Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 3—මනුෂ්‍යයාගේ පළමු නිවස

    දෙවියන්වහන්සේ විසින් සූදානම් කරන ලදී: අපගේ පළමු දෙමාපියන්ගේ ඒදන් නිවස ඔවුන් සඳහා සූදානම් කරනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින්මය. මනුෂ්‍යයා කැමතිවන සියල්ලෙන් එය සම්පූර්ණ කළ පසු දෙවියන්වහන්සේ, “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ” යනුවෙන් වදාළ සේක.AHS 10.1

    ස්වකීය සත්වයන් අතරින් මෙම අවසාන එමෙන්ම අති උතුම් මැවිල්ල ගැන ප්‍රසන්න වූ ස්වාමින්වහන්සේ පරිපූර්ණ ලොවක පරිපූර්ණ පදිංචි කරුවා ඔහු වීමට සැලසුම් කළ සේක. එහෙත් මනුෂ්‍යයා තනිව ජිවත්වීම උන්වහන්සේගේ අරමුණ නොවීය. “මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නැති හෙයින් ඔහුට සුදුසු සහකාරියක සොයා දෙන්නෙමියි” දෙවියන්වහන්සේ කී සේක.AHS 10.2

    දෙවියන්වහන්සේ ආදම් හට සහකාරියක දුන් සේක.ඔහුට සුදුසු, ඔහු හා ඇසුරට ගැළපෙන, දුකේදී හා සැපේදී එක්ව සිටීමට සහයිකාවක් උන්වහන්සේ සපයා දුන් සේක.AHS 10.3

    ආදම්ගේ ඉළ ඇටයක් ඉවත් කොට ඉන් ඒව මවන ලද්දේ ඇය ආදම්ට වඩා උතුම් ව පාලනය කිරීමට හෝ ඔහු ඇය පහත් අයෙකැයි සිතා පයින් පාගා දැමීමට හෝ නොව, සම තත්ත්වයේ අයෙකු ලෙස ඔහු පසෙකින් සිටීමටත් ඔහු විසින් ප්‍රේම කරනු ලැබීමට හා ආරක්ෂා කරනු ලැබීමටත්ය මෙම සබඳතාවයේ තිබිය යුතු සමීප ඇසුර හා සෙනෙහෙබර බැඳීම පෙන්වා ලන ඇය ඔහුගේ අස්ථියෙන් අස්ථිය, මාංශයෙන් මාංශය, සිරුරින් කොටසක්ය, එමෙන්ම ඔහුගේ දෙවන අර්ධය, කිසිවෙකු කිසි කලක තමාගේම මාංශයට වෛර කළේ නැත. එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත් හැර තම භාර්යාවට ඇලුම් වන්නේය: ඔවුහු “එක මාංශයක් වන්නෝය.”AHS 10.4

    පළමු විවාහය: දෙවියන්වහන්සේ පළමු විවාහය සිදු කළ සේක. මෙසේ විශ්වයේ මැවුම් කාරයාණන් විසින් එම ප්‍රඤප්තිය පිහිටුවන ලදී. විවාහය ගෞරවනීයය. එය දෙවියන්වහන්සේ මනුෂ්‍යයා හට දේවා වදාළ පළමු ත්‍යගයන්ගෙන් එකකි. වැටීමෙන් පසුව ආදම් පාරාදීසයේ දොරටුවෙන් බැහැරට තමන් සමග ගෙන ආ ප්‍රඤප්තීන් දෙකින් එකකි, සරණ බන්ධනය.මේ බව සිහි තබාගෙන දිව්‍ය ප්‍රතිපත්තීන් හැඳින ඒවාට කීකරු වන කල, විවාහය ආශිර්වාදයක් වන්නේය. එය ජාතියේ පවිත්‍රභාවය සහ සතුට සුරකියි. මනුෂ්‍යයාගේ සමාජීය අවශ්‍යතාවයන් සපයා දෙන විවාහය කායික, බුද්ධිමය හා සදාචාරාත්මක ස්වභාවය ඔප් නංවයි.AHS 11.1

    සෑම අවශ්‍යතාවයක්ම සැපයේ: ආදම් තමන් රිසි සියල්ලෙන් වටව සිටියේය. සැම අවශ්‍යතාවයක්ම සැපයිනි. මහිමවත් ඒදනයේ කිසිදු පාපයක් හෝ කිසිදු ක්ෂයවීමක ලකුණක් පවා නොවීය. ශුද්ධ යුවල සමග දෙවියන්වහන්සේගේ දේවදූතයෝ සෙනෙහසින් යුතුව නිදහසේ කථා බහ කළහ. ප්‍රීතිමත් ගීතිකාකරුවෝ තම මැවුම් කරුවාණන් හට ස්වකීය නිදහස් ප්‍රමුදිත පැසසුම් ගී පුද කළහ. සාමකාමී තිරිසන් සත්තු ආදම් සහ ඒවට කීකරුව වසමින් අහිංසක ප්‍රීතියෙන් ඔද ගැන්වී ඔවුන් අවට කෙළිදෙලෙන් පසු වූහ. පුරුෂකමේ පූර්ණත්වයට සිටි ආදම් මැවුම් කරුවාණන්ගේ උතුම් ම මැවිල්ල විය.AHS 11.2

    උයන රැක බලා ගැනීමේ කාර්යය ආදම් හට පවරන ලදී. කිරීමට වැඩක් නොමැතිව ආදම් ට සතුටින් සිටීමට බැරි බැව් මැවුම්කරුවාණෝ දැන සිටියහ. උයනේ සව්ශ්‍රීය ආදම් ගේ සිත පිනායන්ට සැලසුමුත්, එය ඔහුට ප්‍රමාණවත් නොවීය. ශරීරයේ විශ්මය ජනක අවයවයන්ගේ ව්‍යයාමය උදෙසා ඔහුට කිරීමට කාර්යයක් තිබිය යුතු විය. අලසව සිටීම සතුටේ අංගයක් වී නම්, නිර්මළ ශුද්ධභාවයේ සිටි මනුෂ්‍යයාට කරීමට දෙයක් නොපැවරෙන්ට තිබිණී. එහෙත් මනුෂ්‍යා මවා වදාළ තැනැන්වහන්සේ ඔහුගේ සතුටට අදාළ දෑ දැන සිටි සේක. එහෙයින් උන්වහන්සේ ඔහු මවා වදාළ කෙනෙහිම ඔහුට නියමිත කාර්යය පැවරූ සේක.අනාගත මහිමයේ පොරොන්දුව සහ මනුෂ්‍යා තම දෛනික ආහාර සඳහා වෙහෙසව වැඩ කළ යුතුය යන නියෝගය යන කාරණා දෙකම එකම සිංහාසනයෙන් නිකුත් ආයේය.AHS 11.3

    දෙවියන්වහන්සේට ගෞරව කරන්න: තම නිවෙස්හි ප්‍රමුඛ ස්ථානය දෙවියන්වහන්සේට දෙන, ස්වාමින්වහන්සේ කෙරෙහි බිය වීම ප්‍රඤාවේ ආරම්භය යයි තම දරුවන්ට උගන්වන වෙනුවට උන්වහන්සේට ප්‍රේම කරන ක්‍රමවත් හා හික්මවීමෙන් යුත් පවුලක් දේව දූතයන් හා මනුෂ්‍යයන් ඉදිරියේ දක්වා ලමින් දෙවියන්වහන්සේ මහිමයට පත් කරන්න.ඔවුන්ගේ නිවෙස්වල ක්‍රිස්තුස්වහන්සේ අමුත්තෙකු නොවන සේක. උන්වහන්සේගේ නාමය ඔවුනට ගෞරවනීය, මහිමවත් සුපුරුදු නාමයකි.AHS 11.4

    දෙවියන්වහන්සේ රජ කරන ආගමට, බයිබලයට සහ ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට ගරු කිරීමට දරුවන්ට උගන්වන නිවස දේවදූතයන්ට ප්‍රිය ජනක ස්ථානයක්ය. “මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි” යනුවෙන් දී ඇති පොරොන්දුව ඉල්ලා සිටීමට එවන් පවුල් වලට පුළුවන. එවැනි නි‍වෙසක් වෙතින් පියා තම දෛනික කාර්යන් සඳහා පිටත්ව යනුයේ දෙවියන්වහන්සේ සමග යැදුමෙන් යටහත් හා මෘදු කරන ලද සිතකින් යුතුවය. AHS 12.1