Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 23—ඉවසන සුළු ආචාරශීලී සැමියන්

    පමණට වඩා ඉල්ලීම: බොහෝ පවුල් වල විවිධ වයස්හි දරුවන් සිටින අතර ඔවුන්ගෙන් සමහරෙකුට මවගේ අවධානය හා නැනවත් හික්මවීම පමණක් නොව පියාගේ තද බල එහෙත් ප්‍රේමාන්විත අනුබලයද අවැසිවේ. මෙම කරුණට නිසි වැදගත් කමක් දෙනුයේ පියවරුන්ගෙන් ස්වල්ප දෙනෙකු පමණකි. ඔවුහු තම යුතුකම් නොසලකා හරිමින් මවට සියල්ල පවරා බලා සිටිනා අතරම සිතැඟි පරිදි මවගේ කටයුතු විවේචනය කරන්ටද හෙළාදකින්ටද පෙළඹෙති.AHS 68.1

    වගකීම පිළිබඳව මෙම බරපතල හැඟීම හා සැමියාගේ දැඩි පාලනය, යටතේ නිතරම තමනට හැකි හොඳම අයුරින් කටයුතු කළද අසරණ බිරිය හා මව තමන් අහිංසකව හෝ නොදන්නා කමින් හෝ කළ දේ ගැන දැඩි සොවට හා වරදකාර හැඟීමකට පත් වන්නීය. ‍එමෙන්ම ඇයගේ වෙහෙස කර ප්‍රයත්නයන් අගයමින් අනුමත කොට ඇගේ සිත සතුටු කළ යුතුව තිබියදී ඇයට සිදුවනුයේ ශෝක හා පරිබව වලාකුලක් යටින් යාමටය. මක් නිසාද ඇගේ සැමියා තම යුතුකම් නොසලකා හරිමින්, කෙතරම් භාධක තිබුණද බිරිඳ ඇයගේත් ඔහුගේත් යුතුකම් ඔහු සෑහීමට පත්වන අයුරින් ඉටු කර තැයි අපේක්ෂා කරයි. AHS 68.2

    දවස පුරා නිමක් නැති ගෙදර දොර වැඩවලට කොටුවී තම භාර්යාවන් අත් දකින වෙහෙස හා ව්‍යාකූලතාවයන් බොහෝ ස්වාමිපරුෂයෝ වටහා නොගන්නවා මෙන්ම අගයද නොකරති. බොහෝ විට ඔවුහු පවුල් කවයට හිරු එළිය නොගෙන එමින් රවා ගෙන ගෙට ඇතුළු වෙති. වෙලාවට කෑම පිස නොතිබුණහොත් දරුවන්ගේ හෙදිය, අහර පිසින්නිය හා ගෙදර මෙහෙකාරිය සේ සැම දේම කර වෙහෙසව සිටින බිරිඳට ඇණුම් බැණුම් වලින් සංග්‍රහ කෙරෙයි.AHS 68.3

    සියල්ල අකුරට කළ යුතු යැයි බලාපොරොත්තු වන සැමියාට පවුලේ අහර වේල පිළියෙල කිරීම ඉක්මන්වන පිණිස මවගේ අතේ සිටින අඬන දරුවා වඩා ගැනීමට පිළිවන. එහෙත් දරුවා පියාගේ අතට විත් කෑගසන්ට දගලන්ට පටන් ගත හොත්, එම දරුවා සනසා නළවා ගැනීම තම යුතුකම යැයි ඔහුට සිතෙනුයේ කලාතුරකිනි. AHS 69.1

    මෙම දරුවා සමග මව පැය කීයක් වෙහෙස විඳ ඇතැයිදැයි නොසිතන හෙතෙම නොඉවසිල්ලෙන් යලි දරුවා මවටම දෙයි. ඒ ඇගේ මෙන්ම ඔහුගේද දරුවා නොවේද? තම දරුවන් හදා වඩා ගැනීමේ වගකීමෙහි තම කොටස ඉවසීමෙන් දරන්ට ඔහු ස්වභාවයෙන්ම බැඳීනොසිටියිද?AHS 69.2

    කිපෙන සුළු සැමියන්: සැමියනි, ඔබේ බිරියනට ඔවුන්ගේ අධ්‍යාත්මික ජීවිතය උදෙසා අවස්ථාවක් සලසා දෙන්න. තමන් ළමුන්ගේ බොළඳ තතත්වයට පත් වන තුරු බොහෝ සැමියන් විසින් තම කිපෙන සුළු බවට දිරි දෙනු ලැබේ. තම ළමා වියෙහි වූ මෙම ගතිය ඔවුහු අත් නොහරිති. තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතද සන්ඩු සරුවල් වලින් පිරී යන තුරු ඔවුහු මෙම අහිතකර හැඟීම් දරා සිටිති.AHS 69.3

    අසතුටු මුහුණින් යුත්, ආත්මාර්ථකාමී, සියල්ල තම අණසකට ගෙන සිටින සැමියා හා පියා අසන්තෝෂ ජීවිතයක් ගත කරනවා පමණක් නොව, හෙතෙම පවුලේ සියලු දෙනා මත අසතුට පතුරා ලයි. බිරිඳ අධෛර්යව රෝගීව සිටීම හා ඔහුගේ අප්‍රසන්න චිත්ත ස්වභාවය නිසා දරුවන් නරක්වී සිටිනු දැකීමෙන් හෙතම තම අහිතකර චිත්ත ස්වභාවයේ ප්‍රතිඵල නෙළා ගනු ඇත. AHS 69.4

    නුරුස්සන සුළු සැමියෙකු හට උපදෙස්: ඔබ ඔබේ බිරියගෙන් හා දරුවන්ගෙන් සීමාව ඉක්මවා ඇතම් දේ බලාපොරොත්තු වන්නෙහිය. ඔබ පමණට වඩා තහංචි පනවන්නෙහිය. ඔබ තුළ ප්‍රීතිමත් චිත්ත ස්වභාවයක් වඩවා ගෙන ඔවුනට කාරුණික මෘදු වදනින් ඇමතුව හොත් ඔබේ නිවහනට අඳුරු වලා හා අසතුට වෙනුවට ඔබ හිරු එළිය ගෙන එන්නෙහිය.AHS 69.5

    ඔබ ඔබේම අදහස ඉස්මතු කර ගන්ට සිතන්නෙහිය. යම් යම් දේ ගැන අවසාන නිගමනයන් ගන්නා ඔබ පවුලේ කාරණා පිළිබඳව බිරිඳගේ අදහස්වලට ඉඩා දීමට නොකැමැති වන්නෙහිය. ඔබ ඔබේ භාර්යාව ගරු කරන්ට පුරුදු වී නැති අතර ඇගේ අදහස් වලට ගරු කරන්ට ඔබේ දරුවන්ටද උගන්වා නැත. ඔබ ඇය ඔබේ සමානත්වෙහිලා සලකා නැති අතර ඇය දරදඩු ලෙස පාලනය කරන්ට පෙළඹී සිටින්නෙහිය. ඔබට සෙනෙහෙබර, දයාන්විත චිත්ත ස්වභාවයක් නැත. ජය ගන්නෙකු වී ඔබගේ පවුල තුළට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලැබ ගන්ට නම් ඔබ යහපත් චරිත ලක්ෂණ වඩවා ගත යුතුය. AHS 69.6

    කිතුණුආචාරශීලීකම නොතකන්නෙකුට: කාරුණික මෘදු හා දයානුකම්පිත වීම දුබලකමක් සේ සලකා ඇති ඔබ ඔබගේ භාර්යාවට මෘදු ප්‍රේමාන්විත අයුරින් ඇමතීම ඔබේ තත්ත්වයට මදිකමක්සේ සිතා ඇත. සැබෑ පුරුෂකම හා තත්ත්වය කවරේදැයි මෙහිදී ඔබ වරදවා තේරුම් ගෙන ඇත. කාරුණික ක්‍රියා නොකර සිටීමට සිතීම ඔබගේ චරිතයෙහි ප්‍රදර්ශනය වන දුබල කමකි. ඔබ දුබල කමකැයි සිතනා දෙය සැම කිතුණුවකුම දැක්විය යුතු සැබෑ කිතුණු ආචාරශීලී බව ලෙස දෙවියන්වහන්සේ සලකන සේක. මන්ද ක්‍රිස්තුස්වහන්සේ පෙන්වා වදාළේ එම කිතුණු ආකල්පයයි.AHS 69.7

    සැමියන් ප්‍රේමය හා සෙනෙහස දිනා ගත යුතුය: සැමියා ද්‍රෝහීව, නිර්දය ලෙස කටයුතු කරමින් තම බිරිඳගේ ක්‍රියා විවේචනය කරයි නම්, ඔහුට ඇයගේ ගෞරවය හා සෙනෙහස ලබා ගත නොහැකි වන අතර ඇයට විවාහය ඉතා අප්‍රසන්න දෙයක් වනු ඇත. සැමියා ප්‍රිය උපදවන අයුරින් කටයුතු නොකරන බැවින් ඇය තම සැමියාට ප්‍රේම නොකරනු ඇත. සැමියන් සැලකිලිමත්, අවධානයෙන් යුක්ත, නොවෙනස්වන, විශ්වාසවන්ත හා දයානුකම්පිත පුද්ගලයන් විය යුතුය. ඔවුන් ප්‍රේමය හා දයානුකම්පාව පෙන්විය යුතුය. සැම කිතුණුවකුටම තිබිය යුතු උතුම් චරිතය, පිවිතුරු සිත, උසස් චිත්ත ස්වභාවය සැමියාට ඇති විට, එය විවාහ සබඳතාවය තුළ පිළිබිඹු වන්නේය.AHS 70.1