Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 25—මවගේ ආභාෂය

    මවගේ සදාතනික අනුබලය: මව් පදවිය ඉතා නිහතමානී එකක් විය හැකි මුත්, ඇගේ අනුබලය පියාගේ අනුබලය හා එක් වූ විට සදාතනිකත්වය සේ ස්ථාවර වේ. යහපත උදෙසා දිව්‍ය බලයට පමණක් දෙවෙනි වන මවගේ බලය මිහිපිට ඇති ප්‍රබල තම බලවේගය වන්නේය.AHS 75.1

    දරුවන් බුද්ධිමත්ව පුහුණු කිරීම තුළ තමන් දෙන ආභාෂය ජීවිතයේ දුක සැප අතුරින් සදාකාල ජීවිතය දක්වා විහිදයන මහත් බලවේගයක් වන බැව් මව එතරම් නොසිතයි ස්වර්ගීය ආදර්ශයට අනුව චරිතයක් හැඩ ගැස්වීමට විශ්වාසවන්ත, ජවලිත, අප්‍රතිහත ශ්‍රමයක් බෙහෙවින් අවශ්‍ය වන්නේය. නියත ලෙස ඉන් ඵල ලැබෙනු ඇත. මන්ද දෙවියන්වහන්සේ ආත්ම ගළවා ගනු වස් නිසි ලෙස යොමු කරනු ලබන ශ්‍රමයට යහපත් විපාක දෙන තැනැන්වහන්සේය.AHS 75.2

    මව් වැනි දරුවන්: අති මෘදු වූ භූමික බැඳීම මව සහ ඇගේ දරුවා අතර වන බැඳීම වන්නේය. පියාගේ ජීවිතයට වඩා මවගේ ජීවිතය දරුවාගේ සිතට පහසුවෙන් කා වදියි. මන්ද මව සහ දරුවා වඩා ප්‍රබල වූද අති මෘදු වූද බැඳීමකින් එක් කෙරේ.AHS 75.3

    මවගේ සිතුම් පැතුම් ඇය තම දරුවා හට උරුම කර දෙන සියල්ල මත බලවත් අනුබලයක් දක්වයි. ඇය තමාගේම හැඟීම් අනුව කටයුතු කරයි නම්, ආත්මාර්ථකාමී වෙයි නම්, වැරදි සෙවීමට යුහුසුළු වෙමින් තද බල ලෙස ක්‍රියා කරයි නම්, ඇයගේ දරුවාගේ ගති පැවතුම් ඊට සාක්ෂියක් වනු ඇත. මෙලෙස බොහෝ දෙනා ජය ගත් නොහැකි තරමට නපුරට පෙළඹීම උරුම කොට ගෙන ඇත්තාහ. බොහෝ දෙමාපියනට වඩා, ආත්ම විනාශ කරන සතුරා මෙමකරුණ හොඳින් දනියි. මව කරා තමන් ගෙන එන පරීක්ෂාවන්ට එරෙහිව ඇය නොසිටිය හොත්, ඇය තුළින් ඇගේ දරුවාට බල පෑම් කළ හැකි බැව් දන්නා හෙතෙම මව වෙත පරීක්ෂා ගෙන එනු ඇත. මවගේ එකම බලාපොරොත්තුව තිබෙනුයේ දෙවියන්වහන්සේ තුළය. ශක්තිය හා අනුග්‍රහය උදෙසා උන්වහන්සේ වෙත වහා යාමට ඇයට හැකි අතර ඒ ගමන නිෂ්පල නොවන්නේය.AHS 75.4

    ඉවසිලිමත් මව: දවස තුළ බොහෝ වර “අම්මේ, ‍අම්මේ” යනුවෙන් යම් කරදරයකට පත් එක දරුවෙකුගේ හෝ වෙනත් දරුවෙකුගේ හඩ ඇසෙයි. ඊට පිළිතුරු ලෙස ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ලීමට මවට අතනට මෙතනට යන්ට සිදුවෙයි. එක දරුවෙකු කරදරයට පත්ව සිටින අතර ඉන් මිදීමට මවගේ නුවණ ඔහුට ඕනෑ කරයි. තවත් දරුවෙකු තමන් සෑදූ දෙයක් මවට පෙන්වීමට ඇය කැඳවනුයේ තමන් මෙන්ම මවද එය දැක සතුටු වෙතැයි සිතමිනි. හරි අපූරුයි කියා මව කීමෙන් දරුවාගේ සිතට පැය ගණනක සතුටක් ගෙන දෙයි. මවට තම අගනා දරු පැටවුන් අතරෙහි සතුටෙහි ආලෝක කිරණ වැගිර විය හැකිය. මව තමන් සමග සිටිනා විට එතැන ඔවුනට ලොවෙහි හොඳම ස්ථානය වනු පිණිස ඇයට මෙම ප්‍රියාදරයන් තම හදවතට කෙතරම් සමීප ලෙස බැඳ තබා ගත හැකිද?AHS 76.1

    එහෙත් තම අවධානය දීම අනවශ්‍ය යැයි පෙනී යන මෙම නිමක් නැති කුඩා පරීක්ෂාවන්ගෙන් මවගේ ඉවසීම නිතර පෙළනු ලබයි. දඟකාර අත් හා දුව පැන ඇවිදින පා මවට බෙහෙවින් වැඩ වැඩි කරයි. ඇය මහත් වීර්යයෙන් තම සිත දමනය කර ගත යුතු වේ. නොඑසේ නම්, නොඉවසිලිමත් වදන් ඇගේ මුවින් ගිලිහෙනු ඇත. බොහෝ විට ඇයට තමන් කවුරුන්දැයි අමතක වන තත්ත්වයට පත් වන්නීය. එහෙත් ඇයගේ සානුකම්පිත මිදුම්කරුවාණන් හට පිදෙන නිහඩ යැදුමක් ඇයගේ සිත සංසිඳුවයි. එවිට අභිමානවත් ලෙස තමන් පාලනය කර ගන්ට ඇයට හැකි වෙයි. ඇය සන්සුන් ලෙස කථා කරයි. එහෙත් ඇයගේ අනුබලය විනාශ කර දැමිය හැකිය. (‍එසේ වී නම් එම අනු බලය යලි ගොඩ නගා ගන්ට කලක් ගත විය හැකිය.) කිපෙන සුළු බව යටපත් කර ගන්ටත්, රළු පරුෂ වචන මැඩ පවත්වා ගන්ටත් ඇය ඉමහත් උත්සාහයක් ගෙන ඇත.AHS 76.2

    මව්වරුනට ලොවේ ණය ගැති බව: සත්‍යය හා ප්‍රතිසංස්කරණය පිළිබඳව නොපැකිල කථා කරන, නීර්භයව යමක් කොට ඊට මුහුණ දෙන, පරීක්ෂා මධ්‍යයෙහි නොසැලී සිටි, ලෞකික ගරු නම්බු හො මරණ තර්ජන අබියස දිව්‍ය මහිමයත් උසස් ශුද්ධ සත්‍යතාවයත් තෝරා ගත් මනුෂ්‍යයන් උදෙසා ලෝකය බැති මත් මව් වරුනට කෙතරම් ණය ගැති දැයි දෙවියන්වහන්සේගේ දවසේදී එළිදරව් වනු ඇත.AHS 76.3