Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 37—ගෘහ පාලනය

    මග පෙන්වන ප්‍රතිපත්තිය: දිව්‍ය පිහිට උපකාර හා මුසු වූ මානව ප්‍රයත්නයට හැකි අයුරින් තම දරුවන් චරිතයෙන් උපරිම පූර්ණත්වයට පත් කර ලීමට පිය වරුන් හා මව් වරුන් තම ජීවිත කාලය පුරා සැලකිලි මත්ව සිටිය යුතුය. ඔවුන් ලොවට දරුවන් බිහි කොට තිබෙනුයේ මෙම කාර්යයෙහි සියලු වැදගත් කම සහ වගකීම පිළිගනිමිනි.AHS 108.1

    අවශ්‍ය නීති රීති: සැම කිතුණු නිවසකම නීති රීති තිබිය යුතුය. දෙමාපියෝ එකිනෙකා කෙරෙහි ස්වකීය වචන සහ හැසිරීම තුළින්, තම දරුවන් හට අගනා සජීවී ආදර්ශයන් විය යුතු වෙති. ළමා වියේ සහ තරුණ වියේ දරුවන්ට ආත්ම ගරුත්වය ඇතිව සිටීමටත්, දෙවියන්වහන්සේට සහ ප්‍රතිපත්තියට සත්‍යවාදී වීමටත් උගන්වන්න. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ගරු කරමින් එයට කීකරු වීමට ඔවුන්ට උගන්වන්න. එවිට මෙම ප්‍රතිපත්තීන් ඔවුන්ගේ ජීවිත පාලනය කරන අතර අන්‍යයන් හා ඇසුරේදීද ඒවා ක්‍රියාත්මක කෙරෙනු ඇත.AHS 108.2

    දෙවියන්වහන්සේම පවුලේ සබඳතා පිහිටුවා වදාළ සේක. දරුවන් හසුරුවා ගැනීමේදී එකම මාර්ගෝපදේශකයා වනුයේ උන්වහන්සේගේ වචනයයි. දෙවියන්වහන්සේ දන්නා දේට වඩා දෙයක් මානව දර්ශනයෙන් සොයා ගෙන නැති අතර දරුවන් පිළිබඳව අප ස්වාමීන්වහන්සේ විසින් දෙන ලද සැලසුමට වඩා ණැනවත් සැලසුමක්ද සම්පාදනය කොට ඇත. දරුවාගේ මැවුම්කරුවාණන්ට වඩා ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ගැන ගැඹුරින් අවබෝධ කර ගන්ට හැකි වනුයේ වෙන කා හටද? ස්වකීය රුධිරය කරණ කොට ගෙන ඔවුන් මිලට ගත් තැනැන්වහන්සේ හැර ඔවුන් ගැන වඩාත් සැලකිලි මත් වන්ට හැකි වෙන කා ටහද? දෙවියන්වහන්සේගේ වචනය සැලකිලිමත්ව ඉගෙන ගෙන විශ්වාසවන්ත ලෙස ඊට කීකරු වී නම්, දුෂ්ඨ දරුවන්ගේ අනිසි හැසිරීම නිසා විඳින සිත් වේදනා අඩු වන්ට තිබිණි. AHS 108.3

    දරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන්න: ගරු කළ යුතු අයිතිවාසිකම් දරුවනට ඇති බැව් මතක තබා ගන්න. දෙමාපියන් විසින් පිළිගෙන ගරු කරනු ලැබිය යුතු යම් ඉල්ලීම් දරුවන්ට ඇත. ලෞකික සමාජයේ ප්‍රයෝජනවත්, ගෞරවනීය, ප්‍රියාදර සාමාජිකයන් වීමට සහ මතු ලොව පිවිතුරු, ශුද්ධ සමාජය සඳහා නිසි සදාචාරාත්මක හැඩ ගැස්මක් ලැබීමට සලසන මනා අධ්‍යාපනයක් සහ පුහුණුවක් සඳහා අයිතිවාසිකමක් ඔවුනට ඇත. තමන්ගේ වර්තමාන සහ අනාගත ශුභ සිද්ධිය ළමා වියේ සහ තරුණ වියේ ගති පුරුදු මත විශාල ලෙසින් රඳා පවත්නා බැව් බාලයන්ට ඉගැන්විය යුතු වේ. යටහත් කමට, ආත්ම පරිත්‍යාගයට සහ අන්‍යයන්ගේ සතුට සැලකීමට ඔවුන් මුල් අවධියේදීම පුරුදු විය යුතුය. හදිසි කෝපය යටපත් කර ගන්ටත්, චිත්තාවේගික වදන් නවතා ගන්ටත්, නො‍වෙනස්වන කරුණාව, ආචාරශීලී බව සහ ආත්ම දමනය දක්වා ලීමටත් ඉගැන්විය යුතුය.AHS 109.1

    අන්ධ සෙනෙහස මෙන්ම අනිසි තද බල පාලනයද හොඳ නැත: අප අන්ධ ලෙස දරුවන්ට සෙනෙහස නොදැක්විය යුතු අතරම අනිසි ලෙස ඔවුන් තද බල ලෙස පාලනය කළ යුතුද ‍නොවේ. දරුවන් ස්වාමින්වහන්සේ වෙත බලෙන් ගෙන ආ නොහැකිය. ඔවුන් හට මග පෙන්වා ගෙන ගිය හැකි මුත් යා යුතු තැනට එලවිය නොහැක. “මාගේ බැටළුවෝ මාගේ හඩට සවන්දෙති. මම ඔවුන් හඳුනමි. ඔවුහු මා අනුගමනය කරතියි” යි යේසුස්වහන්සේ පවසන සේක. මාගේ බැටළුවන් මාගේ හඬ අසන අතර ඔවුහු කීකරු කමේ මාර්ගයට බලෙන් ගෙන එනු ලබතියි උන්වහන්සේ නොපැවසූ සේක. දරුවන් පාලනය කිරීමෙහි ලා ප්‍රේමය පෙන්විය යුතුය. රළු පරුෂ කම හෝ අසාධාරණ ඉල්ලීම් මගින් දෙමාපියන් කිසි විටෙක දරුවන්ගේ සිත් නොරිදවිය යුතුය. දෙමාපියන්ගේ රළු පරුෂ කම දරුවන් සාතන්ගේ දැලට එලවා දමයි.AHS 109.2

    රළු පරුෂකම අවශ්‍ය නැත: කීකරු කම ඇති කිරීමට රළු පරුෂ වීම හා තද බල ලෙස ක්‍රියා කිරීම අවශ්‍ය වේ යැයි කිසිවෙකු නොසිතාවා. ඉතාමත්ම කාර්යක්ෂම පවුල් පාලනය එකදු රළු වචනයක් හෝ රළු බැල්මකින් තොරව පවත්වා ගනු ලබනවා මා දැක ඇත අධිකාරී බලය හඟවන හඩින් නිතර නියෝග දෙන, එමෙන්ම නිතර රළු පරුෂ බැණ වැදීම හා තද බල දඩුවම් දෙන පවුල් හා සමග මා කාළය ගත කර ඇත. යහපත් පාලනයන් ඇති පවුලේ පවුලේ දරුවෝ දෙමාපියන් අනුකරනය කළ අතර ඔවුන් එකිනෙකා අතර රළු පරුෂ වදනක් කියැවුනේ ඉතා කලාතුරකිනි. අයහපත් පාලනයක් තිබූ පවුල් වල දරුවන්ද තම දෙමාපියන් අනුකරණය කළ අතර උදේ සිට රෑ වන තුරු බැන ගැනීම්, වැරදි සෙවීම් සහ සන්ඩු සරුවල් අසන්ට ලැබිණි.AHS 109.3

    රළු වචන හා කෝපාවිෂ්ඨ වීම දරුවන්ගේ සිත් පාරන අතර ඇතැම් විට එම තුවාල සුව කිරීමට අපහසු විය හැකිය. දරුවෝ සුළු අසාධාරණයට පවා සංවේදී බවක් දක්වති. සමහරු ඒ යටතේ ‍අධෛර්යට පත්ව දෙමාපියන්ගේ කෝපාවිෂ්ඨ මොර දීම හා නියෝග මෙන්ම දඩුවම් පිළිබඳ තර්ජනද ගණන් නොගෙන සිටිති. AHS 110.1

    සුළු දේවල් ඉතා බරපතල ලෙස විවේචනය කිරීම අනතුරු දායකය. පමණට වඩා කටුක විවේචන, පමණට වඩා තද බල නීති රීති මගින් සියලු අණ පනත් නොසලකා හරින්ට යොමු කෙරෙවෙන අතර ක්‍රම ක්‍රමයෙන් මෙලෙස පුහුණු කෙරෙන දරුවෝ ක්‍රිස්ත්‍රස්වහන්සේගේ ව්‍යවස්ථාවන්ද එලෙසම ගණන් නොගෙන සිටින්ට පෙළඹෙති. AHS 110.2

    ඒකාකාර ස්ථිරතාවය, අචිත්තාවේගික පාලනය: දරුවනට සංවේදී ප්‍රේමාන්විත ගති පැවතුම් ඇත. ඔවුහු පහසුවෙන් සතුටට පත් වන අතර පහසුවෙන් අසතුටට පත් වෙති. කාරුණික වදන් හා කාරුණිකව සැලකීම තුළින් දෙන මෘදු හික්මවීම කරණ කොට ගෙන, මව්වරුන්ට තම දරුවන් තමන්ට බැඳ තබා ගත හැකිය. තද බල නීති රීති පනවමින් නිර්දය ලෙස දරුවන්ට නියෝග ආඥා කිරීම බලවත් වරදකි. සැම පවුලේම හික්මවීම සඳහා ඒකාකාර ස්ථිරතාවය සහ අචිත්තාවේගික පාලනය අවශ්‍ය වේ.ඔබ අදහස් කරන දේ සංසුන්ව පවසා සංසුන්ව පවසා, සැලකිලිමත් ලෙස ක්‍රියා කොට, තමන් පැවසූ දේ වෙනස් නොකොට ඉටු කරන්න.AHS 110.3

    ඔබගේ දරුවන් හා ඇසුරේදී සෙනෙහස පෙන්වා ලීම ඵලදායි වනු ඇත. ඔවුන්ගේ බොළඳ කෙළි සෙල්ලම්, දුක හා සතුට කෙරෙහි හැගීම් රහිතව සිටීම මගින් ඔවුන් ඈත් කර නොගන්න. ඔබ ඇසි බැම්මෙහි රවා බැල්මක් තිබෙන්ට හෝ මුවගින් රළු පරුෂ වදනක් පිටවන්ට හෝ ඉඩ නොතබන්න. දෙවියන්වහන‍්සේ මේ සියලු වදන් උන්වහන්සේගේ වාර්තා පොතේ ලියා තබන සේක. AHS 110.4

    පවුල් පාලනය තුළ විශාල හානියක් සිදු කරන අස්ථිරතාවය පවුලේ කිසිදු පාලනයක් නැතිවාක් මෙන් අනිසි ඵල ගෙන දෙයි. බැතිමත් දෙමාපියන්ගේ දරුවන් බොහෝ විට මුරණ්ඩු, ගරුසරු නැති, කැරලිකාර අයුරින් හැසිරෙන්නේ ඇයි දැයි නිතර අසනු ලැබේ. ඊට හේතුව ගෘහ පුහුණුව තුළ දැකිය හැකිය. බොහෝ විට තම පවුලේ පාලනය උදෙසා දෙමාපියෝ එක්ව ‍සහයෝගයෙන් කටයුතු නොකරති. AHS 110.5

    විටෙක තරයේ නීති පනවා සිටින, තවත් වරෙක කලින් එපා කී දේට ඉඩ හරින අස්ථිර පාලනයක් දරුවකුගේ විනාශයට හේතු වන්නේය. AHS 110.6

    දෙමාපියන්ට මෙන්ම දරුවන්ටද අදාළවන නීති රීති: දෙවියන්වහන්සේ අපගේ නීති සම්පාදකයාණන් සහ රජාණන් වන අතර, දෙමාපියන් උන්වහන්සේගේ පාලනයට අවනත විය යුතුය. උන්වහන්සේගේ පාලනය දෙමාපියන්ගේ දරඳඩු හික්වීමත් යුතුය. උන්වහන්සේගේ පාලනය දෙමාපියන්ගේ දරදඬු හික්මවීමත් දරුවන්ගේ අකීකරු කමත් යන කාරණා දෙකම තහනම් කරයි. ස්වාමීන්වහන්සේ ප්‍රේමාන්විත කරුණාවෙන්ද දයාවෙන් සහ සත්‍යයෙන්ද පූර්ණව සිටින සේක. උන්වහන්සේගේ ශුද්ධ, සාධාරණ, යහපත් ව්‍යවස්ථාවට දෙමාපියන් හා දරුවන් කීකරු විය යුතුය. AHS 110.7

    දෙමාපියන්ගේ හා දරුවන්ගේ ජීවිත හසුරුවා ලන නීති පනත් සදාතනික ප්‍රේමයේ හදවතකින් පැන නැගී එන අතර උන්වහන්සේගේ ව්‍යවස්ථාව තම නිවෙස්හි ක්‍රියාත්මක කරන දෙමාපියක් සහ එම ව්‍යවස්ථාව‍ට කීකරු වන දරුවන් මත දෙවියන්වහන්සේගේ සරු ආශීර්වාද ගලා එනු ඇත. කරුණාව සහ යුක්ති සාධාරණත්වයේ ඒකාබද්ධ අනුබලය හැගී යා යුතු වේ. “කරුණාවත් සැබෑ කමත් සම්මුඛ විය: ධර්මිෂ්ඨකමක් සමාදානයත් ඔවුනොවුන් සිප ගත්තහුය”. යුක්තිය සහ විනිශ්චය ඉට කර ලීමට ඉහත දැක්වෙන හික්මවීම යටතේ පවතින පවුල් ස්වාමීන්වහන්සේගේ මාර්ගයෙහි ගමන් කරනු ඇත. AHS 111.1