Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    25 - වෙනස් නොවන වෙනස් කළ නොහැකි දේව නීතිය

    “එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරින ලද්දේය.උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය.˝ (එළිදරව් 11:19). දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව බහාලු ගිවිසුම් පෙට්ටිය පුජ්‍ය ස්ථානයේ දෙවන මණ්ඩපය වු අති ශුද්ධස්ථානයේ තැන්පත් කර තිබුණේය.භූමික පූජ්‍ය ස්ථානයේ සිදුකරන ලද ස්වර්ගීය දේවල සටහනක්වූ තේවා කටයුතුවලදී මෙම මණ්ඩපය විවෘත කරන ලද්දේ සමගි කිරීමේ දවසෙහිදී පමණක්ය.එය පූජ්‍ය -ස්ථානය පවිත්‍ර කිරීම සඳහා විය.එහෙයින් දෙවියන්වහන්සේගේ දේව මාළිගය විවෘත කරන ලද්දේය, ගිවිසුම් පෙට්ටියද දේව මාළිගය තුළ දැකගන්නට ලැබුණේය යන පණිවිඩය දක්වන්නේ 1844 දී සගයේ පූජ්‍ය-ස්ථානයේ අති ශුද්ධස්ථානයට පිවිසෙන දොරටුව විවර කරනු ලැබීමය. සමගි කිරීමේ මෙහෙයේ අවසන් සේවාවන් ඉටුකිරිමට ක්‍රිස්තුස්වහන්සේ එහි සැපත්වූ සේක. ඇදහිල්ල මගින් තම උත්තම පූජකයාණන් අනුව යමින් සගයේ අති ශුද්ධස්ථානයට පිවිසි අයට එහි තැන්පත් කර තිබූ ගිවිසුම් පෙට්ටිය දැකගන්නට ලැබිණි.පූජ්‍ය-ස්ථානය පිළිබඳව විෂය ඔවුන් බොහෝසේ ඉගෙනගෙන තිබූ නිසා ගැළවුම්කාරයාණන්ගේ මෙහෙවරයෙහි වෙනස ඔවුන්ට අවබෝධ කරගත හැකිවිය.එහිදී ඔවුන්ගේ නෙත් ගැටුණේ උන්වහන්සේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහිදී තමන්වහන්සේගේ ශ්‍රී රුධිරය පව්කරුවන්ගේ පාප උදෙසා පිළිගන්නැයි අයදින ආකාරයයි.GrHSin 496.1

    භෞමික පූජ්‍ය-ස්ථානයේ තිබූ ගිවිසුම් පෙට්ටිය තුළ දස පනත කෙටූ ගල් පුවරු දෙක තැන්පත් කර තිබුණේය.එම ගල්ලෑලි මත දෙවියන්වහන්සේගේ දසපනත මුද්‍රාකර තිබුණේය.ගිවිසුම් පෙට්ටිය සාදා තිබුණේ දස පනත රැගත් ගල්ලෑලි දෙක බහාලීම සඳහාය.එය තුළ දස පනත තැන්පත් කර තිබූ නිසා එයට විශේෂ වටිනාකමක්ද,පාරිශුද්ධකමක්ද හිමිවිය.සගයෙහි වූ දෙවියන්වහනසේගේ දේව මාළිගය විවරවූ අවස්ථාවේදී එහි තුළ තිබුණාවු ගිවිසුම් පෙට්ටිය දැකගත හැකි විය. සගයේවූ පූජ්‍ය-ස්ථානයේ ඇති අති ශුද්ධස්ථානයෙහි දිව්‍ය ව්‍යවස්ථාව අතිශුද්ධ අයුරින් නිදන් කොට (තැනපත් කොට) තිබේ.එම ව්‍යවස්ථාව වනාහි සීනයි කඳු මස්තකයේ සිට ගිගුරුම් හඬ මැද දෙවියන්වහන්සේ විසින්ම ප්‍රකාශ කළ දස පනතය.තවද උන්වහන්සේ එම වදන් වාක්‍ය ගල් පුවරු මත ස්වකීය ශ්‍රී ඇගිල්ලෙන් ලේඛණගත කළසේක.GrHSin 496.2

    සගයේ පිහිටි දේව මාළිගාවේ තැන්පත් කර ඇති ව්‍යස්ථාව නීතිමය මුල් ශ්‍රේෂ්ඨ පිටපත වන්නේය. ගල් පුවරු මත ලියා ඇති, මෝසෙස් විසින් බයිබලයෙහි ලේඛණගත කර ඇති ව්‍යවස්ථාව වනාහි එහි, වෙනසකින් තොර ප්‍රත්‍යක්ෂ පිටපතකි.මෙම වැදගත් කරුණ පිළිබඳව අවබෝධයකට පැමණි අය දිව්‍ය ව්‍යවස්ථාවේ ශුද්ධවූ ප්‍රත්‍යක්ෂ ගුණාංග දැකගත්තෝය. පෙර නොවූ විරූ ආකාරයෙන් විමුක්තිදායකයාණන්ගේ වදන් බලවත් ලෙස ඔවුන්ගේ හදවත් තුළට කිඳා බැස්සේය. උන්වහන්සේ මෙසේ පැවසූසේක. ˝සැබවක් නුඹලාට කියමි අහසත්, පොළොවත් පහව යනතෙක්, සියල්ල සිදුවන තුරු ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.˝ (මතෙව් 5 :18). දෙවි සමිදාණන්ගේ කැමැත්ත එළිදරව් කරන මේ නීති සංග්‍රහය උන්වහන්සේගේ චරිතයෙහි ලිඛිත පිටපතකි. එය සගයෙහි ඇති සත්‍යවාදී සාක්ෂියක් ලෙස සදහටම පැවතිම අනිවාර්ය වන්නේය. නීති සංග්‍රහයෙහි එක් වගන්තියක් හෝ අවලංගු කර නැත. එක් අකුරක් පිල්ලක් හෝ වෙනස් කර නැත. ගීත රචකයා මෙසේ පවසා තිබේ:˝ ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.˝ ( ගීතාවලිය 119: 89).˝උන්වහන්සේගේ පනත් සියල්ල නියතය, ඒවා ... සදාකාලයටම පිහිටුවා තිබේ.˝( ගීතාවලිය 111 :7, 8). GrHSin 497.1

    දස පනතෙහි කේන්ද්‍රස්ථානය වන්නේ හතර වැනි ආඥාව‍ය. එම ආඥාව මුල්වරට ප්‍රකාශනයට පත්වූයේ මෙලෙසය. ˝සබත් දවස ශුද්ධ කොට පවත්වන්නට සිහි කරගනුව, සදවසක් වැඩ කරමින් නුඹේ සියලු වැඩ කර්මාන්ත කරගනුව. එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවු ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹවත්,නුඹේ පුත්‍රයාවත්,නුඹේ දුවවත්, නුඹේ වැඩකාරයාත්, නුඹේ වැඩකාරීයවත්,නුඹේ සිව්පාවෝත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව් කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවු සියල්ලත්, සදවසින් සදා සත්වෙනි දවසෙහි නිවාඩු ගත්සේක.එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළසේක.˝( නික්මයාම 20: 8 — 11).GrHSin 497.2

    දෙවියන්වහන්සේගේ ශුද්ධවූ වචනය හදාරමින් සිටි සිසුන්ගේ හදවත්වලට උන්වහන්සේගේ ආත්මයාණෝ සත්‍යයයේ ආලෝක දහරා කාවැද්දූ සේක. මැවුම්කාරයාණන්ගේ නිවාඩු දවස නොසලකා හරිමින් නොදැනුවත්කමින් මේ ශික්ෂාව කඩකර ඇතැයි යන හැඟීමෙන් ඔවුන්ගේ හෘදය සාක්ෂිය දැඩි හැඟුම්බර චින්තනයක් අවදි කළේය. දෙවියන්වහන්සේ විසින් පාරිශුද්ධ කළ දවස වෙනුවට සතියේ පළමු වැනිදා පැවැත්වීමට හේතු කාරණා සොයා දැනගැනීමට ඔවුහු පෙළඹුණෝය. දස පනතේ හතරවැනි ආඥාව වෙනස් කර ඇතැයි යන්න පිළිබඳව සාක්ෂීන් ශුද්ධ ලියවිලි තුළ ඔවුන්ට හමු නොවිය. සබත් දවස වෙනස් කිරීමක් ගැන කිසිම හෝඩුවාවක් හෝ ශුද්ධ බයිබලයේ නොවීය. සබත් දවස ශුද්ධ කරමින් ඒ දවසට දුන්නාවූ ආශිර්වාද කිසිම දිනක වෙනස්කර නැති බව ඔවුන්ට ඒත්තු ගියේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමත් එය තම ජීවිත තුළ ක්‍රියාකලාපය තුළදි තමන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙනී යාමෙන් ඔවුන්ගේ සිත් සංතාපයෙන් වෙලී ගියේය. ඔවුහු තම පක්ෂපාතීකම පෙන්නුම් කරමින් සබත් දවස නිසියාකාරව පැවැත්වීමට පටන් ගත්හ.GrHSin 497.3

    ඔවුන්ගේ ඇදහිල්ල පරාජය කිරීමට බොහෝ ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය. භෞමික පූජ්‍ය - ස්ථානය සගයේ තිබෙන්නාවූ දේව මාළිගයේ ආදර්ශයක් නොහොත් අඩිතාලමක් නම්, භෞමික පූජ්‍යස්ථානයේ වු ගිවිසුම් පෙට්ටියේ තැන්පත් කර තිබූ ව්‍යවස්ථා නීති සංග්‍රහය සගයේ ගිවිසුම් පෙට්ටියෙහි තිබූ දශ පනතෙහි සත්‍යවූ පිටපතක් වීම අනිවාර්ය වන්නේය. ස්වර්ගයේ දේව මාළිගාවේහි පැවැත්ම පිළිගන්නේ නම්, දෙවියන්වහන්සේගේ නීති සංග්‍රහය ඉල්ලා සිටින්නාවූ කීකරුකම අවිවාදයෙන් ඉටු කළ යුතුය යන සිද්ධාන්තය මුල්කරගෙන හතරවෙනි ආඥාවේ සඳහන් සබත පැවැත්වීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ. එය ඔවුන්ට සැකයකින් තොරව ඒත්තු ගියේය. ක්‍රිස්තුස්වහන්සේගේ ස්වර්ගික දේව මාළිගයෙහි මෙහෙය හා සමගාමීව සබත් දවස පිළිබඳව ව්‍යවස්තාවද ඉස්මතු වීමත්, එය සුරැකීමේ අවශ්‍යතාවත් පෙනී යාම, ඉතා කටුක වු විරුද්ධතාවන් පැන නැගීමට හේතුවිය. හිංසා පිඩා ක්‍රියාත්මක වීමට හේතු කාරක වු රහස මෙයයි. දෙවියන්වහන්සේ විවෘත කළ දොර වසාලීමට මනුෂ්‍යයෝ වෑයම් කළෝය. ඒ අතරම ඔවුහු දෙවියන්වහන්සේ වසා දැමූ දොර විවර කිරීමට වෑයමක්ද දැරුහ.තමන්වහන්සේ විවර කරන දේ කිසිවෙකුටත් වසා දැමිය නොහැකි බවත්, වසා දමන දේ කිසිවෙකුටත් විවර කළ නොහැකි බවත් පවසන තැනැන්වහන්සේ මෙසේ වදාළ සේක.˝, මෙන්න කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ˝යි උන්වහන්සේ පැවසු සේක.ක්‍රිස්තුස්වහන්සේ තමන් ක්‍රියාකාරී මෙහෙය, අති ශුද්ධස්ථානයේ විවර කළ සේක.සගයේ දේව මාළිගාවේ විවරවූ දොරින් ආලෝකය බැබළෙන්නට විය. එහි තැන්පත් කර ඇති නිති සංග්‍රහයෙහි ,හතරවන ආඥාවද අන්තර්ගත බව පැහැදිලිව දිස්වන්නට විය. දෙවියන්වහන්සේ ස්ථාපිත කළ දෙයක් මනුෂ්‍යයන්ට ඉවත දමන්නට හැකියාවක් නැත.GrHSin 498.1

    ක්‍රිස්තුස්වහන්සේ දෙව් මැදුරේ කරන්නාවූ මෙහෙවරය පිළිබඳ ආලෝකයත්, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ස්ථිරතාවයත් පිළිගත් අයට ප්‍රත්‍යක්ෂ වූයේ මෙම සත්‍යතාවන් දෙක එළිදරව් 14 හි ඉදිරිපත් කර ඇති කාලීන සත්‍යතාවන් බවය. මෙම පරිච්ඡේදයෙහි ඇතුළත් දේව දූතයන් තිදෙනාගේ පණිවිඩයන්හි අන්තර්ගතය වන්නේ ක්‍රිස්තු සමිදාණන්ගේ ආගමනය සඳහා මෙලොව වසන්නාවූ අයව සූදානම් කිරීම් වස් දෙනු ලැබූ තුන් ප්‍රකාර අනතුරු ඇඟවීමේ අනුශාසනාවන්ය.˝ උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය˝ යන ප්‍රකාශය මගින් අවධානය යොමු කරන්නේ මිනිසාගේ ගැළවීම සඳහාවූ ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවරයෙහි අවසාන ක්‍රියාදාමයටයි. උන්වහන්සේගේ මැදහත්කාර මෙහෙය අවසාන වන තෙක්, තමන්ගේ ජනතාව සගයට ගෙන යාම සඳහා උන්වහන්සේ මෙලොවට පැමිණෙන තෙක්, මෙම පණිවිඩය පතුරුවා හැරිය යුතුය. 1844 දී ආරම්භ වූ විනිශ්චය කිරීමේ ක්‍රියාදාමය, ජීවත් වන්නාවූද මිය ගියාවූ ද සෑම පුද්ගලයෙකුම විනිශ්චයට පමුණුවා තීරණයක් දෙන තාක් කල් ක්‍රියාත්මක විය යුතුය. එම නිසා මෙම ක්‍රියාදාමය මනාව පරිවාසය අවසන් වන තෙක් කෙරීගෙන යා යුතුය.විනිශ්චාසනය ඉදිරියෙහි පෙනී සිටීමට මිනිසුන්ව සූදානම් කිරීමේ අභිලාෂයෙන් පණිවිඩය ආඥා කරන්නේ ˝දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න;˝ ˝අහසත් පොළොවත්, මුහුදත්, ජල උල්පතුත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්න˝ කියාය. මෙම පණිවිඩයන්ට ප්‍රතිචාර දක්වමින් එය පිළිගන්නාවූ අයව හඳුන්වා ඇත්තේ මෙලෙසය.˝ මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද, රක්ෂා කරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය˝ යන අයුරින්ය.විනිශ්චය සඳහා සූදානම් වීම් වස් මිනිසුන් දෙවියන්වහන්සේගේ විවස්ථාවට ගරු කරමින් එයට කීකරු වෙමින් ජීවිත රටාවක් හැඩගස්වා ගත යුතුය. විනිශ්චයේදී චරිතය තීරණය කරන්නාවූ ප්‍රමිතිය වන්නේ එම ව්‍යවස්ථාවය. මේ පිළිබඳව අපෝස්තුළු පාවුල් මෙසේ පවසයි.˝ දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරවන දවසේ දී .... ව්‍යවස්ථාවක් ඇතුව පව්කළා වූ සියල්ලෝ ව්‍යවස්ථාව කරණකොටගෙන විනිශ්චය කරනු ලබන්නෝය.˝ ඔහු මෙසේද කියයි : ˝ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නෝය .(රෝම 2:12- 16 ).˝ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්ට නුපුළුවන.˝(හෙබ්‍රෙව් 11:6)˝ ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.˝( රෝම 14 :23).GrHSin 498.2

    පළමුවන දේව දූතයා මිනිසුන්ව කැඳවන්නේ දෙවියන්වහන්සේට භයවී උන්වහන්සේට ගෞරවය දීමටය, අහසත්, පොළොවත් මැවූ තැනැන්වහන්සේ ලෙසට උන්වහන්සේට නමස්කාර කිරීමටය. මෙසේ කිරීමට නම් ඔවුන් උන්වහන්සේගේ නීති සංග්‍රහ ව්‍යවස්ථාවට කීකරු වීම අනිවාර්ය වන්නේය. ප්‍රඥාවන්තයා මෙසේ කියයි: ˝දෙවියන් වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න. මේ වනාහි සියලු මනුෂ්‍යයගේ යුතුකමය.˝ (දේශනාකාරයා 12: 13). උන්වහන්සේගේ ආඥා නොපවත්වා කරන්නාවූ නමස්කාරය දෙවියන්වහන්සේට ප්‍රසන්න නොවන්නේය.˝ දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය.˝ ˝ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවා ගන්නාගේ යාච්ඤාව පවා පිළිකුල්ය.” (1 යොහාන් 5;3 හිතෝපදේශ 28;9) GrHSin 499.1

    දෙවියන්වහන්සේට නමස්කාර කිරිමට ඇති යුතුකමේ පදනම උන්වහන්සේ මැවුම්කාරයාණන් වීමය.මිනිසා ඇතුළු සෑම සත්වයකුගේම පැවැත්මක් ගැන සියලුදෙනාටම උන්වහන්සේට ණයගැති බව මතක තබා ගැනිම වැදගත්ය.ශුද්ධ වු බයිබලයේ සඳහන්ව ඇති පිරිදි, දේව භක්තිය නැති මිනිසුන්ගේ දෙවිවරුන්ට වඩා තමන්වහන්සේට ගෞරවය හා නමස්කාරය පුද කරන්නැයි දෙවියන්වහන්සේ ඉල්ලන්නාවු සෑම අවස්ථාවකදීම උන්වහන්සේ ඉදිරිපත් කරන්නාවු සාධකය නම් තමන්වහන්සේගේ මැවිමේ ආධිපත්‍යයයි.”ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධතැන්වහන්සේ අසන සේක.නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න.මේවා මැව්වෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කව්ද?” “ස්වර්ගය මැව්වාවු, පොළොව මවා සාදා එය පිහිටෙව්වාවු... ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක.මම ස්වාමින්වහන්සේය.වෙන කෙනෙක් නැත.” (යෙසායා 40; 25, 26; 45;18) ගීත රචකයා මෙසේ පද මාලා සපයයි.” ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්.උන්වහන්සේ අප මැවු සේක.අපි උන්වහන්සේගේ සෙනඟය.” “එව් නමස්කාර කරමින් වැඳ වැටමු.අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු.” (ගීතාවලිය 100;3;95;6).දෙවි සමිඳාණන් හට ගෞරව භක්තිය පුද කිරිමට හේතු කාරකය වශයෙන් සගයේ දේව දුතයන් පවසන්නේ මෙවන් ප්‍රශස්ති ගැයුමක්ය.”අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස,ඔබ ප්‍රශංසාවත්,ගෞරවයත්,බලයත් ලබන්නට වටින තැනැන්වහන්සේය.මක්නිසාද,ඔබ සියලු දේ මැවු සේක” (එළිදරව් 4;11) GrHSin 500.1

    මැවුම්කාරයාණන්ට නමස්කාර කිරිමට මිනිසුන්ට ඇරයුම් එළිදරව් 14 හි අන්තර්ගතය.එහි සඳහන් වු කොටස් තුනකින් යුත් පණිව්ඩයෙහි ප්‍රතිඵලයක් ලෙසින් දෙවියන්වහන්සේගේ ආඥා පවත්වාන්නාවු ජන කොටසක් පිළිබඳව දිවැසි වැකිය සඳහනක් කරයි.මේ ආඥාවන්ගෙන් එකක් දෙවියන්වහන්සේ මැවුම්කාරයාණන් බව කෙළින්ම ප්‍රකාශ කරයි.දිව්‍ය නීතී සංග්‍රහයේ හතරවන ආඥාව මෙසේ පවසයි. ” සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේට පවත්වන සබතක්ය.....කුමක් හෙයින්ද ස්වාමින්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවු සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩු ගත්සේක.එහෙයින් ස්වාමින්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළසේක.”(නික්මයාම 20;10;11) සබත ගැන තවදුරටත් පවසන ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක.”මාගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න.එවිට මා නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණත් වන්නේය.” (එසකියෙල් 20;20).එසේ එවිට හේතුව වශයෙන් දක්වා ඇත්තේ “ස්වාමින්වහන්සේ අහසත්,පොළොවත් සදවසකින් සාදා සත්වෙනි දින නැවතී නිවාඩු ගත්සේක.” යන කරුණය.(නික්මයාම 31;17) GrHSin 500.2

    මැවිමේ සිහිවිමත් වශයෙන් සබත් දවස වැදගත් වන්නේ අප විසින් දෙවියන්වහන්සේට නමස්කාර කළ යුත්තේ මොන නිත්‍ය හේතුවක් නිසාදැයි එය දක්වන බැවිනි;එනම්, උන්වහන්සේ මැවුම්කාරයාණන් වහන්සේද අප උන්වහන්සේගේ මැවිල්ලද වන නිසාය.එම නිසා දිව්‍ය නමස්කාරයෙහි පදනම ලෙස සබත වැදගත් ස්ථානයක් දරන්නේය.එය මෙම සත්‍යතාව සිතට කාවැද්දිය හැකි අන්දමට උගන්වන අතර වෙනත් කිසිම ක්‍රමවේදයක් ඒ දෙය කරන්නේ නැත.දිව්‍ය නමස්කාරය උදෙසාවු පදනම නම් මැවුම්කාරයාණන් සහ මැවිල්ලෙහි ජිවීන් අතර ඇති වෙනසයි. එය සබත් දවසේ නමස්කාරය පමණක් නොව සියලු නමස්කාරයන්හිම විශිෂ්ට පදනමය.මෙම සත්‍ය කිසිදිනක හෝ යල් පැන ගිය සිද්ධාන්තයක් නොවන්නේය.එය කිසිවිටෙක අමතක නොකළ යුතු සත්‍යයකි.(Andrews J.N”History of the Sabbath” ch . 27) මෙම විශිෂ්ඨතාව මිනිස් මනසෙහි සිතුවිලි අතර නිරතුරුවම රඳවා තැබිම සඳහා දෙවියන්වහන්සේ ඒදන් උයනේදි සබත පිහිටුවාලු සේක.උන්වහන්සේ අපගේ මැවුමකාරයාණන් ලෙස සිටින තාක්කල් අප උන්වහන්සේට නමස්කාර කිරිමට අනිවාර්ය වන්නේය.එසේම සබත් දවස සැමවිටම මැවිමේ සලකුණක් හා සිහිවීමක්ද වන්නේය.මනුෂ්‍යයෝ විශ්වීය වශයෙන් සබත රැකගෙන පවත්වාගෙන ගියෝ නම් ඔවුන්ගේ සිතුවිලි සහ ප්‍රේමය මැවුම්කාරයාණන්ට ගෞරව කිරිමට සහ නමස්කාර කිරිමට නියත වශයෙන්ම යොමු වනවා ඇත.එසේ වුයේ නම් ලෝකයේ කිසිම තැනක රූප වදින්නෙක් හෝ, දෙවි කෙනෙක් නැතැයි පවසන්නෙක් නොසිටිනවා ඇත.සබත සුරැකීම වනාහි සත්‍යතාව දෙවියන්වහන්සේට පක්ෂපාතීත්වය දැක්විමකි.සත්‍ය වු දෙවියන්වහන්සේ වනාහි “අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවු තැනැන්වහන්සේය.” දෙවියන්වහන්සේට නමස්කාර කිරිමටත්,උන්වහන්සේගේ ආඥා පැවැත්විමටත් අණ කරමින් දෙන ලද පණිවිඩය තුළ විශේෂයෙන්ම හතරවෙනි ආඥාව රක්ෂා කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව පිළිගත යුතුය.”GrHSin 501.1

    දෙවියන්වහන්සේගේ ආඥා රක්ෂා කරමින් යේසුස්වහන්සේට විශ්වාසීව සිටින්නාවු ජන කොටසට අසමානව තවත් ජන කොටසක්ද ලෝකයේ සිටින බව තුන්වන දේව දුතයා පෙන්වා දෙන්නේය. ඒ ජන කොටසට විරුද්ධව, ඔවුන්ගේ වැරදි නිගමනයන් ගැන දරුණුවුද, බිහිසුණුවු ද අනතුරු ඇඟවිමක් මෙසේ ප්‍රකාශයට පත්කර තිබේ: “යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකර, ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නැමති කුසලානට අමිශ්‍රව වත්කරනලද උන්වහන්සේගේ උදහස නැමති මුද්‍රිකපානය බොන්නේය.” (එළිදරව් 14;9,10). මෙම පණිවිඩය අවබෝධ කරගැනිමට නම් මෙහි ඇති සංකේත නියම අයුරින් අර්ථකථන ගැන්විමක් අවශ්‍ය වන්නේය.මෘගයා,උගේ රූපය,උගේ සලකුණ යන සංකේතයන් මඟින් පෙන්නුම් කරනු ලබන්නේ මොනවාද?GrHSin 501.2

    මෙම සංකේත අන්තර්ගත දිවැසි වැකි ප්‍රකාශන ආරම්භ වන්නේ එළිදරව් 12 වන පරිච්ඡේදයත් සමඟය.ක්‍රිස්තුස්වහන්සේගේ උපතෙහිදි උන්වහන්සේව විනාශ කරදැමිමට මහා සර්පයා දැරු උත්සහයත් සමග අනාවැකි මාලාව දිග හැරේ.මහා සර්පයා වනාහි සාතන් යයි පවසා තිබේ: (එළිදරව් 12:9) ක්‍රිස්තුස්වහන්සේගේ උපතේදි උන්වහන්සේව මරා දැමිමට හෙරෝද් තුළින් ක්‍රියා කළේ ඔහුය.කිතුණු මුල් යුගයේදි ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ සෙනඟට විරුද්ධව යුද්ධ වැදුණු සාතන්ගේ ප්‍රධාන සෙන්පතියා වුයේ ඔහුගේ අණසක යටතේ දේව ජනතාවට ප්‍රහාර එල්ල කළ රෝම අධිරාජ්‍යයයි.රෝමයේ ප්‍රධාන ආගම වුයේ මිථ්‍යාදෘෂ්ටික ඇදහිලි ක්‍රමයයි.මහා සර්පයාගෙන් ප්‍රාථමික ලෙස සාතන් නියෝජනය වු අතර දෙවනුව එය මිසදෙටු රෝමයද නිරූපණය කළේය.GrHSin 502.1

    දිවියකුට සමාන මෘගයෙකු පිළිබඳව එළිදරව් 13 විස්තර කරයි.මෘගයා විසින් ඒ සතාට තම බලයත්,තම සිහසුනත්,මහා ආධිපත්‍යයත් පවරා දුන්නේය.මෙම මෘගයා සංකේතවත් කරන්නේ පාප් බල අධිකාරිය බව බහුතර ප්‍රොතැස්තන්ත දේව ධර්මාචාර්යවරුන්ගේ අදහසයි.පුරාණ කාලේයේදි රෝම අධිරාජ්‍යය දැරු සිහසුනට සහ ආධිපත්‍යයට ඇයගෙන් පසුව පත්වුයේ රෝමානු පාප් බලයයි.දිවියකු වැනි වු මෘගයා පිළිබඳව මෙවන් විස්තර කිරිමක් සිදුකර ඇත.”ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාස කරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසය කරන්නටත් අපහාස කරන පිණිසද මුඛය ඇරියේය.තවද ශුද්ධ වන්තයින්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙන ලද්දේය.සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙන ලද්දේය” (එළිදරව් 13;6,7) දානියෙල් 7 හි සඳහන් කුඩා අඟ පිළිබඳ දිවැසි ප්‍රකාශනයද සඳහන් කරන්නේ එම බල අධිකාරියමයි: එනම් පාප් බල අධිකාරියයි.GrHSin 502.2

    “මාස සතළිස් දෙකක් පවතින්නට ඌට බලය දෙන ලද්දේය.” දිවැසිවර තෙමේ මෘගයා ගැන මෙවන් ප්‍රකාශයක්ද කරයි.”මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාල වී තිබෙන්නාක් මෙන් පෙනුණේය.” තවදුරටත් මෙසේද පවසා තිබේ:“යමෙක් වහල්කමට නියම නම්,ඔහු වහල්කමට යන්නේය.යමෙක් කඩුවෙන් මරන්නේ නම් ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය.” (එළිදරව් 13:3,10)මෙම මාස හතළිස් දෙකෙන් පෙන්වනු ලබන කාල පරාසය දානියෙල් 7 හි සඳහන් “කාලයද,කාලවල්ද,කාල බාගයද” යන්න හා “අවුරුදු තුනහමාරද” මෙන්ම “දවස් එක්දහස් දෙසීය හැටද” එකම කාල පරිච්ඡේදය විය. එම කාලය තුළදි පාප් බලය දෙවියන්වහන්සේගේ සෙනඟට පීඩා කරන්නේය.මෙම කාලවකවානුවේ ආරම්භය පාප් බලය උච්ඡ අවස්ථාවකට පැමිණි ක්‍රි.ව 538 වසරයි.එම බල අධිකාරිය 1798 දි නිමාව දැක්කේය.එම කාලවකවානුව අවසානයේදි ප්‍රංශ හමුදාව විසින් පාප්ව අත්අඩංගුවට ගැනිමත් සමගම පාප් බලයට මරණිය පහරක් එල්ල වුණි.”යමෙක් වහල් කමට නියම නම්,ඔහු වහල්කමට යන්නේය.” යන අනාවැකිය මෙසේ ඉටු විය.GrHSin 502.3

    මේ අවස්ථාවේ තවත් සංකේතයක් හඳුන්වා දෙනු ලැබේ.දිවැසිවරයා මෙසේ ප්‍රකාශ කරයි.”තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි.බැටළු පැටවෙකුට මෙන් අං දෙකක්,ඌට තිබුණේය.(එළිදරව් 13:11). මෙම මෘගයාගේ මතුවි ඒමත්,දැකගන්නට ලැබිමත් අනුව පෙනී යන්නේ මෙම මෘගයාගේන් පෙන්නුම් කරනු ලබන රාජ්‍යය කලින්වු රාජ්‍යයන්ට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බවය.ලොව පාලනය කළ ශ්‍රේෂ්ඨ රාජ්‍යයන් දානියෙල් දිවැසිවරයාට ඉදිරිපත් කරන ලද්දේ මාංශ භක්ෂක මෘගයන්ගේ ස්වරූපයෙනි.”ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය.එකිනෙකාට වෙනස්වු, මහා මෘගයන් සතරදෙනෙක් මුහුදෙන් නැගී ආවෝය”යි පවසන ලදි.(දානියෙල් 7:2) අනාවැකි තුළ භාවිතා කර ඇති සංකේතයක් වන “ජලය” යන වදනින් හඳුන්වන්නේ “මනුෂ්‍ය වර්ගයෝද සමුහයෝද ජාතීහුද භාෂාවෝද” වන බව දේව දුතයා විස්තර කර දී ඇත.(එළිදරව් 17:15). සුළගින් පෙන්නුම් කරන්නේ ගැටුම් හා ආරවුල්ය.ආකාශයේ සුළං සතර මුහුදට ගැසීමෙන් පෙන්නුම් කරන්නේ බලය ලබාගැනිමට සඳහා රාජ්‍යයන් ගෙනයන්නාවු ආක්‍රමණයන් සහ විප්ලවයන්ගේ බිහිසුනු අරගලයන්ය.GrHSin 503.1

    එහෙත් බැටළු පැටවෙකුගේ වැනි අං දෙකක් ඇති මෘගයා පොළොවෙන් මතු වී ආවේය.තම ස්ථාවරයම ස්ථාපිත කරගැනිමට අනෙකුත් රාජ්‍යන් පෙරළා දමා ,ආක්‍රමණ නොකර,මෙම ජාතිය පිහිටුවනු ලබන්නේ මෙතෙක් ජනාවාස නොතිබු බිම් පෙදෙසකය.එසේ ආරම්භ වන එම රාජධානිය ක්‍රමයෙන් වර්ධනය වී බලවත් වන්නේය.එම නිසා රාජ්‍ය පරණ ලෝකයේ එකල පැවති මිනිසුන්ගෙන් පිරි ගිය පොර බදින්නාවු ජාතීන් අතරින් පැන නැඟිමට නුපුළුවන.එම රාජ්‍ය බටහිර මහාද්වීපයෙන් සොයාගත යුතුය.GrHSin 503.2

    1798 වසරේදි බලයට පත්වෙමින් තිබු අළුත් ලෝකයේ ජාතිය කුමක්ද?ඉතා ශක්තිමත්වු ද, ශ්‍රේෂ්ඨවු ද රාජ්‍යක් ස්ථාපිත කරන බවට පොරොන්දු දෙමින් ලෝකයේම අවධානය දිනාගත් එම රාජ්‍ය කුමක්ද?සංකේතය අදාළ කරගැනිමෙන් එම රාජ්‍ය කුමක්දැයි තිරණය කරගැනිම අපහසුවක් නොවන්නේය.මෙම අනාවැකියෙහි සඳහන් කර ඇති ගුණාංග අනුව මෙම මෘගයාගෙන් පෙන්නුම් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය මිස වෙනත් රාජ්‍යක් නොවන්නේය.මෙම ජාතියෙහි නැගීම සහ වැඩීම විස්තර කරන්නාවු කථිකයන් මෙන්ම ඉතිහාසඥයන්ද දැනුවත්ව හෝ නොදැනුවත්ව ශුද්ධ ලියවිල්ලෙහි අන්තර්ගත වචනම නැවත නැවතත් භාවිතා කර තිබේ.මෙම මෘගයා “පොළොවෙන් මතුවී එනවා” දැකගත හැකිවිය.මෙහි යොදා ඇති “මතුවී එනවා”යන පද යුගල, පරිවර්තනය කර ඇත්තේ,“පැළෑටියක් මෙන් පැන නැගී වැඩිම” ලෙසය.අප කලින් දුටු ආකාරයෙන් මෙම ජන වර්ගයාගේ නිජභූමිය බවට පත්වන්නේ කලින් වාස භූමියක්ව නොතිබු බිම් පෙදෙසකය.ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රභවය පිළිබඳව ලේඛණයක් ඉදිරිපත් කල ප්‍රවීන රචකයෙක් මෙවන් විස්තරයක් අප හමුවේ තබයි:“මිනිස් වාසයක් නොතිබු භූමියක් පසුබිම් කරගෙන ඇය නැඟිම අභිරහසක් බඳුය.නිශ්ශබ්ද බීජයක් ලෙස පැන නැගී අපි අධිරාජ්‍යක් බවට පත්ව සිටිමු.” (Townsend G.A.”The New World Compared With the Old”” p.462).1850 දි පළවු යුරෝපීය සඟරාවක එක්සත් ජනපදය විශ්මපත් අධිරාජ්‍යයක් ලෙස හඳුන්වා දි තිබේ.”පොළොවේ නිහඩතාව තුළින් මතුවෙමින් ඇය දිනපතාම තම බලයට සහ අභිමානයට තව තවත් එකතු කරගත්තාය”යි පවසා තිබේ.The Dublin Nation).මෙම ජාතියේ නිර්මාතෘ වන්දනාකාර පිතෘවරුන් යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් කළ එඩ්වර්ඩ් එවරට් නමැත්තා මෙවන් ප්‍රකාශයක් කළේය.”ඔහුවු විශ්‍රාමික සුවයෙන් ජිවිතය ගතකිරිමට තැනක් සොයා ගියෝද?වැඩි ප්‍රසිද්ධියක් නැති තැනැක් නිසා පිටස්තරිකයන්ගෙන් කරදරයක් නැතිව ජීවත් විමට එම ස්ථානය සුදුසු තැන්නක් වීද? හුදෙකලා තැනක් වු නිසා ආරක්ෂාව සහතික වීද? ලේඩන්හි කුඩා දේවස්ථානය ඔවුන්ට හෘදය සාක්ෂිය අනුව ජීවත් විමට ක්ෂේම භූමියක් විද?ඇස් ඇර බලන්න.කුරුසියේ ධජය දරමින් ඔවුන් සාමකාමි ආක්‍රමණයන් මඟින් දිනාගෙන තිබෙන විශාල භූමි භාගය දෙස බලන්න.(Speech Delivered at Plymouth.Mass.Dec.22.1824)GrHSin 504.1

    “බැටළු පැටවෙකුගේ වැනි අං දෙකක්,ඌට තිබුණේය.” බැටළු පැටවෙකුගේ අං මඟින් පෙන්නුම් කරන්නේ තාරුණ්‍යයයි.අහිංසකතාවයි,ගුණවත් භාවයයි.”මතු වි එන්නාවු” ලෙසින් දිවැසිවරයාට පෙන්නුම් කළ එක්සත් ජනපදය 1798 දී නිර්මාණය විමේදි ඇය තුළ තිබුණාවු ගුණාංග බැටළු පැටවකුගේ ගුණාංගවලට සමාන විය.ඇමරිකාවේ රැකවරණය පතා තම රටවලින් පලා ගිය කිතුණු ජනතාව අළුත් රටක් සොයා ගෙන ගියේ එහි රාජ්‍ය පාලනය,සිවිල් සහ ආගමික නිදහස මත ගොඩනගා ගැනිමෙහි චින්තනයක් ඇතිවිය.ඔවුන් තම රටවලින් ඉවත්ව ගියේ රාජකීය අධිපතීන්ගෙන් සහ ආගමික බලධරයන්ගෙන් එල්ලවු විරුද්ධවාදිකම් වලින් ගැළවෙන පිණිසය.ජීවිතය,නිදහස හා සතුට භුක්ති විඳිමේ අයිතියට කිසිම අයුරකින් හෝ බාධා එල්ලවිමක් සිදුනොවන ආණ්ඩුවක් පිහිටුවිමද දේශිය හා ආගමික නිදහස එහි පදනම කරගැනිමද ඔවුන්ගේ අධිෂ්ඨානය විය.”සෑම පුද්ගලයෙකුම එක හා සමානව මවනු ලැබ ඇත යන පුජනීය ප්‍රඥප්තිය රටෙහි ව්‍යවස්ථාවට ඇතුළු කර තිබේ.ඒ අතරම මිනිසුන්ට ස්වයං - පාලනයක් සඳහා අයිතියක් ව්‍යවස්ථාවෙන් සහතික කර තිබේ.මහජන ඡන්දයෙන් තෝරාගනු ලබන්නාවු නියෝජිතයන් විසින් නීති සම්පාදනය කර ඒවා ක්‍රියාවට නැංවිමද කළ යුතු විය.ආගමික නිදහසද මිනිසෙකුගේ අයිතියක් ලෙස සහතික කර ඇත.තම තමාගේ හෘදය සාක්ෂියේ තීරණයන් මත දෙවියන්වහන්සේට නමස්කාර කිරිමට නිදහස ස්ථාපිත කරන ලදි.සමුහ ආණ්ඩු ක්‍රමය සහ ප්‍රොතැස්තන්ත ප්‍රතිපත්ති ජාතියේ මුලික ප්‍රඥප්ති බවට පිළිගන්නා ලදි.ඇයගේ බලයෙහි සහ සමෘද්ධියෙහි රහස වන්නේ මෙම ප්‍රඥප්තීන් මත ජීවත්විමය.කිතුණු රාජ්‍යයේ ජීවත්වු පාගා දමනු ලැබු පීඩිත ජනතාව මෙම අළුත් ජනපදය වෙත උනන්දුවෙන් සහ බලාපොරොත්තුවෙන් යුතුව බැල්ම හෙලුවෝය.ලක්ෂ සංඛ්‍යාත මනුෂ්‍යයෝ ඇයගේ වෙරල කරා ඇදි ආවෝය.ඒ අතර එක්සත් ජනපදයද පොළොවේ ඉතා බලගතු ජාතීන් අතරට එක්වුවාය.GrHSin 504.2

    නමුත් බැටළු පැටවෙකුට සමාන අං තිබුණාවු මෘගයා “මහා සර්පයකුමෙන් කථා කළේය.ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින් තමාගේ මරණියවු තුවාලයෙන් සුවවුණ පළමු වැනි මෘගයාට නමස්කාර කරන්නට පොළොවටද, එහි වැසියන්ටද සලස්වන්නේය....කඩු පහර ලැබත් ජිවත් වු මෘගයාට රූපයක් සාදන්නට ඕනෑ යයි ... පොළොවේ වැසියන් මුළා කරන්නේය.”(එළිදරව් 13;11-14).GrHSin 505.1

    බැටළු පැටවකුගේ වැනි අං තිබිමත් සර්පයකු මෙන් කථා කිරිමත් මඟින් සංකේතවත් වන්නේ එම ජාතීය කියන්නාවු දෙයත්,කරන්නාවු දෙයත් අතර විශාල වෙනස්කමක් පවතින බවය.ජාතියේ”කථා කිරිම” වනාහි ව්‍යවස්ථාදායකත්වය සහ අධිකරණ බල අධිකාරිත්වයයි.ව්‍යවස්ථාවේ ප්‍රතිපත්තිමය පදනම වන්නේ නිදහස්වාදි සාමකාමි ජිවිත පිළිවෙලය.එසේ වුවද,එයට පටහැනිව නීති සම්පාදනය කරමින් ඒවා ක්‍රියාවට නංවමින් පිළිගත් ප්‍රඥප්තීන්ට එරෙහිව පාලනය ගෙන යනු ලබයි.එම රාජ්‍ය “සර්පයකු මෙන් කථා කරන්නේය. සහ “පළමු මෘගයාගේ සියලු බලය”ක්‍රියාත්මක කරන්නේය යන අනාවැකි මඟින් ප්‍රකාශ වන්නේ ඉදිරියේදි නුරුස්නාවෙහි සහ වධහිංසා පැමිණවිමෙහි ආත්මය එම ජාතිය තුළ වර්ධනය විමේ ප්‍රවනතාවකි.මෙම ක්‍රියා පටිපාටිය දිවියකු වැනි මෘගයා සහ මහත් සර්පයා යන සතුන්ගෙන් නිරූපණය වු ජාතීන් විසින් ක්‍රියාත්මක කළ බව නොරහසකි.අං දෙකක් සහිත මෘගයා විසින්”පළමු වැනි මෘගයාට නමස්කාර කරන්නට පොළොවටද, එහි වැසියන්ටද සලස්වන්නේය.” යන ප්‍රකාශය මඟින් හෙළිදරව් වන්නේ මෙම ජාතියෙහි බල අධිකාරිය යමිකිසි ආගමික වතාවන් පිළිපැදීමට අණපනත් පැනවිමක් ක්‍රියාත්මක කරන බවයි.එය පාප් බලයට ප්‍රණාමය පුද කිරිමක් වනවා ඇත.GrHSin 505.2

    එවන් අණසක නිකුත් කිරිමක් නියත වශයෙන්ම මෙම රජයේ ප්‍රඥප්තියට පටහැනිය.තවද, එවන් ක්‍රියා පටිපාටියක් ව්‍යවස්ථාවටද නිදහස් ප්‍රකාශනයටද විරුද්ධය.සභාවෙහි ක්‍රියාකාරිත්වය සඳහා රාජ්‍ය බලය යෙදවීමක් නොකළ යුතු බවට ජාතීයේ නිර්මාතෘවරයන් ආරක්ෂා පියවර ගෙන තිබිණ.ඇමරිකානු ව්‍යවස්ථාවෙහි මෙසේ සඳහන් වේ.”රාජ්‍ය බලය අයිති කොන්ග්‍රසය විසින් යම්කිසි ආගමික ආයතනයක් පිහිටුවීම නොකළ යුතුය.තවද, ආගමික අභ්‍යාසයන්හි නිදහස්ව යෙදිමේදි එයට තහංචි පැනවීමද නොකළ යුතුය.තවද,එක්සත් ජනපදයේ රාජ්‍ය සේවයේ තනතුරක් දැරිමට සුදුසුකමක් සේ ආගමික පරික්ෂණයකට මුහුණ දිම කිසිවෙකුගෙන් හෝ අපේක්ෂා නොකළ යුතුය’ යන කරුණුය.ජාතීයේ නිදහස පතා යොදවා ඇති මෙම ආරක්ෂිත විධිවිධාන හිතාමතාම උල්ලංඝනය කරන්නේ නම් විනා යම්කිසි ආගමික වතාවත් පිළිපදින්නැයි නියම කිරිමට කිසිම සිවිල් ආධිපත්‍යයකට බලපෑම් කළ නොහැකි විය.ව්‍යවස්ථාවට පිටුපා ක්‍රියාකරන්නාවු මෙවන් ක්‍රියාදාමයන් සංකේතනයෙන් නිශ්චය වශයෙන්ම නියෝජනය වී තිබේ.බැටළු පැටවෙකුගේ වැනි අං දෙකක් ඇති මෘගයා අහිංසක,මුදු මොළොක් බවක් පෙන්නුම් කළද, ඌ සර්පයෙකුමෙන් කථා කරන්නේය.GrHSin 506.1

    “කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්නට ඕනෑ” යයි මෙම මෘගයා පොළොවේ වැසියන්ට කියන්නේය.”ව්‍යවස්ථාදායක බලය ජනතාව සතුව ඇති පාලන ක්‍රමයක් පිළිබඳව මෙහි සඳහන් වන්නේය.මේ අනුව අනාවැකියෙහි හඳුන්වා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය බව කිසිම තර්කයකින් තොරව වටහාගත හැකිවේ.”GrHSin 506.2

    “මෘගයාට රූපයක්” යනුවෙන් කුමක් අදහස් වන්නේද?රූපය සාදන්නේ අං දෙකක් ඇති මෘගයාය.එය පළමු මෘගයාට වූ රූපයකි.මෘගයාට රූපයක් ලෙස එය නම් කර තිබේ.ඒ රූපය කුමන හැඩරුවක් දරයිද, එය සාදන්නේ කෙසේද කියා පැහැදිලි කරගැනිමට නම් එම මෘගයාගේ චරිත ගුණාංග ගැන අධ්‍යයනයක යෙදිම වැදගත්ය.ඒ මෘගයා නම් පාප් බල අධිකාරියයි.GrHSin 506.3

    මුල් කාලීන සභාව ශුභාරංචියෙහි සරලතාවෙන් ඉවත් වී මිසදෙටු වන්දනා ක්‍රම සහ වත්පිළිවෙත් වැළද ගැනිමෙන් දුෂ්‍ය වු කල්හි ඇයට දෙවියන්වහන්සේගේ බලය සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ පහසද නැති විය.බැතිමතුන්ගේ හෘදය සාක්ෂිය පාලනය කිරිම වස් සභා තොමෝ රාජ්‍ය බලයේ ආධාර සහ අනුග්‍රහය පැතුවාය.එහි ප්‍රතිඵලය වුයේ පාප් බල අධිකාරිය උපත ලැබිමය.දේශයෙහි සිවිල් බල අධිකාරිය සියතට ගෙන තමන්ගේ අභිමතය ඉටුකර ගැනිමට රාජ්‍ය බලය යොදවන්නාවු සභාවක්වූ පාප් සමය වාදය වැඩි වශයෙන් අවධානය යොමු කළේ “සභාවෙහි ස්ථාපිත ක්‍රමවේදයන්ට විරුද්ධ වුවන්ට දඬුවම් ලබාදීමටය.ඇමරිකා එක්සත් ජනපදය විසින් මෘගයාට රූපයක් ඉදිකිරිමට නම්, සිවිල් රාජ්‍ය බල අධිකාරිය සභාව විසින් පාලනය කළ යුතුය. එමඟින් රාජ්‍ය බලය යොදවා තමන්ගේ අභිරුචියෙන් ඉටුකරවා ගැනීමට සභාවට හැකියාව උදා වන්නේය.GrHSin 507.1

    සභාව විසින් රාජ්‍ය - අනුග්‍රහය ලබාගත් අවස්ථාවලදි ඇය එම අනුග්‍රහය ප්‍රයෝජනයට ගත්තේය.තමන්ගේ දහමට විරුද්ධ වන්නාවූ අයව මර්දනය කිරිමටය.රෝමයේ අඩිපාරේ ගමන් ගත් ප්‍රොතැස්තන්ත සභාවන්ද ලෞකික රාජ්‍ය බලඅධිකාරින් සමඟ සන්ධානගත විමෙන් ප්‍රාර්ථනා කළේ හෘදය සාක්ෂියෙහි නිදහස සීමා කිරිමටය.එංගලන්ත සභාවෙහි සමහර ධර්මතාවන්ට එකඟ නොවි ඒවාට විරුද්ධව නැගී සිටියවුන්ට හිංසා පීඩා පැමිණවිමේ සභාවේ දිගුකාලීන ක්‍රියාදාමය මෙයට කදිම නිදසුනකි.දහසය වන සහ දහහත් වන සියවස් වලදි දහස් ගණන් එංගලන්ත සභා දේවගැතිවරුන්ට තමන්ගේ දේවස්ථාන හැර දමා යාමට බල කරන ලදී.බයිබලීය විරෝධීය ඉගැන්විම්වලට එකඟ නොවූ බොහෝ දේවගැතිවරුන්ට මෙන්ම ගිහියන්ටද දඬුවම් වශයෙන් දඩ ගැසිම් ,සිරගෙයි ලෑම්,වධ හිංසා වලට ගොඳුරු විම් සහ වේද - සාක්ෂික මරණයන් යනාදියට මුහුණ දීමට සිදුවිය.GrHSin 507.2

    මුල් දහම් හැර දමා ක්‍රියාකිරිම නිසා පැරණි සභාවට සිවිල් රජයේ ආධාර පැතීමට සිදුවිය.මෙම ක්‍රියාවේදය මඟින් පාප් බල අධිකාරිය වර්ධනය විය. ” ඇඳහිල්ලෙන් වැටී යාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව් විමත්” පළමුවෙන් සිදුවන බව පාවුල් පැවසුවේය.ඇදහිල්ලෙන් වැටි යාම හෙවත් භක්තිය හැර පියා යාම නිසා මෘගයාට රූපයක් ඉදිකිරිමක් සඳහා මාර්ගය විවෘත වන්නේය.ක්‍රිස්තු සමිඳාණන්ගේ දෙවෙනි ඊමට පෙරාතුව ආගමික පිරිහිමක් හෙවත් පසුබෑමක තත්වයක් සභාව තුළ පවතින බව ශුද්ධ බයිබලය ප්‍රකාශ කරයි.මෙය ක්‍රිස්තියානි ආගමේ මුල් යුගයේදී සිදුවූ තත්වයට සමාන වෙනවා ඇත.එය මෙසේ දක්වා තිබේ:“අන්තිම දවස් වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව,මුදලට ප්‍රේම කරන්නෝව,පාරට්ටුකරන්නෝව,උදාරම්කාරයෝව,අපහාස කරන්නෝව,මව්පියන්ට අකීකරුවන්නෝව, ස්තූතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නෝව,දේව භක්තියේ වේශය දරන නමුත්,එහි බලය එපා කළ අයව සිටින්නෝය” (2 තීමෝති 3:1 — 5).” පසු කාලවලදී සමහරු මූළා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතයි ආත්මයාණන්වහන්සේ පැහැදිලි ලෙස කියනසේක.”(1 තිමෝති 4:1) සාතන්ගේ ක්‍රියා කිරිම මෙයාකාර වන්නේය.”බොරු වු සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණු වලින්ද,පුදුම වලින්ද...අධර්මිෂ්ඨකමේ සියලු රැවටිම් වලින්ද යුක්තවේ.” ගැළවෙන පිණීස සැබෑකමට ප්‍රේම විම පිළිනොගත් සියලු දෙනාම විනිශ්චය කරනු ලබන පිණිස”බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුලාවේ ක්‍රියා කිරිමත් ඔවුන්ට එවන සේක.” (2 තෙසලෝනික 2:9-12) මේ දේව අභක්තිකම ඇතිවි දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරිමේ තත්වයට මිනිසුන් පැමිණී විට මුල් සියවස් වලදි උදාවු ප්‍රතිඵලම ක්‍රියාත්මක වනවා නියතය.GrHSin 507.3

    ප්‍රොතැස්තන්ත සභාවෙන් අතර පවතින්නාවු විවිධ ඇදහිලි විශ්වාසයන් නිසා මෙම නිකායන් සියල්ලම ඒකාකාරත්වයකට ගෙන ඊමට නුපුළුවනැයි බෝහෝ අය කල්පනා කරති.නමුත් ප්‍රොතැස්තන්ත ඇදහිලි ක්‍රමයේ ඒකත්වයක් වීම පිළිබඳව සභාවන්හි ප්‍රබලවූ ද,වර්ධනය වන්නාවූ ද,චින්තනයක් වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව සභා පාලකයෝ දනිති.එවන් සාමුහික එකඟතාවකට නොපැමිණෙන සමහර දහම් කෙතරම් වැදගත් වුවත්,එම දහම් නොසලකා හැරිමට සිදුවේ.GrHSin 508.1

    ප්‍රොතැස්තන්ත සභාවන්හි දහම් ප්‍රචාරක දේව සේවය ගැන දහම් දෙසුමක් කළ චාර්ල්ස් බීවර් 1846 දි මෙසේ ප්‍රකාශයක් කළේය:“මිනිස් සිත් තුළ පවතින්නාවු භිතිය පෙරදැරි කරගෙන මෙම නිකායන් පිහිටුවා ගන්නා ලද්දේ දැඩි පීඩනයන්ට මුහුණ දෙමින්ය.එහෙත් ඔවුන් දිවි ගෙවන්නේ,තැනින් තැන යන්නේ,ආශ්වාස කරන්නේ සම්පූර්ණ ලෙසින්ම ඉතා දුෂ්‍ය වු වටාපිටාවක් තුළය. ඔවුන්ගේ ශොභාව තුළ පිහිටි පහත් ධාතූන්ට ඔවුන් අයැදින්නේ සත්‍යතාව නිහඬකර දමන්නැයි ඉල්ලමින්ය, ධර්මයට පිටුපා ක්‍රියා කිරීමේ බලයට නමස්කාර කරමින්ය. මෙවන් ක්‍රියා මාලාවක් රෝමයේදි සිදුවුණා නොවේද? රෝමයේදී සිදුවූ දෙයම අප අතරත් අද සිදුවෙනවා නොවේද? අප ඉදිරියෙහි ඇත්තාවූ කුමක් අපගේ දසුනට හසුවේද? තවත් ආගමික විද්වතුන්ගේ සමුළුවක්ද? සකල ලෝකයම කිතුණු දහම පිළිගැනීමක්ද? පොදු දහම් එකඟතාවක් මගින් විශ්වීය ඇදහිලි ප්‍රකාශනයක්ද?(Sermon on the Bible, a Sufficient Creed” delivered at Fort Wayne, Ind. Feb.22, 1846). මෙම එකඟතා සම්මුතියක් දිනාගැනීමෙන් පසුව,සම්පූර්ණ ඒකීයතාවක් පවත්වා ගෙන යාම සඳහා බලය පාවිච්චි කිරීමට තවත් ඇත්තේ එක පියවරක් පමණකි.GrHSin 508.2

    අමෙරිකා එක්සත් ජනපදයේ සභාවන්ට පොදුවේ ඇත්තාවූ ධර්මයන් ගැන ඔවුන් එක්සත් වූ විට , ඔවුන් රාජ්‍ය බලයට ඔවුන්ගේ නීති පැනවීමටද ඔවුන්ගේ ආයතන ස්ථීර ලෙස පිහිටුවීමටද බලපෑමක් ඇති කරනවා ඇත. එවිට ප්‍රොතැස්තන්ත අමෙරිකාව රෝම බලයට රූපයක් සැදුවා වනනේය. එවිට ඔවුන්ගේ ක්‍රියා පිළිවෙලට එකඟ නොවන්නන්ට දේශපාලනික දඬුවම් දීම ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වෙනවා ඇත.GrHSin 509.1

    අං දෙකක් ඇති මෘගයා ” ලොකු, කුඩා, පොහොසත්, දිළිඳු,දාස ,නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත් ඒ සලකුණ ... හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේට ගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන් වන හැටියටත් සලස්වන්නේය.”(එළිදරව් 18:16,17) සකල ලෝ වැසියන්ට අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කරන්නාවූ තුන්වන දුතයා මෙසේ ප්‍රකාශ කළේය:“යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකර,ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද,ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නැමති කුසලානට අමිශ්‍රව වත්කරන ලද උන්වහන්සේගේ උදහස නැමති මුද්‍රික පානය බොන්නේය.”(එළීදරව් 14:9,10) අං දෙකක් ඇති මෘගයා විසින් බලහත්කාර අන්දමින් නමස්කාර කිරිමට යොමු කරන්නාවු මෙම පණිවිඩයෙහි සඳහන් මෘගයා වනාහි එළිදරව් 13 හි සඳහන් දිවියෙකු සමාන මෘගයාය.උගෙන් නියෝජනය වන්නේ පාප් බලඅධිකාරියයි.ස්වකීය ධර්මතාවන්ට අනුගත විමට බල කරමින් සිවිල් බලය උපකාර කරගැනීමට ප්‍රොතැස්තන්ත නිකායන් ඉදිරිපත් වන විට ඔවුන් ” මෘගයාට රූපයක් සාදති.මේ අතර “මෘගයාගේ ලකුණ” විස්තර කර දිමට තව දුරටත් අධ්‍යයනයෙහි යෙදීම අවශ්‍ය වේ.GrHSin 509.2

    මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කිරිමට එරෙහි වු අනතුරු ඇඟවිමෙන් පසුව දිවැසි ප්‍රකාශනය මෙසේ කියයි:“මෙහි දෙවියන්වහන්සේගේ ආඥා ද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂා කරන්නාවු ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.” දෙවියන්වහන්සේගේ ආඥා රක්ෂා කරමින් යේසුස්වහන්සේට විශ්වාසීව සිටින්නාවු ශුද්ධවන්තයන් පිළිබඳව මෙයින් විස්තර කෙරේ.කණ්ඩායම් දෙකක අනන්‍යතාව මෙහි සංසන්දනය කර තිබේ.දෙවියන්වහන්සෙගේ ආඥා පවත්වමින් උන්වහන්සේට නමස්කාර කරන්නාවු අය එක් පසෙකද මෘගයාට සහ උගේ රූපයට නමස්කාර කරන්නාවු අය අනෙක් පසෙහිද සිටින සේ බෙදා වෙන් කිරිමක් ඉදිරිපත් කර තිබේ.මෙයින් ගම්‍ය වන්නේ ආඥා පැවැත්විමට සහ එම ආඥා කඩ කිරිම අනුව මේ කොටස් දෙක වෙන් කරනු ලබන බවය.GrHSin 510.1

    මෘගයාද උගේ රූපයද සතු කැපී පෙනෙන ගති ගුණය සහ ක්‍රියාකාරි ලක්ෂණය වන්නේ දෙවියන්වහන්සේගේ ආඥා කඩකිරිමය.කුඩා අභින් පෙන්නුම් කළ පාප් අධීකාරි බලය ගැන දානියෙල් මෙසේ පවසයි:“ඔහු කාලවල්ද,ව්‍යවස්ථාවද වෙනස් කරන්නට සිතන්නේය” (දානියෙල් 7: 25).පාවුල් මෙම පුද්ගලයා “නොපනත්කමේ මිනිසා” ලෙස හදුන්වා දී තිබේ.ඔහු දෙවියන්වහන්සේට ඉහළින් තමාව උසස් කරගනියි.එක අනාවැකියක් අනෙක් අනාවැකි ප්‍රකාශයෙහි ඌන පූර්ණයක් ලෙස සඳහන් කළ හැකිය.දෙවියන්වහන්සේගේ ආඥා වෙනස් කිරිමෙන් පමණක් පාප් බලඅධිකාරියට තමා දෙවියන්වහ්නසේට වඩා උසස් වුවා සේ පෙන්විය හැකිය.යමෙක් යම්කිසි බලවේගයක් විසින් වෙනස් කරන ලද එම ආඥා පිළිගනිමින් ඒවාට අනුගත වන්නේ නම් එකී තැනැත්තා ඇත්ත වශයෙන්ම ගෞරවය පුදන්නේ වෙනස් කළ ආඥා වන්ගේ නිර්මාතෘ බල අධිකාරියටය.පාප් බල අධීකාරි ආගමික නායකයන් විසින් වෙනස් කළ ආඥා වන්ට කීකරුකම දැක්වීම වනාහි දෙවියන්වහන්සේට හිමි විය යුතු ස්ථානය පාප්ට පිරිනැමීමය.GrHSin 510.2

    පාප් බල අධිකාරිය විසින් දෙවියන්වහන්සේ ගේ ව්‍යවස්ථාවන් වෙනස් කිරීමට උත්සහ කර තිබේ.දශපනතෙහි ,රූප සහ පිලිම (සුරුවම්) වැඳිම තහනම් කරන්නාවු දෙවන ආඥවද එම බල අධිකාරිය විසින් වෙනස් කර ඇත. එනම් සබත සත්වන දවසේ නොව පළමු වන දවසේ පැවැත්විමට බලය ලබා දී ඇත.දෙවන ආඥාව ඉවත් කිරිම පිළිබඳව වූ නියමය පළමු ආඥාවෙහි අන්තර්ගත නිසා නැවත වරක් එයට අවධාරණය කිරිමේ අවශ්‍යතාවක් නැති බවය.එය වෙනස් කිරිම මඟින් ඔවුන් බැතිමතුන්ට අවස්ථාව සලසා දෙන්නේ දෙවියන්වහන්සේ අදහස් කළ ආකාරයට දසපනත දර්ශනය කිරිමට යයි ඔව්හු පවසති. ඒ නිසා මෙම ක්‍රමවේදය මඟින් ආඥා වෙනස් කිරිමක් සිදුකර නැතැයි ඔවුහු තර්ක කරති.එම නිසා දිවැසිවරයා ප්‍රකාශ කළ ව්‍යවස්ථාව වෙනස් කිරිමට දෙවන ආඥාව ඉවත් කිරිම ආදාළ කරගත නොහැකි යයි ඔහුවු දක්වති.අනාවැකියෙහි ප්‍රකාශ වන්නේ හිතාමතාම ඕනෑකමින්ම කරන්නාවු වෙනස් කිරිමක් ගැනය. ” ඔහු කාලවල්ද,ව්‍යවස්ථාවද වෙනස් කරන්නට සිතන්නේය.” අනාවැකියෙහි අවධාරණය කර ඇති ආකාරයට හතරවන ආඥවට කර ඇති වෙනස් කිරිම් මඟින් මේ ප්‍රකාශනය අකුරටම ඉටුවී ඇත.මෙම වෙනස් කරීමට ඇති අයිතිය සභාව සතුව ඇතැයි රෝමානු කතෝලික සභාව ප්‍රකාශ කර සිටින්නීය.මෙහිදි පාප් බලඅධිකාරිය විවෘත ලෙස දෙවියන්වහන්සේගේ බල ආධිපත්‍යට වඩා ඉහළීන් වැජඹිමට තැත් කර තිබේ.GrHSin 510.3

    දෙවියන්වහන්සේට නමස්කාර කරන්නාවූ අය අනිවාර්යයෙන්ම හතරවන ආඥවට අවනත වෙමින් සත්වන දිනය ශුද්ධ කොට පැවැත්වීමෙන් හඳුනාගනු ලැබේ.කුමක්හෙයින්ද මෙම දවස උන්වහන්සේගේ මැවීම් කර්තව්‍යයෙහි බලය පෙන්නුම් කරන්නාවු සලකුණකි.මෙම සිද්ධාන්තය මත උන්වහන්සේ මිනිසාගේ නමස්කාරයටත් ගෞරවයටත් අයිතිවාසිකම දක්වන සේක.දෙවියන්වහන්සේගේ මැවීමේ ස්මාරකය කඩා බිඳ දැමිමට දරන්නාවු උත්සාහය මඟින් මෘගයාට නමස්කාරය පුදන්නාවු අයව හඳුනාගත හැකිය.ඔවුහු රෝමයේ අණසක දෙවියන්වහන්සේට වඩා ඉහළින් පුද පුජාවට පාත්‍ර කරති.ඉරිදා නමස්කාරය ගැන පාප්වාදීහු තමන්ගේ අහංකාර දැඩි අයිතිවාසිකම් ඉදිරිපත් කළහ.ඔවුහු “ස්වාමින්වහන්සේගේ දවස” ලෙස ඉරිදා දවස පවත්වන්නැයි ජනතාවට නීතියෙන් බලකිරිමට රාජ්‍ය බලය යොදා ගැනිමට ක්‍රියා කළෝය.නමුත් ස්වාමින්වහන්සේගේ දවස ලෙස ශුද්ධ බයිබලයෙන් පෙන්නුම් කරන්නේ සතියේ සත්වන දවස මිස සතියේ පළමුවන දවස නොවන්නේය.”මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමියා”යි ක්‍රිස්තු සමිඳාණෝ පැවසු සේක.”සතවන දවස නුඹේ දෙවිවු ස්වාමින්වහන්සේට පත්වන සබතක්ය” යි හතරවන ආඥාව පවසයි.යෙසායා දීවැසි ප්‍රසාදින් මඟින් දෙවි සමිදාණෝ සබත් දවස පිළිබඳව ප්‍රකාශ කරන්නේ “මාගේ ශුද්ධ දවස” කියාය.(මාර්ක් 2:28, යෙසායා 58:13).GrHSin 511.1

    ක්‍රිස්තු සමිඳාණන් සබත වෙනස් කළසේකැයි ඉදිරිපත් කරන්නාවු තර්කය උන්වහන්සේම සිය ප්‍රකාශය මඟින් බිඳ දමා ඇත.කන්ද උඩදී කළ දේශනාවෙන් උන්වහන්සේ මෙසේ වදාළ සේක:“ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගු කරන පිණිස මම ආවෙමියි නොසිතන්න.සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නාවෙමි.සැබවක් නුඹලාට කියමි:අහසත් පොළොවත් පහව යනතෙක්, සියල්ල සිදුවන තුරු ව්‍යවස්ථාවෙන් එක අකරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවු,කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්නාවු කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු යයි කියනු ලබන්නේය.නමුත් ඒවා පවත්වන්නාවු ,උගන්වන්නාවු කවරෙක් නුමුත් ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යයි කියනු ලබන්නේය.” (මතෙව් 5:17 — 19)GrHSin 511.2

    ප්‍රොතැස්තන්ත කිතුණුවන් පොදුවේ පිළිගන්නාවු සිද්ධාන්තයක් වන්නේ සබත වෙනස් කිරිමට ශුද්ධ ලියවිල්ලෙහි කිසිම අවසරයක් ලබා දී නැති බවය. ඇමරිකානු සඳහම් පත්‍රිකා ප්‍රචාරක සංගමය විසින් නිකුත් කරන ලද්දාවු පත්‍රිකා මඟින් මෙන්ම ඇමරිකානු හිරු දින දහම් පාසැල් ප්‍රකාශ මගින්ද මේ බව පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබේ.ඔවුන්ගේ එක්තරා ප්‍රකාශනයක මෙසේ සඳහන් වේ:” සතියේ පළමුවන දින වන ඉරිදා සබත වශයෙන් පැවැත්වීම පිළිබඳව ශුද්ධ ලියවිල්ල නිහඩය.ඒ පිළිබඳව නිශ්චිත නීති රීතිද කිසිවක් ශුද්ධ ලියවිල්ලෙහි අන්තර්ගත නොවේ.” (Elliott.George.”The Abiding Sabbath’” p.184).GrHSin 512.1

    තවත් ප්‍රකාශනයක මෙසේ පවසා ඇත:“ක්‍රිස්තුස්වහන්සේගේ අපවත්විමේ දවස දක්වා (සබත්) දවසෙහි වෙනස් කිරිමක් සිදුවු බවට සාක්ෂි කිසිවක් නැත.ඔවුහු (අපෝස්තුළුවරු)එවැන්නක් කළ බවක්ද වාර්තාවන්හි සඳහන් නොවේ.සත්වන දින වු සබත අත්හැර දැමු බවට ඔවුන් විසින් කිසිම අඥාවක් නිකුත් කර ඇති බවක් හෝ සතියේ පළමුවන දින ශුද්ධ ලෙස පැවැත්විය යුතු යයි කියා විධාන කළ බවට කිසිම වාර්තාගත සාක්ෂියක් නැත. (Waffie .A.E.”The Lord’s Day.” P.186.187) .GrHSin 512.2

    තම සභාව විසින් දවස වෙනස් කළ බව රෝමානු කතෝලික සභාව පිළිගනී.එම දවස (ඉරිදා) පැවැත්වීමෙන් ප්‍රොතැස්තන්ත සභාවන් රෝම සභාවෙහි බලය පිළිගන්නා බව ඔව්හු පවසති.”ක්‍රිස්තියානි ආගමේ කතෝලික ප්‍රශ්නෝතර පාඨයෙහි (කතිකිස්මයෙහි) මෙවන් ප්‍රශ්නයක් අඩංගු වී ඇත.”සතරවන ආඥාවට අනුකූලව සබත් දින පැවැත්විය යුත්තේ කවදාද?”ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එහි මෙසේ සඳහන් වේ.”පැරණි නීතිය පැවති යුගයේදී ශුද්ධ භාවයට පත්කරනු ලැබු දවස සෙනසුරාදාය.එසේ වූ නමුත් යෙසුස්වහන්සේ විසින් කරනු ලැබු අනුශාසනා මෙන්ම දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමද මත පදනම්ව සභාව විසින් සෙනසුරාදා වෙනුවට ඉරිදා ආදේශ කරන ලදී.ඒ නිසා දැන් අපි සතියේ පළමුවන දිනය ශුද්ධවු දවස නොවන්නේය.දැන් ඉරිදා ස්වාමින්වහන්සේගේ දවසය.”GrHSin 512.3

    කතෝලික සභාව සතු බල අධිකාරිත්වයෙහි සලකුණක් ලෙස පාප් සමයවාදී ලේඛකයෝ මෙවන් අදහස් දක්වති:සබත ඉරිදා දවසට මාරු කිරිම රෝමානු කතෝලික සභාව විසින් සිදුකරන ලද්දකි.ප්‍රොතැස්තන්ත සභාවන් විසින් ඉරිදා සබත පැවැත්වීමෙන් කතෝලික සභාවේ අධිකාරි බලය පිළිගනිති.එසේම මංගල්‍ය දවස් නියම කිරිමද සභාව සතු අයිතියක් බව ඔව්හු එමගින් දක්වති.අප සභා පිළිවෙත් අනුගමනය නොකරන්නාවු තැනත්තන් පව්කාරයන් ලෙස නියම කිරීමද රෝමානු සභාව සතු අයිතියක් බව ඔව්හු පවසති.(Tuber ville.H’ “An Abridement of the Christion Doctrine”p.58)එසේ නම් ශුද්ධවු සබත් දවස වෙනස් කිරිම යනු කුමක්ද?එය වනාහි රෝමානු කතෝලික සභාවේ බල අධිකාරියෙහි ලකුණ හෙවත් ලාංඡනය වන්නේය.එය”මෘගයාගේ ලකුණ” වන්නේය.GrHSin 513.1

    රෝමානු කතෝලික සභාව තමා සතුව ඇතැයි පවසන ආධිපත්‍යය කිසිසේත් අත්හැර දමා නැත.ඔවුන්ගේ නිර්මාණයක් වන ව්‍යාජ සබත ලෝක ජනතාව මෙන්ම ප්‍රොතැස්තන්ත සභාවන්ද පිළිගෙන බයිබලීය සබත ප්‍රතික්ෂේප කරන විට ඔව්හු ඇයගේ අයිතිවාසිකම පිළිගන්නා බවට සාක්ෂි දරති.එම වෙනස් කිරිමේ අයිතිය ඔවුන් සම්ප්‍රදායන්ට මෙන්ම සභාවේ පියවරුන්ටද යොමු කරන්නට පුළුවන.එහෙත් එසේ කිරීමෙන් ඔවුහු තමන්ගේ උත්තරීතර ප්‍රඥප්තියක් පාවා දෙති.ප්‍රොතැස්තන්ත බැතිමතුන් රෝම සභාවෙන් ඉවත් වීමේදි පිරිසිදු චේතනාවන්ගෙන් යුතුව”බයිබලය සහ බයිබලය පමණක් ” ඔවුන්ගේ ආගමේ එකම පදනම වන්නේය යන සිද්ධාන්තය මත නැගී සිටියෝය.සබත් විෂය සම්බන්ධයෙන් ප්‍රොතැස්තන්ත බැතිමතුන් තමන්වම රවටා ගනිමින් මෙම විෂය සම්බන්ධව සත්‍යයවු කරුණු වලට කැමැත්තෙන්ම ඇස් වසාගෙන ක්‍රියා කරන බව පාප් අනුගාමිකයන්ට දර්ශනය කළ හැකිය.ඉරිදා නමස්කාරය කෙරෙහි වැඩි ජනතාවක් ප්‍රසන්නතාව දැක්විම පිළිබඳව පාප් බලය සතුටින් සතුටට පත්වේ.වැඩි කලක් ගතවිමට පෙර මුළු මහත් ප්‍රොතැස්තන්ත ලෝකයම රෝමයේ ධජය යටතට පත්වන බවට බවට ඇති ඔහුගේ විශ්වාසය ප්‍රගුණ වීමට පටන් ගනී.GrHSin 513.2

    “ප්‍රොතැස්තන්ත නිකායන් ඉරිදා නමස්කාරය පිළිගැනීම (කතෝලික) සභාවේ ආධිපත්‍යය පිළිගෙන එයට ගෞරවය දැක්වීමකැයි”රෝමානුවෝ ප්‍රකාශ කරති.(Plain Talk about Protestanism.” P.213).ප්‍රොතැස්තන්ත සභාවන් විසින් ඉරිදා නමස්කාරය”නිත්‍යානුකූල කිරිම” යනු පාප් අධිකාරියට නමස්කාර කිරීම නිත්‍යානුකූල කිරීමකි.එය වනාහි මෘගයාට නමස්කාර කිරීමකි.සතරවන ආඥව ඉදිරිපත් කර ඇති අයිතිවාසිකම් ගැන මනා අවබෝධයක් ඇතිව සිටින අය සත්‍ය සබත වෙනුවට ව්‍යාජ දවසක් නමස්කාර කිරිමට තෝරා ගැනීම එම ව්‍යාජ දවස ඉදිරිපත් කළ බලවේගයට නමස්කාර කිරීමක් වන්නේය.රාජ්‍යබලයක් විසින් ආගමික යුතුකම් ඉටුකරන්නැයි අණසක පැනවිම වනාහි එම සභාවන් විසින් මෘගයාට රූපයක් නිර්මාණය කරගැනිමක් වන්නේය.එම නිසා එක්සත් ජනපදයේ ඉරිදා ආගමික නමස්කාර දිනය ලෙස රාජ්‍ය පරිපාලන තන්ත්‍රය විසින් නීති පැනවීම වුකලි මෘගයාට සහ උගේ රූපයට නමස්කාර කිරීමකි.GrHSin 513.3

    පෙර පරම්පරාවන්හි දිවි ගෙවු කිතුණුවෝ ඉරිදා ශුද්ධ දවස යයි සිතා ඒ දවසේ නමස්කාර කළෝය.එසේම වත්මන්හිදීද සෑම සභාවකම සමහර ක්‍රිස්තු භක්තිකයෝ හා සමහර රෝමානු කතෝලික භක්තිකයෝ පවා දිව්‍ය අනුමැතිය අනුව සබත් දවස ඉරිදා යයි අවංකවම විශ්වාස කරති.දෙවියන්වහන්සේ ඔවුන්ගේ අරමුණෙහි අවංක භාවයද උන්වහන්සේට දක්වන ගෞරවයද පිළිගන්නා සේක.එහෙත් ඉරිදා ගරු කටයුතු ලෙස පැවැත්වීමට නීතියෙන් නියම කරනු ලැබ සත්‍ය සබත පිළිබඳව ලෝක වාසීන් දැනුවත් කිරීමක් සිදුවූ විටෙකදී දෙවියන්වහන්සේගේ ආඥා කඩකරමින් රෝම බල අධිකාරිත්වය යටතේ නිර්දේශ කරනු ලැබූ ව්‍යාජ සබත් දවසට ගෞරවය දක්වන්නාවූ කවරෙක් නමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙකු වන්නේය.එමගින් ඔවුන් දෙවියන්වහන්සේට වඩා ඉහළින් පාප් බලවේගයට ගෞරවය දක්වනවා වෙයි.ඔවුහු රෝමයට ගරු බුහුමන් දක්වමින් ඉරු දින නමස්කාරය එළි දැක්වූ රෝමයට ප්‍රණාමය පුද කරන්නන් වෙති.එසේ කිරීමෙන් ඔව්හූ මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරති. තමන්වහන්සේගේ පරමාධිපත්‍යය පෙන්නුම් කරන ලකුණක් ලෙස සබත පිහිටවූ දෙවියන්වහන්සේ එම දවස නමස්කාරය සඳහා වෙන් කළසේක.මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගේ සබත ප්‍රතික්ෂේප කරමින් රෝමයේ ආධිපත්‍යය පෙන්නුම් කරන්නාවූ ඉරුදින ,නමස්කාරය සඳහා යොදා ගන්නේ නම් ඔහු රෝමයට පක්ෂපාතීත්වය දක්වන්නේය.ඔහු මෘගයාට හා උගේ රූපයට නමස්කාර කරන්නේය.දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ ආධිපත්‍යයේ සළකුණක් වශයෙන් දී තිබෙන සබත් දවස එපා කරමින් රෝමය තමාගේ ආධිපත්‍යයේ සලකුණක් වශයෙන් දෙන දෙය පිළිගන්නා අතර ඔව්හු රෝමයට , මෘගයාගේ ලකුණකට පක්ෂපාතකම දක්වති.මෙම විෂය පිළිබඳව කරුණු සරල ලෙස මනුෂ්‍යයා ඉදිරියෙහි තබා ඔහු තෝරා ගන්නේ දෙවියන්වහන්සේගේ ආඥා ද නැතහොත් මිනිසාගේ ආඥා ද කියා තීරණයක් ගැනීමට ඉඩ සලසා දෙනු ලබන්නේය.එවන් තත්වයක් යටතේ දෙවියන්වහන්සේගේ ආඥා කඩකරන්නාවූ කවරෙක් වුවද “මෘගයාගේ ලකුණ” ලබන්නේය.GrHSin 514.1

    මිනිස් වර්ගයාට විරුද්ධව එල්ල කර ඇත්තා වු ඉතා දරුණු තර්ජනය තුන්වන දේවදූතයාගේ පණිවිඩයේ අන්තර්ගතව ඇත.මෙවන් තර්ජනයක් මින් පෙර කිසිම දවසක හෝ මිනිසාට එල්ල වී නැත.මෛත්‍රී කරුණාව බිදක් හෝ මුසු නොවු දේව උදහසේ භිෂණත්වය වගුරුවනු ලැබීමට නම් මෙම පාපය ඉතා දරුණු එකක්ම විය යුතුය.අති මහත් වැදගත් කමකින් යුක්ත මෙම විෂය සම්බන්ධව මිනිසාව අදුරේ තබා නැත.දෙවියන් වහන්සේගේ විනිශ්චයන් ලෝවාසීන් වෙත පතිත කිරිමට පෙර මෙම පාපය ගැන අනතුරු හැඟවීමක් සැමටම ලබා දෙනු ලැබිය යුතුය.තුන්වන දේව දූතයාගේ පණිවිඩය ලෝ පුරා දැනුම් දිය යුතුය.එසේ සිදු වන බවට සහතිකයක් ලබා දී ඇත.තමන් මත එම උදහසේ විපාක පතිත වන්නේ ඇයිදැයි විමසා බැලිය යුතුය.එයින් මිදීමට ඔහුට අවස්ථාවක් ලබා දෙනු ලබනවා ඇත. පොළොවේ වසන්නන්ටත්, සියළු ජාතීන්ටත්,ගෝත්‍රයන්ටත්,භාෂාවන්ටත්,සෙනගටත්, පළමුවන දූතයාගේ පණිවිඩය ප්‍රකාශයට පත්විය යුතුයැයි අනාවැකිය කියා පායි.එම දූතයන් තිදෙනාගේ පණිවිඩයේ කොටසක් වන තුන්වන දුතයාගේ පණිවිඩයද එසේම සකල ලෝවාසීන්ට ලබාදිය යුතුය.එම පණිවිඩය අහස මැද පියාසර කරන දේව දුතයකු විසින් මහත් හඩකින් ප්‍රකාශ කරන බව අනාවැකිය පවසයි.ලෝවාසි සැමගේ පණිවිඩය වෙත යොමු කර ගැනිමක් ගම්‍ය වන්නේය.GrHSin 515.1

    සබත පිළිබද විෂය ධාරාවේ තරගයේදි මුළු කිතුණු ජනතාවම පිල් දෙකකට බෙදා වෙන්කරනු ලැබේ. එක් පාර්ශවයක් දෙවියන්වහන්සෙ‍්ගේ ආඥා රක්ෂා කරන්නාවූ යේසුස්වහන්සේගේ ඇදහිල්ල කෙරෙහි විශ්වාසය රඳවන්නා වූ අයගෙන් සෑදි ඇත.අනෙක් පාර්ශවයේ අය මෘගයාට නමස්කාර කරමින් උගේ ලකුණ ලබා ගන්නවුන්ගෙන් සමන්විතය.˝ලොකු,කුඩා,පොහොසත්,දිළිඳු,දාස,නිර්දාස,˝ යන සිය්ල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ මෘගයා ගේ සලකුණක් ලබන්නට සභාව සහ රාජ්‍ය බලය එකාබද්ධව අණකරනවා ඇත.එසේ වුවද දෙවියන්වහන්සේගේ සෙනග එම ලකුණ ලබා නොගනිති.පත්මොස්හි සිටි දිවැසි වරයා මෙම ජන සමුහයා මෙසේ දර්ශනය කළේය:˝ගින්නෙන් මිශ්‍ර වූ සාගරයක් වැනි දෙයක් සහ මෘගයාගෙනුත් උගේ රූපයෙනුත් උගේ නමේ ගනණෙනුත් ජයගෙන එන්නන් දෙවියන්වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ලඟ සිටිනවාත් මම දුටිමි.ඔවුහු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසේස්ගේ ගීතිකාවද බැටළු පැටවාණන්ගේ ගීතිකාවද ගායනා කරමින් .... ˝සිටි බව ඔහු පවසයි.(එළිදරව් 15:2,3).GrHSin 515.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents