Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 50—ආචාරශීලීකම සහ කරුණාව

    ආචාරශීලීකම ජීවිතයේ ප්‍රශ්න අඩකින් කපා හරියි: “සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට සෙනෙහස දක්වන්න” යි කෙරෙන අනුශාසනාවෙන් අවධාරණය කෙරෙන ප්‍රතිපත්තිය පවුලේ සතුටෙහි පදනම වී ඇත. සැම ගෘහයකම කිතුණු ආචාරශීලීකම රජ කළ යුතුය. මිල වැය නොවන්නක් වුවද ඉන් තොරව දළ රළු විය හැකි ගති පැවතුම් මෘදු කර ලීමේ බලය ඊට ඇත. ඒකාකාර ආචාරශීලී බවක් වඩවා ගැනීම, අන්‍යයන් අපට සලකනවාට අප කැමති ආකාරයට අන්‍යයන්ට සැලකීමට කැමැත්ත ආදිය ජීවිතයේ ප්‍රශ්න අඩකින් සිඳ ලනු ඇත.AHS 150.1

    එය පටන් ගනුයේ නිවසිනි: අපගේ දරුවන් කරුණාව, ආචාරශීලී බව සහ ප්‍රේමය දක්වනවා දැකීමට අප සතුටු වේ නම්, අපම ඔවුන්ට සඳහා ආදර්ශමත් විය යුතුය.AHS 150.2

    දෙමාපියන් විසින් සුළු දේ ගැන පවා එකිනෙකා හට ආචාරශීලී බව දැක්විය යුතුය. සමස්ථ කරුණාව නිවසේ රීතිය විය යුතුය. කිසිදු අකාරුණික බසක් නොපැවසිය යුතු අතර, කිසිදු තික්ත වදනක් නොකීව යුතුය. AHS 150.3

    සියල්ලන්ටම සතුටින් පිරි මුහුණුක්, මෘදු හඩක්, ආචාරශීලී පැවැත්මක් තිබිය හැකි අතර මේ ලක්ෂණයන් ජීවිතයට බලය ගෙන දෙන මූලික කාරණා වේ. ප්‍රීතිමත් ප්‍රසන්න ගති පැවතුම් මගින් දරුවන් ආකර්ෂණය කෙරෙයි. ඔවුන්ට කරුණාව හා ආචාරශීලී බව පෙන්වන්න. එවිට ඔවුන්ද එම ගති ලක්ෂණ ඔබටත් එකිනෙකා හටත් දක්වනු ඇත. AHS 150.4

    අනෝන්‍ය කරුණාව: තම දරුවන්ට කාරුණිකව ඇමතීමෙන් හා ඔවුන් හරි දේ කිරීමට වෙර දරනා විට ඔවුනට පැසසීමෙන් ඔවුන්ගේ උත්සායන් දිරිගැන්වීමටත් ඔවුන් සතුටු කිරීමටත් දෙමාපියන්ට හැකිවන අතර සියලු අඳුරු ඡායා පලවා හැර ප්‍රීතිමත් වාතාවරණයක් නිවසට ගෙන දෙන ප්‍රසන්නතාවයක් පවුල් කවය තුළට ආහැකිය. අන්‍යෝන්‍ය කරුණාව හා ඉවසා දරා ගැනීම නිවස පාරාදීසයක් බවට පත් කරවන අතර ඉන් ශුද්ධ සුර දූතයන් පවුල් කවය තුලට කැඳවයි. එනමුදු අප්‍රසන්න වචන පැවසෙන, සන්ඩුදබර පවතින නිවසකින් ඔවුන් පලා යනු ඇත. අකරුණාවන්ත කම, මැසිවිලි කීම සහ කෝපය යේසුස්වහන්සේ එම නිවසේ වැඩ වාසය කිරීමෙන් වළකාලයි.AHS 150.5

    සැබෑ ආචාරශීලීකමේ මූලික හරය අන්‍යයන් කෙරෙහි සැලකිලිමත් වීමය.අත්‍යවශ්‍යය එමෙන්ම ස්ථිරසාරව පවතින අධ්‍යපනය දයානුකම්පාව වඩවන, සමස්ථ කාරුණික භාවයට දිරි දෙයි. තම දෙමාපියන්ට ගරු සරු දැක්වීමට දරුවකු යොමු නොකරන, දෙමාපියන්ගේ යහ ගුණ අගය කිරීමට රුකුල් නොදෙන බාල, මහළු, නැති බැරි අන්‍යයන් ගැන සැලකිලීමත්, මෘදු, ත්‍යාගශීලී වීමට හා උපකාරශීලී වීමට නොපොළඹවන ඊනියා සංස්කෘතිය හිස්දෙයකි. AHS 151.1

    රන් අණ සැබෑ ආචාරශීලීත්වයේ ප්‍රතිපත්තිය වන අතර එහි සැබෑ සිතුවම යේසුස්වහන්සේගේ ජීවිතය සහ චරිත ස්වභාවය තුළ දක්නට ලැබේ. අප ගැළවුම් කරුවාණන්ගේ දෛණික ජීවිතය තුළ මෘදු ලයාන්විතකම සහ සුන්දර බවෙහි ආලෝක ධාරා බබළන සැටි කෙතරම් පියකරුද, උන්වහන්සෙගේ වැඩ සිටීම වෙතින් කවර මිහිරියාවක් ‍ගලා එන්නේද, උන්වහන්සේගේ දරුවන් තුළද එම ගති ස්වභාවය එළි දැක්වෙනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ සමග ඇසුරු කරනා මනුෂ්‍යයන් අවට දිව්‍ය වාතාවරණයක් පවතී. AHS 151.2

    සමාජ චාරිත්‍ර විධි ගැන හොඳම විග්‍රහය: සමාජ චාරිත්‍ර විධි ගැන මෙතෙක් ලියවී ඇති හොඳම විග්‍රහය වනුයේ බාල මහළු සැම මනුෂ්‍යන්ගේම සිතෙහි නොමැකෙන ලෙස ලියා තැබිය යුතු, පාවුල් තුමා විසින් ශුද්ධාත්ම බලයෙන් ප්‍රකාශ කරනු ලැබූ, යේසුස්වහන්සේගේ අගනා උපදේශයයි: “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න.”AHS 151.3

    ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. ගුණවත්ය. ප්‍රේමය ඊෂ්‍යවන්නේ නැත. ප්‍රේමය පාරට්ටුකර ගන්නේ නැත. අශෝභන ලෙස හැසිරෙන්නේ නැත. තමාගේම කාරණා සොයන්නේ නැත. කෝප වන්නේ නැත. නපුර ගණන් ගන්නේ නැත.: අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීති වන්නේය. සියල්ල දරා ගන්නේය., සියල්ල විශ්වාස කරන්නේය., සියල්ල බලාපොරොත්තු වන්නේය., සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසි කලෙක පහවන්නේ නැත. AHS 151.4

    ප්‍රේමය සැබෑ ආචාරශීලීත්වය පණගන්වයි: ජීවිතයේ පිටට පෙනෙන ගති ලක්ෂණ ඉතා සැලකිලිමත්ව දියුණු කර ගැනීම ඇතුළත දබරකාරීබව, සොයා නොබලා රළු ලෙස තීරණ ගැනීම සහ අශෝබන වචන වසා ගැනීමට ප්‍රමාණවත් නොවේ. තම කමට මුල් තැන දෙන තුරු සැබෑ ගුණ යහපත් කම කිසි දිනක එළි දරව් නොවනු ඇත ප්‍රේමය සිත තුළ තිබිය යුතුය. බලවත් ඇදහිලිවන්තයා තම ස්වාමියාණන් හට තමන් තුළ තිබෙන සහෘද ප්‍රේමය වෙතින් ස්වකීය වැඩ කටයුතු පිළිබඳව හැගීම් ලබා ගනියි. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඔහු තුළ තිබෙන සෙනෙ‍හසේ පත්ලෙන් අන්‍යයන් කෙරෙහි පරාර්ථකාමී සිතක් පැන නගියි.AHS 151.5

    සැබෑ ආචාරශීලීකම, සමාජ චාරිත්‍ර විධි පිළිබඳ නීති රීති අනුගමනය කිරීම කරණ කොට ගෙන ඉගෙන ගත නොහැකිය. නිසි ගති පැවැත්ම සැම විටම පවත්වා ගත යුතුය. ප්‍රතිපත්තිය පහතට හෙළන කොතැනකදී වුව අන්‍යයන් ගැන සැලකිලිමත් වීම පිළිගත් චාරිත්‍රයන්ට ගැති වීමට යොමු කරවයි.AHS 152.1

    එහෙත් සැබෑ ආචාරශීලීත්වය සම්මතයට ‍ප්‍රතිපත්තිය බිලිදීම ඉල්ලා නොසිටියි. ආත්ම ගරුත්වය, මනුෂ්‍යයෙකු ලෙස මනුෂ්‍යයාට හිමි විය යුතු ගරුත්වය, මහා මානව සහෝදරත්වයේ සැම සාමාජිකයාම කෙරෙහි දිය යුතු සැලකිල්ල ගැන ඉන් ඉගැන්වෙයි. AHS 152.2

    රත්රන් දී මිලට ගත හැකි අති දුර්ලබ අභරණ සැරසිලි වලට වඩා : සෙනෙහසේ සේද හුයෙන් දරුවන්ගේ හදවත් දෙමාපියන් වෙත බැඳ තබනා මෘදු ගති පැවතුම් සුහද කථා බහ සහ ප්‍රේමනීය ක්‍රියා වලට නිවස ආකර්ෂණීය ස්ථානයක් කළ හැකිය. AHS 152.3

    විවිධ චිත්ත ස්වභාවයන් එකට මුසු විය යුතුය: විවිධ චිත්ත ස්වභාවයන් ඇති පුද්ගලයන් එකට ඇසුරු කළ යුතු වීම දෙවියන්වහන්සේ දක්වා ඇති පිළිවෙල වේ. එහෙයින් පවුලේ සැම සාමාජිකයෙකුම අන්‍යයන්ගේ හැඟීම් උතුම් කොට සලකා ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරුකළ යුතු වේ. මෙයාකාරයෙන් අනෝන්‍ය සැලකිලිමත් භාවය සහ ඉවසා දරා ගැනීම වැඩි, දුර්මත තුනීවී යනවා මෙන්ම චරිත ස්වභාවයේ සැර පරුෂකම්ද මෘදුවන්නේය. එකඟතාවය දිනාගත හැකි වන අතර විවිධි චිත්ත ස්වභාවයන් මුසුවීම එකිනෙකා හට ප්‍රයෝජනවත් විය හැකිය.AHS 152.4

    ආචාරශීලීකම අඩුවීම කිසිවකින් පිරිමැසිය නොහැක: තමන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් යැයි කියනා අතරම සැර පරුෂ, අකාරුණික හා වදනින් මෙන්ම පැවැත්මෙන්ද ආචාරශීලී බවින් තොරව සිටින්නන් ක්‍රිස්තුස්වහන්සේගෙන් ඉගෙන ගෙන නැත. කෑ මොර දෙන, උජාරුකම් පාන, අනුන්ගේ වැරදි සොයන මනුෂ්‍යයා කිතුණුවකු නොවෙයි. මන්ද කිතුණුවකු වීම යනු ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමය. ඇතැම් නාමික කිතුණුවන්ගේ ගති පැවතුම කරුණාවන්ත කමින් හා ආචාරශීලී බවින් කෙතරම් හීනව තිබේද කිවහොත් ඔවුන් ගැන පැවසෙනුයේ අයහපත පමණි. ඔවුන්ගේ අවංකකම සැකයට පාත්‍ර නොවිය හැකිය. ඔවුන්ගේ සෘජු කම ගැන ප්‍රශ්න නොකළ හැකිය. එහෙත් අවංකකම සහ සෘජුකම මගින් කරුණාවන්තකම සහ ආචාරශීලීවීම මදිකමට වන්දි ගෙවිය‍ නොහැකි වනු ඇත. කිතුණුවා සත්‍යවාදී විය යුතු සේම, සානුකම්පිත සෘජු හා අවංක විය යුතු සේම, දයාන්විත හා ආචාරශීලී ද විය යුතුය.AHS 152.5

    සැබෑ ආචාරශීලී බව ලොව එකළු කරයි: අපි නිවසේදී ආචාරශීලීව, කාරුණික වන්නෙමු. නිවසින් බැහැරව සිටියදී ප්‍රසන්න ගති පැවතුමක ස්වභාවය අප හා තිබෙනු ඇත. නිවසේදී අපි දරා ගැනීම, ඉවසා සිටීම, යටහත් කම සහ ධෛර්යමත් කමින් සිටිනෙමු නම්, ලෝකයට ආලෝකයක් වීමට අපට හැකි වනු ඇත.AHS 152.6