Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 20—පියවරුන්ගේ වගකීම

    සැමියා යන්නෙහි අර්ථය: නිවස ප්‍රීතිමත් ස්ථානයක් කිරීමේ කාර්යය මව මත පමණක් රඳා නොපවතී. පියවරුනට වැදගත් කොටසක් කිරීමට තිබේ. සැමියා පවුලේ සාමාජිකයන් වන මව සහ දරුවන් එකමතු කමේ දැඩි බැඳීම තුළ තම ප්‍රබල, ජවලිත, කැපවූ සෙනෙහසින් බඳිනා පවුල් සම්පතෙහි බැම්ම වෙයි.AHS 60.1

    පවුලේ මූලිකයා: සැමියා සහ පියා පවුලේ මූලිකයාය. බිරිඳ ප්‍රේමය හා අනුකම්පාවත් දරුවන් පුහුණු කිරීමේදී සහයත් පතා ඔහු දෙස බලන අතර එසේ කිරීම නිවැරදිය. දරුවන් ඇගේ මෙන්ම ඔහුගේත් වන අතර ඔවුන්ගේ ශුභ සාධනය අරබයා ඔහු මවට සමාන උනන්දුවක් දරුවන් කෙරෙහි දක්වයි. සහය සහ මග පෙන්වීම උදෙසා දරුවන් පියා දෙස බලන බැවින්, ජීවිතය පිළිබඳ නිවැරදි ආකල්පයක් සහ තම පවුල වටා තිබිය යුතු යහපත් අනුබලයන් හා ඇසුරු කිරීම පිළිබඳ හැඟීමක් ඔහුට තිබිය යුතුය. ඒ සියල්ලටත් වඩා තම දරුවන්ගේ පා නිසි මගට යොමු කිරීම පිණිස හෙතෙම දෙවියන්වහන්සේ කෙරෙහි භය භක්තිය සහ ප්‍රේමයෙන්ද උන්වහන්සෙ‍ගේ වචනයේ ඉගැන්වීමෙන්ද පාලනය විය යුතුය.AHS 60.2

    පවුල සතුටින් තැබීම සඳහා පියා තම කොටස ඉටු කළ යුතුය. ඔහුගේ සිත් තැවුල් සහ ගනු දෙනු කටයුතු කවරක් වුවද එම අනාකුල් වලට පවුල ආවරණය කරගන්ට ඉඩ නොදිය යුතු අතර ඔහු නිවසට ගොඩ විය යුතු වන්නේ සිනහවකින් හා ප්‍රසන්න වදනින් යුතුවය. AHS 60.3

    මුහුකුරා ගිය අත්දැකීම් අවශ්‍යය: පියෙකු දරුවෙකු මෙන් චිත්තාවේග මගින් බොළඳ ක්‍රියා නොකළ යුතුය. හෙතෙම තම පවුල වෙත ශුද්ධ බන්ධනයන්ගෙන් බැඳී සිටියි. නිවස තුළ ඔහුගේ අනුබලය තීරණය වනුයේ එකම සැබෑ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේ එවා වදාළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔහුට තිබෙන දැනීම අනුවය. “මම බාලයෙකුව සිටින කල බාලයෙකු මෙන් කථා කළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයකු මෙන් කල්පනා කළෙමි, දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත් හැර සිටිමි යැයි පාවුල් තුමා කියයි.AHS 61.1

    පියා පවුලේ පෙරටුවෙන් සිටිය යුතු වන්නේ හැඩි දැඩි නොහික්මුණු කොළුවකු මෙන් නොව, පුරුෂ ගති ස්වභාවයෙක් පිරි, තම තෘෂ්ණා පාලනය කරගත් මිනිසෙකු ලෙසිනි. ඔහු නිවැරදි සාරධර්මයන් පිළිබඳ අධ්‍යාපනයක් ලැබ ගත යුතුය. ගෘහ ජීවිතයෙහි ඔහුගේ හැසිරීම දේව වචනයේ පවිත්‍ර ප්‍රතිපත්තීන් කරණ කොට ගෙන පාලනය විය යුතු වේ. එවිට ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පූර්ණත්වයට වැඩෙනු ඇත.‍AHS 61.2

    සිය කැමැත්ත දෙවියන්වහන්සේට යටත් කරන්න: පවිත්‍ර හා ශුද්ධ වාතාවරණයක් ඔබ වටා තිබෙන්ට වගබලා ගන්නැයි සැමියෙකු හා පියකු වන මනුෂ්‍යයාට මම පවසමි. ඔබ දිනපතා ක්‍රිස්තුස්වහන්සේ ගැන උගත යුතුව ඇත. ඔබ කිසි දිනෙක නිවසේදී ‍ද්‍රෝහි ගතියක් නොපෙන්විය යුතුව ඇත. එවැන්නක් කරන්නා සාතනික බලවේගයන් හා සමගින් ක්‍රියා කරන්නේය. ඔබගේ කැමැත්ත දේව කැමැත්තට යටත් කරගන්න. ඔබගේ භාර්යාවගේ ජීවිතය ප්‍රසන්න හා ප්‍රීතිමත් එකක් කරවීමට ඔබට හැකි සියල්ල කරන්න. දේව වචනය ඔබගේ උපදේශකයා කර ගන්න. නිවසේදී දේව වචනය අනුව ජීවත් වන්න. එවිට ඔබ සභාවේදීද සේවය කරනා ස්ථානයේදීද ඒ අනුව ජීවත් වනු ඇත. ස්වර්ගීය ප්‍රතිපත්තීන් ඔබගේ සියළු ගණු දෙනු උසස් කරනු ඇත. ලොවට ක්‍රිස්තුස්වහන්සේ පෙන්වා දීමට සහය වෙමින් දෙවියන්වහන්සේගේ සුර දූතයන් ඔබ හා ක්‍රියා කරනු ඇත.AHS 61.3

    අධිකාරී බලය ‍නිහතමානී කමින් ක්‍රියාත්මක කරන්න: පවුලේ මූලිකයා ලෙස සැම විටම ප්‍රමුඛස්ථානය ගැනීම පුරුෂකමේ ලක්ෂණයක් නොවේය. පවුලේ බලය තමා සතු යැයි ශුද්ධ ලියවිලි වලින් දක්වා ලීමෙන් ඔහුට ඇති ගෞරවය වැඩි නොවේ. ඔහුගේ සැලසුම් නොවරදින සුළු ඒවා සේ සලකා ඒවා අනුව කටයුතු කිරීමට තම බිරිඳ හා දරුවන්ගේ මව ‍‍පෙළඹවීමෙන් ඔහුගේ පුරුෂ කම දියුණු තියුණු නොවේ.AHS 61.4

    ස්වාමීන්වහන්සේ ස්වාමිපුරුෂයා භාර්යයාවගේ හිසව සිටීමට සැලසුම් කර වදාළේ ඔහු ඇගේ ආරක්ෂකයා වනු පිණිසය.AHS 61.5

    ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසද අභිරහසිගත සභා ශරීරයේ ගැළවුම්කරුවාණන්ද වන්නාසේ ඔහු පවුලේ සාමාජිකයන් එක්ව බැඳ තබා ගන්නා වූ පවුලේ බන්ධනය වන්නේය. දෙවියන්වහන්සේට ප්‍රේම කරනවා යැයි කියන සැම සැමියෙකුම පියෙකු ලෙස දෙවියන්වහන්සේ තමන්ගෙන් කවරක් අපේක්ෂා කරන සේක් දැයි සැලකිලිමත්ව සොයා බලත්වා. ක්‍රිස්තුස්වහන්සේගේ අධිකාරී බලය මෙහෙය වනු ලබන්නේ ප්‍රඥාව සහ සියලු කරුණාවන්ත, මෘදුකම තුළින්ය. එහෙයින් සැමියා තම අධිකාරී බලය මෙහෙයවමින් සභාවේ උතුම් හිසව සිටිනා තැනැන්වහන්සේ අනුකරණය කරත්වා. AHS 62.1