Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 58—බාලයන්ගේ විනෝද ක්‍රීඩා හසුරුවාලීම

    ප්‍රමිතීන් පහළට හෙළනු ලබමින් ඇත: ක්‍රිස්තියානි දෙමාපියන් අතර පවා කෙළි සෙල්ලමට ඇලුම් වීම කෙරෙහි පමණට වඩා ඉඩ දීමක් දක්නට ඇත. ලොව පිළිගත් මතය දරන දෙමාපියෝ දරුවන්ගේ ළමා සහ තරුණ වියේ මුල් කාලය අලස කමින්, ආත්මාර්තකාමී විනෝදාංශයන්ගෙන් හා අණුවන ලෙස තමනට රිසි දෙයෙහි නිරත වීම මගින් ගතවී යාම අවශ්‍ය වන්නේ යැයි පවතින සාමාන්‍ය මතයට එකඟවී සිටිති. මෙයාකාරයෙන් සිත කුල්මත් කරවන දේ කෙරෙහි නැඹුරු වීමක් ඇතිවී, කුඩා දරුවන් හා යොවුන් වියේ දරුවන් වහා සිත පිනා යන දේ දැකීමට තම සිත් පුහුණු කොට ගෙන සිටිනා අතර ජීවිතයේ තැන්පත්, ප්‍රයෝජනවත් යුතුකම් කෙරෙහි ඔවුහු දැඩි අකමැත්තක් දක්වති. ඔවුන් තම ජීවිත ගත කරනුයේ හුදෙක් තිරිසන් ස්වරූපයකිනි. දෙවියන්වහන්සේ ගැන හෝ සදාතන සත්‍යතාවයන් ගැන කිසිදු අවබෝධයක් නොමැති මොවුහු කලකට තටු සලමින් ඉගිලෙන සමනලුන් සේ සැහැල්ලු ජීවිත ගත කරති. තම ජීවිත දෙවියන්වහන්සේගේ ජීවිතය දක්වා උසස් කර ගැනීමට හැකියාව සතු, තම කාලයේ සෑම පැයක් ගැනම උන්වහන්සේට උත්තර දිය යුතු බුද්ධිමත් පුද්ගලයන් සේ ඔවුහු ක්‍රිය නොකරති.AHS 171.1

    මව්වරුන් කෙළි සෙල්ලම් සැලසුම් කොට ඒවා හසුරුවා ලිය යුතු‍ වේ: දරුවන්ගේ කරදර වලින් මිදී සිටීම‍ටත් ඔවුන්ගේ කෑ කෝ ගැසීම් වලින් නිදහස් වීමටත් සිතා ඔවුන් තමන් වෙතින් ඉවතට යවනවා වෙනුවට: යම් විනෝද ජනක දෙයක් හෝ සැහැල්ලු, සතුට ගෙන දෙන්නක් මගින් තම දරුවන්ගේ ක්‍රියාශීලී, අසහනකාරී සිත් වෙනතකට යොමු කරවීම සහ ඔවුන්ගේ සිත් සනසා ලීමට වඩා හොඳ දෙයකට තම කාලය කැප කළනොහැකි බැව් මවට හැඟී යනු ඇත. තම දරුවන් සතුටින් තැබීමට විවිධ ක්‍රම සෙවීමට ගත කරන කාලය සහ ගන්නා උත්සාහය උදෙසා මවට මහඟු ප්‍රතිඵල ලැබෙනු ඇත.AHS 171.2

    බාල දරුවෝ ඇසුරට ප්‍රිය වෙති. සම්මතයක් ලෙසින් ඔවුන්ට තනිව විනෝද වීමට බැරිය. බොහෝ අවස්ථාවලදී, දරුවන් නිවසේ සිටිනා කල ඔවුන් සිටිය යුතු ස්ථානය තමාගේ කාමරය බව මවට හැඟී යා යුතුය. ඔවුන් තම කාමරයේ කෙළි දෙලෙන් පසුවන කල; ඔවුන් බලා හදා ගැනීමටත්, තමාට විත් පැවසු විට ඔවුන්ගේ සුළු සන්ඩු සරුවල් සමථයකට පත් කිරීමටත්,වැරදි ගති පුරුදු හෝ ආත්මාර්ථකාමී වීම, කෝපවීම නිවැරදි කිරීමටත්, ඔවුන්ගේ සිත් හරි මාර්ගයට යොමු කර ලීමටත් ඇයට පුළුවන් වනු ඇත.AHS 171.3

    දරුවන් සතුටට පත් වන දෙයින් මවද සතුටක් ලබනා බැව් ඔවුන් සිතනා අතර තම සුළු ගැටළු වලදී ඒ ගැන මවට විත් කියා සිටීම ස්වභාවිකය. එම කරුණ ගණන් නොගෙන සිටීමෙන් හෝ එවැනි සුළු දේ ගැන සොයා බැලීමට ප්‍රතික්ෂේප කිරීම මගින් මව තම සංවේදී දරුවාගේ සිත රිදවිය යුතු නැත. මවට සුළු දෙයක් ලෙස පෙනෙ‍නා දෙය ඔවුන්ට විශාල දෙයක් විය හැකිය. නිසි අවස්ථාවේදී දෙනු ලබන මග පෙන්වීමක් හෝ අවවාදයක් බොහෝ විට ඉතා වැදගත් වන්නේය.AHS 172.1

    යොවුන් වියේ ගැටළු: වත්මන් සමාජ තත්ත්වය තුළ තම දරුවන් යම් යම් දේ වලින් වළකා ලීමටත් හරිදේ පිළිබඳව බයිබ‍ලයේ රීතියට අනුව උපදෙස් දීමටත් දෙමාපියන්ට පහසු නොවේ. තද නීති යටතේ බොහෝ විට නොඉවසිලිමත් වන දරුවෝ තමන් සිතැඟි පරිදි ක්‍රියා කිරීමට සිතති.AHS 172.2

    ප්‍රධාන කොටම වයස අවුරුදු දහයේ සිට දහඅට දක්වා වු දරුවෝ තම තරුණ මිතුරන්ගේ ලෞකික කාරණාවලට සහභාගි වීමෙන් වන හානියක් නැතැයි සිතන්ට පෙළඹෙති. එහෙත් අත් දැකීම් සහිත ක්‍රිස්තියානි දෙමාපියන්ට එහි අනතුරුදායී බව දැකිය හැකි වේ. තම දරුවන්ගේ සුවිශේෂිත සිතුම් පැතුම් හඳුනන දෙමාපියන් එවැනි ලෞකික දේවල අනුබලය තම දරුවන්ගේ සිත්වලට බලපානා සැටි දන්නා අතර, ඔවුන්ගේ ගැළවීම උදෙසා තමන් තුළ ඇති ඕනෑකම කරණ කොට ගෙන, දරුවන් එවැනි සිත් කුල්මත් කරවන විනෝදාංශයන්ගෙන් බැහැර කොට තැබිය යුතුය.AHS 172.3

    සිත් හැරීමෙන් පසුව විශේෂයෙන් පරීක්ෂාකාරී වන්න: ලෝකයේ සැප සෙල්ලම හා තෘෂ්ණාවන් අත් හැර ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයින් වීමට දරුවන් තීරණය කළ කල්හි, සැලකිලිමත්, විශ්වාසවන්ත දෙමාපියන්ගේ හදවතින් කවර තරම් බරක් ඉවත්ව යයිද, එතෙකුදු දෙමාපියන්ගේ කාර්යය නිම නොවිය යුතුය. මෙම යොවුන් දරුවන් පාපයට එරෙහිවද ස්වභාවික සිතෙහි පාපී චේතනාවන්ට එරෙහිවද ජ්වලිත කමින් යුතුව සටනක් අරඹා ඇති අතර, ඔවුන්ට දෙමාපියන්ගේ උපදෙස් හා සැලකිලිමත් භාවය විශේෂාකාරයකින් අවැසිව ඇත.AHS 172.4

    තම දරුවන්ගේ යාම් ඊම් ගැන සැලකිලිමත් වීම දෙමාපියන්ගේ යුතුකම වේ. දෙමාපියන් ඔවුන්ගේ යහපත කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන බව දැකීමටත්, ඔවුන් නිවසේ රැඳී සිටීමට ආකර්ෂණය වන පිණිසත් දෙමාපියන් දරුවන්ට දිරි දී පෙළඹවීම කළ යුතු වේ. ඔවුහු දරුවන්ට නිවස ප්‍රසන්න හා ප්‍රීතිමත් ස්ථානයක් කළ යුතුය.AHS 172.5