Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    26 - ප්‍රතිසංස්කරණ ක්‍රියාවේදයක්

    සබත ශුද්ධව පැවැත්වීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමක් ලොව අවසන් කාලයේදි සිදුවන බව යෙසායාගේ අනාවැකියෙහි පවසා ඇත.ඒ මෙසේය:“ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව් වෙන්ටත් ළඟය. මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලගන සිටිමින්,සබත් දවස කඩ නොකර එය පවත්වන්නාවූ,කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වළක්වා ගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය. “ස්වාමින්වහන්සේට මෙහෙ කරන්ටත්,උන්වහන්සේගේ නාමයට ප්‍රේම කරන්ටත් ,උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමින්වහන්සේට එකතු වන්නාවූ,සබත් දවස කඩ නොකර එක රක්සා කරන්නාවූ ,මාගේ ගිවිසුම ස්ථිර ලෙස පවත්වන්නාවූ විදේශින්ද,මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා ගෘහයේ ඔවුන් ප්‍රිති වන්ට සලස්වන්නේ. ” (යෙසායා 56:1,2,6,7).GrHSin 516.1

    මෙම වදන් අදාල වන්නේ ක්‍රිස්තියානි යුගයට බව යෙසායා දිවැසිවරයා මෙසේ පවසා ඇත.”පිට කරනු ලැබු ඊශායල්වරුන් එකතු කරන ස්වාමිවූ දෙවියන්වහන්සේ :ඔවුන් වෙතට එකතු වි සිටින්නන් හැර මම තවත් අය ඔවුන්ට එකතු කර දෙන්නෙමි කියන සේක.˝(යෙසායා 56:8).සුභාරංචිය කරණකොටගෙන අන්‍යජාතිකයන් සභාරැලට එකතු වීම පිලිබඳ අනාවැකි දැක්මක් එහි සදහන්ව ඇත්තේය.ඔවුන් අතරෙහි සිටින්නාවු සබතට ගරු කරන්නාවු අයට ආශිර්වාද දානය කරනු ලබනවා ඇත.ඒ අනුව සතරවන අඥාවට අනුගත වීම,ක්‍රිස්තුස්වහන්සේගේ කුරිසිපත්විම උත්ථානය සහ ස්වර්ගා රෝහණය පසු කරමින් අනාගතය පුරා යන්නේය.මේ සුපුවත් පණිවිඩය ලෝ පුරා දේශනා කරනු ලබන තෙක් දේව සේවකයන් මෙම සබත අඩංගු පණිවිඩය ප්‍රචාරය කිරිම අනිවාර්ය වන්නේය.GrHSin 516.2

    එම දිවැසිවරයා තුළින් ස්වාමින්වහන්සේ මෙසේද පවසනු සේක.˝නුඹ සාක්ෂිය බැද ,ව්‍යවස්තාව මුද්‍රා කර,මාගේ ගෝලයන් අතරේ තබන්න.˝(යෙසායා 8:16).දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ මුද්‍රාව සතරවන අඥාවේ අන්තර්ගතය .පනත් දසය අතරෙන් මෙම පනතේහි පමණක් නීති සම්පාදකයාණන්ගේ ශ්‍රී නාමය සහ තනතුර අඩංගුව ඇත්තේය.උන්වහන්සේ අහසත්,පොළෝවත් මැවු තැනැන්වහන්සේ බව එහි දක්වා ඇත. එම සිද්ධාන්තය මුල්කරගෙන,අනෙකුත් සියලුම අයට වඩා ඉහළින් උන්වහන්සේට ගෞරවය සහ නමස්කාරය හිමිවිය යුතු බව උන්වහන්සේ දක්වන සේක. මෙම මූලාශ්‍රය හැරෙන්නට මෙම දස පනත දෙවා වදාරන්නේ කවරකුගේ බල අධිකාරිය යටතේදැයි හඳුන්වා දෙන වෙනත් සටහනක් නැත. පාප් බල අධිකාරිය විසින් සබත වෙනස් කරනු ලැබූ කල්හි එහි බලය අඩංගු මුද්‍රාව ඉවත් කරනු ලැබිනි. එම බලය අඩංගු මුද්‍රාව නැවතත් එම ආඥාවට ඇතුළු කරන්නැයි යේසුස්වහන්සේගේ ගෝලයන්ට විධාන කරනු ලැබ ඇත. උන්වහන්සේගේ බල ආධිපත්‍යයේ සලකුණත් මැවීමේ ස්මාරකයත් ලෙස සතර වන ආඥාව එහි නියමිත ස්ථානයට නැවත පිහිටුවා ලන්නට යේසුස්වහන්සේගේ ගෝලයෝ බැඳී සිටිති.GrHSin 516.3

    “ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු!” විවිධ මතවාදී ගැටුම් සහිත දහම් සහ සිද්ධාන්ත ඉදිරිපත් වීමට සෑම කල්හිම හැකියාව ඇත. ඒ අතර සෑම මන:කල්පිතයක්ම, දහමක්ම, සිද්ධාන්තයක්ම උරගා තීරණය කරගත හැකි ප්‍රමිතිය නම්, කිසිකලෙක වෙනස් නොවනසුළු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පමණකි. දිවැසිවරයා මෙසේ පවසයි. ” ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන් වීමක් නැත.” (යෙසායා 8:20).GrHSin 517.1

    නියෝගය නැවත වරක් මෙසේ නිකුත් වේ. ” නොනැවතී හයියෙන් මොර ගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මගේ සෙනගට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.” “මාගේ සෙනඟ” යනුවෙන් දෙවියන්වහන්සේ හඳුන්වන්නේ අදමිටු ලෝකය නොව ඊශ්‍රායෙල් ජාතියයි. පාප සහ වරද ගැන තරවටුවට යොමු වන්නේ උන්වහන්සේම තෝරාගත් ජනතාවමය. ” ඔවුහු දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්න වෙති. අධර්මිෂ්ටකම් කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්හැර සිටින ජාතියක් මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති“යි දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක. (යෙසායා 58:1,2) තමන් දැහැමි අය යයිද දෙවියන්වහන්සේගේ සේවයෙහි යෙදෙන්නන් යයිද කියන්නාවූ බැතිමතුන් කොටසක් කෙරෙහි අවධානයක් මෙහි යොදවා ඇත. එහෙත් හදවතේ අභ්‍යන්තරය විමසා බලන්නාවූ තැනැන්වහන්සේ ඔවුන් පිළිබඳව දරන්නේ වෙනත් ආකල්පයකි. ඔවුහු දිව්‍ය ආඥාවන් පාගා දමමින් ක්‍රියාකිරීම ගැන උන්වහන්සේ ඔවුන්ට දැඩි ලෙස චෝදනා කරන සේක.GrHSin 517.2

    අත්හැර දමා ඇත්තේ කිනම් ආඥාව දැයි දිවැසිවරයා පෙන්වා දෙයි.” නුඹෙන් පැවත එන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය;” කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අළුත්වැඩියා කරන්නා යයි නුඹට කියනු ලැබේ. නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේ දී නවත්වාගෙන,සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමින්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවනීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා හිස් වචන කථා නොකර, ඊට ගෞරව කරන්නෙහි නම් නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය.” (යෙසායා58:12,13). මෙම අනාවැකිය අපගේ දවස්වලටද, එකසේ බලපාන්නේය, එදාට මෙන්ම අදටද අදාළය. රෝම බලාධිකාරිය විසින් දෙවියන්වහන්සේගේ දස පනතෙහි සබත් ආඥාව වෙනස් කිරීම නිසා බිඳීමක් ඇති විය. නමුත් එම දිව්‍ය නියමය, සබත් පැවැත්වීම, නියම ප්‍රමිතිය කරා ගෙන යාමට කාලය පැමිණ ඇත. මෙම බිඳවැටීම අළුත්වැඩියා කළ යුතුය. බොහෝ පරම්පරාවන්හි අත්තිවාරම නැවත නගා සිටුවීම අත්‍යවශ්‍යය.GrHSin 517.3

    මැවුම්කාරයාණන්ගේ නිවාඩු ගැනීමත් සමගම, ආශිර්වාද කර ශුද්ධ දවසක් බවට තීන්දු කරනු ලැබූ සබත ඒදන් උයනෙහිදී අහිංසක තත්ත්වයේ සිටි ආදම් විසින් ශුද්ධ කොට පවත්වන ලදී. ආදම් පාපයට වැටී පසුතැවිලිවී කමා කරනු ලැබුවා ට පසුව ද ඔහු සබත ගෞරවනීය ලෙස පැවැත්විය. ආදී පියවරු සැවොම සබත පැවැත්වූවෝය. ආබෙල්ගේ දවස පටන් දමිටු නෝවාගේ දවස දක්වාද, ආබ්‍රහම්ගේ දවස සිට යාකොබ්ගේ දවස දක්වා ද ආදී පියවරුන් සබත නිසියාකාරව පැවැත්වූහ. දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ මිසර දේශයෙහි වහළුන් බවට පත් වූ විට ඔවුන්ගේ වටපිටාවේ පැවැති බලපෑම් නිසා බොහෝ අයගේ චින්තනයෙන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඇකී මැකී ගියේය. එහෙත් තමන් ජනතාවගේ අයැදුම් මධ්‍යයේ දෙවියන්වහන්සේ ඔවුන්ව වහල් බැමි වලින් මුදාගෙන පොරොන්දු දේශය කරා ගෙන ගිය සේක. ඔවුන් සීනයි කඳු පෙදෙසෙහි කඳවුරු බැඳ සිටි උන්වහන්සේ ස්වකීය ව්‍යවස්ථාව මහත් ගාම්භීරයෙන් සහ තේජසින් යුතුව රැස්ව සිටි සැවොම ඉදිරියෙහි ප්‍රකාශයට පත් කළ සේක. රැස්ව සිටි ජනතාව දෙවියන්වහන්සේගේ චින්තනය දැන හැඳින ගෙන උන්වහන්සේ ඉදිරියෙහි ගෞරවය මුසු බියෙන් යුතුව හැසිරෙමින් උන්වහන්සේට සදහටම කීකරුවීම උන්වහන්සේ අපේක්ෂා කළ සේක.GrHSin 518.1

    එදින පටන් අද දක්වාම දෙවියන්වහන්සේගේ ආඥා කෙටුම්පත් ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් මනුෂ්‍යයා තුළ පවතින්නේය. එසේම හතර වෙනි ආඥාවට අනුගතව සබත් දවස පැවැත්වීම අඛණ්ඩව දියත පුරා සිදු විය. දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ දවස පයින් පාගා දැමීමට “නොපනත්කමේ මනුෂ්‍යයා” සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද, විශ්වාසවන්ත බැතිමත්හු රහසේ සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වූහ. දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ දවසට විරුද්ධව මහා කැරැල්ලක් මෙහෙය‍ වූ විනාශයේ පුත්‍රයා අධිපතිකම් දැරූ කාලයේදී පවා සබත ශුද්ධ කොට පැවැත්වූ බැතිමත්හු විවිධ තැන්හි රැස්ව සබත පැවැත්වූහ. ප්‍රතිසංස්කරණයට පසු කාලයන්හිද සබත ශුද්ධ කොට පැවැත්වු බැතිමත්හු සෑම පරම්පරාවකම ජීවත් වූහ. එවන් අය අවලාද සහ ගැරහීම් වලට මුහුණ පෑවෝය. එහෙත් හිංසා පීඩා මධ්‍යයේ වුවද ඔවුහු විශ්වාසය කඩ නොකොට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කිසිම කලෙක වෙනස් නොවන බවට ප්‍රබල සාක්ෂියක් වූහ. මැවීමෙහි සබත සතුව ඇති පාරිශුද්ධ වූ යුතුකම් ඔවුහු නොපිරිහෙළා ඉටු කළෝය.GrHSin 518.2

    එළිදරව් 14හි ප්‍රකාශයට පත්කර ඇති ” සදාතන සුභාරංචියෙහි” මෙම සත්‍යතාවන් අඩංගුව තිබේ. ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන විට උන්වහන්සේගේ සභාවෙහි අනන්‍යතා ලක්ෂණයක් වශයෙන් මැවීමේ ස්මාරකයක් වන සබත පැවැත්වීමද ඇතුළත් වෙයි. දේවදූතුන් තිදෙනාගේ පණිවිඩයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශුද්ධවන්තයන් කණ්ඩායමක බිහිවීමක් ගැන පණිවිඩයෙහි සඳහන්ය. ඔවුහු වනාහි “දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂා කරන්නාවූ ශුද්ධවන්තයන්” වන්නාහ. ක්‍රිස්තු සමිදාණන්ගේ පැමිණීමට පෙරාතුව ලෝ වාසීන්ට දිය යුතු අන්තිම පණිවිඩය මෙය වන්නේය. මෙම පණිවිඩය ප්‍රකාශයට පත් කිරීම සමගම දිවැසිවරයාගේ දසුනට හසුවූයේ මනුෂ්‍ය පුත්‍රයාණන් අස්වැන්න නෙලා ගැනීමට තේජසින් යුතුව පැමිණීමේ සංසිද්ධියයි. GrHSin 519.1

    ස්වර්ගීය ශුද්ධස්ථානය පිළිබඳවත් ‍ව්‍යවස්ථාවෙහි නොවෙනස්වන ස්වභාවය පිළිබඳවත් ආලෝකය ලැබූ අය ප්‍රීතියෙන් පිනා ගියෝය.තමන්ගේ දැනුමට එක්වූ සත්‍යතා සංග්‍රහයේ අලංකාරය හා අන්‍යෝන්‍ය එකඟතාවය දැකීමෙන් ඔවුහු විශ්මයටත් සන්තෘෂ්ටියටත් පත් වූහ. තමන්ට ලැබී ඇති අමිල ආලෝකය මිල කළ නොහැකි අගනා සම්පතක් ලෙස සැලකූ ඔව්හු එම සත්‍යතා මාලාව කිතුනු ලෝකයේ අනෙකුත් අයට ද දෙනු ලබනවාට ආශා වූහ. අසන්නාවූ සැවොම ඉතා ප්‍රීතියෙන් මෙම සත්‍යතාවන් පිලිගනීවි යයි ඔවුහු කල්පනා නොකළෝය. හද පත්ලෙන් විශ්වාස කරාවි යැයි නොසිතුවෝය. තමන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් යැයි ප්‍රකාශ කළ බොහෝ අය තමාට පැමිණි ආලෝකය සත්‍යය යැයි පිළිගත්තද, එම දහම් බහුතර බැතිමතුන්ගේ චින්තාවලියට පටහැනි වන නිසා සත්‍යතාවන්ට අනුගතවීමට කැපවන්නට ඔවුහු කැමැති නොවූහ. සතරවන ආඥාව පැවැත්වීමට පූජාවීමක් අවශ්‍ය බැවින් එම කැපවීම කිරීමට බොහෝ අය අකමැති වූහ.GrHSin 519.2

    සබතෙහි ඉල්ලීම් ඉදිරිපත් වූ විට බොහෝ අය ලෝක බහුතරයේ තර්ක ඉදිරිපත් කරමින් සත්‍යයට මුහුණදීම මගහැර සිටියහ. ඔවුහු මෙසේ තර්ක කරන්නට වූහ.˝අපි හැමදාම, උපතේ සිටි ඉරිදා දවස ගරු කටයුතු ලෙස පැවැත්වූවා.අපේ පියවරුද ඉරිදා ගරු ලෙස පැවැත් වූවා.ඒ අතර සභාවේ සිටි භක්තිධරයන් සෑම දෙනාම වාගේ තමන්ගේ මරණය දක්වාම පැවැත්වූයේ ඉරිදා දවසයි.ඔවුන් එසේ කිරීමෙන් හරි දේ කළා නම් එම දවස අපටත් හරි දවසයි.මේ අළුත් සබත පවත්වන්නට ගියොත් අපට ලෝක මතයෙන් සහ පැවැත්මෙන් කොන් වන්නට වේවි.ඔවුන් කෙරෙහි බලපෑමක් දැරීමට අපට බැරි වේවි.ඉරිදා දවස ගරු කොට පවත්වන්නාවූ ලෝක බහුතරයක් ඉදිරියේ සත්වෙනි දවස ශුද්ධ කොට පවත්වන්නාවූ කොටසකට ඉටු කළ හැකිවන්නේ කුමක්ද?˝ක්‍රිස්තුස්වහන්සේව මෙසියස්වහන්සේ ලෙස පිළිනොගනිමින් ප්‍රතික්ෂේප කිරීමට යුදෙව්වන්ද ඉදිරිපත් කළේ මෙවැනිම තර්කයන්ය.තමන්ගේ පියවරු පුද පූජා බිලි පූජා ඔප්පු කිරීමේදී දෙවියන්වහන්සේ ඔවුන්ව පිළිගත් සේක.එසේ නම් දරුවන් විසින් එසේ කිරීමෙන් තමන්ට ගැළවීම ලබාගන්නට බැරි වන්නේ මන්දැයි යුදෙව් තරුණ පරපුර තර්ක ඉදිරිපත් කළෝය.සත්‍යවාදී කිතුණුවෝ කතෝලික ඇදහිල්ල තුළ මරණයට පත්වූවෝ යයි ලූතර්ගේ දවස්වලදී කතෝලික බැතිමත්හු තර්ක ඉදිරිපත් කරමින් තමන්ගේ ගැළවීම සඳහාද එම ආගමික දහම් තුළ විශ්වාසය ප්‍රමාණවත් යයි සැනසිලි බස් දෙඩූහ.දේව ධර්මයේ දක්වන ඇදහිල්ල හෝ ක්‍රියාදාමයන් හෝ ඉදිරිපත් කිරීමේදී ද මෙවන් තර්ක මගින් සත්‍යතාවේ සියලු ප්‍රවර්ධනයන්ට බාධා එල්ල වේ.GrHSin 519.3

    ඉරු දින නමස්කාරය වනාහි ශත වර්ෂ ගණනාවක් පුරා ස්ථාපිත වූ ධර්මතාවක් බවත් එය ඉතා පුළුල් ලෙස සභාව තුළ ව්‍යාප්ත වූ පුරුද්දක් බවත් බොහෝ අය කියා සිටියෝය.එහෙත් මෙම මතවේදයට විරුද්ධව ඉදිරිපත් කරනු ලැබූ තර්කයන් මගින් දක්වනු ලැබුවේ සබත සහ එහි පැවැත්ම බොහෝ ඈතට විහිදී යන බවත්,ඇත්ත වශයෙන්ම එය ලෝකයේ ආරම්භයේ සිටම පවතින බවත්ය.තවද, එම දවස දෙවියන්වහන්සේගේ මෙන්ම දේව දූතයන්ගේද අනුමැතිය ලැබූ දිනය බවත් ප්‍රකාශ කරන ලදී.පොළෝ තලය සඳහා අත්තිවාරම යොදනු ලැබූ අවස්ථාවේදී පහන් තාරකාවන් ගීත ගයද්දී දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවතවද්දී එම අවස්ථාවේදීම සබතෙහි අත්තිවාරම්ද දමන ලදි.(යෝබ් 38:6,7; උප්පත්ති 2:1-3). පනතෙහි ඇත්තාවූ මේ සබතට අපගේ ගෞරවාදරය යොමු කළ යුතුය.එය මිනිස් බල අධිකාරියක් විසින් පනවන ලද්දක් නොවේ.එය කිසිම මිනිස් සම්ප්‍රදායික පුරුද්දක් මත තීරණය වූ දවසක් නොවේ.එම නියමය පුරාතන තැනැන්වහන්සේ විසින් ස්ථාපිත කරන ලදි.උන්වහන්සේ සදාතන වචනය මගින් එය විධාන කරන ලදි.GrHSin 520.1

    සබත නැවත යථා තත්ත්වයට පමුණුවා ලීම පිළිබඳව එය මහජන අවධානයට යොමු වූ කල්හි ජනප්‍රිය දේවගැතිවරු දෙවියන්වහන්සේගේ වචනය විකෘති කරමින් විමර්ශනශීලී මිනිස් මනසට විවිධ තර්ක සහ මතවේද ඉදිරිපත් කළෝය.තමන්ගේ සිතැඟි පරිදි ඉරුදින නමස්කාරයෙහි යෙදීමට කැමැත්ත පළ කළ අය ශුද්ධ ලියවිලි සොයා බැලීමකින් තොරව, තම චින්තනයට ඉඩ දෙමින් ඉරිදා නමස්කාරයෙහි යෙදෙමින් කල් ගෙවන්නට වූහ.තර්ක කරමින් තුතර්ක ඉදිරිපත් කරමින් පියවරුන්ගේ සම්ප්‍රදායන් ගෙනහැර පාමින් සභාවේ ආධිපත්‍ය ඉදිරිපත් කරමින් සත්‍යය පිටුදැකීමට බොහෝ අය වෑයම් කළෝය.සත්‍ය සබත පිළිගන්නාවූ අය සතර වන ආඥාවෙහි වලංගුභාවය ඉදිරිපත් කරමින් විරුද්ධවාදීන්ට එරෙහිව නැගී සිටියහ.සත්‍යතාවයේ වචනය පමණක් අතැතිව සාමාන්‍ය ගිහියෝ උගත් ප්‍රභූන් සහ වියතුන් ඉදිරියෙහි සත්‍යය උදෙසා නැගී සිටියෝය.තේරුම් ගත නොහැකි තදබල තර්ක ගෙනහැර පාමින් ඉරිදා සම්මතය මත නැගී සිටි අය ශුද්ධ ලියවිල්ලෙහි සත්‍යය මත නැගී සිටි අය ඉදිරියෙහි පසුබා සිටියෝය.ඔවුන්ගේ තර්ක බිඳ හෙලමින් සෘජුව තර්ක ඉදිරිපත් කළ සාමාන්‍ය වැඩි උගත්කමක් නොතිබූ බැතිමතුන් ඉදිරියෙහි තමාගේ තර්ක ඵල රහිත බව ඔවුන්ට පෙනී ගියේය.GrHSin 521.1

    බයිබලීය සබත වෙනුවට ව්‍යාජ දිනයක් නියම කරගත් අය තමන්ගේ ස්ථාවරය සපථ කරන පිණිස ශුද්ධ වූ බයිබලයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකිව වෙනත් තර්කයන් කෙරේ තම අවධානය යොමු කළෝය.ඔවුහු මෙසේ තර්ක කළහ.˝අප සභාවන්හි වියත් අයට මෙම සබත් ප්‍රශ්නය ගැන හරියාකාර වටහා ගැනීමක් නැත්තේ ඇයි? ඔබලා මෙන් සත්වෙහි දවස සබත යයි පිළිගන්නේ ඉතා ස්වල්ප සංඛ්‍යාවක් පමණයි.අනික් සියළු දෙනාම වැරදි වන්නටත් ඔබලා පමණක් හරි වන්නටත් පුළුවන්කමක් නැහැ නොවේද? ක්‍රිස්තුස්වහන්සේටත්,උන්වහන්සේගේ ගෝලයන්ටත් මෙවැනිම තර්ක ඉදිරිපත් වූ බව ඔවුන්ට අමතක වී ගියේය.GrHSin 521.2

    එවන් තර්ක විතර්ක බිඳ හෙලීමට අවශ්‍ය වූ එකම පිළිතුර වූයේ ශුද්ධ ලියවිල්ලෙහි ඉගැන්වීම් ඉදිරිපත් කිරීමත්, ගෙවී ගිය යුගයන් පුරා ස්වාමීන්වහන්සේ තමන් ජනතාව සමග ක්‍රියා කර ඇති ආකාරය ගෙන හැර පෑමක් පමණකි.දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමින් එයට කීකරු වන්නන් කරණකොටගෙන උන්වහන්සේ ක්‍රියාත්මක වන සේක.අනෙකුත් අයට පවසන්නැයි දෙවියන්වහන්සේ පවසන්නාවූ දෑ ජනප්‍රිය නොවුවද එම සත්‍යතාවන් ප්‍රකාශ කිරීමට ඔවුහු මැළි නොවෙති.මනුෂ්‍යයන් අතර සිදුවන ජනප්‍රිය පාපයන් පවා පෙන්වා දීමට ඔවුහු බිය නොවෙති.ප්‍රතිසංස්කරණ වැඩ කටයුතුවලට නායකත්වය දීමට බොහෝ අවස්ථාවන්හීදි දෙවියන්වහන්සේ තෝරා ගත්තේ උගතුන්, ප්‍රවීනයන් සහ ප්‍රභූන් නොවේ.එයට හේතුවනම් එවන් අය තමන් පිළිගත් ධර්මයකට, මතයකට සහ දහම් පද්ධතීන් පිළිබඳව අධි තක්සේරුවක් දරන නිසාත්, දෙවියන්වහන්සේගේ ඉගෙනිමට තරම් උවමනාකමක්,අවශ්‍යතාවක් ඔවුන්ට නොමැති නිසාත්ය.ප්‍රඥාවේ උල්පත සමඟ පුද්ගලික සම්බන්ධතාවක් ඇති අයට පමණක් ශුද්ධ ලියවිලි තේරුම් ගැනීමට හෝ තේරුම් කරදීමට හැකියාවක් ඇත්තේය. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඉහළ තලයන් කරා නොපැමිණි අයව සත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබේ. උන්වහන්සේ එසේ කරන්නේ ඔවුන් නුගත් අය නිසා නොව දෙවියන්වහන්සේගෙන් ඉගැනීමට නුපුළුවන් තත්වයකට ඔවුන් පමුණුවන්නාවූ අහංකාරය ඔවුන් තුළ නොවන නිසාය. ඔව්හු දෙවියන්වහන්සේගේ පාසැලෙහි අධ්‍යාපනය ලබා ගනිති. ඔවුන්ගේ යටහත් පහත් නිහතමානීකම සහ කීකරුවීමේ ගුණාංග නිසා ඔවුහු ශ්‍රේෂ්ඨත්වයට පත්වෙති. තමන්වහන්සේගේ සත්‍යතාව පිළිබඳ දැනුම ඔවුන්ට පවරා දීමෙන් දෙවියන්වහන්සේ ඔවුන්ට ගෞරවය පුද කරන සේක. එම ප්‍රදානය ඉදිරියේහි භූමික ගෞරවය සහ මිනිස් උදාරත්වය වැදගත් කමක් නැති තත්ත්වයකට පත්වෙයි.GrHSin 521.3

    බොහෝ ඇඩ්වෙන්ට්ස්තවරු ස්වර්ගීය දේව මාළිගාව සහ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ සත්‍යතාවන් ප්‍රතික්ෂේප කළෝය. ඒ අතර බොහෝ දෙනෙක් ඇඩ්වෙන්ට්ස්ත මෙහෙයුම කෙරෙහි විශ්වාසයද අත හැර දැමූහ. එම ව්‍යාපාරය හා බැඳී අනාවැකි පිළිබඳව විසංවාදය අර්ථකථනයක් හා සත්‍ය නොවු නිර්වචන ගෙන හැර පාමින් ඔවුහු සත්‍යයට පිටුපා ක්‍රියා කරන්නට වුහ. ඒ අතර සමහර අය ක්‍රිස්තු සමිදාණන්ගේ ආගමනය ගැන තවදුරටත් විවිධ දින වකවානු ඉදිරිපත් කරමින් සත්‍යයෙන් බැහැරව කටයුතු කරන්නට වුහ. ශුද්ධස්ථානය පිළිබඳව එළිදරව් වෙමින් තිබූ ආලෝකය කියාපෑවේ දෙවන ඊම දක්වා අනාවැකි දින වකවානුවක් ලබා දී නැති බවය,දෙවන ඊමේ ආශිර්වාද ලත් බලාපොරොත්තුව ඉටුවන දිනය නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්කර නැති බවය. එහෙත් ආලෝක කදම්බයේන් ඉවතට හැරි ක්‍රියා කළ ඔවුහු දෙවෙන ඊමේ දවස යයි කියමින් නා නා ප්‍රකාර දින වකවානු ප්‍රකාශයට පත් කළ අතර ඒ සෑම දිනකම ඔව්හු බලාපොරොත්තු භංගත්වයට පත් වූහ.GrHSin 522.1

    මෙම සාවද්‍ය මත වාදයන් තෙසලෝනික බැතිමතුන් වෙත පැමිණි අවස්ථාවේදී ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳව වූ එකී මතවාදයන් ගැන අපෝස්තුළු පාවුල් ඔවුන්ට අනුශාසනා කළේය. දෙවියන්වහන්සේගේ වචනය මත ඔවුන්ගේ බලාපොරොත්තු සහ අභිලාෂයන් රඳවා වචනය පරීක්ෂා කර බලා නිවැරදි තීරණයකට පැමිණෙන ලෙස පාවුල් එම බැතිමතුන් දිරිමත් කළේය.ක්‍රිස්තුස්වහන්සේගේ පුනරාගමනයට මත්තෙන් ඉටුවිය යුතු සිද්ධීන් පිළිබඳ අනාවැකි පාදක කරගෙන, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ඔවුන්ගේ දවස්වලදී සිදුවන්නේ නැති බව ඔහු ඔවුන්ට පෙන්වා දුන්නේය. ඔහුගේ උපදේශාත්මක වදන් මෙසේය: “කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරින්න” කියා ඔහු පැවසුවේය.”(2 තෙසලෝනික 2:3). ශුද්ධ ලියවිල්ලෙහි අනුමැතිය නොලද බලාපොරොත්තු කෙරෙහි ඔවුන් අපේක්ෂාවන් රදවන්නේ නම් වැරදි ක්‍රියාදාමයක නිරත වීමට ඔවුන් පෙළඹෙනවා නොඅනුමානය. එසේ වූ කල්හි ඔවුන් නොඇදහිලිවතුන්ගේ ගැරහීමට ලක්වෙනවා නියතය. ඔවුන් පසුබෑමකට යොමු වීමේ අනතුරක්ද, එයට සාපේක්ෂව උදාවනු නොඅනුමානය. ඒ අතර ගැළවීම උදෙසා අවශ්‍ය වන්නාවූ සත්‍යතාවන් අනුමාන කිරීමටද ඔවුන් යොමු වෙනවා නියතය. වත්මන් ලෝකයේ අවසන් යුගයේ දිවි ගෙවන්නාවූ අයට පාවුල් විසින් තෙසලෝනික සභාවට ලබාදුන් අනුශාසනා වැදගත් පාඩමක් කියා දෙයි. ක්‍රිස්තුස්වහන්සේගේ ආගමනය පිළිබඳව නිශ්චිත කාලවකවානුවක් (දින නියමයක්) මත ඇදහිල්ල රැඳවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැති නම් එම පැමිණීම උදෙසා සූදානම් වීමට ජීවලිතතාවක් හෝ දැඩි උනන්දුවක් ඇතිව ක්‍රියාත්මක වීමට තමාට හැකියාවක් නැත්තේ යයි බොහෝ ඇඩ්වෙන්ට්ස්තවරු කල්පනා කළහ.එහෙත් නැවත නැවතත් ඔවුන්ගේ බලාපොරොත්තු උද්දීපනය කරමින් කෙරෙන්නාවූ දින නියමයන්ද, ඒ සමගම ඇතිවෙන්නාවූ බලාපොරොත්තු කඩවීමද නිසා කම්පනයන්ද මඟින් ඔවුන්ගේ සිතවලට අනාවැකි සත්‍යතාවන් කරණකොටගෙන පැහැදීමක් උදාකර දීමට බාධාවන් ඇති විය.GrHSin 522.2

    දිව්‍ය විනිශ්චය ආරම්භ වන්නාවූ නිශ්චිත දින වකවානුව දෙවියන්වහන්සේ විසින්ම නිර්දේශ කොට පළමුවන දූතයාගේ පණිවිඩය මාර්ගයෙන් මිනිස් අවධානය වෙත යොමු කරන ලදි. අනාවැකි කාලපරාස අන්තර්ගත දවස් 2300 දිගු කාලයේ අවසානය 1844 හි සරත් සෘතුව බව විවිධ ගණන් කිරීමේ ක්‍රම භාවිතය මගින් සනාථ කරන ලදී. එම තීරණයෙහි දොසක් සොයාගත නොහැකිය.මෙකි අනාවැකි කාල පරාසය පිළිබඳව එහි ආරම්භය සහ නිමාව සඳහා නොයෙක් නොයෙක් කාල වකවානු ඉදිරිපත් වුවද, එම දින නියමයන් සඳහා පැහැදිලි නොවු, සනාථ කළ නොහැකි සාධක ඉදිරිපත් වුවද, එමඟින් සිදුවුයේ වත්මන් සත්‍යයෙන් මිනිස් අවධානය ඉවත් කිරීමය.ඒ අතරම අනාවැකි පහදා දීමේදීද එය බාධාවක් විය.දෙවෙනි පැමිණිමේ දිනය ලෙස නිතර නිතර නිශ්චිත දවසක් නියම කරනු ලැබීමද,එම ඉගැන්විම වැඩි වැඩියෙන් ප්‍රචාරය කිරීම සහ ව්‍යාප්ත වීමද, සාතන්ගේ ක්‍රමෝපායනට මහත් රුකුලක් වන්නේය. ප්‍රකාශ කරනු ලැබූ නිශ්චිත දවස කිසිම සුවිශේෂී සිදුවීමකින් තොරව ගෙවී යාමත් සමගම එම ප්‍රකාශය කළ අයට ගැරහිම් සහ අවමන කිරීම් ඇරඹේ. 1843 සහ 1844 වසරවලදී පැවති ඇඩ්වෙන්ටිස්ත මෙහෙවරයටද, මෙය අවමානය ඇති කරයි.දෙවෙන ඊමේ දින වකවානුව ගැන නිත්‍ය කාලසටහන් ප්‍රචාරය කරන්නා වූ සමහර අය උන්වහන්සේගේ පැමිණීමේ වකවානුව ඉතා ඈත අනාගතයකට නිර්ණය කිරීමට යොමු වෙති. මෙසේ ඔවුහු ව්‍යාජ ආරක්ෂිත සංකල්පයක නියැලි කල් ගෙවීමට යෙදෙති.ඔවුන්ගෙන් බොහෝ අයට යථාර්ථය අවබෝධ වන විට පමා වූවා වැඩි වෙනවා ඇත.GrHSin 523.1

    ඇඩ්වෙන්ටිස්ත බැතිමතුන්ගේ අතීත අත්දැකීම් වනාහි ආදි ඊශ්‍රායෙලිතයන්ගේ ඉතිහාසයේ නැවත පණ ගැන්වීමකි. ඊශ්‍රායෙලිතය ජනතාව මිසරයේ සිට කානාන් දේශය කරා යන ගමනේද,දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කළෝය. එසේම දෙවියන් වහන්සේ ඇඩ්වෙන්ටිස්ත මෙහෙවරයෙහිදී ද මෙන් මගපෙන්වමින් ක්‍රියාත්මක වූසේක.රතු මුහුදින් එතෙර වීමේදි ඊශ්‍රායෙල් ජනතාව මුහුණ පෑ අත්දැකීමට සමාන සිද්ධියකට මුහුණ පෑමට ඇඩ්වෙන්ටිස්තවරුන්ට සිදුවිය.එහිදි ඔවුහු තමන්ට මෙතෙක් මඟපෙන්වු දේව හස්තය කෙරෙහි විශ්වාසය තබමින් ක්‍රියා කළෝ නම් “දෙවියන්වහන්සේ ලබාදුන්නාවූ ගැළවිම” දැකගැනීමට හැකියාවක් ඔවුන්ට උදාවනවා නියතය. 1844 හි මෙහෙවරයට සහභාගිවු සැවෝම තුන්වන දූතයාගේ පණිවිඩය ලැබ ශුද්ධාත්මයාණන්ගේ බලය මුසුව එය ප්‍රචාරය කිරීමට එක්සත්ව ක්‍රියා කළෝ නම්, දෙවි සමිඳාණෝ ඔවුන්ගේ වෑයමට උදාර ප්‍රතිඵල ලබාදෙනවා නොඅනුමානය. දීප්තියෙන් අනූන වු ආලෝක කදම්බයක් ලොව මත පතිත වෙනවා එකාන්තය. මීට වසර ගණනාවකට පෙර පොළොවෙහි වසන්නාවූ සමට අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ලබාදී ඔවුන් දැනුවත් කර අන්තිම වැඩ කටයුතු හමාර වි නම් තමන්වහන්සේගේ සෙනඟ මුදාගැනීම සඳහා ක්‍රිස්තු සමිදාණන් මෙලොව කරා පැමිණිම සිදුවී හමාර වන්නට ඉඩ තිබිණ.GrHSin 524.1

    ඊශ්‍රායෙල් ජනතාව වසර හතළිහක් පුරා පාළු කරයේ ඔබ මොබ යෑම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවීය. උන්වහන්සේගේ සැලැස්ම තිබුණේ ඔවුන් කෙළින්ම කානාන් දේශය කරා ගෙන ගොස් ඔවුන් ශුද්ධවු ද, ප්‍රීතිමත්වූ ද, ජනතාවක් ලෙස එරටෙහි ස්ථාපිත කිරීමය. එහෙත් ඔවුන්ගේ “නොහැදිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල් වෙන්නට නුපුළුවන්”විය.(හෙබ්‍රෙව් 3:9)කැරලි ගසමින් පසුබට වීම් වලට අනුගත වු නිසා ඔව්හු වනාන්තරයෙහිදි විනාශයට පත්වූහ. පොරොන්දු දේශයට ඇතුළු වීමට වෙනත් අයට වාසනාව උදාවිය.ක්‍රිස්තු සමිදාණන්ගේ පැමිණිම මෙපමණ කලක් පමා වීමද උන්වහන්සේගේ සෙනඟ මෙතරම් දිගු කලක් පාපයෙන් පිරී ශෝකයෙන් පිරි මේ ලෝකයේ රැඳී සිටීමද දෙවියන්වහන්සේගේ අභි මනාපය නොවීය.නමුත් අවිශ්වාසය දෙවියන්වහන්සේගේන් මිනිසා වෙන් කරවීය. ඇඩ්වෙන්ටිස්ත මෙහෙවරයෙහි පුරෝගාමීන් වූ බොහෝ අය ඔවුන්ට දෙවියන්වහන්සේ භාර කළ කර්තව්‍යය ඉටු නොකළ නිසා දේව දූතුන් තිදෙනාගේ පණිවිඩය ප්‍රකාශ කිරිමට උන්වහන්සේ වෙනත් මනුෂ්‍යයන් තෝරාගත් සේක.ලෝකය කෙරෙහි කරුණා - මෛත්‍රිය නිසා යේසුස් සමිඳාණෝ තමන්වහන්සේගේ ආගමනය පමා කරනසේක. දෙවියන්වහන්සේගේ උදහස මිනිස් සත මත්තෙහි වගුරවා ලීමට පෙර පව්කාරයාට උන්වහන්සේගේ අනතුරු ඇගවීමේ පණිවිඩය අසන්නට ඉඩ ප්‍රස්ථාවක් ලබාදී උන්වහන්සේ තුළ රැකවරණය ලබාගැනීමේ අවස්ථාව උදා කරන පිණිස උන්වහන්සේ දෙවෙනි ඊමේ දවස පවා කරනසේක.GrHSin 524.2

    සෑම යුගයකදීම එකම පවතින්නාවූ වැරදිවලට සහ පාපයන්ට එදිරිව කථා කිරීමේදී, විරෝධතාවන් සහ බාධක එල්ල වීම අරුමයක් නොවන්නේය.” නපුරුකම් කරන සෑමදෙනාම ආලෝකයට වෛර වී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.” (යෙහන් 3:20). තමන්ගේ විශ්වාසය රඳවන්නාවූ යම්කිසි විෂයක් ශුද්ධ ලියවිලි මගින් ඔප්පු කිරීමට නොහැකිවු අවස්ථාවන්හිදී කුමන ආකාරයකින් හෝ තම මති මතාන්තර රැකගැනීමට මනුෂ්‍යයෝ වෙර දරති. ඒ සඳහා ඔවුන් යොමු වන්නේ එම විෂය පිළිබඳව ජනප්‍රිය නොවූ එකී සත්‍යතාව රකින්නාවු අයගේ චරිත සහ ඇදහිල්ල ඝාතනය කිරීමටය. සෑම යුගයකම මෙම කර්තව්‍යය එකසේ ක්‍රියාත්මක විය.ඊශ්‍රායල් රාජ්‍ය කළඹවන්නෙකු ලෙස එලියා නම් කරන ලදී. රාජ ද්‍රෝහියකු ලෙස යෙරෙමියා නම් කරන ලදි. දේවස්ථානය කිළිටි කරන්නෙකු ලෙස පාවුල් දෝෂාභියෝගයකට ලක් කරන ලදී. එදා පටන් අද දක්වාම සත්‍යතාවට පක්ෂපාතීව සිටින්නාවූ අය මිනිසුන් නොමග යවන්නන් ලෙසද මිථ්‍යාමත දරන්නාවූ දුර්ලබ්ධිකයන් ලෙසද නැතහොත් අසමගිය වපුරවන්නවුන් ලෙසද දෝෂාරෝපණයට ලක් කර තිබේ.දිවැසි ප්‍රසාදි ප්‍රකාශන පිළිගැනීමට හෝ විශ්වාස කරන්නට අකමැති වු විශාල සංඛ්‍යාත ජනතාවක්,පොදුවේ කෙරෙන්නාවු පාපයන්ට එරෙහිව දොස් පවරන්නාවූ අයට විරුද්ධව කෙරෙන්නාවු චෝදනා දොහොත් මුදුණින් පිළිගනිති.ජනප්‍රිය විලාසිතාවක් වු පාප රැල්ල එරෙහිව හඬ නඟන්නන් අවමානයට ලක් කරන,උපහාසයට පත්කරන මෙම රැල්ල තව තවත් වැඩි වෙනවා ඒකාන්තය.ඉදිරියෙහිදි පැමිණෙන්නාවු එක්තරා කාලපරිච්ඡේදයක් ගැන ශ්‍රද්ධ බයිබලය මෙසේ විස්තර කරදි ඇත. එම කාලයේදී රජයේ නීති රීති දෙවියන්වහන්සේගේ ආඥාවන්ට විරුද්ධව දියත් වෙනවා ඇත.දිව්‍ය ආඥාවන්ට පූර්ණාකාරයෙන් කීකරු වන්නන්ට නපුරු කරන්නන් ලෙස චෝදනා එල්ල කරමින් දඬුවම් පමුණුවන ලබනවා ඇත. දඬුවම් ඉදිරියේ මෙන්ම අවලාද සහ අපකීර්තිය ඉදිරියෙහිද නැගී සිටීමට ඔහු නිර්භීත විය යුත්තාහ.GrHSin 525.1

    මෙවන් සිදුවීම් මධ්‍යයේ සත්‍යතාවේහි පණිවිඩකරුවාගේ වගකීම කුමක්ද? සත්‍යතාව ඉදිරිපත් කළ යුතුය, නැතහොත් එසේ නොකර සිටිය යුතුය යන්න ගැන තීරණයකට එළඹීමට ඔහුට හැකියාවක් තිබේද? සත්‍යතාව ඉදිරිපත් කිරීමේදී සිදුවන්නාවූ ප්‍රතිඵලය වන්නේ මිනිසුන් එයට ඇහුම්කන් නොදී,මගහැර යාම වුවද තවදුරටත් සත්‍යතා අනාවැකි ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට අපට කිසිම අයිතියක් නැත. මක්නිසාදයත් පෙර සිටි ප්‍රතිසංස්කාරකයන්ද බාධක සහ විරෝධතා ඉදිරියෙහි තම වගකීම් භාරය ඉටු කිරීමෙන් නොවැළකී සිටි ලෙසම නූතන පණිවිඩකරුවෝද, ඔවුන් මෙන්ම ඉදිරියට ගමන් කළ යුත්තාහ. පෙර සිටි ශුද්ධවන්තයන් සහ වේද සාක්ෂිකයන් කරන ලද ඇදහිල්ලේහි ප්‍රකාශන වාර්තාගතව ඇත්තේ මතු පරම්පරාවන්ගේ අභිවෘද්ධිය උදෙසාය.ශුද්ධවන්තකමේ සහ විශ්වාසවන්තකමේ අභිමානයෙහි ජීවමාන ආදර්ශයන් වු ඔවුන්ගේ කියුම් කෙරුම් වත්මන් යුගයේ පණිවිඩකරුවන් දිරිමත් කරමින් ඔවුන්ට ආනුභාවය ලබාදීමේ චේතනාවෙන් මෙම සිද්ධීන් වාර්තාගත කර ඇත.ඔවුන් සත්‍යතාව සහ කරුණා අනුග්‍රහය ලැබූවේ දෙවියන් වහන්සේ පිළිබඳව දැනුම සකල ලෝ වාසීන්ට දෙමින් මුළු පොළෝ තලයම ඒකාලෝක කරවන පිණසය. වත්මන් පරපුරක දිවි ගෙවන්නාවු තමන්වහන්සේගේ සේවකයන්ට දෙවියන්වහන්සේ එවන් ආලෝකය දානය කර තිබේද? එසේ ලබාදී තිබේ නම් ඔවුහු එම ආලෝකය ලෝ පුරා බැබළවීමට ක්‍රියා කළ යුත්තාහ.GrHSin 525.2

    පුරාණයේදී තමන්වහන්සේගේ නාමයෙන් කථා කළ එක් පුද්ගලයෙකුට ස්වාමීන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක.”නමුත් ඊශ්‍රායෙල් වංශය මට ඇහුම්කන් දෙන්ට කැමති නැති බැවින් ඔවුහු නුඹට ඇහුකම්කන් දෙන්නට කැමති නොවෙති.”එසේ වුවද, වුවද උන්වහන්සේ මෙසේ පවසන සේක.” ඔවුන්ඉතා කැරලිකාර බැවින් ඔවුන් අසතත්, නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.”(එසකියෙල් 3:7: 2:7) මේ කාලේ සේවයේ යෙදී සිටින සෑම දේව සේවකයකුටම මෙසේ නියම වී තිබේ.” නොනැවති හයියෙන් මොර ගසා හොරණෑවක් මෙන් ඔබේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද, යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න. GrHSin 526.1

    “මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඊශ්‍රායෙල් වංශයට මුරකාරයෙකු කළෙමි. නුඹද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න. එම්බා දුෂ්ටය,නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කථා නොකර සිටීතොත්, දුෂ්ටවු ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත.එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අය කරන්නෙමි. එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත.නුඹ නුඹේ ප්‍රාණය ගළවා ගත්තෙහිය.” (එසකියෙල් 33:7 -9). ඊශ්‍රායෙල්හි දිවැසිවරයාට දෙවියන්වහන්සේ මෙහෙකාරයෙන් ප්‍රකාශ කළසේක. මෙම භාරදුර සහ බියමුසු වගකීම,ආලෝකය ලැබු සෑම අයෙකුටම,අවස්ථාව ලැබෙන ආකාරයෙන් ඉටු කිරිමේ වගකීම් බලපවත්වන්නේය.GrHSin 526.2

    සත්‍යතාව පිළිගැනීමට සහ එය ප්‍රකාශයට පත්කිරිමට ඉදිරිපත් විම හා බැඳි ප්‍රබල බාධකයක් වන්නේ පිටස්තරියයන්ගෙන් එල්ල වන්නාවු පරිභව සහ අවලාද මෙන්ම අවමන් සහ හිංසා පීඩාවන්ය.සත්‍යතා පණිවිඩය ප්‍රකාශ කිරිමට ඉදිරිපත් වන්නාවු අය එයින් බැහැර වීම සඳහා ඉදිරිපත් කළ හැකි එකම තර්කය නම් එම බාධාවන්ය. එහෙත් අවංක කිතුණු අනුගාමිකයන්ට මෙය බාධාවක් නොවන්නේය. ඔවුහු තමන් ප්‍රකාශ කරන සත්‍යතාව ජනප්‍රිය වන තෙක් බලා නොසිටිති. තමන්ගේ වගකීම පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව ඔවුහු කැමැත්තෙන්ම කුරුසිය තෝරා ගනිති. ඔවුහු අපෝස්තුළු පවුල් සමඟ එක්වෙමින් මෙවන් ස්ථාවරයක පසු වෙති:” මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාවූ අපට ඉතාමත් වැඩි වශයෙන් සදාකාලි තෙජස් භාරයක් සාදා දෙන්නේය”මෙය ඔවුන්ගේ පැතුමය.(2 කොරින්ති 4:17)” කලකට පාපයෙ සැප භුක්ති විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනභ සමග දුක් විඳීම” තෝරා ගනිමින් ඔව්හු මෙසේ මෝසෙස්ගේ චින්තනය හා එකඟ වෙති . (හෙබ්‍රෙව් 11;26)GrHSin 527.1

    යමකුගේ වෘත්තිමය තානාන්තරය කුමක් වුවද, ආගමික ප්‍රශ්නයකදී ප්‍රඥප්ති මත නොපිහිටා නීති රීති අනුව ක්‍රියා කරන්නෝ හදවතින් සේවය කරන්නේ ස්වර්ගීය පිළිවෙත අනුව නොව ලෝක ක්‍රමවේදය අනුවය. නිවැරදි දේ නිවැරදි නිසාම අප විසින් එය තෝරා ගත යුත්තෙමු. එහි ප්‍රතිවිපාක දෙවියන්වහන්සේගේ භාරයට පත්කළ යුතු වෙමු. ප්‍රඥප්ති පාවා නොදී ඇදහිල්ලෙන් යුතුව අභීතව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන්හි යෙදුනු වීරෝධාර භවතුන්ට ලෝකයා ණය ගැතිය. එවන් පුද්ගලයන් විසින් වර්තමාන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන්ද ඉදිරියට ගෙන යා යුතුය.GrHSin 527.2

    දෙවි සමිඳාණෝ මෙසේ ප්‍රකාශ කරන සේක: “ධර්මිෂ්ඨකම දන්නාවූ මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවු සෙනගෙනි මට කන්දෙන්න: මනුෂ්‍යයන්ගේ නින්දා කිරීමට භය නොවෙන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න. මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් මෙන් කා දමන්නේය. පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.” (යෙසායා 51:7, 8).GrHSin 527.3