Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 27—මව් පදවියේ ගැටළු

    අවස්ථාවන්ගෙන් ජය ගැනීම: ගෘහ යන්ත්‍රයේ දැති රෝද සැම විටම සුමට ලෙස ක්‍රියා නොකරන බැව් සැබෑය. ඉවසීම පරික්ෂාවට ලක් කරන, ශක්තිය උකහා ගන්නා බොහෝ දෑ ද එහි වේ. එහෙත් තමන්ගේ පාලනයෙන් තොරව පැන නගින අවස්ථාවන් ගැන මව්වරුන් වග කිව යුතු නොවන මුත්, උද්ගත වන යම් යම් අවස්ථාවන් මව්වරුන්ගේ ජීවිත කාර්යයෙහි විශාල වෙනසක් ඇති කරන බැව් ප්‍රතික්ෂේප කිරීම නිෂ්ඵල දෙයකි. ඔවුන් වරදට පත් වනුයේ තමන් සහ තම ප්‍රතිපත්තිය යටපත් කර ගන්ට උද්ගත වන අවස්ථාවන්ට ඉඩ හරිමින්, වෙහෙසව තමන්ගේ උතුම් පැවරුමට විශ්වාසවන්තව නොසිට තමනට දී තිබෙන කාර්යය නොසලකා හරින විටය.AHS 79.1

    ඉවසීම හා දරා ගැනීම මදිකමින් අන්‍යයන් මිලින වද්දී, ඉතා උතුම් අයුරින් දුෂ්කරතාවයන් ජය ගන්නා බිරිඳ සහ මව තම කොටස ඉටු කිරීම තුළ ශක්තිමත් වනවා පමණක් නොව, පරීක්ෂාවන් හා බාධක ජය ගැනීමෙහි ලා ඇයගේ අත්දැකීම වචනයෙන් හා ආදර්ශයෙන් අන්‍යයන්ට පිහිට වීමට අවශ්‍ය සුදුසුකම ඇයට ලැබ දෙයි. යහපත් වාතාවරණයන්හි සිටිනා බොහෝ දෙන අහිතකර තත්ත්වයන්හිදී හා පරීක්ෂාවන්හිදී වෙනස් වන බැව් පෙනී යයි. ඔවුහු ඔවුන්ගේ කරදර හා දුෂ්කරතාවයන්ගේ ප්‍රබලකමට සමානුපාතිකව පිරිහෙති. අප උද්ගත වන අවස්ථාවන්ට ගොදුරු විය යුතු යැයි දෙවියන්වහන්සේ සැලසුම් නොකළ සේක.AHS 79.2

    අතෘප්තිය වර්ධනය කර ගැනීම: නිවසේ ආකර්ෂණීය දෙයක් නොදකින, නිතර මැසිවිලි වලට හා බැනුමට ලක් වන බොහෝ සැමියෝ සහ දරුවො නිවසින් බැහැර යම් සැනසුමක් සහ වින්දනයක් සොයති.AHS 80.1

    පවුලේ සෙසු අයවළුන් ඉදිරියේදී තම වෙහෙස මහන්සිය හා දුෂ්කරතාවයන් සඟවාගෙන සිටියද නිවසේ දහසක් වැඩපලෙහි නිරත වන බිරිඳ සහ මව සැමියාට සහ දරුවනට නිවස ප්‍රිය ජනක කරවන සුළු සුළු ආචාරශීලී වදන් හා ඉරියව් දැක්වීමට බොහෝ විට කල්පනා ශීලී නොවන්නීය. ඇය කන්ට හෝ අඳින්ට යමක් සූදානම් කරමින් ඊට ගැලී සිටියදී සැමියා සහ දරුවන් නිවසට විත් ඉන් පිටව යන්නේ අමුත්තන් මෙනි.AHS 80.2

    අනවශ්‍ය බර හිසට ගැනීම: බොහෝ මව්වරුන් අනවශ්‍ය දේට තම කාලය වැය කරති. එදිනෙදාට ගැළපෙන දේට මුළු අවධානය යොමු කරන ඔවුහු සදාකාලික කාරණා ගැන නොසිතති. කොපමණ දෙනෙකු තම දරුවන් නොසලකා හැරීමෙන් ඔවුන් රළු, නොහික්මුණු අයුරින් වැඩෙන්ට ඉඩ හැර තිබේද?AHS 80.3

    කාන්තාව ශක්තිය හා සැනසීම උදෙසා දෙවියන්වහන්සේ දෙස බලමින් තම දෛණික කාර්යයන් දේව භය භක්තිය තුළ ඉටු කිරීමට සිතයි නම්, ඇය තම සැමියාගේ ගෞරවය දිනා ගන්නා අතර තම දරුවන් හරි දේ කිරීමට ‍චරිත ශක්තිය ඇතිව ගෞරවනීය ස්ත්‍රීන් හා පුරුෂයන් ලෙස වැඩී මුහුකුරා යන සැටි ඇය දකිනු ඇත.එහෙත් වත්මන් අවස්ථාවන් නොසලකා හරිමින් තම යුතුකම් හා වගකීම් ‍අන්‍යයන් මතට දමන මව්වරුන්ගේ වගකීම නොවෙනස්ව ඔවුන් පිටම පවතින අතර නොසැලකිලිමත් කමින් ඔවුන් වැපුරූ දේ තික්ත කමින් යුතුව නෙළා ගනු ඇත. මේ ජීවිතයෙහි අහම්බෙන් සිදුවන්නක් කියා දෙයක් නැත. අස්වැන්න තීරණය වනුයේ වපුරන ලද බීජයට අනුවය.AHS 80.4