Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහා අරගලය 1858

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    36 පරිච්ඡේදය - යාකොබ්ගේ විපත්ති කාලය

    ශුද්ධවන්ත සෙනඟ නගරවලින් හා ගම්වලින් පිටව ගොස් ඉතාම පාළු ස්ථානවල කණ්ඩායම් වචයෙන් ජීවත් වෙනවා මම දුටිමි. දේව දූතයෝ ඔවුන්ට ආහාර සහ ජලය සැපයූහ. දුෂ්ටයෝ සාගින්නෙන් සහ පිපාසයෙන් සිටියහ. ඕක නායකයන් එක්ව මන්ත්‍රණයක යෙදී සිටිනවාද සාතන්ද ඔහුගේ දූතයන්ද ඒ අය වටකර සිටිනවාද මම දුටිමි. එක්තරා ලියවිල්ලක් ඒකෙ පිටපත් රාශියක් දේශයේ හැමතැනම විසුරුවා තිබෙන බවද මම දුටිමි. ඒවායෙහි මෙසේ ලියා තිබිණ. සබත් පවත්වන සෙනඟ සතියේ පළමුවන දිනය වන ඉරිදා පවත්වන්ටත් සබත් දිනය නොහොත් සෙනසුරාද පැවැත්වීමද ඔවුන්ගේ අමුතු ඇදහිල්ලද අත්හරින්ටත් කැමති නොවුවහොත් එක්තරා දිනයකදී ඔවුන්ව මරා දැමිය යුතුය යන නියෝගය සඳහන් විය. මෙම භයානක විනාශයෙන් ගැලවීමට දෙවියන්වහන්සේ මාර්ගයක් සුදානම් කර දෙනවාය යන උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසයෙන් ශුද්ධවන්තයෝ නිහඬව බලා සිටියහ. සමහර ප්‍රදේශවල නියම දිනයටත් කළින් ශුද්ධවන්තයන්ව මරා දැමීමට සෙනඟ දුව ආහ. නමුත් මනුෂ්‍ය වේශයෙන් යුද සෙබළුන් මෙන් පෙනී සිටි දේව දූතයන් ඔවුන්ට විරුද්ධව සටන් කළහ. මහෝත්තමයාණන් වහන්සේගේ ශුද්ධවන්තයන් නසා දමන්ට සාතන් මෙම ඉඩ ප්‍රස්ථාව යොදා ගන්ට සිතා ගත්තේය. නමුත් යේසුස්වහන්සේ ඔවුන්ව ආරක්ෂා කරන ලෙස දේව දූතයන්ට අණ දුන්සේක. මිථ්‍යාදෘෂ්ටින් ඉදිරියේ දේව ව්‍යවස්ථාව පවත්වමින් දෙවියන්වහන්සේට ගෞරව කළ ශුද්ධවන්තයන් සමග ගිවිසුමක් කිරීමෙන් දෙවියන්වහන්සේව ගෞරවයට පත්වීමද මෙතෙක් දෙවෙනි ඊම ඉවසිල්ලෙන් බලා සිටි අය අන්වෙසකට හරවා ස්වර්ගයට ඔසවා ගැනීම මගින් යේසුස්වහන්සේව ගෞරවයට පත්වන නිසාද ශුද්ධ සෙනඟව මෙසේ ආරක්ෂා කළසේක.GCSinh 74.1

    ශුද්ධ්වනතයෝ මහත් මානසික පීඩාවකට පත්ව සිටින බව මම දුටිමි. දුෂ්ට සෙනඟ ඔවුන්ව වටලාගෙන සිටින ආකාරයක් පෙනිණ. දෙවියන්වහන්සේ දුෂ්ටයන් අතින් මැරෙන්ට තමන්ව අත්හැර දැමුවාදෝ කියා සමහර අය භයට පත්ව සිටියහ. නමුත් ඔවුන්ගේ ආත්මික ඇස් ඇර බැලුවා නම් දේව දූත සේනාවන් ඔවුන්ව වටකර ආරක්ෂා කරන බව ඔවුන් දකින්ට යෙදෙනවා ඇත. ඊළඟට මහත් සමූහයක් දිවගෙන ආ අතර ශුද්ධවන්තයන්ව මරා දමන ලෙස සාතන්ගේ දූතයෝ ඔවුන්ව උසි ගැන්වූහ. නමුත් එසේ කරන්නට නම් ඔවුහු බලවන්ත දේව දූත සේනාවන් පසුකරගෙන ආ යුතුය. දේව දූතයෝ ඔවුන්ව පස්සට යන්ට සැලැස්වූහ. මේ අවස්ථාව ශුද්ධවන්තයන්ට ඉතාමත්ම වේදනාත්මක අත්දැකීමක් විය. තමන්ව මුදාගන්නා මෙන් දිවා රෑ දෙකේම ඔවුහු දෙවියන්වහන්සේට මොර ගැසූහ. පෙනෙන්ට තිබු ආකාරයට නම් ඔවුන්ට ගැලවෙන්ට මඟක් නොවීය. දුෂ්ටයෝ ජයග්‍රාහී ශබ්ද පවත්වන්ට වූහ. ‘නුඹලාගේ දෙවියන්වහන්සේ දැන් නුඹලාව ගලවන්නේ නැත්තේ මන්ද?’ කියා ඔවුහු කෑගැසූහ. ‘නුඹලා අහසට නැගගෙන ගැලවියල්ලා’ කියාද ඔවුහු සමච්චල් කළහ. ශුද්ධවන්තයෝ ඔවුන්ට සවන් දුන්නේ නැත. ඔවුහු යාකොබ් මෙන් දෙවියන්වහන්සේ සමග පොර බඳිමින් සිටියහ. දේව දූතයෝ ඔවුන්ව මුදාගන්න ආශාවෙන් බලා සිටියහ. නමුත් තව ටිකක් ප්‍රමාද කළ යුතුය. ගින්නේ බව්තීස්ම ලැබිය යුතුය. මහත් බලයෙන් යුතුව තේජාන්විත ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ව මුදාගන්නා වේලාව ළඟාවෙමින් තිබිණ. තමන්වහන්සේගේ නාමය අපහාසයට ලක්වන්ට උන්වහන්සේ ඉඩ හරින්නේ නැත. පොතේ නම් ලියා තිබෙන හැම කෙනෙකුවම උන්වහන්සේ ගළවා ගන්නා සේක.GCSinh 74.2

    විශ්වාසවන්ත නෝවා වෙතට මාව යොමු කරන ලදී. වැසි වැස ජලය ගැලීය. නෝවා සහ ඔහුගේ පවුලේ අය නැවට ඇතුල් වූ පසු දෙවියන්වහන්සේ දොර වැසූ සේක. තමාට නින්දා අපහාස කල අතර පවා නෝවා පොළෝවාසීන්ට අනතුරු ඇඟවීම් කළේය. ජලගැල්ම බලවත් වෙද්දී එකිනෙකා දියේ ගිලි යද්දී තමන් විනොදයකට ලක් කරගෙන තිබු නැව නෝවාගේ පවුලේ අය ඇතුළුව දිය මත ආරක්ෂා සහිතව පාවෙමින් තිබිණ. ඒ ආකාරයෙන්ම ලෝකයාට අනතුරු අඟවමින් සිටින දෙවියන්වහන්සේගේ දරුවන්ව උන්වහන්සේ මුදාගන්නා බව මම දුටිමි. විශ්වාසවන්ත ලෙස ඔවුහු ලෝකයාට අනතුරු ඇඟවීම් කළහ. මෘගයාගේ අණට කීකරු නොවී මෘගයාගේ ලකුණ නොලබා අන් වෙසකට හරවනු ලැබීමේ බලාපොරොත්තුව ඇතිව සිටින තමන් ශුද්ධවන්තයන්ව මරා දමන්ට දෙවියන්වහන්සේ ඉඩ දෙන්නේ නැත. එසේ ඔවුන්ව මරාදමන්නට ඉඩ දුනහොත් සාතන් සහ ඔහුගේ දූතයන්ද දෙවියන්වහන්සේව වෛර කරන දුෂ්ට සෙනඟ ද තෘප්තියට පැමිණෙනවා ඇත. තමන් ප්‍රේම කළාවූ තැනැන්වහන්සේව දැකගන්ට මෙතෙක් බලා සිටියාවූ අය කෙරෙහි මෙම අවසානම අරගලයේදී සාතනික බලයට යටත් වන්නට සිදුවුවහොත් අහෝ! සාතන්ට කෙබඳු ජයග්‍රහණයක් අත් වේවිද. නමුත් දෙවියන්වහන්සේ තමන් සෙනඟට දැක්වූ සැලකිල්ලද ඔවුන්ව උන්වහන්සේ මුදාගත් මහිමාන්විත ආකාරයද ඔවුන් දකිනවා ඇත.GCSinh 74.3

    ශුද්ධවන්තයෝ නගර හා ගම්වලින් පිටව ගිය අතර දුෂ්ටයෝද ඔවුන්ව ලුහුබැඳ ගියහ. ඔවුන්ව මරන්ට ඔවුහු කඩු එසවූහ. නමුත් ඒවා බලා රහිතව පිදුරු මෙන් කඩා වැටිණ. දේව දූතයෝ ඔවුන්ව සඟවා ගත්හ. මිදීම ඉල්ලා දිවා රෑ ඔවුහු දෙවියන්වහන්සේට මොර ගැසූ අතර ඔවුන්ගේ මොර ගැසීම දෙවියන්වහන්සේ ඉදිරියට පැමිණියේය.GCSinh 74.4

    ______________________________________
    බලන්න: උත්පත්ති 6 සහ 7 පරිච්ඡේද; 32; 24-28; ගීහිකා 91; ශු. මතෙව් 20:23; එළිදරව් 13: 11-17
    GCSinh 74.5