Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 30—කුඩා දරුවන් බලා හදා ගැනීම

    කිරි දෙන මව: ළදරුවාහට හොඳම ආහාරය වනුයේ ස්වභාව ධර්මය සපයා දෙන ආහාරයයි. අනවශ්‍ය ලෙස ළදරුවන් ඉන් වළකා ලිය යුතු නොවේ. තම පහසුව තකා හෝ සමාජීය ඇසුර වෙනුවෙන් තම කුඩා දරුවාට කිරි දීමේ ලයාන්විත කාර්යයෙන් වැළකී සිටිමට සිතීම මවකට ‍කළ නොහැකි සිත් පිත් නැති දෙයකි.AHS 87.1

    දරුවාගේ චරිතයටද මවගෙන් ලබන පෝෂණයේ ස්වභාවය යම් පමණකින් බල පාන්නේය. එහෙත් තම සිත පූර්ණ පාලනයට යටත් කර ගනිමින්, දරුවාට කිරි දෙන කල්හි මව සතුටු සිතින් සිටීම කෙතරම් වැදගත් වේද මෙසේ කිරීමෙන් දරුවගේ ආහාරයට හානියක් නොවන අතර දරුවාට සැලකීමේදී මව අනුගමනය කරන උපශාන්ත භාවය දරුවාගේ මානසික හැඩ ගැස්මට ඉවහල් වෙයි. ළදරුවා අසහන කාරීව පහසුවෙන් කිපෙන සුළු ස්වභාවයක සිටී නම්, මවගේ සැලකිලිමත් සංසුන් ඉරියව්ව ළදරුවා ‍කෙරහි සනසවන, නිවැරදි කරවන බලපෑමක් ඇති කරන අතර ළදරුවාගේ සෞඛ්‍ය ඉන් බෙහෙවින් වර්ධනය වනු ඇත. AHS 87.2

    අවධානය යනු ආහාරය නොව්ය: නුසුදුසු සැලකිල්ල කරණ කොට ගෙන ළදරුවන්ට අසාධාරණයක් සිදුව ඇත. ළදරුවා හඬයිනම්, දඟළයි නම් ඔහු නිහඩව තැබීමට කිරි දීම සිරිතකි. එහෙත් බොහෝ විට ළදරුවා එසේ හැසිරීමට හේතුව පමණට වඩා කුස පිරී තිබීම නිසා ඇති වූ අසහනකාරී ගතිය වේ. මවගේ වැරදි පුරුදු නිසා පමණට වඩා ආහාර දීමෙන් මෙසේ දරුවන් හට හානි පැමිණෙයි. පිරී තිබෙන කුසට තවත් ආහාර දීමෙන් තත්ත්වය තවත් නරක අතර හැරෙයි.AHS 87.3

    සාමාන්‍යයෙන් තොටිල්ලේ සිටම දරුවන්ට සිතෙන, ලැබෙන සැම දේම කන්ට පුරුදු කෙරෙන අතර ‍එසේ කන්ට ජීවත් වීමට ඔවුන්ට ඉගැන්වෙයි. තම දරුවන්ගේ ළදරුවියේදී ඔවුන්ගේ චරිත වර්ධනයට අදාළව මව විශාල කොටසක් ඉටු කරන්නීය. පාලනයක් ඇතිව කෑම කන්ට හෝ හැකි පමණ උපරිම ලෙස කා කෑදරයන් වීමට ළදරුවන්ට ඉගැන්වීමට මවට පුළුවන.AHS 87.4

    බොහෝ විට මව දවසට යම් කාර්යාවලියක් සැලසුම් කරන්නීය. ඒ අතර තුර දරුවන් ඇයට කරදර කරණ විට ඔවුන්ගේ දුක් ගැනවිලි සොයා බලා ඔවුන් සැනසීමට කාලය ගන්නවා වෙනුවට ඔවුන් නිහඬව තැබීම පිණිස ඇය ඔවුනට කන්ට යමක් දෙන්නීය. ඉන් තාවකාලික සහනයක් ලැබුණද නරක පුරුද්දකට ඉන් මග පෑදෙයි. දරුවන්ට ආහාර අවශ්‍ය නොවූ විටද ඔවුන්ගේ ආමාශයන් අහරන් පිරවේ. AHS 88.1

    අවශ්‍ය වූ එකම දේ නම් මවගේ කාලයෙන් සුළු කොටසක් සහ ඇයගේ අවධානයයි. එහෙත් දරුවන් සැනසීම පිණිස නාස්ති කිරීමට බැරි තරම් කාලය වටිනවා යැයි ඇය සිතන්නීය. ඇතැම් විට තම දරුවන්ගේ සතුට හා නිරෝගී තාවයට වඩා අමුත්තන් පිනවන සුළු අයුරින් ස්වකීය නිවස ලස්සනට සකසා තැබීමත්, නවීන මාදිලියට අනුව රස බොජුන් පිසීමත් සඳහා ඇය විශේෂ අවධානයෙන් කටයුතු කරන්නීය.AHS 88.2

    පෝෂ්‍යවත් රසනහර පිනවන එහෙත් සරල ආහාර: නානා මාදිලියේ ආහාර පිසීමට මවගේ සම්පූර්ණ කාලය වැය නොවන ලෙසින් ආහාර පිසීම ඉතා සරල විය යුතුය. ඇස් හා රස නහර පිනවන අයුරින් පිළියෙල කරගත් පෝෂ්‍ය ජනක ආහාර මේසයට සැපයීමට සැලකිලිමත් විය යුතු බැව් සැබෑය. ආහාර ලෙස ඔබ මිශ්‍ර කර දෙන ඕනෑම දෙයක් ආහාර ලෙසින් දරුවන්ට හොඳ වේයැයි නොසිතන්න. එහෙත් විපරිත වූ අහර රුචිය පිනවීමට පිළියෙල කරනු ලබන සෞඛ්‍යට නොගැලපෙන අහර සඳහා අඩු කාලයක් ද අහර ගැනීමෙහි ලා දරුවන් පුරුදු පුහුණු කිරීමට වැඩි කාලයක්ද කැප කළ යුතු වේ.AHS 88.3

    පවිත්‍රකම, උණුසුම සහ පිරිසිදු වාතාශ්‍රය: දරුවන්ට උණුසුම අවශ්‍ය වුවද ඔවුනට පිරිසිදු වාතය නොලැබෙන සේ වැසූ, පමණට වඩා උණුසුම් කරන ලද කාමරවල ඔවුන් තැබීම නිතර කරන බරපතල වරදකි.AHS 88.4

    දරුවා දුබල කරවන හෝ දරුවාගේ ශරීරයට අහිතකර වන සියලු දෑ ඉවත් කළ යුතුය. දරුවා අවට ඇති සියල්ල මිහිරි, පවිත්‍ර වූ දේ වන පිණිස ඉතා ප්‍රවේශම් විය යුතුය. කුඩා දරුවන් හදිසි උෂ්ණත්ව විෂමතාවයන්ට නිරාවරණය වීමෙන් ආරක්ෂා කර ගත යුතු අතරම දිවා රාත්‍රී දෙකෙහිම ඔවුනට පිරිසිදු වාතාශ්‍රයක් ලැබ දෙන්ට සැලකිලිමත් විය යුතුය. AHS 88.5

    රෝගී දරුවන් බලා හදා ගැනීම: බොහෝ අවස්ථාවලදී දරුවන්ගේ අසනීප වලට හේතුව ඔවුන් බලා හදා ගැනීමේ දුබලතාවයන් බැව් පෙනී යයි. ආහාර ගැනීමේ අවධිමත්කම,සීත අවස්ථා වලදී නිසි ලෙස ශරීරය ආවරණය නොවී තිබීමෙන් මනා රුධිර ධාවනය පවත්වා ගැනීමට තරම් ව්‍යායාම ප්‍රමාණවත් නොවීම හෝ පවිත්‍ර වාතාශ්‍රය හිග කම ඔවුන්ගේ අසනීප වලට හේතුන විය හැකිය. දෙමාපියන් තම දරුවන්ගේ අසනීපයන්ට හේතූන් සොයා බලා හැකි විගස එම වැරදි තත්ත්වයන් නිවැරදි කරන්ට කටයුතු කරත්වා. AHS 88.6

    රෝගාබාධ වලදී දැක්විය යුතු සැලකිල්ල මෙන්ම ඒවා වළක්වා ගත හැකි විධි සහ ප්‍රතිකාර විධි ගැන පවා ඉගෙන ගන්ට සියලු දෙමාපියන් හට හැකියාව ඇත. විශේෂයෙන් තම පවුලේ සාමාන්‍ය රෝගාබාධයන්හිදී කවරක් කළ යුතු දැයි මව දත යුතුය. තම රෝගී දරුවාට සාත්තු සප්පායම් කරන සැටි ඇය දැන සිටිය යුතුය. ඇයගේ ප්‍රේමය සහ තීක්ෂණ බුද්ධිය කරණ කොට ගෙන ඇයට එය කළ හැකි විය යුතු අතර එවැන්නක් එතරම් හොඳින් කිරීමට අන් අයකු හට පැවරිය නොහැකිය.AHS 89.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents