Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 26—මවගේ කාර්යය පිළිබඳ වැරදි මත

    කලාතුරකින් අගය කිරීම: මවගේ කාර්යය බොහෝ විට ඇයට පෙනනුයේ නොවැදගත් සේවයක් ලෙසිනි. එය ඉතා කලාතුරකින් අගය කෙරෙන කාර්යයකි. ඇයගේ වැඩ පල, සිත්හි ඇති ප්‍රශ්න ගැන අන්‍යයන් දන්නේ ඉතා ස්වල්පයකි.AHS 77.1

    ඇයගේ දවස් ඉවසිලිවන්ත ප්‍රයත්නයන්, ආත්ම සංයමය, උපක්‍රම ශීලී බව, ප්‍රඥාව සහ ආත්ම පරිත්‍යාගික ප්‍රේමය ඉල්ලා සිටින සුළු සුළු යුතුකම් වලින් පිරී පවතී. එහෙත් තමන් කර තිබෙන දෙය ගැන එය යම් ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් ලෙසින් පුරසාරම් දෙඩීමට ඇයට බැරිය. ඇය නිවසේ වැඩ කටයුතු නිසි ලෙස කර තිබෙනවා පමණි. බොහෝ විට අධික ලෙස වෙහෙස මහන්සිව සිටිනා ඇය දරුවන්ට කාරුණික බසින් අමතන්ටද ඔවුන් සතුටින් හා කාර්යශීලීව තබන්ටද ඔවුන්ගේ කුඩා පා හරි මාර්ගයේ යොමු කර වීමටද උත්සාහ කර ඇත. එ‍තෙකුදු දවස අවසානයේදී තමන් කිසිවක් කර නැතැයි ඇයට සිතෙයි.AHS 77.2

    එහෙත් එය එසේ නොවේය. දිනෙන් දින දහසක් බර සිතේ දරා ගෙන වෙහෙසව සිටිනා මව දෙස ස්වර්ගීය දූතයෝ බලා සිටිති ඇයගේ නමට ලොවෙහි ප්‍රසිද්ධියක් නොලැබුණද එය බැටළු පැටවාණන්ගේ ජීවනයේ පොතෙහි ලියැවී ඇත.AHS 77.3

    ගෙදර කටයුතු මුල් තැනට: මවක හා බිරිඳක ලෙස ඔබ ඔබේ යුතුකම් ඉටු නොකර, ඒ වෙනුවට වෙනත් විදියේ වැඩක් ලබා දෙන මෙන් ස්වාමින්වහන්සේට දෑත් පාන්නෙහි නම් උන්වහන්සේ ප්‍රති‍විරෝධී අයුරින් කටයතු නොකරන බැව් මතක තබා ගන්න. ඔබ නිවසේදී කළ යුතු කාර්යය උන්වහන්සේ පෙන්වා දෙන සේක. මෙයට වඩා උතුම් හා වඩා ශුද්ධ යම් කාර්යයන් ඔබට පවරනු ලැබ ඇතැයි සිතේ නම්, ඔබ මුලාවක පැටලී ඇත.AHS 77.4

    ඔබගේ නිවස, සැමියා සහ දරුවන් නොසලකා හැරීමට ස්වාමින්වහන්සේ ඔබ කැඳවා නැත. උන්වහන්සේ එසේ නොකරන සේක. ඔබගේ අගනා කුඩා රැලින් ඔබ වෙන් කරවන කාර්යයක් දෙවියන්වහන්සේ ඔබට දී ඇතැයි මොහොතකටවත් නොසිතන්න. නුසුදුසු ඇසුර කරණ කොට ගෙන දුෂ්චරිතයට ඇබ්බැහිවීමට හෝ තම මවට එරෙහිව සිත් දැඩි කරගන්ට ඔවුන් කිසි විටෙක දමා නොයන්න. මෙය ඔබගේ ආලෝකය සම්පූර්ණයෙන් ම වැරදි ආකාරයකට බැබළෙන්ට සැලැස්වීමකි. එලෙසින් දෙවියන්වහන්සේ දරුවන් කෙරෙන් අපේක්ෂා කරන තත්ත්වයට පත් වීමෙන්ද අවසන ස්වර්ගය දිනා ගැනීමෙන්ද ඔබ ඔවුන් වළකා ලන්නෙහිය. දෙවියන්වහන්සේ ඔවුන් ගැන සැලකිලිමත්වන සේක. ඔබ උන්වහන්සේගේ දරුවෙකැයි කියන්නෙහි නම් ඔවුන් කෙරෙහි සැලකිලිමත් විය යුතුය. AHS 78.1

    ඔවුන්ගේ ජීවිතයේ ‍පළමු වසර කීපය, සෝදිසිමත්ව සිට යාච්ඤාවෙන් යුතුව ඔවුන්ගේ සැම යහපත් නැඹුරු බවක්ම දිරිගැන්වීමට කාලය වන්නේය. මෙම කාර්යය බාධාවකින් තොරව සිදුවිය යුතුය. මිෂනාරී වැඩ කටයුතු කිරීමට, මැහුම කවයන්ට සහභාගී වීමට ඔබ පොළොඹවනු ලැබිය හැකිය. එහෙත් ඔබගේ දරුවන් සමග තබා යාමට වටහා ගැනීමෙන් යුත් විශ්වාස වන්ත උපදේශකයකු නොව් නම්, නිවසින් බැහැර යාමෙන් වැළකී සිට, කිසිසේත් නොසලකා නොසිටිය හැකි වෙනත් කාර්යයක් ස්වාමින්වහන්සේ මා හට පවරා තිබේ යැයි පිළිතුරු දීම ඔබේ යුතුකමය. ඔබගේ කුඩා දරුවන් පුහුණු කිරීම හා ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයට හැඩ ගැස්වීමේ කාර්යයට නුසුදුස්සකු නොවී අන් කවර කාර්යයක වුවද සීමාව ඉක්මවා යාමට ඔබට නොහැකිය. ක්‍රිස්තුස්වහන්සේගේ සහය සේවිකාව ලෙසින් ඔබ ඔවුන් හික්මවා පුහුණු කර උන්වහන්සේ වෙත ගෙන ආ යුතුය. AHS 78.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents