Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහා අරගලය 1858

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    26 පරිච්ඡේදය - තවත් නිදර්ශනයක්

    පොළොවේ ක්‍රියාත්මකව තිබෙන සේවය ගැන මුළු ස්වර්ගයම උනන්දුවෙන් සිටි බව මම දුටිමි. යේසුස්වහන්සේ තමන්ගේ දෙවන ඊම ගැන ලෝක වාසීන්ට අනතුරු ඇඟවීමක් කර ඒ සඳහා ඔවුන්ව සුදානම් කරන පිණිස බලවත් දේව දූතයෙකුව ස්වර්ගයෙන් පිටත් කර එවනවා මම දුටිමි. දේව දූතයාට පෙරටුවෙන් අති මහත් ආලෝකයක් ගමන් කෙරිණ. ලෝකය දිව්‍ය මහිමයෙන් ආලෝකමත් කර පැමිණෙන්ට යන දේව උදහස ගැන දැනුම් දීම දේව දූතයාගේ මෙහෙය බව මට දැන්වීය. සමුහයෝ ආලෝකය පිළිගත්හ. සමහර අය කෙරෙහි යම් බලපෑමක් ඇති විය. නමුත් පණිවිඩය හෘදයාංගමයෙන් පිළිගත්තේ නැත. ආලෝකය ලැබූ සෑමදෙනා ස්වර්ගය දෙසට හැරී දෙවියන්වහන්සේට මහිමය දුන්හ. බොහෝ දෙනෙක් මහත් කෝපයටද පත්වූහ. දේවගැතිවරුද ජනයාද දුර්ජනයන් සමග එකතුව දේව දූතයා ගෙන ආ ආලෝකයට විරුද්ධකම් පෑහ. නමුත් පිළිගත් සෑමදෙනා ලෝකයෙන් වෙන්ව එකට එකතු වූහ.GCSinh 54.1

    ආලෝකයෙන් ඉවතට මනසවල් ඇදගන්නා පිණිස සාතන් සහ ඔහුගේ දූතයෝ මහත් සේ ක්‍රියාකාරී වූහ. ආලෝකය එපා කළ කණ්ඩායම අඳුරේම ඉන්ට ඉඩ හරිනු ලැබීය. ස්වර්ගයෙන් වූ පණිවිඩය ලැබූ අයගේ ජීවිතව චරිතය වර්ධනය වන ආකාරය දෙස උනන්දුවෙන් බලමින් දේව දූතයා සටහන් කරගන්නවා මම දුටිමි. ක්‍රිස්තියානින් ලෙස යේසුස්වහන්සේට ආදරේ යයි කියා සිටි බොහෝ දෙනා තරහෙනුත් අපහාසාත්මක ලෙසත් පණිවිඩය එපා කර ක්‍රියා කළ එම ලැජ්ජා සහගත ආකාරය තවත් දේව දූතයෙක් සටහන් කරගන්ට යෙදිණි. ක්‍රිස්තියානින් යයි කියාගත් අය ක්‍රිස්තුස්වහන්සේව සුළු කළ ආකාරය දැන මුළු ස්වර්ගයම මහත් කෝපයට පත්විය.GCSinh 54.2

    ඇදහිලිවතුන්ගේ බලාපොරොත්තු කඩවීම මම දුටිමි. බලාපොරොත්තු වූ දින ඔවුහු තම ස්වාමින්වහන්සේව දුටුවේ නැත. අනාගතය සඟවා තබා සෙනඟව සෝදිසියකට භාජනය කිරීම දේව අභිප්‍රායව තිබිණ. මෙම කාල වකවානුව නොමැති දිව්‍ය සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නට තිබිණ. සාතන් බොහෝ දෙනෙකුගේ මනසවල් ඈත අනාගතයක් දෙසට යොමු කරන්ට විය. වර්තමාන සුදානමක් සඳහා උනන්දු සොයා බැලීමකට සෙනඟව යොමු කිරීමේ සේවයක් අවශ්‍ය විය. කාලය පසු වූ අතර ආලෝකය සම්පුර්ණ ලෙස පිළිගෙන නොසිටි අය ස්වර්ගීය පණිවිඩයට එරෙහිව සිටි අය සමග එක්වබලාපොරොත්තු සුන්ව සිටි අයට උසුළු විසුළු කළහ. ස්වර්ගයෙහි දූතයන් යේසුස්වහන්සේ සමග කථා කරමින් සිටිනවා දුටිමි. ‘යේසුස්වහන්සේගේ අනුගාමිකයන්’ යයි කියාපාමින් සිටි අයගේ තත්ත්වය දේව දූතයෝ සටහන් කරගන්නවා මම දුටිමි. බලා සිටි වේලාව පසුවී යාමෙන් ඔවුන්ව සෝදිසි කරනු ලැබූහ. බොහෝ දෙනෙකු කිරනු ලැබ අඩු බව සම්භ වූහ. ඔවුහු තමන් ‘කිතු බැතිමතුන්’ යයි හඬ නගා කිවූ අයය. නමුත් හැම අංශයකින්ම උන්වහන්සේව අනුගමනය කරන්ට ඔවුහු අසමත් වූහ. මේ අය ගැන සාතන් සතුටට පත් වූහ. මක්නිසාද ඔවුහු ඔහුගේ මළපතට හසුව සිටි බැවින්ය. බොහෝ දෙනෙකුට හරි වූ මාර්ගය අතහැර යන්ට ඔහු මග පෙන්වීය. වෙනත් මාර්ගවලින් ස්වර්ගයට නගින්ට ඔවුහු උත්සහ කළහ. ශුද්ධ, පවිත්‍ර, අය සියෝනේ පව්කාරයන්ද ලෝකයට ආශා කරන වංචාකාරයෝද සාග මිශ්‍රව සිටිනවා දේව දූතයන් දිටීය. ඔවුහු ශුද්ධ අයව රැකබලාගෙන සිටි අතර දූෂණය වූ අයගේ ක්‍රියාවන්ද ඔවුන්ට බලපාන්නට විය. GCSinh 54.3

    යේසුස්වහන්සේව දැකගන්ට තද ආශාවෙන් සිටි අය උන්වහන්සේගේ ඊම ගැන කථාකිරීම සභා ප්‍රධානීන් විසින් තහනම් කරන ලදී. දේව දූතයෝ මේ සියල්ල දැක ඉතිරි සෙනඟ ගැන කණගාටු වූහ. තවත් බලවත් දේව දූතයෙකුව පොළොවට පිටත් කර එවන්ට යෙදිණි. යේසුස්වහන්සේ ඔහුගේ අතේ යම් ලියවිල්ලක් තැබූ සේක. ඔහු පොළොවට ළඟා වූ අතර ‘බබිලෝනිය වැටුණේය. වැටුණේය’ ලියා මහත් හඬින් කෑගැසීය. එවිට බලාපොරොත්තු කඩව සිටි අය නැවත ප්‍රීතියට පත්ව හිස් ඔසවා ස්වාමින්වහන්සේගේ පැමිණීම බලා සිටින්ට වූහ. සමහර අය අඥාන ලෙස නිදිමතකින් වාගේ සිටිනවා මම දුටිමි. මුහුණුවල දුක ප්‍රකාශ වෙන ඉරියව් මම දුටිමි. තමන් දැන සිටින්නේ නැවතී බලා සිටීමේ කාලයේ බව බයිබලය හැදෑරීමෙන් ඔවුහු දැනගත්හ. ඉවසිල්ලෙන් පොරොන්දු ඉටුවීම බලා සිටිය යුතු බව ඔවුනට වැටහිණ. 1843දී වූ සිදුවීම 1844 දී සිදුවිය. මෙවරද සරදම් කරන්නෝ ‘නුඹලා තවම ගියේ නෑ නේද’යි කෑගැසූ අතර ‘ඔවුහු දෙවියන්වහන්සේට සරදම් කරති’යි දේව දූතයා පැවැසීය.GCSinh 54.4

    එලියා අනාගතවක්තෘවරයා ස්වර්ගයට ගෙන ගිය කාලය මට පෙන්වීය. ඔහුගේ සළුව එලිෂා මත වැටිණ. දුෂ්ට තරුණයෝ ඔහු පසු පස එමින් ‘තට්ටය ස්වර්ගයට නැගී යමන්, නැගී යමන්’ කියා ඔහුට සමච්චල් කළහ. ඔවුහු සමච්චල් කළේ දෙවියන්වහන්සේටය. සුදුසු දඬුවම එවෙලේම ඔවුන්ට ලැබිණ. ඔවුන් මේ හැසිරීම ඉගෙන ගෙන තිබුනේ තම දෙමාපියන්ගෙන්ය. ශුද්ධවන්තයන් ස්වර්ගයට් යාම ගැන අපහාස කරන අයට දඬුවම් ලැබෙන්නේ වසංගත කාලයේදීය. GCSinh 55.1

    තමන්වහන්සේගේ සෙනඟගේ නිදා වැටෙන ඇදහිල්ල අවදි කරවන්නටද දෙවන දේව දූතයාගේ පණිවිඩය තේරුම් ගැනීමට ඔවුන්ව සුදානම් කිරීමටද ස්වර්ගයෙහි සිදුවන්ට තිබෙන ඉතා වැදගත් දෙය අවබෝධ කරදීමටද යේසුස්වහන්සේ තමන් දේව දූතයන් ස්වර්ගයෙන් පිටත්කර එවූ සේක. එම දූතයෝ යේසුස්වහන්සේගේ මහත් බලයද ආලෝකයද ලබාගෙන දෙවන් දූතයාගේ මෙහෙයට උදව් දීමට ඉක්මණින් ස්වර්ගයෙන් බැස එනවා මම දුටිමි. ‘මනමාලයා පැමිණෙනවාය. උන්වහන්සේගේ පෙරමගට පලයල්ලා’ යයි දේව දූතයන් හඬ පැවැත්වූ විට දෙවියන්වහන්සේගේ සෙනඟ කෙරෙහි මහත් ආලෝකයක් පතිත විය. දේවදූතයන් කෙරෙන් වූ ආලෝකය අඳුර විනිවිද ගෙන යන්ට විය. සාතන් සහ ඔහුගේ දූතයන් එම සේවය අවහිර කරන්ට තැත් කළහ. ඔවුහු දේව දූතයන් සමග තර්ක කරමින් ‘ දෙවියන්වහන්සේගේ සෙනඟ මුළාකර ගනු ලැබ ඇත. නුඹලාගේ බලය සහ ආලෝකය මගින් යේසුස්වහන්සේ නැවත එන බව ජනතාවට පිළිගන්වන්ට හැකි නොවීය.’ යි කීය. සාතන් වැට බඳින්ට උත්සහ කළ නමුත් දේව දූතයා තම මෙහෙය නොනවතා ඉදිරියට ගෙන ගියහ. පණිවිඩය ලත් අය ප්‍රීතියට පත් වූහ. ඔවුහු ඉහල බලා දෙවෙනි ඊමේ ආශාවෙහි බැඳී සිටියහ. සමහර අය මහත් සිත් වේදනාවෙන් හඬමින් සහ යාච්ඤාවෙන් පසු වූහ. ඔවුහු තමන් දෙසම බලමින් ඉහළ බලන්ට භයව සිටියහ.GCSinh 55.2

    පළමුවන දූතයාගේ පණිවිඩයට එරෙහිව සිට එය එපා කළ අයට දෙවන දූතයාගේ පණිවිඩයේ ආලෝකය අහිමි විය. ‘බලව මනමාලයා පැමිණේය’ යි දැන්වූ ආලෝකය හා මහිමය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය. යේසුස්වහන්සේ ඔවුන් වෙතින් ඉවතට හැරුණු සේක. ඔවුහු උන්වහන්සේව සුළු කොට එපා කළහ. පණිවිඩය පිළිගත් අය මහත් සතුටට පත් වූහ. ඔවුහු දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට ආශාවෙන් යාච්ඤාවෙහිද බලා සිටීමෙහිද නිරත වූහ. උන්වහන්සේව අමනාප කරන්ට ඔවුහු භය වූහ. සාතන් මෙම ආලෝකය මනුෂ්‍යයන්ගෙන් වළක්වාලීමට උත්සහ කළේය. නමුත් දේව සෙනඟ ආලෝකය අගය කරමින් ඉහළට යේසුස්වහන්සේ වෙතට නෙත් යොමා සිටි තාක් කල් ආලෝකය ඔවුන්ගෙන් වළක්වාලීමට සාතන්ට නොහැකි විය. විරුද්ධවාදීන්ගේ සෑම ඉරියව්වක්ම සහ ක්‍රියාවක්ම දේව දූතයෙක් විසින් සටහන් කරගන්ට යෙදිණි. බොහෝ දෙනෙක් හඬ නගමින් ‘මනමාලයා එන්නේය’ යි කෑගැසූ අතර යේසුස්වහන්සේගේ පැමිණීමට ආශා නොවූ සභාවල සහෝදරයන් අත්හැර ඔවුහු පිටව ගියහ. උන්වහන්සේගේ පැමිණීමට ආශා නොවූ අය වෙතින් යේසුස්වහන්සේ තම මුහුණ ඉවත් කරගන්නවා මම දුටිමි. ඔවුන්ගේ අපවිත්‍රකම් මගින් තමන්ගේ අයද අපවිත්‍ර විය හැකි නිසා ඔවුන්ව අපවිත්‍ර අය වෙතින් ඉවත් කරගන්නා ලෙස උන්වහන්සේ දේව දූතයන්ට කි සේක. පණිවිඩයට කීකරුවූ අය පිටවී නිදහස්ව එකමුතුව සිටගත්හ. ශුද්ධවූ උතුම් වූ ආලෝකයක් ඔවුන් කෙරෙහි පතිත විය. ඔවුහු ලෝකය ත්‍යාග කළහ. ලෙන්ගතුකම් ඉරා දැමුහ. ලෝකයේ සම්පත් පූජා කළහ. ඔවුන්ගේ හිතවත්කම් ස්වර්ගය දෙසට යොමු කළහ. තමන්ගේ පෙම්වත් මිදුම්කාරයාණන් පැමිණීම බලා සිටියහ. ඔවුන්ගේ මුහුණුවල දිස්වූ ශුද්ධ වූ ප්‍රීතිය කියාපෑවේ ඔවුන්ගේ සිත්වල තැන්පත්ව තිබු සාමය සහ සතුටය. ඔවුන්ව සෝදිසි කරන පැය ලංවෙමින් තිබියදී ඔවුන් වෙත ගොස් ඔවුන්ව ශක්තිමත් කරන ලෙස යේසුස්වහන්සේ තම දූතයන්ට පැවසු සේක. පැමිණීම බලා සිටි අය සෝදිසි කල යුතු ප්‍රමාණයට තවම සෝදිසි කර නොතිබූ බව මම දුටිමි. ඔවුහු වැරදිවලින් නිදොස්ව සිටියේ නැත. පොළොවේ ජනතාවට අනතුරු ඇඟවීම් එවමින් දෙවියන්වහන්සේ දැක්වූ දයානුකම්පාව සහ යහපත්කම මෙලෙස කාලය සම්බන්ධ ප්‍රශ්නයක් මගින් නැවත නැවත ක්‍රියාත්මක කළේ සෙනඟව තම තමන්ගේ වැරදි වඩා උනන්දුවෙන් සොයා බැලීමටද එමගින් මිත්‍යාදෘෂ්ටිකයන්ගේ හා පාප්වරුන්ගේ ඉගැන්වීම්වලින් ලබාගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත ආවා වූ වරදවල් ඉවටහ දමන්ට උදව් කරන පිණිසය. මෙම පණිවිඩ මගින් දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ උදෙසා බලවත් ලෙස ක්‍රියා කරන්ට සහ තමන්වහන්සේගේ සියලු ආඥා පවත්වන්ට හැකිවන තැනට ගෙන එන්ට අභිප්‍රාය කළසේක. GCSinh 55.3

    ______________________________________
    කියවන්න: 2 රාජාවලිය 2: 11-23, දානියෙල් 8:14, හබක්කුක් 2: 1-4, ශු. මතෙව් 25: 6, එළිදරව් 14: 8 සහ 18: 1-5
    GCSinh 55.4