Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 32—මව් වරුන්ට ධෛර්යය

    යේසුස් වහන්සේ දරුවනට ආශිර්වාද කළ සේක: ආශිර්වාද කරමින් යේසුස් වහන්සේ ස්වකීය හස්තය තම දරුවන් මත තබන පිණිස එකල මවුවරු තම දරුවන් උන්වහන්සේ වෙතට ගෙන ඇත. මෙම ක්‍රියාව කරණ කොට ගෙන, ඔවුහු යේසුස්වහන්සේ කෙරෙහි තමන් තුළ වු ඇදහිල්ලද තමනට පවරනු ලැබ සිටින කුඩා දරුවන්ගේ වත්මන් සහ අනාගත ශුභ සාධනය කෙරෙහි ඔවුන්ගේ සිත්හි වූ දැඩි ආශාවද දක්වාලූහ. එහෙත් තම දරුවන් පෙන්වීමට විත් එමගින් ස්වාමියාණන්ට බාධා කිරීමේ අවශ්‍යතාවයක් නොදුටු ගෝලයන් මව් වරුන් හරවා යවනු දුටු යේසුස්වහන්සේ ඔවුනට දොස් තබමින්, එම ඇදහිවන්ත මව් වරුනට තම දරුවන් රැගෙන ඒමට මග සලසා දෙන්ට රැස්ව සිටිය වුනට විධාන කළ සේක. “බාලයන්ට බාධා නොකොට ඔවුන්ට මා වෙතට එන්ට ඉඩ හරින්න. මක් නිසාද ස්වර්ග රාජ්‍යය එබඳුවන්ගේය” යි උන්වහන්සේ පැවසූ සේක.AHS 93.1

    දූවිලි මාවත දිගේ මව්වරුන් ස්වාමීන්වහන්සේ වෙත ඇදී ආ කල්හි ඔවුන් තම දරුවන් උදෙසා කඳුලින් යුතුව නිහඩව යදිනා සැටි උන්වහන්සේ දුටු සේක. ගෝලයින් මව්වරුන් වළකා ලන සැටි ඇසුණු උන්වහන්සේ අප්‍රමාදව මව් වරුනට තමන් වෙත දරුවන් ගෙන ඒමට ඉඩ දෙන්නැයි වදාළ සේක. දරුවන් පිළිගැනීමට උන්වහන්සේගේ උතුම් ප්‍රේමාන්විත හදවත විවෘතව පැවතියේය. එක දරුවකු උන්වහන්සේගේ ඇකයට තුරුලු වී තද නින්දේ පසු වූ අතර උන්වහන්සේ ඔවුන් එක් අයෙකු බැගින් තම දෑතට ගෙන ආශිර්වාද කළ සේක. AHS 93.2

    මව්වරුනගේ කාර්යයට අදාළව යේසුස්වහන්සේ ඔවුන් දිරිමත් කළ සේක. මෙලෙම ඔවුන්ගේ සිත් වලට කවර සැනසීමක් ගෙන දෙනු ලැබීද? එම අනුස්මරණීය අවස්ථාව සිහිපත් කළ ඔවුහු යේසුස්වහන්සේගේ ගේ දයාන්විත කරුණාව මත රඳා සිටියේ කෙතරම් සතුටකින්ද? උන්වහන්සේගේ කාරුණික වදන් ඔවුනගේ සිත්හි වූ බර ඉවත් කොට නව පැතුමින් හා දිරියෙන් ඔවුන් පුබුදුවාලීය. වෙහෙස කර හැගීම් ඔවුන් තුල තවත් නොවීය.AHS 93.3

    මෙය සියලු කල්හි ‍මව්වරුනට දිරිදෙන පාඩමකි. තම දරුවන්ගේ යහපත උදෙසා ඔවුන් තමනට හැකි උපරිමය ඉටු කළ පසු, තම දරුවන් යේසුස්වහන්සේ වෙතට ගෙන ඒමට ඔවුනට පුළුවන. මව් වරුනගේ ඇකයෙහි සිටිනා බිළිඳුන් පවා උන්වහන්සේ දසුනෙහි අගනේය. තමනට දිය නොහැකි පිහිට උපකාර, තමනට දානය කළ නොහැකි අනුග්‍රහය ආදිය කෙරෙහි දැඩි ආශාවෙන් යුතුව මව තම දරුවන් සමග ක්‍රිස්තුස්වහන්සේගේ දයාන්විත හස්තයනට භාරවන විට, ඔවුන් භාර ගෙන ආශිර්වාද කරනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මවුවරුනට හා ඔවුනගේ දරුවන්හට සාමය, බලාපොරොත්තුව සහ සතුට දානය කරන සේක. සියලු මව් වරුන්ට යේසුස්වහන්සේ දානය කොට තිබෙන මෙය අගනා ප්‍රස්ථාවකි. AHS 94.1

    මවුවරුන් තම ගැටළු සමගින් යේසුස්වහන්සේ වෙතට පැමිණෙත්වා. තම දරුවන් හදා වඩා ගැනීමෙහි ලා අවශ්‍ය තරමට අනුග්‍රහය ඔවුනට ලැබෙනු ඇත. ගැළවුම් කරුවාණන්ගේ දෙපාමුල තම බර ගෙනැවිත් තබනා සැම මවකටම දොරටු විවෘතව ඇත. තමන්වහන්සේ විසින් ආශිර්වාද කරනු ලබන පිණිස තමන්ගේ කුඩා දරුවන් රැගෙන එන්නැයි උන්වහන්සේ තවමත් මව්වරුනට ආරාධානා කරන සේක. යදිනා මවගේ ඇදහිල්ල තුළින් ඇකයෙහි සිටිනා බිළිඳාට පවා සර්වබල පරාක්‍රමයාණන්ගේ සෙවනෙහි හිටිය හැකිය. යොහන් බෞතිස්ත උපතෙහි සිටම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටියේය. අපද දෙවියන්වහන්සේ සමග සහභාගිත්වයෙන් විසුවහොත්, අපගේ දරුවන් ඔවුන්ගේ බිළිඳු වියේ සිට වුවද දිව්‍ය ආත්මය මගින් හැඩ ගස්වනු ලැබීම අපට බලා පොරොත්තු විය හැකිය. AHS 94.2

    ළපටි සිත් අවනතවන සුළුය: ක්‍රිස්තුස්වහන්සේ යටහත් පහත්, දිළිඳු සහ පීඩිතයන් අතරෙහි අයෙකු වූ සේක. සිය හස්තයන්ගෙන් කුඩා දරුවන් ඔසවාගත් උන්වහන්සේ දරුවන්ගේ මට්ටමට පත් වූ සේක. උන්වහන්සේගේ කුළුණ බර හදවතට ඔවුන්ගේ පරීක්ෂාවන් හා අවශ්‍යතාවයන් වටහාගන්ට හැකි වූ අතර ඔවුනගේ සතුට උන්වහන්සේගේ සතුට විය. ජනාකීර්ණ නගරයේ කඩි මුඩිය ව්‍යාකූලතාවයන් සහ කපටි කුහක මනුෂ්‍යන් ඇසුරින් වෙහෙසට පත්ව තිබූ උන්වහන්සේගේ සිත නිදොස් දරුවන්ගේ ඇසුර තුළින් සාමය සහ විවේකය ලැබීය. උන්වහන්සේගේ ඇසුර ඔවුන් පලවා නොහැරියේය. ස්වර්ගීය රජාණන්වහන්සේ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට තරම් යටහත් පහත්ව ඔවුනගේ ළපටි වටහා ගැනීමට සරිලන සේ ස්වකීය වැදගත් පාඩම් සරලව දක්වා ලූ සේක. වැඩි වයසට යන විට සරු අස්වැන්නක් ලැබ දෙන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ පුළුල්වන්නා වූ ළමා සිත් තුළ සත්‍යයේ බීජ පැළ කල සේක.AHS 94.3

    “කුඩා දරුවන් නොවළක්වා මා වෙතට එන්ට ඔවුනට ඉඩ හරින්න. මක් නිසාද ස්වර්ග රාජ්‍යය එවැන්නන්ගේය”. මෙම අගනා වදන් සැම මවක විසින් පමණක් නොව සැම පියෙකු විසින්ද ආශාවෙන් අල්ලා ගත යුතුව ඇත. තම දරුවන් දිව්‍ය අබිමුඛයට ගෙන ඒමටද පවුලේ සියලු දෙනා මත පියාණන්වහන්සෙ‍‍්ගේ ආශීර්වාදය ලැබෙන පිණිස ක්‍රිස්තුවහන්සේගේ නාමයන් අයැද සිටීමටද ඉහත කී වදන් දෙමාපියනට දිරි දෙවයි. ඉතා හොඳ ප්‍රියාදර දරුවන්ට පමණක් නොව: සැලකිලිමත්ව දෙනු ලබන පුහුණුව සහ මෘදු මග පෙන්වීම අවශ්‍යව සිටින අසහනකාරී සහ මුරණ්ඩු දරුවන්ට විශේෂ අවධානය අවශ්‍ය වේ. AHS 95.1