Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහා අරගලය 1858

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    31 පරිච්ඡේදය - වස්තු තණ්හාව

    සාතන් සහ ඔහුගේ දූතයන් රැස්ව කථා කරනවා මම දුටිමි. යේසුස්වහන්සේගේ දෙවෙනි ඊම බලා සිටින දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන සෙනඟ වෙතට විශේෂයෙන් ගොස් මළපත් අටවන ලෙස සාතන් තම දූතයන්ට පැවැසීය. තවදුරටත් ඔහු කීවේ සභාවල් නිදිගතව ඇත, තමාගේ මුළාකිරීමේ හාස්කම් වැඩි කර ඔවුන්ට එසේම අල්ලා තබාගත හැකි බවය. නමුත් සබත් පවත්වන කණ්ඩායමට අපි වෛර කරනවා. ඔවුන් නොකඩවා අපට විරුද්ධව ක්‍රියා කරලා අපේ යටත්වැසියන්ව අප ද්වේශ කරන ආඥා පවත්වන පිරිස වෙතට අරන් යනවා.GCSinh 64.1

    යමල්ලා, වතුපිටි මිල මුදල් ඇතුව සිටින අයව ලෝක දේ කෙරෙහි ආශාවෙන් මත්කරපල්ලා. එවිට ඔවුන් අපේ අත්වල. ඔවුන් කුමක් ඇදහුවත් කමක් නැහැ. දේව රාජ්‍යයේ දියුණුවටද අප වෛර කරන සත්‍යතාවටද වඩා මුදලට වස්තුවට ප්‍රේම කරන්ට සලස්වාපල්ලා. ලෝකය ඉතා සිත් ආකර්ෂණය වන ලෙස ඔවුන්ට පෙන්වා ඔවුන්ව රූප වන්දනාකරුවන් කරපල්ලා. අප, හැකි තරම් වස්තුව අප සමග තබාගත යුතුය. ඔවුන් ළඟ වස්තුව බොහෝ තිබෙන විට අපේ යටත්වැසියන් ගෙනයමින් අපේ රාජ්‍යයට පාඩු සිදු කරනවා. නොයෙක් තැන්වල ඔවුන් රැස්වීම් පවත්වන විට පා අනතුරේ බැවින් අවදිව සිටින්න. හැකිතරම් බාධා කරන්න. එකිනෙකා අතර ප්‍රේමය නැති කරන්න. දේවගැතිවරුන් අධෛර්යට පත්කරන්න. මුදල් තිබෙන අය සේවයට ඒවා නොදෙන ලෙස වළක්වන්න. මෙසේ ඔවුන්ගේ දිරියද උනන්දුවද නැති කළ හැකිය. උග්‍ර ලෙස සටන් කරන්න. ලෝක දේවලට ආශාව සහ මසුරුකම ජීවිත පාලනය කරන චරිත ගුණාංග බවට පත්කරන්න. එවිට ගැලවීමද අනුග්‍රහයද පිටුපසට වී සිටිනවා ඇත. ඔවුන්ව පිටතට ඇදගත හැකි දේවලින් ඔවුන්ව වට කරන්න. එවිට ඔවුන් අපට අයිති වනවා පමණක් නොව තවත් අයව ස්වර්ගයට ගෙන යාමේ ඔවුන්ගේ උත්සාහයද අඩපණ වනවාය. සේවයට මුදල් දෙන්ට කැමති වන අයව ද කොඳුරමින් ස්වල්පයක් දෙන්ට සලස්වන්න.GCSinh 64.2

    සාතන් තම සැලැස්මවල් හොඳින් ක්‍රියාත්මක කළ බව මම දුටිමි. දෙවියන්වහන්සේගේ සේවකයන් ආත්මික රැස්වීම් සැලසුම් කළ අතර සාතන් සහ ඔහුගේ දූතයන්ද තමන් කරන්ට යන දේවල් සුදානම් කරගෙන රැස්වීම්වලට බාධා පමුණුවන පිණිස රැස්වෙති. ඔහු නිතරම දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ මනසවල් වලට යෝජනාවල් ඇතුල් කරති. සමහර අයව එක මගකටත් තවත් අයව වෙනත් පැත්තකටත් හරවති. මෙසේ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රයෝජනයට ගෙන එකිනෙකා අතර භේද උපදවන්ට ක්‍රියා කරති.GCSinh 64.3

    සාතන් යුදස්ගේ මසුරු ආත්මාර්ථකාමී තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මරියා යේසුස්වහන්සේට කැප කළ සුවඳ තෙලට විරුද්ධව කොඳුරන්ට ඔහුට සැලැස්වීය. යුදස් එම තෙල විකුණා දුප්පතුන්ට දෙන්ට තිබෙනවා යයි කීවේ දුප්පතුන්ට ආදරේ වූ නිසා නොව මුදලට ආශා කළ නිසාය. යුදස් තම ස්වාමින්වහන්සේව මිල කළේ රිදී කාසි කිහිපයකට පමණි. තම ස්වාමින්වහන්සේගේ පැමිණීම බලා සිටින අය අතරද යුදස් වැනි අය සිටින බව මම දුටිමි. ඔවුන්ව පාලනය කරන්නේ සාතන්ය. නමුත් ඔවුහු එය දන්නේ නැත. වස්තු තණ්හාව හෝ ආත්මාර්ථකාමීත්වය ස්වල්පයක් හෝ තිබේ නම් දෙවියන්වහන්සේ එය අනුමත කරන්නේ නැත. ඊට වෛර කරන සේක. එම තැනැත්තාගේ යාච්ඤා පවා එපා කරන සේක. සාතන් තමාගේ කාලය කෙටි වෙමින් තිබෙන බව දකින අතර සෙනඟව වඩ වඩා ආත්මාර්ථකාමී වන්ට සලස්වානවාය. මෙසේ ඔවුහු වස්තු තණ්හාවෙනුත් ආත්මාර්ථකාමීත්වයෙනුත් පෙලෙන අතර සාතන් බොහෝ සෙයින් සතුටට පත්ව තමාගේ යෝජනාවලට අසුවන මෝඩකම ගැන සිනාසී උදම් වනවාය. මෙම අයගේ ආත්මාර්ථකාමී ගුණාංග සාතන් සහ ඔහුගේ දූතයෝ යේසුස්වහන්සේද උන්වහන්සේගේ දූතයන් වෙතට ගෙන ගොස් පෙන්වා ‘මේ අය දෙවෙනි ඊමට සුදානම් වන අය නේද, මේ අය අන් වෙසකට හැරෙන බලාපොරොත්තුව ඇතිව සිටින අය නේද’ කියා කියමින් මෙම ගුණාංග වරදට පත්කර තිබෙන බයිබල් පද ද පෙන්වා අපහාස කර ‘ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවේ ඵල මේවාද’ කියා සන විට දේව දූතයෝ සිත් වේදනාවෙන් මුහුණු ඉවත හරවා ගනිති. යේසුස්වහන්සේ වැගිරූ අනගි ලේ මගින් ගැළවීම ලබාගන්ට යන අය ඉතා සුළු වශයෙන් හෝ ආත්මාර්ථකාමී බවක් දක්වන අතර දෙවියන්වහන්සේ ඊට අප්‍රසන්න වන සේක. වස්තු තණ්හාව ඇති ආත්මාර්ථකාමී සෑම පුද්ගලයෙක්ම අතරමගදී වැටී යනවා ඇත. යුදස් සුළු මුදලකට තම ස්වාමින්වහන්සේව විකුණුවාක් (පාවා දුන්නක්) මෙන් මෙම අයද යහපත් ප්‍රතිපත්ති සහ ගෞරවණීය ගුණාංගද පරිත්‍යාගශීලී බවද ලෝකයෙන් ලැබෙන සුළු ලාභයකට විකුණා දමති. එවන් සෑම කෙනෙකුටම පිටතට පොලා දමනු ලබනවා ඇත. ස්වර්ගය බලාපොරොත්තු වන සෑම කෙනෙක්ම තමන්ට තියෙන හැම ශක්තියක්ම යොදා ස්වර්ගීය ප්‍රතිපත්ති සංවර්ධනය කළ යුතුය. ආත්මාර්ථකාමීන් වියලි යනවා වෙනුවට පරිත්‍යාගශීලි ආත්මයෙන් තර වී ලැබෙන ඉඩ ප්‍රස්ථා දියුණු කරගනිමින් එකිනෙකාට යහපත කරමින් ස්වර්ගීය ප්‍රතිපත්තිවල වැඩි දියුණු විය යුතුය. සම්පුර්ණ ආදර්ශය ලෙස මා ඉදිරියේ යේසුස්වහන්සේව ඔසවා තබන්ට යෙදිණි. උන්වහන්සේගේ ජීවිතය තමකමෙන් තොර වූ පරිත්‍යාගශීලී බවෙන් පිරි තිබු ජීවිතයකි.GCSinh 64.4

    ______________________________________
    බලන්න: ශු. මාර්ක් 14: 3-11; ශු. ලුක් 12: 15-40; කොලොස්සි 3: 5-16; 1 යොහාන් 2: 15-17
    GCSinh 64.5