Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 2—සැබෑ ගෘහ පාලනයේ මූලික සිද්ධාන්ත

    සිත්කලු නිවෙස්හි අවශ්‍යතාවය: තම දුදරුවන්ගේ අනාගත සතුට, සම්පත සුරක්ෂිත කිරීමෙහි ලා දෙමාපියන් මත බරපතල වගකීම් පැවරෙන අතරම, තම නිවෙස් හැකි පමණ සිත් ගන්නා සුඑ ලෙස සකසා ගැනීමද ඔවුන්ගේ යුතුකම වේ. ඉඩ කඩම්, මිල මුදල් ලබනවාට වඩා මෙය වැදගත් වේ. නිවසේ සතුට, සාමය හිඟනොවිය යුතුය. ස්වර්ගයට පමණක් දෙවැනි වන සතුටේ සහ සමාදානයේ ස්ථානයක් ලෙස තම ළමා කාලයේදී විසූ නිවස සිහිපත් කර ගන්ට දරුවන්ට හැකිවන අයුරින් ඔවුන්ගේ සිත්හී නිවස පිළිබඳ සජීවී උණුසුම් හැඟීමක් පවතින්ට සැලැස්විය යුතුය. එවිට ඔවුන් වැඩිහිටියන් වන කල්හී, කෘත්‍යේපකාර වශයෙන් තම දෙමාපියනට ආශීර්වාදයක් හා සැනසීමක් වන්ට වෙර දරනු ඇත.AHS 8.1

    දරුවනට නිවස ලොව ඇති ඉතාමත් සිත් ගන්නා සුළු ස්ථානය විය යුතු අතර ඒ තුළ ඔවුනගේ උතුම් ආකර්ෂණනය විය යුතු වන්නේ මවය. දරුවනට සංවේදී ප්‍රිය ජනක ස්වභාවයන් ඇත. ඔවුන් පහසුවෙන් පිනවීමට හැකි මෙන්ම පහසුවෙන් අසතුටට පත් කරීමටද පිළිවන. මෘදු හික්මවීම, ප්‍රේමනීය වදන් හා ක්‍රියා ආදිය කරණ කොට ගෙන, මව්වරුනට තම දරුවන් හදවතට බැඳ තබා ගත හැකිය.AHS 8.2

    පිරිසිදුකම හා ක්‍රමවත් භාවය: නිවසේ නිසි පාලනයට පිරිසිදුකම හා ක්‍රමවත් භාවය අත්‍යවශ්‍ය දෙයකි.එහෙත් මවක් මේ කරණා ගැනම ගත සිත වෙහෙසවමින් තම දරුවන්ගේ කායික වර්ධනයත් මානසික හා සදාචාරාත්මක පුහුණුවත් නොසලකා හරින්නී නම්, ඇය කණගාටුදායක වරදක් කරන්නීය.AHS 8.3

    අනවශ්‍ය ගත සැරසිලි හා ආභරණ ආදියෙන් අප වැළකී සිටිය යුතු අතරම අපගේ බාහිර පෙනීම ගැන අප කිසිසේත් නොසැලකිලිමත් නොවිය යුතුවේ.අපගේ කය, වස්ත්‍ර හා නිවස ආදී සියල්ල විධිමත්ව සිත් ගන්නා සුළු විය යුතුය.විවේචනයට ලක් නොවන පෙනීමක්, දෙවියන්වහන්සේට හා සත්‍යයට ගෞරවය ගෙන දෙන ආකාරයේ පෙනීමක් ඇතිව සිටීමේ වැදගත් කම දරුවනට ඉගැන්විය යුතුව ඇත.AHS 9.1

    කවුරුන් තුළ වුවද තිබිය හැකි අපිළිවෙල, මන්දෝත්සාහී බව සහ නිසි දක්ෂතාවයන් හීන වීම දෙවියන්වහන්සේගේ නොසතුටට හේතුවේ. මෙම ඌණතාවයන් බරපතල කාරණා වන්නා සේම, මනාව හික්මවන ලද දරුවන්ද මනාව පවත්වා ගනු ලබන නිවහනක්ද දැකීමට සැමියා අපේක්ෂා කරන කල්හි ඉහත කී ඌණතාවයන් බිරිඳ කෙරෙහි සැමියා තුළ තිබෙන සෙනෙහස තුනී කිරිමට ඉඩ ඇත.AHS 9.2

    ගෘහනියක හා මවක වන තැනැත්තිය හට ක්‍රමවත් භාවය කෙරෙහි රැචිකත්වයක් හා මනා පාලනයක් තිබීමද නිවසේ තම ගරුත්වය රැක ගැනීමද නොමැති නම්, නිවස සාමකාමී ප්‍රිතිමත් ස්ථානයක් කිරීමට ඇයට නොහැකි වනනේය. එම නිසා මෙම කරණා වල අසමත්ව සිටින්නියන් එක් වරම ඒවායින් පාඩමක් ඉගෙන තම මදි පාඩු කම් සම්පූර්ණ කර ගැනීමට පටන් ගත යුතුය.AHS 9.3

    දෛණික කටයුතු: අපි කල යුතු සියල්ල පිඟන් සේදීම, මේසය පිළියෙල කිරීම, ලෙඩුන් රැක බලා ගැනීම, කෑම පිසීම හෝ රෙදි සේදීම ආදී කුමක් වුව ඊට සදාචාරාත්මක වැදගත් කමක් ඇත. අප ඉදිරියෙහි ඇති යටහත් පහත් කමින් කළ යුතු දේද යමෙකු විසින් භාර ගත යුතුවේ.එවැනි දේ කරන්නන්, අනාගත වක්තෘවරුන් වෙත යවන ලද ගාබ්‍රියෙල් දේවදුතයා කළාක් මෙන් තමන්ද යටහත් පහත් දෙයක් මුත් එය දෙවියන්වහන්සේගේ කාර්යයක් සේ සලකා ඉටු කළ යුතුය.AHS 9.4