Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 48—අනාගතයට සූදානම

    මෙම ‍උපදෙස ඔබට ප්‍රයෝජනවත් විය හැකිය: සමහර අවස්ථා වලදී හදිසියේ විශාල ලාභ අත් කර දෙන ව්‍යාපාරයක ඔබ නිරතව සිටින්නෙහිය. ලාභ ලබා ගත් විට, එතරම් පහසුවෙන් ලාබ ලැබිය නොහැකි කාලයකට ඉතිරි කර ගන්ට ඔබ මුදල් අර පිරිස්සම් කර ගැනීමට කල්පනා නොකොට, බෙහෙවින් තම සිතුම් පැතුම් සඳහා වැය කොට ඇත. ඔබගේ රුචිකත්වයන් හා ආශාවන් පසෙකට ලා අද කා බී සිටිනවා වෙනුවට අනාගතය සඳහා යමක් ඉතිරි කර ගැනීම දෙවියන්වහන්සේ ඔබට පවරා ඇති වගකීමක් ලෙස ඔබත් ඔබ බිරිඳක් වටහා ගත්තා නම්, දැන් ඔබට සෑහෙන ධනයක් ද ඔබගේ පවුල‍ට ජීවිතයේ සැප පහසුකම්ද තිබෙන්නට තිබිණි. ඔබට ඉගෙනගැනීමට පාඩමක් ඇත. එම පාඩම ස්වල්පයකින් පිරිමසා ගෙන බොහෝ දේ කරගැනීමය.AHS 143.1

    ක්‍රමානුකූලව ඉතිරි කරන්න: ඔබ යුතු ලෙස සැකසුරුවමින් කටයුතු කෙලෙහි නම්, හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමටත් දෙවියන්වහන්සේ‍ගේ කාර්යයට උපකාර කිරීමටත් ඔබට මිල මුදල් තිබෙන්නට තිබිණි. සෑම සතියකදීම ඔබගේ ආදායමින් කොටසක් වෙන්කොට තැබිය යුතු වන අතර සැබෑ ඕනෑකමක් උද්ගතවුවහොත් හෝ දෙවියන්වහන්සේට සම්මාදන් වශයෙන් දීමට හෝ හැර එම මුදල් වලට කිසිසේත් අත තැබිය යුතු නොවේ.AHS 143.2

    ඔබ රෝගාතුරවුවහොත් එවිට ඔබ උපයා ගෙනෙ‍න මුදල් පවුලට නොලැබෙන නිසා එවැනි අවස්ථාවකදී භාවිතයට ගනු පිණිස ඉතිරි කර ගන්නට හැකි වනසේ ඔබ ඉපැයූ මුදල් නුවණැතිව හා සකසුරුවම් කමින් වියදම් කොට නැත. ඔබ යම් දුෂ්කරතාවයකට පත්වුවහොත් එවැනි අවස්ථාවකදී නඩත්තු වීමට ඔබගේ පවුලට යම් මුදලක් තිබිය යුතුය. AHS 143.3

    ඉතිරි කිරීමේ ගිණුමක සම්බන්ධව උපදෙස්: අසනීප වූ විටකදී හැර භාවිතයට නොගනු පිණිස සෑම සතියකදීම ඔබ යම් මුදලක් පරිස්සම් ඇති තැනක තැබිය යුතුය. අරපරිස්සමින් කටයුතු කොට ඔබට යමක් ඉතිරි කල හැකිය. නැණවත්ව මුදල් පාලනය කිරීම මගින් ඔබට ණය තුරුස් ගෙවා දැමූ පසු යමක් ඉතිරිකර ගත හැකිය. AHS 144.1

    දෙවියන්වහන්සේගේ කාර්යයන් මතක තබා ගන්න: ජීවිත කාලය පුරා වස්තුව එක් රැස් කොට මරණ මොහොතේදී ඉන් කොටසක් යම් යහපත් අරමුණක් උදෙසා පරිත්‍යාග කිරීම මගින් තමාට ක්‍රිස්තුස්වහන්සේ‍ගේ අනුමැතිය ලැ‍බේ යයි කිසිවකු නොසිතාවා. AHS 144.2

    අන්තිම කැමැත්ත: හොඳ ‍සෞඛ්‍යයෙන් සිටිනා කල්හි තම අන්තිම කැමැත්ත ලියා තැබීමට බොහෝ දෙන පුරුදුව නොසිටිති. එහෙත් මෙම පූර්වෝපාය ක්‍රියාත්මක කල යුතුව ඇත. ඔවුන් තම මුදල් තත්ත්වය දැන සිටිය යුතු වන අතර තම ව්‍යාපාර කටයුතු අවුල් වී යාමට ඉඩ නොතැබිය යුතුය. ඕනෑම වේලාවක තම දේපල වස්තුව හැර දමා යාමට හැකි වන ලෙස ඔවුන් එම කටයුතු පිලියෙල කොට තැබිය යුතුය. AHS 144.3

    නීතියේ පරීක්ෂණයට ඔරොත්තු දිය හැකි වන අයුරින් අන්තිම කැමති පත්‍ර පිළියෙල කළ යුතු වේ. අන්තිම කැමති පත්‍ර නිසි ‍සේ පිළියෙල කළ විට වසර ගණන් ඒවා ප්‍රශ්න උද්ගත නොකොට පවතිනු ඇත. AHS 144.4

    එක් රැස් කල වස්තුවේ ශාපය: වස්තුව ගොඩ ගසා ගැනීමේ අරමුණ ඇතිව එය එක් රැස් කල මනුෂ්‍යයෝ වස්තුවේ ශාපය තම දරුවන්ට පවරා මිය යති. මව් පියන් මෙසේ කිරීම ඔවුන්ට බියකරු, ආත්ම විනාශක පාපයක් වන අතර එම පාපය ඔවුන්ගේ දරු මුණුබුරන් වෙතද පැතිර යයි. බොහෝ විට දරුවෝ දෙමාපියන්ගේ වස්තුව අනුවණ, සුඛෝපභෝගී පෙරළිකාර ජීවිතයකට වැය කොට අවසානයේදී හිඟන්නන් වෙති. ඔවුන් නිකරුනේ වැය කළ තම උරුමයේ වටිනාකම නොදනිති. ඔවුන්ගේ දෙමාපියන් නිසි ආදර්ශයක් දෙමින්, වස්තුව ගොඩ නොගසා ගෙන නිසි සේ බෙදා දුන්නේ නම්, තමන්හට ස්වර්ගයේ වස්තු රැස්කර ගැනීමට ද මෙලොව ජීවි‍තයේදී සමාදානය සහ ප්‍රීතියත් මතු ජීවිතයේදී සදාකාල ජීවනයත් ඔවුන්ට ලැබ ගන්ටද තිබිණි. AHS 144.5