Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහා අරගලය 1858

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    4 පරිච්ඡේදය - ක්‍රිස්තුස්වහන්සේගේ පළමුවන පැමිණීම

    දේව පුත්‍රයාණන් වහන්සේ යටහත් පහත්වී, මනුෂ්‍ය ස්වභාවයට පැමිණ සාතන්ගේ පරික්ෂාවන්ට මුහුණ දෙන්ට තිබු කාලය වෙතට මා ගෙනයනු ලැබීය. උන්වහන්සේගේ උපත ලෝක උත්සවාකාරයකින් නොවීය. උන්වහන්සේ ගවහලක ඉපිද, ගව ඔරුවක තබන ලද නමුත් උන්වහන්සේගේ උපත අනුශය පුත්‍රයන්ගේ උපත්වලට වඩා ඉතා ගෞරවාන්විත ආකාරයෙන් සිදුවිය. යේසුස්වහන්සේගේ උපත දේව දූතයන් විසින් එඬේරුන්ට දංවූ අතර ආලෝකයෙන්ද දේව මහිමය ප්‍රකාශ වීමෙන්ද සිදු විය. ස්වර්ගීය දූතයෝ වීණා වාදනය කරමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. පාපයට වැටී සිටින ලෝක වාසීන්ට සාමයත්, සතුටත්, සදාකාල ජීවනයත් ලබාදෙන පිණිස දේව පුත්‍රයාණන් වහන්සේගේ පළමුව ඊම දේවදූතයෝ ජයග්‍රාහී ආකාරයෙන් ප්‍රකාශයට පත් කළහ.GCSinh 6.1

    යේසුස්වහන්සේ බෞතීස්මය ලැබූ ස්ථානයේ අහස් කුසෙහි දේව දූතයෝ සරි සැරූහ. ශුද්ධාත්මයාණන් වහන්සේ පරවියෙකුගේ හැඩයෙන් උන්වහන්සේ වෙත බැස වදාළ සේක. සෙනඟ විශ්මයට පත්ව උන්වහන්සේ දෙස නෙත් යොමා සිටි අතර ‘මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝය. මොහු කෙරෙහි මම ඉතා ප්‍රසන්නව සිටිමි’යි යන පියාණන් වහන්සේගේ හඬ ස්වර්ගයෙන් පැමිණි සේක. යොහාන් බව්තීස්ත යේසුස්වහන්සේව කලින් හඳුනාගෙන සිටියේ නැත. දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්වූ උන්වහන්සේව හඳුනාගැනීම සඳහා පොරොන්දු දී තිබුණ ලකුණ වූයේ පරවියෙකුගේ හැඩයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ යේසුස්වහන්සේ කරා පැමිණ නතර වීමය. යොහාන් තුමාද තම හස්තය යේසුස්වහන්සේ දෙසට දිගු කොට ‘බලව, ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ’ යයි පවසමින් හඬ නැගීය.GCSinh 6.2

    යොහාන් බව්තීස්ත තමාගේ සේවය හමාර කරමින් සිටියදී ඔහු තම ගෝලයන්ට කථා කරමින් යේසුස්වහන්සේ දිව්‍ය පොරොන්දුවලට අනුව වූ මෙසියස්වහන්සේ බවද මෙසේ ලෝකයේ ගැළවුම්කාරයාණන් බවද පෙන්වා දී උන්වහන්සේ දෙස බලන ලෙසද අනුව යන ලෙසද තම ගෝලයන්ට පැවසීය. යොහාන් තුමාගේ ජීවිතය දුකෙන් වටව තිබූ තමකම ත්‍යාග කලාවූ ජීවිතයකි. ඔහු යේසුස්වහන්සේව හඳුන්වා දෙන පෙරමග දූතයා වූ නමුත් යේසුස්වහන්සේ කළ ප්‍රාතිහාර්යයන් හෝ එතුමාගේ පුදුම බලය හෝ දැකගන්ට අවසර නොදෙන ලදී. යේසුස්වහන්සේ ගුරුවරයෙක් ලෙස ස්ථාපිත වූ විට තමා නසින්ට ඕනෑ බව ඔහු දැනගෙන තිබිණ. ඔහු තමාට අයත් සේවය ඉටුකරන පිණිස සමාජයේ ඇසුරද තම පියාගේ නිවසේ සතුටද හැරදමා තනිව ජීවත් වීමට පිටත්ව ගියේය. ඔහුගේ හඬ කලාතුරකින් හෝ අසුනේ වනාන්තර ප්‍රදේශයේදීය. මෙම විශේෂ පුදුම අනාගතවක්තෘවරයාට සවන් දෙන පිණිස සමූහයෝ නගරවලින් හා ගම නියම් ගම්වලින්ද වනාන්තර ප්‍රදේශයට රොක් වූහ. ඔහු ගස මුලට පොරව තැබීය. ප්‍රතිචාරය කුමක් වුවත් ඒ ගැන නොසිතා නිර්භයව පාපයද විපාකයද පෙන්වා දෙමින් දිව්‍ය බැටළු පැටවාණන්ගේ මාර්ගය සුදානම් කළේය.GCSinh 6.3

    හෙරොද් රජද, යොහාන් තුමාගේ දේශනා ඇසීමෙන් සිතේ හැගීම් ඇතිවී ඔහුගේ ගෝලයෙක් වීමට තමා කුමක් කළ යුතු දැයි ඇසුවේය. හෙරොද් තම සහෝදරයා ජීවත්ව සිටියදීම සහෝදරයාගේ භාර්යාව විවාහ කරගැනීමට සුදානම් වන බව යොහාන් තුමාට දැනගන්ට ලැබී තිබිණ. එය නීති විරෝධී බව යොහාන් තුමා හෙරොද්ට පැවසීය. හෙරොද් කැප කිරීමක් කරන්ට නොකැමැති විය. හෙරොද් අයව විවාහ කරගෙන අයගේ බලපෑම මත යොහන්ව සිරගෙට යැවීය. හෙරෝද්ගේ අදහස වූයේ පසුව යොහන්ව නිදහස් කිරීමය. යේසුස්වහන්සේගේ බලගතු පුදුම ක්‍රියා ගැන තම ගෝලයන් මගින් යොහන්ට අසන්ට ලැබිණ. උන්වහන්සේගේ අනුග්‍රහයේ වචන ඔහුට අසන්ට නොලැබුණු නමුත් ගෝලයන්ගේ මාර්ගයෙන් දැනගන්ටද සැනසෙන්ටද හැකි විය. පසුව හෙරෝද්ගේ භාර්යාවගේ ඉල්ලීම පරිදි යොහන්ගේ ගෙල සිඳ දමනු ලැබීය. යෙසුස්වහන්සේ අනුව ගියාවූ, උන්වහන්සේ කළ පුදුම හාස්කම් දුටුවාවූ, සහ උන්වහන්සේගේ සැනසිලි වචන ඇසුවාවූ අය යොහන්ට වැඩ උසස් වූ, ගෞරව කරනු ලැබූ, සහ ජීවිතයේ ප්‍රීතිය භුක්ති වින්දාවූ අය ලෙස මම දුටිමි.GCSinh 7.1

    යොහාන් තුමා එලියාගේ අත්මයෙන්ද, බලයෙන්ද යුක්තව ක්‍රියා කළේ යේසුස්වහන්සේගේ පළමු පැමිණීම ප්‍රකාශ කිරීම සඳහාය. මැව් අවසාන කාලය දෙසට යොමු කල අතර මා දුටුවේ යේසුස්වහන්සේගේ දෙවන පැමිණීම ප්‍රකාශ කිරීම සඳහා එලියාගේ අත්මයෙන්ද, බලයෙන්ද ක්‍රියා කරන අයව යොහාන් තුමා සංකේතවත් කළ බවය.GCSinh 7.2

    යොර්දානයෙහිදි බව්තීස්ම ලැබුවායින් පසු යක්ෂයා විසින් පරික්ෂා කරනු ලබන පිණිස ආත්මයාණන් වහන්සේ යේසුස්වහන්සේව වනාන්තර ස්ථානයකට පැමිණෙවූ සේක. දින සතළිහක් පරික්ෂා කරනු ලැබූ අතර උන්වහන්සේ කිසි ආහාරයක් ගත්තේ නැත. යේසුස්වහන්සේ අවට වූ පරිසරය මනුෂ්‍ය ස්වභාවය හැකිලීමට පත්කරන තරම් ඉතා අප්‍රසන්න තත්ත්වයක විය. එහි වූයේ සාතන් සහ වන මෘගයන්ය. දුක් විඳීමෙන් හා ආහාර නොගැනීමෙන් උන්වහන්සේ සුදුමැලිව හා බෙහෙවින් කෘෂ වී සිටි බව මම දුටිමි. නමුත් උන්වහන්සේගේ මාර්ගය ලකුණු කර තිබිණි. උන්වහන්සේ කරන්ට ආ සේවය සම්පුර්ණ කළ යුතුය.GCSinh 7.3

    සාතන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතා දේව පුත්‍රයාණන්ව නොයෙක් අයුරින් පරික්ෂා කිරීමට සූදානම් විය. මනුෂ්‍යයෙකුගේ තත්ත්වයට පත්වීමට යන නිසා උන්වහන්සේව පරාජය කිරීමට ඔහු බලාපොරොත්තු විය. සාතන් උන්වහන්සේ වෙතට ගලක් ගෙනැවිත් ‘ඔබ දේව පුත්‍රයාණන් නම් මේ ගල රොටියක් වෙන්ට අණ කරන්නැ’යි කීය. මනුෂ්‍යයා ජීවත් වන්නේ රොටි පමණකින් නොව දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්ම බව යේසුස්වහන්සේ මෘදු ලෙස සාතන්ට පැවසු සේක.GCSinh 7.4

    යේසුස්වහන්සේ දිව්‍ය පුත්‍රයා නොවන බවට තර්ක ඉදිරිපත් කරන්ට සාතන් උත්සහ කළේය. උන්වහන්සේගේ දුර්වල දුක්ඛිත තත්ත්වය පෙන්වා තම උන්වහන්සේට වඩා ශක්තිමත් බව කියාපාන්ට විය. නුමුත්, නුඹ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මම නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි’යි කියා ස්වර්ගයෙන් වූ හඬ දුක් කරදර මැදදී උන්වහන්සේව දිරි ගැන්වීමට ප්‍රමාණවත් විය. උන්වහන්සේගේ සේවය කොතැනකදීවත් තමා දේව පුත්‍රයා බව සහ ලෝකයේ ගැළවුම්කාරයා බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට යේසුස්වහන්සේට අවශ්‍යව තිබුණේ නැත. උන්වහන්සේගේ උසස් තත්ත්වය සහ බල අධිකාරීත්වය ගැන සාතන්ට අවශ්‍ය තරම් සාක්ෂි තිබිණ. යේසුස්වහන්සේට යටත් වන්ට නොකැමැති වීම ඔහුව ස්වර්ගයෙන් පිටමං කිරීමට හේතු විය.GCSinh 7.5

    සාතන් තමාගේ ශක්තිය පෙන්වන පිණිස යේසුස්වහන්සේව ගෙන ගොස් යෙරුසෙලම් දේව මාලිගාවේ උසම කොතක් මත තබා තමා දේව පුත්‍රයා නම්, පය ගලක නොවදින ලෙස දේව දූතයින් අත්වල රඳවා ගන්න බවට දිව්‍ය පොරොන්දුව දී තිබෙන බැවින් කොතෙන් පහළට පැන දේව පුත්‍රයා බව ඔප්පු කරන ලෙස ඉල්වීය. යේසුස්වහන්සේ ඊට පිළිතුරු වශයෙන් ‘තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේව පරික්ෂා නොකරව’යි කියාත් ලියා තිබේ’ යයි පැවසු සේක. මේවා පරික්ෂා කරණකොටගෙන සාතන් උත්සාහ කළේ ගැලවීමේ සැලස්ම අසාර්ථක කිරීමටය. මෙවැනි කිසිවකින් අවලක්ෂණ කරන්ට හෝ අසාර්ථක කරන්ට හෝ සාතන්ට නොහැකි වන අයුරින් ගැළවීමේ සැලස්ම ඉතා ගැඹුරු ලෙස ස්ථාපිත කර තිබෙන බව මම දුටිමි.GCSinh 7.6

    පරික්ෂා කරනු ලබන සෑම කිතුණුවෙකුම තම අයිතිවාසිකම් ගැන තර්ක කරද්දී ක්රිස්තුස්වාහන්සේව ආදර්ශයට ගත යුතු බව මම දුටිමි. පරික්ෂාවේදී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. සතුරන්ගෙන් තමාව ආරක්ෂා කරන පිණිස ප්‍රාතිහාර්ය පාන්ට කියා ඉල්ලා සිටින්ට අපට අයිතියක් නැත. එක එල්ලේම එය දේව ගෞරවය පිණිස සිදුවේ නම් එසේ ඉල්විය හැක. යේසුස්වහන්සේ එතනින් පහලට පැන්නා නම් එයින් පියාණන්වහන්සේ ගෞරවයට පත් නොවන බව මම දුටිමි. මක්නිසාද එම ක්‍රියාව දකින්ට යන්නේ සාතන් සහ දේව දූතයන් පමණක්ය. එය ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ බලවත්ම සතුරාට තම බලය ප්‍රදර්ශනය කිරීමේ පරීක්ෂාවක් වනවා ඇත. එමෙන්ම යටත් කරගන්ට ආ තැනැත්තාට තමන් යටත් වීමක් බවටද පත්වනවා ඇත. GCSinh 8.1

    ඉන්පසු සාතන් යේසුස්වහන්සේව ඉතා උස කඳු මුදුනකට ගෙන ගොස්, මොහොතකින් ලෝකයේ සියලු රජයවල් උන්වහන්සේට පෙන්වා දීමේ සියලු රාජ්‍යවල බලයද මහිමයද මම නුඹට දෙමි. මක්නිසාද ඒවා මට භාර දී ඇත. මම කැමති කෙනෙකුට මම ඒවා දෙන්නෙමි. ඒ නිසා නුඹ මට නමස්කාර කරනවා නම් සියල්ලම නුඹට දෙමි’යි ඔහු කීවේය. එවිට යේසුස්වහන්සේ උත්තර දෙමින් සාතන් මා පස්සට යව, ‘ තාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට නමස්කාර කරව, උන්වහන්සේට පමණක් සේවය කරව’යි කියා ලිය තිබේ යයි කිසේක.GCSinh 8.2

    ගැළවීමේ සැලැස්ම එලෙසින්ම සම්පුර්ණ වුවත් තමාගේ බලය සීමාවී අවසානයේදී තමාට මරණය අත්වන බව සාතන් දනී. එබැවින් ඔහුගේ එල්ලය වූයේ දේව පුත්‍රයා ආරම්භ කල සැලැස්ම සම්පුර්ණත්වයට පැමිණෙන්ට ඉඩ නොදී බාධා කිරීමය. මනුෂ්‍යයා මුදාගැනීමේ කාර්යය ඇන සිටියහොත් රාජ්‍ය පාලනය තමා සතුව තිබෙන්නේය. තම උත්සාහයන් සඵල වුවහොත් ඔහු කියා සිටියේ තමාගේ රාජ්‍යය දෙවියන්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව පවත්වාගෙන යන බවය. GCSinh 8.3

    යේසුස්වහන්සේ ස්වර්ගයද, බලපරාක්‍රමයද අතහැර ස්වර්ගයෙන් පිටවූ විට සාතන් මහත් උද්දාමයට පත් විය. ඔහු සිතුවේ දේව පුත්‍රයා තමාගේ බලය යටතට පත්වන්ට යන බවය. ආදම් ඒව දෙදෙනා යටත් කරගැනීමට ඉතාම පහසු වූ නිසා දේව පුත්‍රයාණන්වද තමාගේ සාතනික මුළාවන් සහ බලය කරණකොටගෙන යටත් කරගැනීමට ඔහු බලාපොරොත්තු විය. පියාණන්වහන්සේගේ කැමැත්තෙන් ඉවතට යන්ට පුත්‍රයාණන්ව මුළා කරගැනීම සාතන්ගේ අරමුණ විය. යේසුස්වහන්සේ සාතන්ට පස්සට යන ලෙස අණ කළසේක. නමස්කාර කරන්නේ පියාණන් වහන්සේට පමණක්ය. සාතන් අත්පත් කරගෙන තිබෙන සියල්ල මුදාගන්නා කාලය පැමිණෙන්නේය. ඉන්පසු ස්වර්ගයෙහිද පොළොවෙහිද සියල්ලෝ යේසුස්වහන්සේට යටත් වෙති. ලෝකයේ සියලු රාජ්‍යයන් තමාට අයිති බව සාතන් කීවේය. ඔහු යේසුස්වහන්සේට යෝජනා කලේ එය ලබාගැනීමට දුක්විඳින්ට උවමනා නැති බවය. නමුත් යේසුස්වහන්සේ තමන්ගේ ස්ථාවරයෙහිම සිටි සේක. ලෝකයේ රාජ්‍යවල අයිතිය නීත්‍යානුකුල ලෙස ලබාගැනීමට උන්වහන්සේ දුක්විඳීමේ ජීවිතය තිරගත් සේක. සදාකාල උරුමයක් ලෙස ඒ සියල්ල පියාණන් වහන්සේ තමන් අතට භාරදෙන තුරු බලා සිටින සේක. විනාශකර දමන පිණිස සාතන්වද, පියාණන්වහන්සේ යේසුස්වහන්සේට භාරදෙන සේක. ඉන්පසු යේසුස්වහන්සේටවත් මහිමයට පත්ව සිටින ශුද්ධවන්තයන්ටවත් සාතන්ගෙන් කරදර වන්නේ නැත. GCSinh 8.4

    ______________________________________
    කියවන්න ද්විතීය කථාව 6: 16: 8: 3: 2: රාජාවලිය 17: 35-36: ගීතාවලිය 91: 11-12: ලූක් 2-14 පරිච්ඡේද
    GCSinh 8.5