Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 34—මවගේ උදව් කරුවෝ

    දරුවන් කොටස් කරුවන් විය යුතුය: දෙමාපියනට මෙන්ම දරුවන්ටද නිවසේ වැදගත් කටයුතු ඇත. ඔවුන් ගෘහ සමාගමේ කොටස් කරුවන් බැව් ඔවුනට ඉගැන්විය යුතුය. කවනු, පොවනු ලබන, ඇඳුම් පැළඳුම් සපයා දෙනු ලබන, ආදරයෙන් රැක බලා ගනු ලබන ඔවුහු තමන් සාමාජිකත්වය දරන පවුල තුලට හැකි පමණින් සතුට සාමය ගෙන දෙවමින් නිවසේ බරට යම් පමණකින් හෝ උර දෙමින් කෘත ගුණ දැක්විය යුතු වෙති.AHS 98.1

    වෙළඳ පලට, තැපැල් හලට යාම වැනි සුළු දේ කිරීම මගින් තමන් මවට හා පියාට උදව් උපකාර කරනා බැව් දරුවන් දැන ගනිත්වා. ඔබ උදෙසා කිරීමට ඔවුනට යම් කාර්යයක් පවරා, එය කළ පසු ඔවුනට සෙල්ලම් කළ හැකි බැව් පවසන්න. AHS 98.2

    දරුවනට කාර්යශීලී මනසක් තිබෙන අතර ප්‍රා‍යෝගින ජීවිතයේ ගැටළු නිරාකරණය කර ගන්ට ඔවුන් තම සිත යෙදවිය යුතුය. තමනට රිසි ‍දේ කිරීමට ඔවුනට ඉඩ දිය යුතු නොවේ. මෙම කරුණ තීරණය කළ යුතු වන්නේ දෙමාපියන්ය. AHS 98.3

    සෑම අයෙකුටම යුතුකම් ඇත: දෙමාපියන් තම දරුවනට කවා පොවා, ඇඳුම් පැළඳුම් සපයා දී අධ්‍යාපනය ලැබ දීමට වගකීමෙන් බැඳී සිටිනා අතර දරුවෝ තම දෙමාපියනට සතුටු සිතින් විශ්වාස වන්තව සේවය කිරීමට වගකීමෙන් බැඳි සිටිතී හා වැඩ කටයුතු බෙදා ගැනීමට තමන් සතු යුතුකම පැහැර හැරීමට සිතනා දරුවන්ට කන බොන දේ සපයා දීමට තමන් සතු වගකීම පැහැර හැරීමට දෙමාපියන් සිතුව හොත් කෙසේ වේද? දෙමාපියනට උදව් උපකාරී වීමට සහ ඔවුන්ගේ බර සැහැල්ලු කිරීමට වෙහෙස ගෙන දෙන තමන් අකමැති ඇතැම් වගකීම් ඉටු කිරීමට පසු බෑම කරණ කොට ගෙන. තමන් අනාගත ප්‍රයෝජනවත් භාවයට පුරුදු පුහුණු කරවන වටිනා අධ්‍යපනයක් ලබා ගැනීමට දරුවන්ට ඇති අවස්ථා ඔවුහු හිමි කර ගනිති. AHS 98.4

    අලසව, අරමුණු රහිතව, කරන්ට දෙයක් නැතිව සිටීමට හෝ තමන් කැමති දෙයක් කිරීමට ඉඩ ‍හරිමින් දරුවන් පවුලේ යුතුකම් හා වගකීම් වලින් නිදහස් කොට තැබීම තරම් නියත ලෙස දරුවන් නොමගට යවන වෙනත් දෙයක් තවත් නැත. දරුවන්ගේ සිත් ඉතා ක්‍රියාශීලී වන අතර, යහපත් හා ප්‍රයෝජනවත් දෙයෙහි නිරත නොකළහොත් ඔවුන් නිරායාසයෙන්ම අයහපතට හැරෙනු ඇත. ඔවුනට විනෝද වීම අවශ්‍ය මෙන්ම නිසි දෙයක් වන අතරම කායික ශ්‍රමය යොදා නියමිත කාලයක් වැඩ කිරීමටද පොත පත කියවීමට හා ඉගෙන ගැනීමට ඔවුනට ඉගැන්විය යුතුය. ඔවුන්ගේ වයසට ගැළපෙන වැඩ කටයුතු ඔවුන් කරන බවට වග බලා ගන්න. AHS 99.1

    බර දැරීමට දරුවන් උගත යුතුය: තම දරුවන් උගත යුතු ඉතාම වැදගත් පාඩම වනුයේ පවුලේ බරින් තමනට අයත් කොටසට උරදීමය යන කාරණාව දෙමාපියන් වටහා ගත යුතු වේ. තමන් ලොවෙහි ප්‍රයෝජනවත් පිරිසක් විය යුතු යැයි වටහා ගැනීම පිණිස ජීවිතය පිළිබඳව සාමාන්‍ය අවබෝධයෙන් සිටීමට දෙමාපියන් ස්වකීය දරුවනට ඉගැන්විය යුතුය. නිවසේදී නැණවත් මවකගේ අධීක්ෂණය යටතේ, ගැහැණු පිරිමි දරුවන් ජීවිතයේ බර දැරීමෙහි ලා තම පළමු උපදෙස් ලැබිය යුතු වේ.AHS 99.2

    දරුවෝ සුළු වැඩ කටයුතු ආශාවෙන් කරති: උදව් උපකාර වීමට දරුවනට ඉගැන්විය හැකිය. ඔවුහු ස්වභාවිකවම ක්‍රියාශීලී වන අතර කඩිසරව කටයුතු කිරීමට නැඹුරුව සිටිති. මෙසේ ක්‍රියා කාරීව සිටීම, පුහුණු කොට නිසි මගට යොමු කිරීමට ඉවහල් වේ. බාල වියේ සිටම සුළු වැඩ කටයුතු කිරීමට දරුවන්ට ඉගැන්විය හැකි අතර යම් කාර්යයක් ඉටු කිරීමට සැම දරුවකු ම තම දෙමාපියන්ට හෝ භාර කරුවන්ට වගකීමෙන් බැඳී සිටිය යුතුය. මෙලෙස ඔවුහු බාල කල සිටම තම යුතුකම් වියගහ දැරීමට පුරුදු වෙති. යමක් නිසි ලෙස කිරීමෙන් පමණක් ‍ලැබෙන සතුට ඔවුනට තම කාර්යයන් කිරීමෙන් ලැබෙනු ඇත. වැඩට හා වගකීමට හුරු වන ඔවුහු විනෝ‍දයෙන් කාලය ගත කරනවාට වඩා තමනට කිරීමට වැදගත් දේ තිබේ. යැයි වටහා ගනිමින් වැඩ කිරීමට ප්‍රිය වෙති.AHS 99.3

    යමක් කිරීම දරුවනට හොඳය. වැඩි වේලාවක් ප්‍රයෝජනවත් කාර්යයක නිරතව සිටීම ඔවුහු කැමැත්ත දක්වති. සාර්ථක ලෙස තම වැඩ කටයුත නිම කළ පසු, ඔවුනගේ අහිංසක කෙළි සෙල්ලම්හි වඩාත් සතුටින් නිරත විය හැකිය. වැඩ කිරීමෙන් මාංශ පේශීන් මෙන්ම මනසද සවිමත් වේ. නිසි පුහුණුව ඇතිව වැඩෙනා දරු‍වෝ වයසින් මුහුකුරා යන විට, තම මිතුරනට ඔවුන්ගේ කාර්යයන්හිදී ද සහය වීමට පෙළඹෙති.AHS 99.4

    මානසික තුළිත බව සහතික කරයි: ඔවුනට පවරන ලද කාර්යයන් ඉටු කිරීමේදී චරිත ස්වභාවයේ සහ ක්‍රියා කිරීමේ ස්ථාවරත්වයද ස්මෘති ශක්තිය සහ චිත්ත තුලිත භාවය ද ඇතිවේ. දවසේ වැඩ කටයුතු සමගින් සිත මෙහෙය වීම, ගණනය කිරීම සහ සැලසුම් කිරීමද අවැසි වේ. දරුවන් වයසින් මෝරන විට ඔවුනගෙන් තවත් සහයෝගය අපේක්ෂා කල හැකිය. එය අධික ලෙස වෙහෙස ගෙන දෙන එමෙන්ම දරුවන් අධෛර්යයට පත් කරවන සුළු බරපතල වැඩපල නොවිය යුතු අතර එය සිත හා චරිත ස්වභාවය වඩවන ශරීරික අභිවෘද්ධියට සිතකරවන අයුරින් කල්පනාශීලීව ‍තෝරා ගත යුතුය. AHS 99.5

    පවුලේ බැඳීම තර කරවයි: නිවසේදී දරුවන් පුහුණු කිරීමෙහිලා සහයෝගීතාවයේ ප්‍රතිපත්තිය මිල කළ නොහැකි තරම් වටනේය. වැඩිමල් දරුවෝ දෙමව්පියන්ගේ සැලසුම් අවබෝධ කරගනිමින් දෙමව්පියන්ගේ වගකීම් හා බර දැරීමට උර දෙන්නාවූ සහයකයන් විය යුතු වෙති. පිය වරුන් හා මව් වරුන් තම දරුවන්ට ඉගෙනීමට කාලය මිඩංගු කරත්වා. තමන් තම දරුවන්ගේ උපකාර අගය කරනා බවත් ඔවුන්ගේ විශ්වාසය පතන බවත් ඔවුන්ගේ ඇසුරින් සතුටු වන බවත් දෙමව්පියන් තම දරුවන්ට හඟවත්වා. එවිට දරුවෝ ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට පමා නොවෙති. ඉන් දෙමාපිය බර සැහැල්ලු වීම සහ මිල කළ නොහැකි තරම් ප්‍රායෝගික පුහුණුවක් දරුවනට ලැබීම පමණක් නොව පවුලේ බැඳීම තර වීමද චරිතයෙහි පදනම ස්ථාවර වීමද සිදු වන්නේය.AHS 100.1

    මානසික සදාචරාත්මක ආත්මික වර්ධනය: නිවසේ වැඩකටයුතු කෙරෙහි ආත්මාර්ථකාමී නොවන උනන්දුවක් දක්වමින් ළමා සහ තරුණ පෙළ මවගේ ද පියාගේද බර සැහැල්ලු කිරීමට ඉදිරිපත් වීම සතුටක් කොට සැලකිය යුතුය. තමනට අයත් කොටස ඉතා ආශාවෙන් ඉටු කරනා ඔවුහු විශ්වාසවන්තකම හා ප්‍රයෝජනවත් භාවය ඇවැසිවන තනතුරු වලට සුදුසුකම් ලබනට මනා පුහුණුවක් අත් කර ගනිති. ළමා වියේ අත්දැකීම් විරළකම වැඩිහිටි කමේ අත්දැකීම් සරු කමට හරවා ගනිමින් වසරින් වසර ඔවුන් ක්‍රම ක්‍රමයෙන් එහෙත් ස්ථිර ලෙස පෙරෙට යා යුතුය. නිවසේ සුළු වැඩකටයුතු විශ්වාසවන්තව ඉටු කිරීම තුළින් ගැහැණු ළමයි සහ පිරිමි ළමයි මානසික සදාචාරාත්මක සහ අධ්‍යාත්මික ගුණ වැඩීමට පදනම දමා ගනිති.AHS 100.2

    දරුවන්ට අලසව වැඩෙන්ට ඉඩදීම පාපයකි. වෙහෙසෙ ගෙන දුන්නද ඔවුන් තම අත පයෙහි පේශීන් ව්‍යායාම කරත්වා. දරුවන් ප්‍රමාණය ඉක්මවා වැඩෙහි නොයෙදුවහොත් ඔබට වඩා ඔවුනට වෙහෙසවීම හානිකර වන්නේ කෙසේද? වෙහෙස වීම හා අධික ලෙස විඩාවට පත්වීම අතර සෑහෙන වෙනසක් ඇත. වැඩිහිටියන්ට වඩා දරුවන්ට ඔවුන් කරන වැඩ නිතර වෙනස් කිරීම හා විවේක කාලයක් අවශ්‍ය වන මුත් බාල වියේ සිට වුවද වැඩ කිරීමට ඉගෙන ගන්ට ඔවුන්ට හැකි අතර එය තමන්ටද ප්‍රයෝජනවත් වීමට හැකිවීම ගැන ඔවුන් සතුටු වනු ඇත. සෞඛ්‍යට හිතකර ලෙස වැඩ කිරීමෙන් පසුව ඔවුන්ට සුව පහසු නින්දක් ලැබෙන අතර ඉන් ඔවුහු පසු දින වැඩ කටයුතු සඳහා නිසි විවේකය ලබන්නෝය. AHS 100.3

    මගේ දරුවන් මට කරදර කරනවායැයි නොකියන්න: ම‍ගේ ළමයි මට උදව් කරන්න ආවාම ඒක මට හරි කරදරයක් යයි ඇතැම් මව්වරු පවසති. මගේ දරුවනුත් මට කරදරයක් වුණා. ඒහෙත් ඒ බව මා ඔවුනට හැඟවී යැයි ඔබ සිතන්නෙහිද? ඔබගේ දරුවාගේ ගුණ පවසන්න සියලු කාරණා ඔවුනට එකින් එක ආදර්ශයෙන් උගන්වන්න.AHS 101.1