Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 22—ඔහුගේ දරුවන් හා වසන මිතුරියක්

    දරුවන් සමග කාලය ගත කරන්න: සාමාන්‍ය ගණ‍යේ පියා තම දරුවන් තමා වෙත ආකර්ෂණය කොට බැඳ තබා ගැනීමට ඇති ස්වර්ණමය අවස්ථාවන් රැසක් අපගේ යවයි. වැඩපල නිම‍ කොට ගෙදර ආ පසු තම දරුවන් හා සමග කාලය ගත කිරීම දවසේ ඒකාකාරී බවින් මිදී ලබන ප්‍රසන්න වෙනසක් සේ ඔහු සැලකිය යුතුය.AHS 66.1

    දරුවනට දෙන උපදෙස් අනුශාසනා උතුම් ශුද්ධ කාරණා සේ සලකනු ලබනු පිණිස, ඔවුන්ගේ පුළුල්වන මනස මත යහපත් අනුබලයක් ඇති කරවමින්, ප්‍රේමයේ ප්‍රබල බැඳීම් වලින් දරුවන් තම හදවත් වලට බැඳ තබා ගනිමින්, ඔවුන්ගේ සුළු සුළු කරදර පීඩා වලදී දයානුකම්පාව දක්වමින්, දරුවන් සමග එක්ව කාලය ගත කරන පිණිස තම සුව පහසුව හා හුදකලා වින්දනයන් පරිත්‍යාග කරමින් පියවරුන් තමන්ගේ ව්‍යාජ පුහු මානයෙන් මිදී කටයුතු කළ යුතු වේ. AHS 66.2

    පිරිමි දරුවන් කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වන්න: පුතුන් සිටින පියා ඔවුන් තම හදවතට බැඳ තබා ගන්නා පිණිස ඉතා සරල හා මෘදු අයුරින් ඔවුනට තම පුළුල් අත් දැකීම් වල ප්‍රයෝජන ලැබ දෙමින් ඔවුන් හා සමීප සබඳතාවයකින් සිටිය යුතු වේ. සියලු කල්හි තමන් ඔවුන්ගේ සතුට හා යහපත පතන බැව් හෙතෙම ඔවුනට දක්නට සැලැස්විය යුතුය.AHS 66.3

    ප්‍රයෝජනවත් වීමට දරුවන් පුහුණු කරවන්න: තම නිවසේ ප්‍රධානියා ලෙස, ප්‍රයෝජනවත් වීමට හා යුතුකම් ඉටු කිරීමට තම දරුවන් පුහුණු කරන ආකාරය පියා වටහා ගත යුතුය. මෙය අන් සියල්ලට වඩා වැදගත් වන ඔහුගේ විශේෂ කාර්යය වේ. දරුවකුගේ ජීවිතයේ පළමු වසර කීපය තුළදී දරුවාගේ චරිත ස්වභාවය හැඩ ගැන්වීම ප්‍රධාන වශයෙන් පැවරෙනුයේ මවටට. එහෙත් ඇයගේ කාර්යයේදී පියාගේ සහයෝගය ඇයට ලැබෙන බැව් මවට හැඟි යායුතුය. තම පවුලේ කටයුතු ගැන නිරත වීමට බැරි තරම් වැඩක, රැකියාවක ඔහු නිරතව සිටීනම්, තම දරුවන් උදෙසා කාලය කැප කිරීමෙන් තමා නොවළක්වන වෙන රැකියාවක් ඔහු සොයා ගත යුතුය. හෙතෙම තම දරුවන් නොසලකා හරී නම්, දෙවියන්වහන්සේ ඔහුට පවරා තිබෙන යුතු කම හේ ඉටු නොකරයි.AHS 67.1

    පියවරුනි, ඔබට හැකි පමණ කාලය ඔබේ දරුවන් හා ගත කරන්න. දේව වචනයට අනුව ඔවුන් පුරුදු පුහුණු කල යුතු ආකාරය ඔබ දැන ගන්නා පිණිස ඔවුන්ගේ විවිධ සිතුම් පැතුම් හඳුනාගන්ට වෙහෙසෙන්න. ඔවුන් අධෛර්යමත් කරන එක වචනයක් හෝ ඔබේ මුවින් පිට නොවිය යුතුය. නිවසට අඳුර ගෙන නොඑන්න. ඔබේ දරුවන් කෙරෙහි ප්‍රසන්න, කාරුණික හා ‍සෙනෙහෙබර වන්න. එහෙත් අනුවණ ලෙස ඔවුන් නොපිනවන්න. සැම අයෙකුම අත් දැකිය යුතු ලෙසින් ඔවුන්ටද ඉල්ලන සියල්ල ලැබ නොදී සුළු සුළු බලාපොරොත්තු කඩවීම් අත් දකින්ට ඉඩ හරින්න. එකිනෙකා ගැන පැමිණිලි කරමින් ඔබ වෙතට පැමිණීමට ඔවුනට දිරි නොදෙන්න. එකිනෙකා කෙරෙහි ඉවසා සිටීමටත් එකිනෙකාගේ විශ්වාසය හා ගරුත්වය රැක ගැනීමටත් ඔවුනට උගන්වන්න. AHS 67.2

    වැඩේදීත් ක්‍රීඩාවේදීත් ඔවුන් සමග සිටින්න: පියවරුනි, සෙනෙහසත් ඔබේ අධිකාරී බලයත්, කාරුණාව සහ දායානුකම්පාවත් ස්ථිර සංයමයෙන් යුතුව දක්වන්න. ඔබේ විවේකී කාලයෙන් කොටසක් දරුවන් උදෙසා කැප කරන්න. ඔවුන් දැන හඳුනා ගන්න.ඔවුන්ගේ වැඩ වලදී හා ක්‍රිඩා වලදී ඔවුන් හා ඇසුරු කරන්න. ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න. ඔවුන් හා මිත්‍රත්වය තහවුරු කර ගන්න. විශේෂයෙන්ම පුතුන් හා මිතුරකු වන්න. මෙයාකාරයෙන් ඔබ යහපත උදෙසා ඔවුනට විශාල අනුබලයක් වන්නෙහිය.AHS 67.3