Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහා අරගලය 1858

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    ප්‍රස්ථාවනාව

    ~ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු “එම වචනයට අනුව ඔවුන් කථා නොකළොත් එසේ වන්නේ ඔවුන් තුළ ආලෝකය නැති නිසාය” යෙසායා 8:20 GCSinh .0

    21 වන සියවස ආරම්භයේ සිට පෙනී යන්නේ සෑම කෙනෙක්ම අනාගතවක්තෘ කෙනෙක් බවට පත්ව සිටිනවා මෙනි. අන්තර් ජාලය තුළද මීට සම්බන්ධ පුද්ගලයන් ඇතුළත් කර ඇත. මේවායෙහි සමහර අය අමුතු පුදුම දේ කථා කරති. ඔවුන් කියා සිටින ආකාරයට ඔවුන් දේව වචනය ලබන්නාවූ අය ලෙස අපට විශ්වාස කළ හැකිද? ඔවුන් පවසන්නාවූ දේ ව්‍යවස්ථාවද සාක්ෂියද සමග සමාන කර බැලිය යුතුය. ආදී කාලයේ පටන් තම සෙනඟට දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ පණිවිඩ ලියනු ලැබ, දැන් පොත් වශයෙන් බයිබලයට ඇතුලත්ව ඇත. මේ ලියවිලි එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය නොහැක.GCSinh .0

    අන්තිම කාලයේදී අනාගතවාක්‍ය කීම් ආගමික ප්‍රශ්නයක් වන නිසා එවන් දේ සෝදිසියකට භාජනය කළ යුතු බවට යේසුස්වහන්සේම අනාවැකියක් පැවසු සේක. බොහෝ බොරු අනාගතවක්තෘන් නැගිට බොහෝ දෙනෙකු මුළා කරන්නෝය. මතෙව් 24:11 මෙයට එකතු කිරීමක් ලෙස දෙවියන්වහන්සේ යොහාන් තුමා තුළින්ද දැනුම් දීමක් කළසේක. ප්‍රේමවන්තයෙනි, සෑම ආත්මයක්ම විශ්වාස නොකරල්ලා නමුත් එම ආත්ම දෙවියන්වහන්සේගෙන් දැයි සෝදිසි කර බලාපල්ලා. මක්නිසාද බොහෝ බොරු අනාගතවක්තෘවරු දැනටම ලෝකයට පිටත්ව ගොස් ඇත. 1 යොහාන් 4:11. වයිට් මහත්මිය ගැන විශේෂත්වයක් නැත. මෙම පොත ගෙන ශුද්ධ ලියවිලි සමග සමාන කර ඊට එකඟද කියා සෝදිසි කර බලන්න. මුළු සත්‍යය කරා මගපෙන්වන ලෙස ශුද්ධාත්මයාණන්ව එවන ලෙස ස්වර්ගීය පියාණන් වහන්සේට යාච්ඤා කරන්න.GCSinh .0

    විසිවන සියවසේ අවසාන අවුරුදු කීපය වන තුරු ජීවත්වූ ක්‍රිස්තියානින් යයි කියාගත් හැම දෙනෙක්ම වාගේ දෙවියන්වහන්සේගෙන් එළිදරව් ලබා ගන්නවා යයි පැවසූ ඇයට විරුද්ධව සිටියහ. ඔවුන්ගේ ස්ථාවරය ඔප්පු කිරීමට ඔවුන් ඉදිරිපත් කළේ, එළිදරව් 22:18, 19 දක්වා විස්තරයන්ය. මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි. එනම් යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් දෙවියන්වහන්සේ මේ පොතේ ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ යමක් ඇහැක් කරන්නේ නම් මේ පොතෙහි ජීවන වෘක්ෂයෙන්ද ශුද්ධ නුවන්ද දෙවියන්වහන්සේගේ ඔහුගේ කොටස අහක් කරන සේක යනුයි.GCSinh .0

    දැන් මෙම කියමන්වලින් අදහස් කරන්නේ යොහාන් තුමාගෙන් පසු දෙවියන්වහන්සේගෙන් වූ අනාගතවක්තෘවරුන් නොසිටින බවද? එය එසේ නම් බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේශම් වෙයල්ලා යයි පැවසුවේ මන්ද? ආත්මයන් සෝදිසි කරන්නට යයි යොහාන් තුමා ලවා ප්‍රකාශ කර ඇත්තේ ඇයි? යොහාන් තුමාගෙන් පසු කිසිම අනාගතවක්තෘවරයෙකු විශ්වාස කරන්නට එපා යයි කීවා නම් වඩාත්ම පහසුයි නොවේද? නමුත් දේව සැලස්ම එය නොවේය. අවශ්‍යතා අනුව උන්වහන්සේ අලුත් සත්‍යතාවයන් දෙන සේක. තම කැමැත්ත එළිදක්වන සේක. සිතින් අවංකව සිටින අය ඒවා සත්‍යදැයි බලා සතුටින් පිළිගෙන, අනුගමනය කරති. සාතන්ටද ක්‍රියා කරන්නට ඉඩ දී ඇත. එසේ නොවුයේ නම් දෙවියන්වහන්සේ අසාධාරණ යයි ඔවුන් දොස් කියනවා ඇත.GCSinh .0

    සමහර අය මගහැර ගොස් ඇති ඉතා වැදගත් ප්‍රශ්න කිහිපයක් ශුද්ධාත්මයාණන් වහන්සේ පාවුල් තුමා මගින් ඉදිරිපත් කර ඇත . 1 කොරින්ති 12. සියල්ලෝම අපෝස්තුළුවරුද? සියල්ලෝම අනාගතවක්තෘවරුද? සියල්ලෝම ප්‍රාතිහාර්ය කරන්නෝද? සෑම දෙනාටම සුවකිරීමේ දීමනාව තිබේද? සැමදෙනාම අන් භාෂා කථා කරත්ද? ඊටත් වඩා උතුම් මාර්ගයක් මම නුඹලාට පෙන්වමි යයි කියමින් අපට ප්‍රේමය නැත්නම් මෙම දීමනාවලින් කිසි ප්‍රයෝජනයක් නැති බව පෙන්වා දෙයි. 14 වන පරිච්ඡේදයෙන් පාවුල් තවත් පියවරක් ඉදිරියට යමින් ප්‍රේමය සොයන්න, ආත්මික දීමනාවලට ආශා වන්න. ධර්මවාක්‍ය කියන්ට උනන්දු වෙයල්ලා. අන් භාෂා කථා කිරීම තහනම් නොකරල්ලා ආත්මයාණන් වහන්සේ නොනිවල්ලා. අනාගතවාක්‍ය කීම් සුළු කොට නොසිතල්ලා. සියල්ල සෝදිසි කර බලා හරි දේ අල්ලා ගනිල්ලා. 1 තෙසලෝනික 5:19-21.GCSinh .0

    එලන් වයිට් මහත්මියට මහා අරගලය සම්බන්ධව දර්ශන දෙනු ලැබුවේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ලොයිඩ්ස් ග්‍රෝව්‍ නම් ස්ථානයේදී 1858 වසරේදීය. දර්ශනයේ බොහෝ දේ ඇය දුටුවේ මීට වසර 11 කට පෙරය. නමුත් මෙම අවස්ථාවේදී ඇය දකින සියල්ල සාතන් කොතෙක් විරුද්ධකම් පෑවත් ලිය තබන ලෙස ස්වාමින්වහන්සේ ඇයට පැවසු සේක. සමහර කොටස් ‘කුඩා රැළ’ යන පත්‍රිකාවෙන්ද, විශේෂයෙන් 30 වන පරිච්ඡේදය 1847 වසරේදී හා ක්‍රිස්තියානි අත්දැකීම් යන කුඩා පොත 1851 වසරේදී ද, ‘තවත් විස්තර’ යනුවෙන් 1854 දී ද ප්‍රකාශයට පත්කරන ලදී. මේ සියල්ලම ශුද්ධාත්මයාණන් වහන්සේගේ පෙළඹවීම ඇතිව ලියා දී ප්‍රකාශයට පත් කළේ ඇය ඉතා දුර්වල කාන්තාවක්ව සිටි අවධියේ වූ 1858 වසරේදීය. බයිබලය පොළොවෙන් තුරන් කර දැමීමට සෑම උත්සාහයක්ම දැරූ සාතන් ලෝකයේ දෙවෙනි තැන ගන්න මෙම පොතද දුෂණය කර විනාශ කිරීමට උත්සහ දැරීය. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය ආරක්ෂා කළසේක.GCSinh .0

    අපගේ ලෝකයේ මෙතරම් කරදර රාශියක් එනම් යුද්ධ, අපරාධ, ලිංගික අශුද්ධ තත්ත්වය එපමණක් නොව ආගමික ඇදහිලි රාශියක් ඇත්තේ මන්දැයි අසන අය සිටිති. ක්‍රිස්තුස්වහන්සේ සහ සාතන් අතර පවතින මහා අරගලය කියවා අවබෝධ කරගැනීමෙන් මේවාට පිළිතුරු ලබාගත හැකිය. මෙම අරගලය ආරම්භ වී පවතිමින් ඇත්තේ අපගේ ආරම්භයටත් පෙර සිටය. මෙය කියව ඔබ මෙම පොතෙහි ලිය තිබෙන සියල්ල දේව වචනය වන බයිබලය සමග සසඳා සියල්ල සෝදිසි කරන අතර, ස්වාමින්වහන්සේගේ උතුම් දීමනාව ඔබට දෙනු ලැබේවා.GCSinh .0

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents