Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 21—බරට උරදීම

    අනුනට පැවරිය නොහැකි යුතුකමක්: තම දරුවන් උදෙසා පියා සතු යුතුකම මවට පැවරිය නොහැකිය. ඇය ඇගේ යුතුකම ඉටු කරන්නී නම්, ඇයට දැරීමට සෑහෙන බර ඇත. දෙවියන්වහන්සේ ඔවුනගේ අත් වලට පවරා තිබෙන කාර්යය ඉටු කළ හැකි වන්නේ මවත් පියාත් එක්ව ක්‍රියා කිරීමෙන් පම්‍ණය.AHS 63.1

    මේ ජීවිතය හා සදාකාල ජීවිතය සඳහා තම දරුවනට ඉගැන්වීමේ කාර්යයෙහි ලා තමනට අයත් කොටස නොකොට පියා මග හැර නොසිටිය යුතුය. ඔහු පවුලේ වගකීම බෙදා ගත යුතුය. මවට ‍මෙන්ම පියාටද යුතුකමක් ඇත.දෙමාපියන් තම දරුවන් එකිනෙකා හට ප්‍රේමය හා ගෞරවය කිරීම වර්ධනය වනු දකීමට නම් මව පියා එකිනෙක් හට ප්‍රේම කරමින් ගෞරවය දැක්විය යුතුය.AHS 63.2

    පියා තම උද්යෝගිමත් බැල්මෙන් කාරුණික වදන් මගින් මවගේ කටයුතු වලදී ඇයට දිරි දිය යුතුවේ.AHS 63.3

    පියා මවගේ බර සැහැල්ලු කළ යුතුය: පියාගේ කාර්යය හා ව්‍යාකූලතාවයන් කවරක් වුවද ඔහු දවස පුරා අන්‍යයන් හට දැක්වූ සිනහ මුසු මුහුණු හා ප්‍රසන්න වදන් සමගින් නිවසට පැමිණෙත්වා. තම සැමියාගේ සෙනෙහස කෙරෙහි තමාට රඳා සිටිය හැකි බවත් තම වැඩ කටයුතු වලදී සැමියා තමාට ශක්තිය හා සහය ලැබ දෙන බවත් ඔහුගේ අනුබලයෙන් තමා දරා සිටීම නිසා තම වෙහෙසින් අඩක් ගිලිහී යන බවත් බිරිඳට හැඟි යත්වා.AHS 64.1

    ගෘහ යුතුකම් ශුද්ධ මෙන්ම වැදගත් ‍ද වේ. එහෙත් බොහෝ විට ඒවායේ ඒකාකරී බවක් දක්නට ලැබේ. නිමක් නැති ගෙදර දොරේ වැඩ කටයුතු නිසා බිරිඳ වෙහෙසව කිපෙන සුළු විය හැකි අතර ඇයට අවශ්‍ය විවේකය හා මදක් පසෙකට වී සිටීමට ඉඩ සැලසීමට සැමියාට හැකියාව ඇත. මව මුහුණ පාන දුෂ්කරතාවයන් අගය කොට ඇයට සහය වීමට සැමියා අපොහොසත් වුව හොත් දිළිඳු මවකගේ අතෝරයක් නැති ආත්ම පරිත්‍යාගික ජීවිතය තවත් දුෂ්කර වනු ඇත.AHS 64.2

    දුබල මවක ගැන සැලකිලිමත් වන්න: සැමියා තම පවුල කෙරෙහි විශාල සැලකිලිමත් කමක් දැක්විය යුතුය. විශේෂයෙන්ම දුබල රෝගාතුර බිරිඳගේ හැගීම් කෙරෙහි ඔහු ඉතා මෘදු ලෙස ක්‍රියා කළ යුතුය. ඇය තවත් රෝගාතුර වීමෙන් වළකා ගැනීමට ඔහු පුළුවන.AHS 64.3

    ඉතාමත්ම සුවකාරක ඖෂධයටත් වඩා කාරුණික, ප්‍රීතිමත්, දිරිගන්වන වදන් ළුලදායි වනු ඇත. ඉන් මැළවුණු සිතට ධෛර්යය ගෙන දෙන අතර කාරුණික ක්‍රියා හා දිරි ගන්වන වදන් මගින් පවුලට ගෙන එන සතුට හා හිරු එළිය දරන ලද ප්‍රයත්නයට දස ගුණයකින් ප්‍රතිඵල ලැබ දෙයි. AHS 64.4

    තම දරුවන් පුරුදු පුහුණු කිරීමේ වගකීමෙන් වැඩි කොටසක් මව මත පැවරෙන බවත් ඔවු‍න‍්ගේ සිත් යහ මගට යොමු කිරීමෙහි ලා විශාල කර්තවයක් ඉටු කිරීමට ඇයට තිබෙන බවත් සැමියා මතක තබා ගත යුතුය. ‍එහෙයින් හෙතෙම ඇය කෙරෙහි ඉතා මෘදු අයුරින් සලකමින් ඇගේ කාර්යයේ බර සැහැල්ලු කළ යුතු වේ. AHS 64.5

    තම සෙනෙහස මත රඳා සිටිමින්, ශක්තියත් සමාදානයත් මෙන්ම වෙහෙස වන්නන්ට ලැබෙන අවසාන සැනසීමත් තිබෙන ස්වර්ගය දෙසට නෙත් සිත්යොමන්ට ඔහු ඇය දිරි ගැන්විය යුතුය. ප්‍රශ්ණ වලින් නළල රැලි ගන්වා ගෙන ඔහු නිවසට නොආයුතු අතර නිවසට හිරු එළිය ගෙන එමින් පැමිණෙන ඔහු තම බිරිඳට ඉහළ බලා දෙවියන්වහන්සේ කෙරෙහි අදහා ගන්ට දිරි දය යුතුවේ. එක්ව ඔවුනට දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉල්ලා සිට පවුල වෙත මහගු ආශීර්වාද ගෙන ආ හැකිය. AHS 64.6

    මෘදු ලෙස මෙහෙය වන්න: විශ්වාසවන්ත එ‍ඬෙරාගේ සැලකිලිමත් භා‍වයෙන් බොහෝ සැමියන් හා පියවරුනට ප්‍රයෝජනවත් පාඩමක් උගත හැකිය. කඩිනම් හා දුෂ්කර දිගු ගමනක් යාමට පොළඹවනු ලැබු කල්හි යාකොබ් මෙසේ පිළිතුරු දුන්නේය. “දරුවන් ළාබාල බවද කිරිදෙන එළු බැටළු රැළවල් සහ ගව රැළවල් මා සමග ඉන්නා බවද මාගේ ස්වාමියා දන්නේය. එක දවසක් උන් ඉක්මනට දැක්කුවොත් මුළු රැළ මිය යන්නේය.” AHS 64.7

    මම...... මට පෙරටුව යන සිව්පාවුන්ටත් දරුවන්ටත් යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමි. AHS 65.1

    ජීවිතයේ වෙහෙසකර මාවතේ සැමියා හා පියා තම සහකාරියට දරාගත හැකි අයුරින් හෙමිහිට ගමන මෙහෙයවත්වා. ධනය හා බලය උදෙසා ලොව පෙරට දුවන අතරෙහි, තමන් සමගින් ඇවිදින්ට කැඳවනු ලැබූ තැනැත්තී සනසමින් ඇයට සහය දීමට හෙතෙම තම කඩිනම් පියමන් නවතා ගන්ට ඉගෙන ගනිත්වා.AHS 65.2

    තම දයානුකම්පාව හා නොසැලෙන සෙනෙහසින් සැමියා තම බිරිඳට සහය වෙනවා. ඇය නිවසේ හිරු එළිය සේ සිටිනු පිණිස සතුටින් හා නවතාවයෙන් යුතුව තැබීමට හේ අපේක්ෂා කරන්නේ නම්, ඔහු ඇගේ බර දැරීමට උදව් වෙත්වා. ඔහගේ කාරුණාව හා‍ ප්‍රේමය ඇයට අගනා දිරි ගැන්වීමක් වන අතර, ඔහු ලැබ දෙන සතුට ඇගේ සිතට සාමය හා සතුය ලැබ දෙනු ඇත. AHS 65.3