Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 36—දරුවන්ට අනුශාසනා

    වේලාසනින් දෙවියන්වහනසේ සොයන්න: ළමා තරුණ පෙළ වේලාසන සිට දෙවියන්වහනසේ සොයා ගන්ට පටන් ගත යුතුය. මන්ද මුලදී ඇති වන ගති පුරුදු සහ සිතට කා වදින හැගීම් නිරතුරුවම ජීවිතය සහ ගති ස්වභාවය කෙරෙහි බලවත් අනුබලයක් දක්වනු ඇත. එහෙයින් සාමුවෙල්, යොහාන් මෙන්ම විශේෂයෙන් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වන තරුණ දරුවා අයහපත් දේ සැලසුම් කරන්නන් ගෙන්ද මෙලොව ජීවිතය සැප සෙල්ලමින් හා ආත්මාර්ථකාමී තෘෂ්ණා වලින් යුක්ත විය යුතු යැයි සිතන්නන්ගෙන්ද ඉවතට හැරෙමින් ඉතා සුළු දේ වලදී පවා විශ්වාස වන්ත විය යුතුය.AHS 104.1

    පලක් නැති දේ සේ සලකා ගෙදර දොර සුළු වැඩ කටයුතු බොහොමයක් නොසලකා හරිනු ලැබුව හොත් විශාල කාරණාද නොසලකා හරිනු ලබනු ඇත. ඔබ පිවිතුරු, යහපත්, උතුම් ගති ගුණාංග ඇති පූර්ණ ස්ත්‍රීන් හා පුරුෂයන් වීමට කැමති වන්නාහුය. එම කාර්යය නිවසේදීම අරඹන්න. කුඩා වැඩ කටයුතු හොඳ හැටි හරි ආකාරයට කරන්න. ඔබ ඉතා කුඩා දේවල් ගැන විශ්වාසවන්තව සිටිනා බැව් ස්වාමින්වහන්සේ දකිනා කල, උන්වහන්සේ ඔබට විශාල වගකීම් පවරනු ඇත. ඔබ ගොඩ නගන සැටිත්, ගොඩනැගිල්ල සඳහා ගන්නා දුව්‍යන් ගැනත් සැලකිලිමත් වන්න. දැන් ඔබ ගොඩ නගා ගන්නා චරිත ලක්ෂණ සදාකාලය සේ ස්ථිරව පවතිනු ඇත.AHS 104.2

    ඔබගේ සිත, හදවත හා ඔබ ලබැඳි දේ යේසුස්වහන්සේට දී ගෙදර වැඩකටයුතු මෙන්ම ආත්ම පරිත්‍යගික හා කරුණාවේ ක්‍රියා සිතට එකඟව කරමින් සුළු පාප වලට එරෙහිව සැලකිලිමත්ව සිටිමින්, සුළු සුළු ආශීර්වාදයන්ට කෘතඥ වන හදවතින් යුතුව ක්‍රිස්තුස් වහන්සේ වැඩ කල අයුරින් වැඩ කරන්න. එවිට යොහන් හා සාමුවෙල් ගැනද විශේෂයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගැනද දෙනු ලැබූ වැනි සාක්ෂියක් ඔබට ලැබෙනු ඇත. “යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යන්ගෙත් කරුණාවෙහිද වැඩුණු සේක”. AHS 104.3

    පෞද්ගලික තෝරා ගැනීමක්: අවදිව සිට යාච්ඤා කරමින් දෙවියන්වහන්සෙ‍්ගේ කාරණා ගැන පෞද්ගලික අත් දැකීමක් ලබා ගන්න. ඔබගේ දෙමාපියන් ඔබට උගන්වා, ආරක්ෂා සහිත මාර්ගයන්හි ඔබගේ පා යොමු කරන්ට වෙර දැරුවද ඔවුනට ඔබගේ සිත වෙනස් කිරීමට බැරිය. ඔබ තම හදවත යේසුස්වහන්සේට දී උන්වහන්සේ ඔබට දී තිබෙන සත්‍යයෙහි අගනා ආලෝකය තුළ ගමන් කළ යුතුය. ගෘහ ජීවිතයෙහි ඔබගේ යුතුකම් විශ්වාසවන්තව භාරගන්න. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තුළින් ඔබ ක්‍රිස්තුස්වහන්සේ තමන් තුළ ස්වකීය දරුවෙකු වැඩෙන්ට අපේක්ෂා කර වදාරණ සම්පූර්ණ උස මහතට වැඩෙනු ඇත.AHS 105.1

    ළමා කාලයේදී ද තරුණ වයසේදී ද දෙවියන්වහන්සේගේ මෙහෙය තුළ ඔබට අත් දැකීමක් ලැබිය හැකිය. නිවැරදි යැයි ඔබ දන්නා කාරණා ඉටු කරන්න. ඔබගේ දෙමාපියන්ට කීකරු වන්න. ඔවුන්ගේ අවවාද අනුශාසනාවන්ට කන් දෙන්න. මන්ද ඔවුන් දෙවියන්වහන්සේට භය භක්තිය පෙන්වන්නේ නම්, අමරණීය ජීවිතය සඳහා ඔබට ඉගැන්වීමට, හික්මවීමට හා පුහුණු කිරීමට වගකීම ඔවුන් මත පැව‍රෙනු ඇත.ඔවුන් ඔබට දීමට සිතනා පිහිට උපකාර ස්තුති පූර්වකව ලැබ ගන්න. ඔවුන්ගේ වඩා නැණවත් තීරණයන් තුළින් පැමිණෙන නියෝගයන්ට සතුටින් යටත් වීමෙන් ඔවුන්ගේ සිතට සතුට සැනසීම ගෙන දෙන්න. මෙලෙස ඔබ තම දෙමාපියන්ට ගරු කරමින්, දෙවියන්වහ්නසේට මහිමය ගෙන දෙමින්, ඇසුරු කරන්නන් හට ආශීර්වාදයක් වන්නෙහිය. AHS 105.2

    පිහිට ඉල්ලා යාච්ඤා කරන්න: මුරණ්ඩු වීමට හා තම ආත්මාර්ථකාමී කැමැත්ත ඉටු කර ගැනීමට සිතට නැගෙන පරීක්ෂාවන්ට එරෙහිව සිටීමට දරුවන් අනුග්‍රහය ඉල්ලා යාච්ඤා කළ යුතු වේ. තම ජීවිත මෙ‍හෙයේදී සත්‍යවාදීව, කාරුණිකව, කීකරුව සිටීමටත් පිහිටවන මෙන් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගෙන් ඉල්ලා සිටින විට, උන්වහන්සේ ඔවුන්ගේ සරල යැදුමට සවන් දෙන සේක.AHS 105.3

    ළමයින් සහ තරුණ පෙළ තම දෙමාපියන් වෙත යාමේදී දක්වන ආත්ම විශ්වාසයෙන්ම තමන්වහන්සේ වෙතටද ඔවුන් එනවාට යේසුස්වහන්සේ කැමතිවන සේක. කුසගිනි වූ කල දරුවකු තම මවගෙන් හෝ පියාගේ අහර ඉල්ලන්නාක් මෙන් තමනට උවමනා දේ ඔබ ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලනවාට උන්වහන්සේ ආශා වන සේක.AHS 105.4

    දරුවන්ගේ අවශ්‍යතාවයන් දන්නා යේසුස්වහන්සේ ඔවුනගේ යාඥාවලට සවන් දීමට අශා වන සේක.දරුවන් දෙවියන්වහන්සේගේ තම සිතුවිලි ඉවතට ඇදගන්නා සියලුම ලෞකික දේ ඉවත ලිය යුතුය. තමන් දෙවියන්වහන්සේ සමග තනිව සිටිනා බවත් උන්වහන්සේගේ දිව්‍ය දෘෂ්ටිය හදවත තුළ වූ ආශා පරීක්ෂා කරන බවත් තමනට දෙවියන්වහන්සේ සමග ගමන කළ හැකි බවත් ඔවුනට හැගී යත්වා.AHS 105.5

    දරුවෙනි, ඔබට කර ගත නොහැකි දේ ඉටු කර දෙන්නැයි දෙවියන්වහන්සේගේන් ඉල්ලා සිටින්න. සියල්ල යේසුස්වහන්සේට පවරන්න. ඔබගේ සිත්හි සියලු රහස් උන්වහන්සේ අභියස විවෘතව තබන්න. මන්ද දෙවියන්වහන්සේගේ නෙත ඔබ සිතෙහි ගැඹුරු තැන් පවා පරීක්ෂා කරන අතර උන්වහන්සේ විවෘත ග්‍රන්ථයක් සේ ඔබගේ සිතිවිලි කියවන සේක. ඔබගේ අධ්‍යාත්මික යහපතට අවශ්‍ය දෑ ඉල්ලා, ඔබට ඒවා ලැබෙන බවට විශ්වාස කරන විට ඒවා ඔබට ලැබෙනු ඇත.AHS 106.1

    බොහෝ දරුවන් තම නිවසේ වැඩ කටයුතු කරනුයේ ඒවා අප්‍රසන්න කරදරයන් සේ සිතාගෙන වන අතර ඒ බැව් ඔවුන්ගේ මුහුණින් පැහැදිලිව දිස්වේ. වැරදි හා අඩු පාඩු දකිමින් කොඳුරන ඔවුන්ගෙන් කිසිවක් සතුටු සිතින් ඉටු නොවේ. මෙය ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් වන ගති ලක්ෂණ නොවේය. එය සාතන්ගේ ස්වභාවය දක්වන අතර ඊට ඔබ ප්‍රිය වුවහොත්, ඔබද සාතන් මෙන් වනු ඇත. ඉන් ඔබ නොසතුටට පත්වනවා පමණක් නොව, එවන් හැසිරීම කරණ කොට ගෙන ඔබ අන්‍යයන්වද නොසතුටට පත් කරන්නෙහිය. AHS 106.2

    තමන් හට කොපමණ තරම් වැඩ පල කරන්ට තිබෙනවාද කෙළි සෙල්ලමට තිබෙන කාලය කොපමණ අඩු දැයි නොකොඳුරා කල්පනාශීලීව සියල්ල හොඳින් ඉටු කර ගන්න. ඔබගේ කාලය යම් ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යෙදවීම මගින් ඔබ සාතන්ගේ පරීක්ෂාවන්ට දොර වසනු ඇත. යේසුස්වහන්සේ තමන් පිනවීමට ජීවත් නොවූ බැව් මතක තබා ගනිමින් ඔබද උන්වහන්සේ මෙන් වන්න. මෙම කරුණ ආගමික ප්‍රතිපත්තියක් සේ සලකා ඔබට පිහිට වීමට යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. මෙම දිශාවට ඔබ සිත යොමු කිරීම කරණ කොට ගෙන, ඔබ ගෘහ ‍කවය තුළ සියල්ල බලා හදා ගත්ත වුන්ව සිටියාක් මෙන්ම දෙවියන්වහන්සේගේ කාර්යයේදී ද එම බර උසුලන්නන් වීමට සූදානම් වන්නාහුය. එවිට අන්‍යයන් කෙරෙහි ඔබට හොඳ අනුබලයක් දැක් විය හැකි වන අතර ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ සේවයට දිනා ගැනීමටද හැකි වනු ඇත. AHS 106.3

    වත්මන් දානියෙල්ලා හට දෙවියන්වහන්සේගේ ත්‍යගය: දානියෙල් මෙන් අභිතව කටයුතු කරන පුරුෂයන්ගේ අවශ්‍යතාවයක් දැන් පැන නැගී ඇත. පිවිතුරු සිතක් හා ප්‍රබල, නිර්භීත හස්තයක් අද ලොවට අවශ්‍යව ඇත. මනුෂ්‍යා නිරතුරුව වැඩි දියුණු වෙමින් දිනපතා විශිෂ්ඨතාවයේ ඉනිමගෙහි පියවරක් ඉහළට යාමට දෙවියන්වහන්සේ‍ සැලසුම් කළ සේක. අප අපහටම උදව් උපකාර කර ගන්ට වෙහෙ‍සුනහොත් උන්වහන්සේ අපට සහය වනු ඇත.දෙලොවක අපගේ බලාපොරොත්තුව සහ සතුට රඳාපවත්නේ එක ලොවකදී අප ලබන අධ්‍යත්මික දියුණුව මතය. AHS 106.4

    ප්‍රේමනීය තරුණ තරුණියනි, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තුළින් ඔබට කළ හැකි කාර්යයක් සඳහා දෙවියන්වහන්සේ ඔබ කැඳවන සේක. “නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ, ශුද්ධ වූ දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට ඉල්ලා සිටිමි”. දෙවියන්වහන්සේගෙ‍්‍න් ලත් පුරුෂ භාවය සහ ස්ත්‍රී භාවය තුළ නැගී සිටින්න. දානියෙල්ගේ වින්දනයන්, රුචිකත්වයන් සහ පුරුදු වල පිවිතුරු කමට සමාන පිවිතුරු කමක් එම කාරණා වලදී පෙන්වා ලන්න. නිසල බව, සුපැහැදිලි මනස, නිවැරදි විනිශ්චය සහ තියුණු අවබෝධය ආදියෙන් දෙවියන්වහන්සේ ඔබට තිළිණ දෙවා වදාරනු ඇත. ස්ථිර, නොසැලෙන ප්‍රතිපත්තීන්ගෙන් යුතු වත්මන් තරුණ පෙළ කායික, මානසික සහ අධ්‍යාත්මික සුවයෙන් ආශීර්වාද ලබනු ඇත. AHS 107.1

    දැන් පටන් ගන්න: තරුණ පෙළ දැන් තම සදාකාල ඉරණම තීරණය කරමින් සිටිනා බැවින්, “තගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ තට දුන් දේශනයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස” යනුවෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවක් අනුයුක්ත කොට දී තිබෙන පනත සිතට ගන්නැයි මම ඔබගෙන් ඉල්ලා සිටිමි. දරුවනි, ඔබ සදාකාල ජීවනයට ආශා වන්නහුද? එසේ නම් ඔබේ දෙමාපියන් හට ගරු සැලකිලි දක්වන්න. ඔවුන්ගේ සිතට වේදනා දී ඔබ නිසා සාංකා වෙමින් රාත්‍රියේ නිදි නැතිව සිටීමට ඔවුනට සිදු නොකරන්න. ඔවුනට ප්‍රේමය සහ කීකරු කම නොදීමෙන් ඔබ පව් කොට තිබේ නම්, ඒ අතීත වැරදි හරි ගස්සා ගැනීමට දැන් සිට පටන් ගන්න. මේ හැර අන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමට ඔබට බැරිය. මන්ද විකල්පයක් ඔබගේ සදාකාල ජීවනය අහිමි කරවයි.AHS 107.2