Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහා අරගලය 1858

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    14 පරිච්ඡේදය - සාවුල්ගේ හැරීම

    යේසුස්වහන්සේ ගැන දේශනා කරන පිරිමින් හෝ ගැහැණුන් අත්අඩංගුවට ගෙන යෙරුසේලමට ගෙන එන පිණිස බලධාරීන්ගේ ලියුම්ද ඇතිව දමස්කයට ගමන් කරමින් සිටියදී ඔහු අවට ගමන් කළ සාතන්ගේ දූතයෝ මහත් ප්‍රීතියට පත්වූහ. දමස්කයේ නගර දොරටුවට සමීප වෙත්ම හදිසියේ මහත් ආලෝකයක් ඔහු වෙත යොමු විය. දුෂ්ට දූතයෝ ඔහු වෙතින් පළා ගියහ. සාවුල්ද නිමේෂයකින් බිමට ඇද වැටිණ. ‘සාවුල්, සාවුල් නුඹ මට පීඩා කරන්නේ මක්නිසාද? යන හඬක් ඔහුට ඇසිණ. ‘ඔබ කවුද ස්වාමීනි’ ‘යයි සාවුල් ප්‍රශ්න කළේය. ‘පීඩා කරනු ලබන මම නාසරීය යේසුස්ය. කෙවිටට පයින් ගැසීම නුඹට අමාරු දෙයකි’ සාවුල් පුදුමයට පත්ව වෙව්ලමින් ‘ස්වාමීනි, ඔබ මට කරන්න කියන්නේ කුමක්දැ’යි ඇසීය. ‘නැගිට නගරයට ඇතුල් වෙයන්න. නුඹ කුමක් කටයුතුදැයි එහිදී නුඹට කියාදෙන්ට යෙදෙනවා ඇත.’ GCSinh 31.1

    සාවුල් සමග පැමිණි අනෙක් අය පෙනෙන්ට මනුෂ්‍යයෙක් නැතිව පැමිණි ඒ හඬ ශබ්දය අසා කිසිවක් කථා කරගත නොහැකිව සිටියහ. ආලෝකය නිවෙඑඑ ගිය පසු සාවුල් නැගිට අවට බැලීය. නමුත් ඔහුට කිසිවක් පෙනුණේ නැත. ස්වර්ගයෙන් වූ ආලෝකය ඔහුගේ ඇස් අන්ධ කළේය. ඔහුට කිසිවක් පෙනුණේ නැත. කෙනෙක් ඔහුගේ අත අල්ලා ගෙන ඔහුව නගරය වෙත කැඳවාගෙන ආවේය. සාවුල් දින තුනක් අන්ධව කෑමත් බීමත් නැතිව එහි සිටියේය. සාවුල් විසින් අත්අඩංගුවට ගනු ලැබීමට සිටි කෙනෙක් වෙතට ස්වාමින්වහන්සේ තම දූතයා යැවූ සේක. දූතයා ඔහුට කථා කොට, ‘අනනියස්නි, නැගිට ඍජු නම් වීථියට ගොස්, තාර්සිස්හි මනුෂ්‍යයෙක් වූ සාවුල් නම් කෙනෙකු ගැන යුදස්ගේ ගෙයි විභාග කරපන්න’ මක්නිසාද, ඔහු යාඥා කරමින් සිටිනුයේ තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් කෙනෙක් පැමිණ තමාගේ හිස පිට අත් තබා යාච්ඤා කරනවා ඔහු දර්ශනයකින් දුටුවේ’ යයි කීවේය. අනනියස් භයපත්ව මෙය වැරදීමක් විය හැකියයි සිතා සවුල්ගේ පැමිණීමේ අරමුණ ස්වාමින්වහන්සේට පැවැසීය. නමුත් ස්වාමින්වහන්සේ අනනියස්ට කථා කොට, ‘මම ඔහුව අන්‍ය ජාතීන් වෙතටත් රජවරුන් වෙතටත් ඊශ්‍රායෙල්වරුන් වෙතටත් මාගේ නාමය ගෙන යන තෝරාගත් භාජනයක් කරගතිමි. මාගේ නාමය නිසා මොන තරම් දේ විඳින්ට ඕනෑද කියා මම ඔහුට පෙන්වමි’ යි කිසේක. ස්වාමින්වහන්සේ කියා දුන් මාර්ග සලකුණු අනුව ගොස් නිවසට ඇතුල්ව ‘සහෝදර සාවුල්, නුඹ පැමිණි මාර්ගයේ නුඹට දර්ශනය වී, කථා කළ යේසුස්වහන්සේ නුඹේ ඇස් පෙනෙන පිණිසද, ශුද්ධාත්මයාණන්ගෙන් පුර්ණ වන පිණිසද මා එවූ සේක’යි පැවසුවේය.GCSinh 31.2

    එවේලේම සාවුල් පෙනීම ලැබ නැගිට බව්තීස්මය ලැබීය. ඉන්පසු සාවුල් යේසුස්වහන්සේ ගැන සිනගෝගවල දේශනා කරමින් උන්වහන්සේ දේව පුත්‍රයාණන් බවට සාක්ෂි දැරීය. ඔහු කථා කරනවා ඇසු සියල්ලෝ ‘මේ නාමයෙන් කථා කළ අයව යෙරුසෙලමේදී විනාශ කළේ මේ මනුෂ්‍යයා නොවේද? ඔහු මෙහාට පැමිණියේද මිනිසුන් ගැහැණුන් අල්ලා ගෙන ගොස් පූජකයන්ට භාරදීම පිණිස නොවේද?’ කියා විෂ්මපත් වූහ. සාවුල් ශක්තිමත්ව වර්ධනය විය. සාවුල් යේසුස්වහන්සේට විරුද්ධව ක්‍රියා කිරීම, ඒ නාමය කෙරෙහි අදහා ගත්තවුන් පාවා දීම ගැන ඔවුහු දැන සිටියහ. සාවුල් ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙන් තම අත්දැකීම් ගැන යුදාවරුන්ට දැන්වීය. ඔහුගේ පුදුමාකාර හැරීම නිසා බොහෝ අය යේසුස්වහන්සේ දේව පුත්‍රයාණන් බව විශ්වාස කළහ. සාවුල් යේසුස්වහන්සේ ගැන දේශනා කරද්දී මහත් බලයක් ඔහු සමග ක්‍රියාත්මක විය. සාවුල්ට ශුද්ධ ලියවිලි ගැන මනා දැනුමක් තිබිණ. බව්තීස්ම වීමෙන් පසු ඔහුට යේසුස්වහන්සේ සම්බන්ධ අනාවැකි ගැන දිව්‍යමය ආලෝකයක් ලැබිණ. පැහැදිලි ලෙසත් නිර්භයවත් අනාගතවාක්‍යය තේරුම් කරදෙන්ට හා වැරදි ලෙස උගන්වන්ට තිබු ලියවිලි හරි ලෙස කියා දෙන්ටත් ඔහුට පුළුවන් විය. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔහු තුළ වාසය කිරීම මගින් තමාට සමාව දුන් අයව ක්‍රිස්තුස්වහන්සේගේ පළමුවන පැමිණීම වෙතට අනාගතවාක්‍ය මගින් ගෙන ඒමටද, යේසුස්වහන්සේගේ දුක්විඳීම, මරණය සහ මළවුන්ගෙන් නැගිටීම ගැනවූ අනාවැකි සියල්ල උන්වහන්සේ තුළ සම්පුර්ණත්වයට පැමිණි බවට සාක්ෂි දැරීමටද ඔහුට හැකි විය.GCSinh 31.3

    ______________________________________
    ක්‍රියා 9 පරිච්ඡේදය කියවා බලන්න.
    GCSinh 31.4