Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 31—මවගේ පළමු කාර්යය

    නිසි ලෙස පහුණු කළ දරුවා: මනුෂ්‍යත්වයේ මෙම සුළු ජීවය හෙවත් ළදරුවා තුළ විය හැකි තාවයන් සියල්ල දෙවියන්වහන්සේ දකිනා සේක.නිසි පුහුණුව සමගින් දරුවා ලොවෙහි යහපත උදෙසා මහත් බලවේගයක් වන බැව් උන්වහන්සේ දකිනා සේක.දෙමාපියන් උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරාවිද නැතහොත් වැරදි ලෙස භාවිතා කරන කරුණාව කරන කොට ගෙන දරුවා වත්මන් මෙන්ම සදාකාලික විනාශයට ලක් කරමින් ඔවුන් උන්වහන්සේගේ අරමුණ වනසා ලයි දැයි දෙවියන්වහන්සේ ඉමහත් උවමනාවෙන් බලා සිටින සේක. මෙම අසරණ, නොවැදගත් සේ පෙනෙන ජීවියා ලොවට ආශිර්වාදයක් සහ දෙවියන්වහන්සේට ගෞරවයක් වීමට උසස් කිරීම අති ශුවිශේෂ කර්තව්යකි. තමන් සහ තම දරුවනට තමන් දැක්විය යුතු යුතු කම් අතරට අන් කිසිවකට පැමිණෙන්ට දෙමාපියන් ඉඩ දිය යුතු නැත.AHS 90.1

    දෙවියන්වහන්සේ සහ රට උදෙසා කරන කාර්යයක්: දෙවියන්වහන්සේ ව්‍යවස්ථාව පවත්වන මනුෂ්‍යයන් තමන් ඉදිරියේහි පවතින මහා අරගලයේදී තම දරුවන් කවර ආකාරයෙන් ක්‍රියා කරනු ඇති දැයි දෙගිඩියාවෙන් දරුවන් දෙස බලනුයේ බලාපොරොත්තුව සහ බිය දනවන හැඟීමෙනි.ඔවුන් කවර පියවරක් ගනීවිදැයි කාන්සා සහිත මව විමසන්නීය. “සදාකාලික මහිමය ලබනු පිණිස තම කොටස නිසියාකාරව ඉටු කිරිමට ඔවුන් පිළියෙල කිරීම පිණිස මට කුමක් කළ හැකිද?” AHS 90.2

    මව් වරුනි, ඔබ මත විශාල වගකීම් රැසක් ඇත. රාජ්‍ය සභාවන්ට නොගියද දෙවියන්වහන්සේ සහ තම රට වෙනුවෙන් මහත් සේවයක් කිරීමට ඔබට පුළුවන. ඔබට ඔබගේ දරුවන් හට අධ්‍යපනය ලැබ දෙන්ට පුළුවන.අයහපත කිරීමට නැඹුරු නොවන හා පොළඹුවනු නොලබන, එහෙත් අන්‍යන්ට යහපත කිරීමට නැඹුරු කරවන හා පොළඹවන චරිතයන් ගොඩ නගා ගන්නට ඔවුනට සහය වීමට ඔබට පුළුවන.ඔබගේ ඇදහිල්ලේ ජවලිත යැදුම් කරණ කොට ගෙන, අනාගතයේදී ලොව මෙහෙය වන හස්තය මෙහෙය වීමට ඔබට හැකිය.AHS 91.1

    ගෘහ පුහුණුව බොහෝ විට නොසලකා හැරෙයි: අධ්‍යපන ක්‍රමයන්හි ප්‍රගතිය ගැන පුරාජේරු කීවද වත්මනෙහි දරුවන් පුහුණු කිරීම ඉතා ශෝචනීය ලෙස අඩු පාඩු කම් වලින් පිරී පවතී.නොසලකා හරිනු ලැබ තිබෙන්නේ ගෘහ පුහුණුවයි. දෙමාපියෝ විශේෂයෙන් මව් වරු, තම වගකීම අවබෝධ කරගෙන නැත්තාහ.ඔවුනගේ රැක බලා ගැනීමට හාර දී තිබෙන කුඩා දරුවන්ට උපදෙස් දීමට තරම් ඉවසීමද ඔවුන් හසුරුවා ගැනීමට තරම් ප්‍රඥාවද මව් වරුනට නැත.AHS 91.2

    මව් වරුන් තම මාතෘත්වයට ගරු කරමින් ස්වකීය වගකීම ඉටු නොකරන බැව් සත්‍යයකි. දෙවියන්වහන්සේගේ ශක්තිය තුළ අපගේද අප දරුවන්ගේද යහපත සඳහා අපට කළ නොහැකි කිසිවක් උන්වහන්සේ අපෙන් අපේක්ෂා නොකරන සේක.AHS 91.3

    දිව්‍ය පිහිට උපකාරය සොයන්න: මව් වරුන් තම කාර්යය භාරයේ වැදගත් කම අවබොධ කර කර ගත්තා නම්, ඔවුන් බෙහෙවින් රහසිගතව දෙවියන් යැදුමෙහි නිරතව, තම දරුවන් යේසුස්වහන්සේට ඔප්පු කරමින්, දිව්‍ය ආශිර්වාද දරුවන් මත ඉල්ලා සිටිමින්, තම යුතුකම නිසියාකාරව ඉටු කිරීමට ප්‍රඥාව ඉල්ලා යාච්ඥා කරනු ඇත. තම දරුවන්ගෙ ගති පැවතුම් හා පුරුදු හැඩ ගැස්විමට ලැබෙන සැම අවස්ථාවකිනම මව උපරිම ප්‍රයෝජන ගනිත්වා. පමණට වඩා ඉස්මතුව පෙනෙන ගති ලක්ෂණ මැඩ ලමින්ද හීනව පවත්න ගති ලක්ෂන දිරි ගන්වමින්ද මව දරුවාගේ චරිත වර්ධනය දෙස සැලකිලිමත්ව සිටීවා ඇය තම අගනා පැවරුම වන දරුවා හට තමන්ගේම පවිත්‍ර සහ උතුම් ජීවිතයෙන් ආදර්ශයක් වේවා.AHS 91.4

    තම සියලු කාර්යයන්හීදී නිරතුරුව දිව්‍ය පිහිට උපකාරය මත රඳා සිටිමින්, මව ධෛර්යය සහ ශක්තියෙන් යුතුව තම කාර්යයට එළඹිය යුතුය.තම සතුට සොයනවාට වඩා ජීවිතයේ උසස් අරමුණක් දරුවන් තුළ ඇතිවන තුරු, ඔවුන් තුළ චරිත වර්ධනයෙහි ප්‍රගතියක් දකිනා තුරු, ඇය තෘප්තියට පත් නොවිය යුතුය.AHS 91.5

    මවකගේ බලය අධි තක්සේරුවට ලක් කළ නොහැකිය.තම දරුවන්ගේ දෛණික දුක සැප අතරින් ඔවුන්ගේ තරුණ වියේ උවදුරු අතරින් නොකඩවා ඔවුන් සමග පසෙකින් දනින් වැටී අයදින ඇය තම දරුවන්ගේ ජීවිත කෙරෙහි තම යහපත් ආභාෂය කොපමණ වී දැයි විනිශ්චයේ දවස තෙක් දැන නොගන්නීය. ඇදහිල්ල කරණ කොට ගෙන ඇය දේව පුත්‍රයාණන් සමග බැඳී සිටී නම්, ඒ මවගේ මෘදු හස්තය තම පුතා පරීක්ෂාවේ බලයෙන්ද තම දියණිය පාපයට පෙළඹීමෙන්ද වළකා ලනු ඇත. තෘෂ්ණාවන් ජය ගන්ට අරගල කරන කල්හි ‍ප්‍රේමයේ බලය, මවගේ පවින් වළකන්නා වූ, ජ්වලිත, අධිෂ්ඨානයෙන් යුත් අනුබලය දරුවා හරි පැත්තට යොමු කරවනු ඇත. AHS 91.6

    නිවසට එන අමුත්තන්ට මෙන්ම අන් සියලු දේටත් වඩා ඔබගේ දරුවන්ට මුල් තැන දිය යුතු වේ. දරුවාගේ මුල් අවධියේදී ඔබ කැප කළ යුතු ශ්‍රමය කිසිදු නොසැලකිලිමත් කමක් නොපිළිගනියි. විධිමත් බව අමතක කළ යුතු කාලයක් ජීවිතයේ කවර කලකවත් නොවන්නේය.AHS 92.1

    ඔබ නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කොට ඔවුන් හා පිළිසඳරෙහි යෙදෙන පිණිස දරුවන් නිවසින් පිටතට නොයවා, අමුත්තන් සිටිනා තැන නිශ්ශබ්දව ගෞරව පූර්වකව හැසිරෙන සැටි ඔවුන්ට උගන්වන්න. AHS 92.2

    යහපත හා උතුම් කමේ ආදර්ශය: ‍මව් වරුනි, ඔබගේ අගනා අවස්ථාවන් ගැන සැලකිලිමත්ව සිටින්න. ඔබට දිය හැකි අධ්‍යාපනය හා පුහුණුවේ සීමා ඉක්මවා ඔබගේ දරුවන් පෙරට යන බැව් මතක තබා ගන්න. ඔබ ඔවුනට යහපත්, පවිත්‍ර හා උතුම් සියල්ලෙහි ප්‍රතිමූර්තිය විය හැකිය. ඔවුන්ගේද ඔබගේද රැචිකත්ව‍යන් හඳුනා ගන්න.AHS 92.3

    මවට තම බිළිඳු දරුවන් ඇයගේ ගති පැවතුම් හා පුරුදු පිළිබිඹු කරන කැඩපතකි. එහෙයින් තමන්ගෙන් ඉ‍ගෙන ගන්ට බලා සිටින මෙම කුඩා දරුවන් අබියසදී ඇය තම වචන සහ හැසිරීම කෙරෙහි කෙතරම් ප්‍රවේශම් විය යුතුද? ඔවුන් තුළ වැඩෙනු දැකීමට ඇය පතන කවර චරිත ලක්ෂණයක් වුවද මව තමන් තුළම වඩවා ගත යුතුය. AHS 92.4

    සෑහීමට පත් වන සේ කරන ලද කාර්යයෙහි ප්‍රීතිය: දරුවන් ස්වාමීන්වහන්සේගේ උරුමය වන අතර, උන්වහන්සේගේ වස්තුව රැක බලා ගන්නා සැටි පිළිබඳව අප උන්වහන්සේට උත්තර දිය යුතු වේ. තම දරුවන් සැබෑ කිතුණුවන් වන පිණිස අධ්‍යාපනය සහ පුහුණුව ලැබ දීම දෙවියන්වහන්සේ උදෙසා දෙමාපියනට කළ හැකි උතුම්ම සේවය වේ. එය ඉවසිලිමත් ශ්‍රමයත්, ජීවිත කාලයක, උද්යෝගීමත්, අප්‍රතිහත ප්‍රයත්නයත් ඉල්ලා සිටින කාර්යයකි. පැවරුම නොසලකා හැරීම මගින් අපි දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත නොවන දාසයන් බැව් පෙන්වා දෙන්නෙමු.AHS 92.5

    බලව, ස්වාමීන්වහන්සේ මට පවරා වදාළ දරුවන් සමගින් මම මෙහි සිටීමයි පවසමින් දෙවියන්වහන්සේ වෙතට සතුටින් පැමිණිය හැකිවනතෙක්, දෙමාපියන් තම දරු කැල උදෙසා ප්‍රේමය, ඇදහිල්ල සහ යාච්ඤාව තුළ කටයුතු කරත්වා. AHS 92.6