Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 42—වයස් ගත වූ දෙමාපියෝ

    “තාගේ පියාට සහ මවට ගරු කරන්න”: දමව්පියන් හට ගරු කිරීමට දරුවන් මත පවතින යුතුකම යාවජීව එකකි. දෙමාපියන් දුබලව වයස්ගතව සිටීනම්, දරුවන්‍‍‍ගේ සෙනෙහස සහ අවධානය පියාගේත් මවගේත් අවශ්‍යතාවයන්ට සමානුපාතික විය යුතුය. ආත්ම පරිත්‍යාගික වීමට සිදු වුවද දෙමව්පියන්ගේ මනසින් සියලු සංකා වියවුල් දුරුව යන පිණිස දරුවන් තම ක්‍රියා මාර්ගය උතුම් හා අධිෂ්ඨාන පූර්වක ලෙසින් හැඩගස්වා ගත යුතුය.AHS 127.1

    පියාට හා මවට මෘදු ලෙස සැලකීමට දරුවන් හට ඉගැන්විය යුතු වේ. දරුවනි, ඔබම ඔවුනට සලකන්න. මන්ද ඔවුනගේ අනුමැතිය ලබන ඔබගේ සුළු කාරුණික ක්‍රියාවන් ඉටු කිරීමට වෙනත් කිසිදු අතකට නොහැකිය. කරුණාවේ බීජ වපුරා ලීමට ඔබටැති අගනා අවස්ථාව වැඩිදියුණු කර ගන්න. AHS 127.2

    හොඳම වාතාවරණයකදී පවා වයස්ගතව දෙමාපියන්ට සතුට හා සුව පහසුව ලැබිය හැකි වනුයේ ‍ඉතා අල්ප වශයෙන් බැව් දරුවන් ඉතා සැලකිලිමත් කමින් මතක තබා ගනීවා. දරුවන්ගේ නොසැලකීම දක්වාලනවාට වඩා දෙමව්පියන්ගේ සිතට වේදනා දිය හැකි වෙනත් දෙයක් වේද? වයස් ගත මවකට, පියෙකු හට සෝ තැවුල් ගෙන දෙනවාට වඩා විශාල වෙත් පාපයක් දරුවන් තුල වේද?AHS 127.3

    මග සුමට කරන්න: දරුවන් වැඩී උස් මහත් වූ කල, තම දෙමව්පියන්ට ඉන්ට හිටින්ට තැනැක් සපයා දීමෙන් තමන්‍ගේ යුතුකම ඉටුවේ යැයි සමහරෙක් සිතති. කෑම බීම හා ඉඳුම් හිටුම් සපයා දෙන මෙම දරුවෝ ඔවුනට කිසිදු ප්‍රේමයක් හෝ දයානුකම්පාවක් නොදක්වති. දෙමාපියන්ගේ මහළු වයසේදී දරුවන්ගෙන් සෙනෙහස හා දයානුකම්පාව ලැබීමට ඔවුන් ආශා වන විට, දරුවෝ සිත් පිත් නැති සෙයින් තම අවධානය ඔවුන්ට යොමු නොකොට සිටිති. දරුවන් තම මවට හා පියාට දැක්විය යුතු ගෞරවය හා ප්‍රේමය කිසි විටෙකත් වලකා නොගත යුතුය. දෙමාපියන් ජීවත්ව සිටියදී ඔවුන්ට ගරු සම්මාන දැක්වීම දරුවන්ගේ සතුට විය යුතු වේ. ඔවුන් තමන්ට හැකි අයුරින් තම දෙමාපියන් සතුටින් තැබිය යුතුය. ඔවුන් තම දෙමාපියන්ගේ සොහොනට යන මාවත සුමට කළ යුතුය. දරුවකු තම දෙමාපියන්ට ගරු කිරීම තරම් යහපත් රෙකමදාරුවක් මෙලොව තවත් නැත. ඔහු තම මවට හා පියාට ප්‍රේම කොට ගෞරව සම්මාන දැක්වී යයි සඳහන් වනවාට වඩා හොඳ තවත් වාර්තාවක් ස්වර්ගයේ පොත්වල නොමැත.AHS 127.4

    නිගරු කිරීම ගැන ඇතුම් දෙමාපියෝ වගකිව යුතු වෙති: සුළු කොට හා රළු පරුෂ ලෙස කථා කරන්ට ඉඩ හරිමින්, කුඩා කලදීම තමන්ට ගරු සරු කමක් නොපෙන්වීමට දෙමාපියන් තම දරුවන්ට ඉඩ දුන් කල, පසු කලෙක භයානක ප්‍රතිඵල නෙළා ගැනීමට සිදුවනු ඇත. ක්ෂණික හා පූර්ණ කීකරු කම දරුවන්ගෙන් ලබා ගැනීමට දෙමාපියන් අසමත් වන කල්හි ඔවුහු තම කුඩා දරුවන් තුළ නිසි හැඩගැස්මට පදනම දැමීමට අසමත් වෙති. ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය දරුවන්ගේ සිත් වෙනස් කොට ඔවුන්ගේ ගති පැවතුම් යහමගට යොමු කළ හොත් මිස, මෙවන් දෙමාපියෝ මහළු වියේදී තමනට නිගරු ගෙන දීමටත්, මරණාසන්න කාලයේදී තම සිතට වේදනා ගෙන දීමටත් තමන්ගේ දරුවන් පුහුණු කරවති.AHS 128.1

    දරුවන්ගේ ළමා කාලයේදී ඔවුන්ට දරදඬු අයුරින් සැලකී යැයි ඔවුන් සිතයි නම්, අනුග්‍රහය සහ කිතු සමිඳුන් ගැන දැන ගැන්ම තුළ වැඩෙන්ට එම මතකය ඔවුන්ට ඉවහල් වේද? එම මතකය ඔවුන්ට උන්වහන්සේගේ පිළිරුව පිළිබිඹු කිරීමට සහය වේද? එසේත් නැති නම්, තම දෙමාපියන් මහළුව, දුබලව සිටින කල දෙමව්පියන්ගෙන් පළි ගැනීමට එම මතකය ඔවුන් පොළඹවයිද? දෙමාපියන්ගේ අසරණ කම දරුවන්ගේ ප්‍රේමය අයැද නොසිටිද? වයස්ගත මව සහ පියාගේ අවශ්‍යතාවයන් දරුවන්ගේ හද තුළ කුළුණු බර උතුම් හැගීම් ඔකඳ නොකරයිද? ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය තුළින් දෙමාපියන් ඔවුන්ගේ දූ දරුවන් විසින් කාරුණික අවධානය සහ ගරු සත්කාර සමගින් සලකනු නොලබත්ද? අහෝ, මව සහ පියා එරෙහිව සිත වානේ මෙන් තද නොවේවා!. AHS 128.2

    කිසිදු පළි ගැනීමක් නොදක්වන්න: “මම සැම විටම මගේ මවට ‍ද්වේශ කළෙමි. ම‍ගේ මවද මට ද්වේශ කළාය” යනුවෙන් යමෙකු තම මව ගැන පවසා ඇත. සෑම අයෙකුම තම ක්‍රියා අනුව ප්‍රතිවිපාක දෙනු ලබන විනිශ්චයේ දවසේදී විවෘත කොට එළිදක්වනු පිණිස මෙම වචන ස්වර්ගීය පොත් වල ලේඛණගතව තිබේ.AHS 128.3

    දුබලකම් ගැන ඉවසිලිමත් වන්න: ජීවිතයේ දෙවන ළමා විය සමග පැමිණෙන ගති පැවතුමෙහි දුබල කම් සහිතව, මහඵව බෙලහීනව සිටින මවක දෙස ද්වේශ සහගතව බලන දරුවෙකුගේ සිතිවිලි බෙහෙවින් බියකරුය. එවැනි මවක ගැන දරුවන් කෙතරම් ඉවසිලිවන්තව, මෘදු ලෙස දරා ගත යුතු වේද! සිත කුපිත නොකරන මෘදු වදන් පැවසිය යුතු වේ. කවර විටකදී වුව අකරුණාවන්ත නොවන සැබෑ කිතුණුවෙකු “තාගේ මවට සහ පියාට ගෞරව කරන්න” යනුවෙන් දී තිබෙන නියෝගයට අනුව ක්‍රියා කරනු ඇත. AHS 128.4

    ප්‍රීතිමත් යහපත් අවස්ථාවක්:දෙමාපියන්ගේ සුව පහසුව පිණිස දරුවන් ඇප උපස්ථාන කළා යැයි කියන සිතිවිල්ල ඔවුන් ජීවත් වන තුරා සිතට සැනසීම ගෙන දෙන අතර, ඔවුන්ද තම දරුවන්ගේ දයානුකම්පාව සහ ප්‍රේමය පතන කාලයේදී එම සිතුවිල්ල ඔවුනට වෙසෙසින් සතුට ගෙන දෙනු ඇත. ප්‍රේමයෙන් සිත පිරී සිටින්නෝ මරණය වෙත ළඟා වන තම දෙමාපියන්ගේ මාවත සුමට කිරීමට තමනට ලැබුණ අවස්ථාව අගය කළ නොහැකි තරම් වටිනා භාග්‍යයක්සේ සලකනු ඇත්තාහ. තම ප්‍රියාදර දෙමපියන්ගේ ජීවිත‍‍යේ අවසාන දවස් වලට සමාදානය සහ සුව පහසුව ගෙන දීමට තමන් පංගුකාර වීම ගැන ඔවුන් සතුටු වනු ඇත. මෙයට වඩා වෙනස් ආකාරයට ක්‍රියා කිරීම සහ දූ පුතුන්ගේ කාරුණික ඇප උපස්ථාන වයස්ගතව අසරණවී සිටින දෙමාපියන්ට නොකර සිටීම ආදිය දකින අපගේ හදවත් ගල්වී නැති නම්, ඒවා දුකින්ද පසුතැවීමෙන්ද පිරෙනු ඇත.AHS 129.1