙනස් කිරීමට ශක්තිය ඇත. මන්ද යේසුස්වහන්සේගේ ආගම ජීවිත උසස්කර ලයි. “නැවත ඉපදෙනවා” යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නව දිවියක් ලැබීමය.AHS 58.2

    ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීම තුළ අපි අපේ දරුවන්ට ගුරු හරු කම් දෙමු. ඔබ ස්වාමීන්වහන්සේ ඇමතුවහොත් උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනු ඇත. මා මෙහිය, නුඹ උදෙසා මා කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදැයි ‍උන්වහන්සේ පවසනු ඇත. සෑම අයෙකුටම තම කාර්යය කරගත හැකි වනසේ ස්වර්ගය පොළව හා සම්බන්ධව තිබේ. ස්වාමීන්වහන්සේ මෙම දරුවන්ට ප්‍රේම කරන සේක. ඔවුනට ඉහළින් ලද කැඳවීම පිළිබඳ වැටහීමෙන් යුතුව වැඩෙනු දැකීම උන්වහන්සේගේ අභිප්‍රාය වේ. AHS 58.3

    ශුද්ධාත්මයාණන් මග පෙන්වනු ඇත: ශුද්ධාත්මයා‍ණන් විසින් පාලනය වනු ලබන සැම මවකට හා පියෙකුටම නිවසේදී ගුරුවරයෙකු සේ ක්‍රියා කිරීමට ශක්තිය හා අනුග්‍රහය දෙනු ලබන පිණිස ක්‍රිස්තුස්වහන්සේ‍ කටයුතු සලස්වා තිබේ. නිවසේදී දෙනු ලබන මෙම අධ්‍යාපනය හා හික්මීම දරුවන්ගේ චරිත වර්ධනයට අනුබල දෙයි.AHS 58.4

    දිව්‍ය බලය හා මිනිස් ප්‍රයත්නය එක් කිරීම: මිනිස් ප්‍රයත්නයෙන් තොරව දිව්‍ය ප්‍රයත්නය නිෂ්ඵල වෙයි. දෙමාපියන් තමන් මත පවත්නා ශුද්ධ වගකීමට අවදිව දෙවියන්වහන්සේ කෙරෙහි රඳා පවතිමින් තම දරුවන් නිසි මග යැවීමට සොයනා විට දෙවියන්වහන්සේ බලයෙන් යුතුව ක්‍රියා කරනු ඇත. තමන්ගේද තම දරුවන්ගේද ගැළවීම සාදා ගනිමින් ඉතා සැලකිලිමත් කමින් හා යැදුමින් යුක්තව තම දරුවන්ට උගන්වන දෙමාපියන් සමග උන්වහන්සේ සහයෝගීව ක්‍රියා කරනු ඇත. තමන් වහන්සේගේ යහපත් කැමැත්ත ඉටු කරනු පිණිස උන්වහන්සේ ඔවුන් සමග කටයුතු කරනු ඇත.AHS 58.5

    ඔබගේ දරුවන්ට ස්වර්ගය සඳහා සුදුසු චරිතයක් පරිපූර්ණ කිරීමට සහය වනු වස් මිනිස් ප්‍රයත්නය පමණක්නොසැහේ. එහෙත් දිව්‍ය සහය සමගින් විශිෂ්ඨ, ශුද්ධ කාර්යයක් ඉටු කළ හැකිය.AHS 58.6

    ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න: ක්‍රිස්තුස්වහන්සේ‍ගේ විවිධාකාර අනුග්‍රහයන්හි විශ්වාසවන්ත භාර කරුවන් ලෙසින් ඉවසිලිවන්ත කමින් හා ප්‍රේමයෙන් යුතුව දෙමාපියන් ඔවුනට පවරනු ලදුව ඇති කාර්යය කළ යුතු වේ. ඔවුන් ඇදහිලිවන්තව සිටිය යුතු යැයි අපේක්ෂා කෙරේ. සෑම දෙයම ඇදහිල්ල තුළ සිදුකළ යුතුව ඇත. දෙවියන්වහන්සේ තම දරුවනට උන්වහන්සේගේ අනුග්‍රහය ලැබ දෙන මෙන් ඔවුන් නිතර යාච්ඥා කළ යුතුය. ඔවුන් කිසිදා මිලිනව, නොඉවසිලිමත්ව, ඉක්මනින් කිපෙන සුළු අයුරින් තම කාර්යයෙහි නොයෙ‍දිය යුතුය. ඔවුන් දෙවියන්වහන්සේට හා තම දරුවන්ට පවිත්‍ර කමේ හා සදාචාර බ‍වේ ඉහළම මට්ටමට ළගාවීමට සහය දීමට දැඩි උනන්දුවෙන් ක්‍රියා කරමින් දෙමාපියන් ඉවසීමෙන් හා ‍ප්‍රේමයෙන් යුතුව ක්‍රියා කරයි නම්, ඔවුන් සාර්ථකත්වය ලබනු ඇත.AHS 59.1