Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 46—මුදල් පිළිබඳව දරුවන්ට උපදෙස් දීම

    දිනපතා චාම් පුරුදු උගන්වන්න: දෙමාපියන් තම දරුවන් හදා වඩා ආත්ම දමනයේද ආත්ම පරිත්‍යාගයේද පුරුදු තුළ ඔවුන් පුහුණු කළ යුතු වේ. දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීමටත් යේසුස්වහන්සේට සේවය කිරීමේ අරමුණින් ජීවත් වීමටත් දරුවන්ට තිබෙන යුතුකම දෙමාපියන් සැම විටම දරුවන් ඉදිරියෙහි තැබිය යුතුය. තම දෛණික දිවියේදී චාම් පුරුදු අනුව ජීවත් වීමේ අවශ්‍යතාවය හැගීයන ලෙසත් අධික මිල වැය වන ඇඳුම් පැළඳුම්, මිල අධික ආහාර පාන, මිල අධික ගෙවල් දොරවල් සහ මිල අධික ගෘහ භාණ්ඩ ආදිය මග හැර සිටීමටත් ඔවුහු තම දරුවනට ඉගැන්විය යුතු වෙති.AHS 139.1

    කුඩා වයසේදීම දරුවන්ට කියවන්ට, ලියන්ට, ඉලක්කම් වටහා ගන්ට සහ තමන්ගේ විය හියදම් ගැන දැනීමක් ඇතිව සිටින්ට ඉගැන්විය යුතුය. මෙම දැනුම තුළ පියවරෙන් පියවර ඉදිරියට පා තබමින් ඔවුන් ඉදිරියට යනු ඇත. එහෙත් ඒ සැම දෙයකටම පෙර ස්වාමීන්වහන්සේට භය වීම ප්‍රඥාවේ ආරම්භය බැව් ඔවුන්ට ඉගැන්විය යුතුය. AHS 139.2

    යොවුන් පෙළ සැලකිලිමත් විය යුතුය: මුදල් භාවිතය සම්බන්ධව වැරදි මත තුළින් ‍යොවුන් පෙළ බොහෝ අනතුරු වලට නිරාවරණය වෙති. තමන් සිතන පතන සැම දේ මිලට ගනු පිණිස නිම නොවන මුදල් ප්‍රවාහයකින් රිසි සේ ලැබ ගන්ට හැකිවන්නාක් මෙන් හැ‍ඟෙන පරිදි ඔවුන්ට මුදල් සපයා නොදිය යුතුය. මුදල් දෙවියන්වහන්සේගේ කාර්යය ඉටු කිරීමට හා උන්වහන්සේගේ රාජ්‍යය ගොඩ නැගීමට දෙවියන්වහන්සේගෙන් අපට ලැබුණ ත්‍යාගයක් සේ සැලකිය යුතු අතර දරුවන් තම ආශාවන් සීමා කර ගැනීමට උගත යුතුය.AHS 139.3

    මුදල් වටිනාකම පිළිබඳ පාඩම උගන්වන්න: දරුවන් අතට ඔවුන්ගේ වෙහෙසක්, ඉපයීමත් නැතිව නිදහසේ ලැබෙන මුදල් අගය නොකෙරේ. සමහරුන්ට මුදල් උපයා ගන්ට සිදුවන්නේ දැඩි වෙහෙස මහන්සියෙනි. එහෙත් වියදමට මුදල් ලැබෙනුයේ කොතැන්හිද තම ඇඳුම් පැළඳුම් ආහාර පාන වලට කෙතරම් මිල වැය වේද නිවසක් මිලට ගැනීමට කෙතරම් මුදලක් අවශ්‍යවේ දැයි දන්නා දරුවන් කොපමණ ආරක්ෂා සහිත වේද? AHS 139.4

    තම වෙහෙසෙන් මුදල් උපයා ඉන් තමන් උදෙසා ස්වකීය ජීවිතය පුද කර වදාළ යේසුස්වහන්සේට ස්තුති දීමනා ගෙන ඒම තුළින් තම කොටස ඉටු කිරීමට බොහෝ ක්‍රම ඇත. ඔවුන් උපයන මුදල ඔවුන්ගේ අත් දැකීමෙන් තොර සිත් වලට හැ‍ඟෙන අයුරු වියදම් නොකළ යුතු බවත් සිහි බුද්ධියෙන් යුතුව එය වැය කරමින් ධර්ම ප්‍රචාරක සේවාවන්ටද දිය යුතු බවත් ඔවුනට ඉගැන්විය යුතුය. තමන්ට අයත් නොවන මුදල් පියාගෙන් හෝ මවගෙන් ඉල්ලාගෙන සම්මාදම් වශයෙන් දීමෙන් ඔවුන් සෑහීමට පත් නොවිය යුතුය. “මට අයිති නැති දෙයක් ගෙන සම්මාදම් වශයෙන් දෙන්ට මට පුළුවන් දැයි” ඔවුන් තමන්ගෙන්ම ඇසිය යුතුය.AHS 140.1

    නිෂ්ඵල සුළු සුළු දේ මිලට ගැනීමට තම දෑතින්‍ බොහෝ මුදල් වැය කරන දරුවන්ට එම නිෂ්පල දේවල් ප්‍රතික්ෂේප කිරීම මගින් ක්‍රිස්තුස්වහන්සේට තම ප්‍රේමය දැක්වීමට ඉගෙන ගත හැකිය. මෙය සැම පවුලකම කළ යුතු වේ. ඊට උපායශීලිව ක්‍රියා කිරීම අවශ්‍යවන මුත් එය දරුවන් ලබන හොඳම අධ්‍යාපනය වන්නේය. සියලුම කුඩා දරුවන් තම සම්මාදම් ස්වාමින්වහන්සේට පුද කළ හොත් කුඩා දිය පාරවල් මෙන් වන්නා වූ ඔවුන්‍ගේ ත්‍යාගයන් එකතුවී විශාල සම්මාදම් ගංගාවක් ගලා යනු ඇත. AHS 140.2

    දරුවන්ට දෙමාපියන්ගේ හොඳම උරුමය: දෙමාපියන් තම දරුවන්ට උරුම කර දිය හැකි හොඳම බූදලය වන්නේ ප්‍රයෝජනවත් ශ්‍රමය පිළිබඳ දැනීම සහ පරාර්ථකාමී ශුභ සිද්ධිය පෙරදැරි කොට ගත් ජීවිතාදර්ශයකි. එවන් ජීවිතයක් කරණ කොට ගෙන, මුදල් වල සැබෑ වටිනා කම පෙන්වා දෙන අතර, එය අගය කළ හැකි වනුයේ ‍තමන්ගේද අන්‍යයන්ගේද උවමනාවන් පිරිමසා ගැනීමටත්, දෙවියන්වහන්සේගේ කාර්යය පෙරට ගෙන යාමටත් එම මුදලින් ඉටු කෙරෙන යහපත අනුව බැව් ඔවුහු පෙන්වා දෙති.AHS 140.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents