Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 38—එක්සත් පෙරමු‍ණක්

    දෙමාපියන් එක්ව කටයුතු කළ යුතුය: දෙමාපියන් ඒකකයක් ලෙසින් එක්ව කටයුතු කළ යුතු වේ. භේද වීමක් නොතිබිය යුතුය. එහෙත් බොහෝ දෙමාපියන් ප්‍රතිවිරුද්ධ අරමුණු ඇතිව ක්‍රියා කරනා බැවින්, අනිසි පාලනය කරණ කොට ගෙන, දරුවෝ නරක් වෙති.AHS 112.1

    මව සහ පියා අතර, එක් අයෙකු සියල්ලට ඉඩ දෙන අතර අනිකා පමණට වඩා නීති පනවනු ඇතැම් විට දැකිය හැකිය. මෙම විෂමතාවය ඔවුන්ගේ දරුවන්ගේ චරිත වර්ධනයෙහි ලා යහපත් එල නෙළා ගැනීමට හරස් වන්නේය. ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමේදී කිසිදු දරදඬු බලපෑමක් නොදැක්විය යුතු අතරම දුබල ලෙස සියල්ලට ඉඩ හැර සිටීමද නොකළ යුතුය. දරුවන්ගේ වැරදි පියාට වසන් කර තැබීම‍ හෝ පියා එපා කී දේවල් කිරීමට දරුවන්ට අනුබල දීම හෝ මව නොකළ යුතුය. පියාගේ හික්මවීම පිළිබඳව මව දරුවන් තුළ බිඳක් හෝ සැකයක් ඇති නොකළ යුතුය. ඇය තම ක්‍රියා පිළිවෙල මගින් පියාගේ කාර්යයට පටහැනි වන සේ කටයුතු නොකළ යුතුය. AHS 112.2

    පියවරුන් හා මව් වරුන් භේද බින්නව, දරු පවුල කෙරෙහි එකිනෙකාගේ අනුබලය මැඩ ලන්ට වෙහෙස ගත හොත්, පවුලේ විනය පිරිහී යන අතර යහපත් ලෙස පාලනය වන පවුලකට අවශ්‍ය වන දාරක ගෞරවය හා විශ්වාසය පියාට හෝ මවට නොලැබී යයි. නිවසට නීති රීති වලට විශේෂයෙන්ම දරුවන්ගේ ක්‍රියා කලාපයන්ට තහංචි සීමා පනවන නීති රීති වලට එරෙහිව පැවසෙන යමක් ග්‍රහනය කර ගන්ට දරුවෝ පමා නොවෙති. AHS 112.3

    මුලාවේ පාඩම: ළමුන් සුරතල් කරන ඇතැම් මව් වරුන් තම දරුවන්ගේ වැරදි ගණන් නොගෙන සිටිනා මුත් එවැන්නකට දරුවන් තුළ මොහොතකටවත් ඉඩ දිය යුතු නැත. සමහර විට දරුවන්ගේ වැරදි පියාට වසංකරනු ලැබේ. දරුවන්හට ඇතැම් ඇඳුම් පැළඳුම් සහ වෙනත් දේට මව ඉඩ දෙනුයේ පියා ඒ ගැන කිසිත් දැන නොගනීවියි සිතමිනි. මන්ද එවැනි දේ ගැන ඔහු තරවටු කරනු ඇත.AHS 113.1

    මෙහිදී මුලාවේ පාඩමක් ඉතා කදිමට දරුවන් හට ඉගැන්වෙයි. එවිට පියා මේ ගැන දැන ගත හොත්, සමාවට කරුණු ඉදිරිපත් කෙරෙන මුත් පැවසෙනුයේ සත්‍යයෙන් අඩකි. මව විවෘත සිතකින් යුතු නොවන්නීය. තමා තරමටම පියාද දරුවන් කෙරෙහි උනන්දුවක් දක්වන බැව්ද දරුවන් කුඩා කල නිවැරදි කළ යුතු වැරදි හෝ නොමග යාම් ගැන පියාට නොදන්වා නොසිටිය යුතු බැව්ද මව කල්පනා නොකරන්නීය. කාරණා වසන් කොට තිබේ. තම දෙමාපියන් තුළ එකමුතු කම මදි බව දරුවන් දන්නා අතර එහි ප්‍රතිඵල දරුවන් තුළ දක්නට ලැබෙනු ඇත. දරුවෝද තම මවට සහ පියාට කරුණු විකෘති කර කීමට, මුලා කිරීමට, වසන් කිරීමට බාල වියේ සිටම උගනිති. යමක් දෙගුණ තෙගුණ කර පැවසීම ඔවුනට පුරුද්දක් වන අතර සිතට බිඳකුදු දොස් පැවරීමකින් තොරව අමූලික බොරු ඔවුන් පවසනු ඇත. AHS 113.2

    දරුවන්ගේ චරිත වර්ධනයෙහි ලා සැම වගකීමක් ඇති පියාට කරුණු වසංකිරීමෙන් මව පටන් ‍ගන්නා මෙම වැරදි ක්‍රියා කලාපය තවත් වැඩි දියුණු වෙයි. සියල්ල පියා හට නිදහසේ නොසඟවා පැවසිය යුතුව තිබිණි. සියල්ල ඔහුට භාර දිය යුතුව තිබිණි. එහෙත් දරුවන්ගේ අගුණ වසංකිරීමට ගන්නා ලද වැරදි ක්‍රියා මාර්ගය දරුවන් තුළ රැවටීම, වංචාකාරී වීම සහ සත්‍යවාදී අවංක කමින් හීන වීම දිරි ගන්වයි. AHS 113.3

    තම දරුවන් පාලනය කිරීමේදී එක්ව ක්‍රියා කිරීමට ක්‍රිස්තියානි දෙමාපියනන් හට සැම විටම ස්ථිර ප්‍රතිපත්තියක් තිබිය යුතුය. මෙහිදී ඇතැම් දෙමාපියන් තුළ යම් දොසක් පවතී. එනම් එකමුතු කම මදි කමය. ඇතැම් විට මෙම වරද පියා අතින් සිදුවන්නක් වුවද බොහෝ විට එය සිදුවන්නේ මවගෙනි. බොළඳ මව තම දරුවන් සුරතල් කරමින් ඔවුන් සිතන පතන සැම දෙයක්ම ලැබ දෙන්නීය. පියාගේ වැඩ කටයුතු නිසා හෙතෙම බොහෝ විට නිවසින්ද තම දරුවන් හා ඇසුරින්ද බැහැරව සිටියි. එහෙයින් දරුවන් කෙරෙහි මවගේ අනුබලය ඉතා ප්‍රබලය. දරුවන්ගේ චරිත වර්ධනයට ඇයගේ ආදර්ශය බෙහෙවින් ඉවහල් වෙයි. AHS 113.4

    දරුවන් ව්‍යාකූල කිරීම: පවුල් නැමැති සමාගම මනාව සංවිධානය විය යුතුය. මව සහ පියා එක්ව තම වගකීම් සලකා බලා, මනා අවබෝධයකින් යුතුව සිය කාර්යයන් භාර ගත යුතුය. කිසිදු භේදවීමක් නොතිබිය යුතුවේ. මව සහ පියා දරුවන් සිටිනා තැනදී එකිනෙකාගේ සැලසුම් හා තීරණයන් කිසි දිනක විවේචනය නොකල යුතුය.AHS 113.5

    දෙමාපියන් ‍එකිනෙකා සමග එකග නොවේ නම්, යම් එකඟ තාවයකට පැමිණෙන තුරු ඔවුන් දරුවන් සිටිනා තැනින් ඉවත්ව සිටීවා.AHS 114.1

    බොහෝ අවස්ථාවලදී දෙමාපියෝ තම පවුල් පාලනයේදී එක මතය නොදරති. දරුවන් සමග අඩුවෙන් කාලය ගත කරනා එමෙන්ම ඔවුන්ගේ ශුවිශේෂ ගති පැවතුම් හා සිතුම් පැතුම් ගැන එතරම් අවබෝධයක් නොමැති පියා රළු පරුෂ හා තද බල තීරණ ගන්නට පෙළඹෙයි. හෙතෙම තම කෝපය මැඩ පවත්වා නොගෙන කේන්තියෙන් යුතුව දරුවන්ට තරවටු කරයි. මේ බව දන්නා දරුවා යටත් වනු වෙනුවට, ඔහු ලද දඩුවම නිසා ඔහු තුළද කෝපයක් ඇතිකර ගනියි. මව ඇතැම් අවස්ථාවලදී දරුවන්ගේ නොමනා හැසිරීම් ඉවසන මුත් තවත් අවස්ථා වලදී එම වැරදි දැක තද බල දඩුවම් දෙන්නීය. මින් ව්‍යාකූලත්වයට පත් වන දරුවෝ තමන්ට කුමක් ලැබේදැයි නොදන්නා අතර දඩුවම් නොලබා තමන්ට කොපමණ දුරට වැරදි කිරීමට හැකිවේ දැයි බැලීමට පෙළඹෙති. මෙලෙස පැලවී අහිතකර ඵල දරන්ට බීජ වපුරනු ලැබේ. AHS 114.2

    හික්මවීමෙහි ලා මෙම කාර්යයේදී දෙමාපියන් එක්ව ක්‍රියා කරයි නම්, තමන්ගෙන් කුමක් අපේක්ෂා කෙරේදැයි දරුවා වටහා ගනු ඇත. එහෙත් දරුවා හට මව දෙන හික්මවීම තමන් අනුමත නොකරන බැව් පියා වචනයෙන් හෝ බැල්මෙන් හඟවයි නම්, ඇය දරුවාට තද පරුෂ ලෙස සලකනවා යැයි සිතා ඒ වෙනුවට ඔහු සුරතල් කරමින් ඔහු ඉල්ලන සෑම දේම දීමට පියා පෙළඹෙයි නම්, ඒ දරුවා විනාශ වනු ‍ඇත. තමන්ට ඕනෑ ලෙසින් කටයුතු කරන්ට තමාට හැකි බැව් දරුවා ඉතා ඉක්මනින් තේරුම් ගනු ඇත. තම දරුවන්ට එරෙහිව මෙම පාපය කරනා දෙමාපියෝ ඒ දරුවන්ගේ විනාශය ගැන වගකිව යුතු වෙති. AHS 114.3

    බොහෝ යැදුම් හා සන්සුන් පැවැත්ම: සිත හා ගති පැවතුම දේව කැමැත්තට එකඟ නොවේ නම් පවුල් කවය තුළ පවා සෙනෙහස කල් පැවතිය නොහැක. සියලු හැකියාවන් හා හැඟීම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ චරිත ලක්ෂණයන්ට සම වන සේ වැඩි දියුණු කර ගත යුතුය. නිවසේ පාලනය උදෙසා මව සහ පියා දේව ප්‍රේමය සහ භය භක්තිය තුළ එක් වුව හොත්, බොහෝ යැදුම් සහ සන්සුන් පැවැත්මෙහි අවශ්‍ය තාවය ඔවුනට පෙනී යනු ඇත. ඔවුන් දෙවියන් යදිනා කල, අදහිල්ලේ යැදුමට පිළිතුරු ලෙස ඔවුන් ආරක්ෂා කිරීමට ස්වර්ගීය දූතයන් පැමිණ සිටිනා බැව් දැකීමට ඔවුන්ගේ දෑස් විවෘත කෙරෙනු ඇත. ඔවුන් තම චරිතයේ දුබල කම් ජය ගෙන පූර්ණත්වය කරා යනු ඇත.AHS 114.4

    ප්‍රේමයේ සේද දාමය: අම්මේ, තාත්තේ, ඔබ හදවත් ඉතාම සමීප ප්‍රීතිමත් බන්ධනය තුළ බැඳ තබා ගන්න. දුරස්තර නොවී ඔබ එකිනෙකා වෙත වඩාත් ළංවන අයුරින් බැඳී සිටින්න. එවිට ඔබ දරුවන්ගේ හදවත් ප්‍රේමයේ සේද දාමයෙන් තමන් වෙත බැඳ තබා ගන්ට ඔබ සූදානම් ව සිටින්නහුය.AHS 114.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents