Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 28—මවගේ නිරොගීතාවය සහ භාහිර පෙනීම

    මවගේ නිරෝගිතාවය රැක ගත යුතුය: මවගේ ශක්තිය ඉතා සැලකිලිමත්ව රැක ගත යුතුය. දැඩි වෙහෙස කර ශ්‍රමයන්හි ඇයගේ අගනා ශක්තිය වැය කරනු වෙනුවට ඇයට ඇති වැඩ කටයුතු හා සිතේ ප්‍රශ්න අඩු කළ යුතුය. බොහෝ විට සැමියා සහ පියා තම පවුල් ශුභ සාධනය උදෙසා වටහා ගත යුතු භෞතික නීති වටහා ගෙන නැත. ජීවිකාව ගෙන යාමට දරන අරගලයෙහි නිමග්නව ‍හෝ එසේ නොමැති නම් වස්තුව ඉපැයීමට නැඹුරුව, වැඩ කටයුතු හා ප්‍රශ්න වලින් පීඩිතව සිටින හෙතෙම මවට දරා ගත නොහැකි තරම් බර ඇය පිට ගොඩ ගැසෙන්නට ඉඩ හරින අතර ඉන් ඇය දුර්වලව රෝගී වන්නීය.AHS 81.1

    දෙවියන්වහන්සේ ඇයට දානය කොට තිබෙන ශක්තිය, නිරෝගීතාවය සහ ජීවිතය ආරක්ෂා කර ගන්ට හැකි සියල්ල කිරීම සහ අනවශ්‍ය ලෙස ගත සිත පෙළන සියල්ලෙන් මිදී සිටීම ඇයගේත් ඇගේ පවුලේත් යහපත පිණිසම වන්නේය. මන්ද තමාට පැවරී තිබෙන උතුම් කාර්යය සඳහා ඇගේ සියළු ශ්‍රම ශක්තිය ඇයට අවශ්‍ය වනු ඇත. නිවසේ ආලෝකය සහ ආශීර්වාදය ලෙසින් නිවසේ ස්වකීය කාර්යයන් උද්යෝගීමත්ව සහ නිසි අයුරින් ඉටු කිරීමට නිවසින් පිට එළිමහනේ කායික ව්‍යායාම් සඳහා ඇය තම කාලයෙන් කොටසක් ගත කළ යුතු වේ.AHS 81.2

    ආහාර ගැනීමෙහි ලා ආත්ම දමනය: මවට ඉතා පූර්ණ ආත්ම දමනය අවශ්‍ය වේ. මේ සඳහා ඇය කායික හෝ මානසික අපිළිවෙලට ගොදුරු නොවී සිටීමට සියලු පියවර ගත යුතුය. ඇයගේ ජීවිතය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන්ට හා සෞඛ්‍ය නීති රීති වලට අනුව ක්‍රමවත් විය යුතු වේ. ගන්නා ආහාරය මනසට හා ගති පැවතුම් වලට භෞතික වශයෙන් බල පාන බැවින් තම ස්නායු කුපිත නොකරෙන, චිත්ත ස්වභාවය සම බරව තබන පෝෂක ජනක දේ මිස උත්තේජනය කරවන ආහාර නොගැනීමට ඇය ප්‍රවේසම් විය යුතු වේ. එවිට තම දරුවන්ගේ විවිධ සිතුම් පැතුම් කෙරෙහි කටයුතු කිරීමේදී ඉවසිලිමත්ව සිටීමටත්, නිවසේ පාලනය තදින් එහෙත් සෙනෙහසින් පවත්වා ගැනීමටත් ඇයට පහසුවනු ඇත.AHS 81.3

    සියලු අවස්ථාවන්හිදී හිරුඑළිය බබළවන්ට: චිත්ත මිලිනත්වයට පත්ව සිටින කල්හි තම ගත සිත පාලනය කර ගැනීමෙහි ලා මවට කළ හැකි, මව කළ යුතු දෑ බොහෝය. අසනීපව සිටිනා විටද සංයමයෙන් සිටියහොත්, තමන් සිතනවාටත් වඩා, නිවසේ දරුවන්ගේ කෑ කෝ ගැසීම දරාගෙන ප්‍රසන්නව සිටීමට ඇයට හැකි වන්නේය. නිවස සොහොන් පිටියක්ය. මවගේ කාමරය ඉතාම ශෝක ජනක ස්ථානය යැයි දරුවනට හැ‍ඟෙන්නට සලස්වමින් ඇය තම අබල දුබල කම් දරුවන්ට හැ‍ඟෙන්නට ඉඩ හැර ඔවුන්ගේ ලාබාල සංවේදී සිත් අඳුරු කළ යුතු නොවේ.AHS 82.1

    සැමිය සහ දරුවන් උදෙසා සිත්ගන්නා ලෙසින් අඳින්න පළඳින්න: වැඩ පල කරන අතරේදී සහ තම සැමියන් මෙන්ම දරුවන් පමණක් සිටිනා තැන් වලදී තමන් කෙසේ ඇඳ පැළඳ සිටියත් කමක් නැතැයි සිතානා ඇතැම් භාර්යාවෝ සහ මව්වරු අන්‍යයන් අතරේදී ඇසට ප්‍රිය උපදවන අයුරින් අඳින්ට පළඳින්ට වෙහෙසෙති. අමුත්තන්ට හා මිතුරන්ට වඩා සැමියාගේද දරුවන්ගේද ප්‍රේමය සහ අගය කිරීම වැදගත් නොවේද? අන් සියළු දෙනාගේ සතුටට වඩා සැමියාගේ සහ දරුවන්ගේ සතුට සැම බිරිඳක හා මවකට වඩාත් උතුම් විය යුතු වේ.AHS 82.2

    ඔබට ගැළපෙන වස්ත්‍ර පළඳින්න. එමගින් ඔබ ‍කෙරෙහි දරුවන් තුළ ඇති ගෞරවය වැඩි වෙයි. ඔවුන්ද සදාචාරශීලී ලෙස ඇඳ පළඳින බවට වග බලා ගන්න. අපිරිසිදුව සිටීමේ පුරුදු වලට ඇබ්බැහි වීමට ඔවුනට ඉඩ නොතබන්න. AHS 82.3

    ක්‍රමවත් බව හා පවිත්‍රකම උගන්වන්න: මව් වරුන් නිව‍සේදී අපවිත්‍ර ඇඳුම් අඳියි නම් ඔවුහු එම අශෝභන දෙය දරුවනට පුරුදු කරති. කිලිටි වැර හැලි කවරක් වුවද ගෙදරට ඇන්දට කම් නැතැයි බොහෝ මව්වරු සිතති. එහෙත් පවුල තුළ ඔවුන්ගේ අනුබලය ඉතා ඉක්මනින් වියැකී යයි. තම මවගේ වස්ත්‍ර සහ පිරිසිදුවට ලස්සනට අඳින පළඳින අන්‍යයන්ගේ වස්ත්‍ර අතර වෙනස දකින දරුවන් තුළ මව කෙරෙහි ඇති ගෞරවය දුබල වන්නේය.AHS 82.4

    මව්වරුනි, අනවශ්‍ය වියදමින් හා ආම්පන්න වලින් නොව : පවිත්‍ර, සුදුසු ගැළපෙන වස්ත්‍රයෙන් හැකි පමණ සිත් ඇදගන්නා අයුරින් සැරසී සිටින්න. ඔබ තම දරුවන් හට ක්‍රමවත් කම හා පවිත්‍ර කම ගැන නිරතුරුව උගන්වනු ඇත. සැම මවකටම දරුවන්ගේ ප්‍රේමය හා ගෞරවය අති උතුම් විය යුතුය. ඇය ඇඳ පැළඳ සිටිනා කවරක් වුවද පිරිසිදුකම සහ ක්‍රමවත් බව දැක්විය යුතු අතර, ඉන් දරුවනට පවිත්‍ර කම දක්වා ලිය යුතුය.AHS 82.5

    කුඩා දරුවන්ගේ සිත් වල පවා නිසි පෙනුම සහ යම් යම් දෙයෙහි සුදුසුකම පිළිබඳ හැගීමක් ඇත. දරුවන්ගේ දෑස් අපවිත්‍ර වස්ත්‍ර හා පිළිවෙලක් නැති කාමර ආදිය වෙත දිනපතා යොමුවෙද්දී පවිත්‍රකම හා ශුද්ධ භාවය පිළිබඳ ඔවුන්ගේ සිත් වලට හැඟී යනුයේ කෙසේද? සියල්ල පවිත්‍ර හා ශුද්ධව පවතින ස්ථානයකින් නික්ම එන ස්වර්ගීය අමුත්තන් මෙවැනි නිවසකට කෙසේ කැඳවිය හැකි වේද?AHS 83.1

    ක්‍රමවත් භාවය සහ පවිත්‍ර කම ස්වර්ගයේ රීතියයි. දිව්‍ය සැලැස්ම සමග මුසු වීමට නම් පවිත්‍රව සිටීම අපගේ යුතුකම් වේ. AHS 83.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents