Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 14—ශුද්ධ කවයක්

    පවුල් කවයේ ශුද්ධභාවය: ආරක්ෂා කර ගත යුතුව ඇති ශුද්ධ කවයක් සැම පවුල වටාම ඇත. එම ශුද්ධ කවය තුළ වෙන කිසිවෙකුට කිසිදු අයිතිවාසි කමක් නැත.AHS 40.1

    සැමියා සහ බිරිඳ එකිනෙකා හට සියල්ල විය යුතු වෙති. සැමියාට වසන් කොට අන්‍යන්ට පැවසීමට බිරිඳට කිසි රහසක් නොතිබිය යුතු අතර බිරිඳට වසන් කොට අන්‍යයන්ට පැවසීමට සැමියාටද කිසි රහසක් නොතිබිය යුතුවේ. සැමියාගේ වැරදි හා අඩුපාඩු කම් වල සොහොන බිරිඳගේ හදවත විය යුතු වන අතර බිරිඳ ගේ වැරදි හා අඩුපාඩු කම් වල සොහොන සැමියාගේ හදවත විය යුතුය.AHS 40.2

    මේ දෙපාර්ශවයම අනිකාට රිදවෙන පරිදි විහිලුවක් නොකළ යුතු වේ. සෙල්ලමට හෝ වෙනයම් ආකාරයකට සැමියා හෝ බිරිඳ අනිකාගේ වැරදි අන්‍යයන්ට නොපැවසිය යුතුය. මන්ද මෙම අනුවණ පුරුද්දට ඇබ්බැහි වීමෙන් මුලදී විහිලු සේ පෙනෙනා දේ උසාවියෙන්ද දික්කසාද වීමෙන්ද කෙලවර විය හැකිව ඇත. සැම පවුලක් වටාම ශුද්ද පළිහක්‍ හෙවත් ආවරණක් තිබිය යුතුය.AHS 40.3

    ගෘහ කවය ශුද්ධ ස්ථානයක්, ස්වර්ගීය සංකේතයක්, අප පිළිබිඹුවන කැඩපතක් සේ සැලකිය යුතුය. අපට හිත මිතුරන් සිටිය හැකිමුත්, පවුල් දිවියට ඔවුන් අත පෙවිය යුතු නොවේ. සුව පහසුව, විවේකී භාවය හා විශ්වාසයේ හැඟීමක් දෙන පවුල් කවය තමන්ගේය යන හැඟීමක් ඇති විය යුතුය. AHS 40.4

    ඉවසීම, රදා සිටීම හා කමාවීම: පවුල් කවයට අයත්වන්නන් තම දිව්, කන්, ඇස් හා සැම ශරීර අංගයක්ම පවිත්‍ර කරනා මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලත්වා. නපුරු දේ හා ගැටුණු විට, නපුරු දේට පෙළඹීමට අවශ්‍ය නැත. චරිතය යහ ගුණෙන් සුවඳවත් වීමට හැකියාව ක්‍රිස්තුස්වහන්සේ සලකා වදාරා ඇත.AHS 41.1

    කොපමණ දෙනෙක් ක්‍රිස්තුස්වහන්සේට අවමන් ගෙන දෙමින් පවුල් කවය තුළ උන්වහන්සේගේ චරිතය වැරදි නියෝජනයකට ලක් කරත්ද! කොපමණ දෙනෙක් ඉවසීම, දරා සිටීම, කමා වීම හා සැබෑ ප්‍රේමය නොදක්වදතද! ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය, ක්‍රියා, කැමැත්ත ආදිය එළිදරව් කරනවයාට වඩා තම රුචි අරුචි කම් වලට ඉඩදී බොහෝ දෙන තම නොහොබිනා ස්වභාවය ප්‍රකාශ කිරීමට පෙළඹෙති. ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය කරැණාවෙන් හා ප්‍රේමයෙන් පිරී පවතී. අප උන්වහන්සේගේ දිව්‍ය ස්වභාවය තුළට වැඩෙනවාද? AHS 41.2

    අසමගිතාවය නිවසට රිංගා ගැනීමට ඉඩ නොතැබීමට දෙමාපියන් සැලකිලිමත් විය යුතු වේ. මන්ද මෙය චරිතය මත තම මුද්‍රාව තැබීමට සාතන් භාවිතා කරන එක් උපක්‍රමයකි. ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය පාලනය කළ ප්‍රතිපත්තීන් අදාළ කොට ගනිමින් පවුලේ සමගිය පවත්වා ගැනීමට දෙමාපියන් උත්සහ ගන්නේ නම්, අසමගිය පලවා හරිනු ලබන අතර, එහි සමගිය හා ප්‍රේමය රජයනු ඇත. දෙමාපියන් මෙන්ම දරුවන්ද ශුද්ධාත්ම දීමනාව භුක්ති විදිනු ඇත.AHS 41.3

    වාද භේද වලට ඉඩදී තම ජීවිත කාලකන්නි කර ගන්නවා වෙනුවට තමනට දැරීමට සෑහෙන බර තිබෙන බැව් සැමියා සහ බිරිඳ මතක තබා ගනිත්වා. සුඑ වාද භේද කම් වලට ඉඩ දෙන්නෝ කම නිවෙස් තුළට සාතන් කැඳවා ගනිති. සුළු කාරණා පිළිබඳව ආරවුල් කර ගැනීමේ ගතිය දෙමාපියන්ගෙන් දරුවන්ටද බෝවෙයි. දෙමාපියන් හා දරුවන් දෙවියන්වහන්සේට පක්ෂපාතී වීම වළකා ලීමට දුෂ්ඨ ආත්ම ක්‍රියා කරති. AHS 41.4

    විවාහ දිවියේ පරීක්ෂා පැමිණීය හැකි මුත්, සැමියා හා බිරිද තම අධ්‍යාත්මයන්‍ දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළ පවත්වා ගත යුතුය. සියලු කරුණාව, මෘදුකම හා දයානුකම්පාව ලබනට සුදුසු තැනැත්තිය ලෙස පියා තම දරුවන්ගේ මව දැකිය යුතුය.AHS 41.5

    පවුලේ සාමයේ රහස: පවුල් තුළ භේද බින්න වීමට හේතුව ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වීමය. ක්‍රිස්තුස්වහන්සේට ළංවීම යනු එකිනෙකා වෙත ළංවීමය. පවුල තුළ සැබෑ එකමුතු කමේ රහස වනුයේ උපක්‍රමශීලී භාවය, පරිපාලනය, දුෂකරතාවයන් මැඩලීමට ගත් අප්‍රතිහත ප්‍රයත්නය වැනි දේට වඩා ක්‍රිස්තුස්වහන්සේ සමග එකමුතුව සිටීමය.AHS 41.6

    පිටත දාරයේ සිට මධය ලක්ෂය දක්වා බොහෝ රේඛා දිවෙන විශාල කවයක් සිතට නංවා ගන්න. මෙම රේඛා මධ්‍ය ලක්ෂයට සමීප වන තරමට ඒවා එකිනෙකටද සමීපව පවතී. කිතුණු දිවියේදීද ‍එසේමය. අප ක්‍රිස්තුස්වහන්සේට සමීප වන තරමටම එකිනෙකා වෙතටද සමීපව සිටිනෙමු. AHS 42.1

    එකිනෙකා අනිකාට සහය වෙත්වා: පවුල් සමාගම එහි එක් එක් සාමාජිකයාට ඉටු කිරීමට කොටසක් ඇති එකිනෙකා හට උදව් උපකාර වන ශුද්ධ සමාජ සංගමයකි. මනාව සකසන ලද යන්ත්‍රයක විවිධ කොටස් සේ, පවුලේ කාර්යය වනුයේ සාමූහිකව හොඳින් ක්‍රියා කිරීමය.AHS 42.2

    පවුලේ සුව පහසුවට, විධිමත් භාවයට සහ නිති පැවැත්මට රුකුල් දෙමින් තම කොටස ඉටු කිරීමට පෞද්ගලිකව තමන් මත වගකීමක් පැවරී තිබෙන බැව් පවුලේ සැම සාමාජික සාමාජිකාවක්ම අවබෝධ කරගත යුතු වේ. එක් අයකු තවකෙකුට විරුද්ධව ක්‍රියා නොකළ යුතුය. එකිනෙකා දිරි ගැන්වීමේ යහපත් කාර්යයෙහි සියල්ලෝම එක්ව නිරත විය යුතු වෙති. ඔවුන් මෘදු කම, ඉවසා දරා ගැනීම පුරුදු පුහුණු කළ යුතු අතර කලබැගෑනියෙන් ‍තොරව පහත් නිෂ්චල හඩින් කථා කරමින්, මවගේ බර සැහැල්ලු කරනු වස් තමනට කළ හැකි උපරිමය කළ යුතු වේ.AHS 42.3

    අන්‍යයන් සමග එක්ව තමන් ඉටු කළ යුතු කොටස පවුලේ සැම සාමාජිකයාම වටහා ගත යුතුය. වයස අවුරුදු හයේ සිට ඉහළට වන සියල්‍ලෝම පවුලේ ජීවිත බරින් තම කොටස දැරිය යුතු බැව් තේරුම් ගත යුතු වෙති.AHS 42.4