Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 15—ඔබේ දරුවාගේ පළමු පාසල

    පවුල් කවය පාසලකි: සියලු අධ්‍යාපන ආයතනයන්ගෙන් අති උතුම් අධ්‍යාපනික ආයතනය පවුලවිය යුතු යැයි ස්වකීය ප්‍රඥාව කරණ කොට ගෙන ස්වාමීන්වහන්සේ නියෝග කොට තිබේ. දරුවාගේ අධ්‍යාපනය ආරම්භ වීමට තිබෙනුයේ නිවසේදීය. මෙය ඔහුගේ පළමු පාසලය. මෙහි තම දෙගුරුන් උපදේශකයන් ලෙසින් සිටිය දී දරුවා ස්වකීය ජීවිත කාලය තුළ තමනට මග පෙන්වන ගරු කිරීම, කීකරුකම, ගරුත්වය දැක්වීම, ආත්ම දමනය වැනි පාඩම් උගත යුතුය.AHS 43.1

    නිවසින් ලබන අධ්‍යාපනික ආභාෂයන් යහපතට හෝ අයහපතට යොමු කරවන තීරණාත්මක බලයකි. බොහෝ අයුරින් එම ආභාෂයන් නිහඩ හා ක්‍රමානුකූලව ලැබෙන ඒවා වන අතර නිසි ලෙසින් ලද හොත් සත්‍යය හා ධර්මිඨකම උදෙසා ඒවා ඉතා දුරට විහිදෙන අනුබලයන් වන්නේය. දරුවාට මෙහිදී නිසි උප‍දෙස් දෙනු නොලැබුව හොත්, සාතන් තම උපක්‍රම මාධ්‍යයන්ගෙන් ඔහුට උගන්වනු ඇත. එහෙයින් නිවසේ පාසැල කොපමණ වැදගත් වේද?AHS 43.2

    නිවසේ, සමාජයේ සහ සභාවේ කර්තව්‍යයන් සඳහා ඔබගේ දරුවන් සූදානම් කරවන පවුලේ කවය පුහුණු පාසලක් සේ ලකන්න. AHS 43.3

    ගෘහ අධ්‍යාපනය වැදගත්කමේ මුල් තැනට: ගෘහ අධ්‍යාපනය සහ වත්මන් තරුණ පරපුර පුරුදු පුහුණු කිරීම නොසලකා හැර තිබීම මුඑ ලොවම පාහේ පිළිගත්, හඬ නගා කියා පාන කනගාටු දායක කරුණකි.AHS 43.4

    නිවසේ වැඩිහිටියන්ට, රැකවළුනට පවරනු ලැබ තිබෙන ශ්‍රම ක්ෂේත්‍රය තරම් වැදගත් දෙයක් තවත් නැත. පියවරුන්ට හා මව් වරුන්ට භාර දෙනු ලැබ තිබෙන කාර්යය තරම් උතුම් හා දීර්ග කාලීන ප්‍රතිඵල දෙන වෙනත් කාර්යයක් මනුෂ්‍යයන්ට දෙනු ලැබ නැත. AHS 43.5

    සමාජයේ අනාගතය තීරණය වනුයේ වත්මන් තරුණ හා ළමා පරපුර කරණ කොට ගෙන වන අතර, මෙම තරුණ හා ළමා පරපුර කවර ආකාර වේදැයි රදා පවත්නේ නිවසේ පැවැත්ම මතය. මානව වර්ගයා හට ශාපයක් වන අපරාධ, දුක් වේදනා සහ ලෙඩ රෝග ආදියෙන් බොහෝමයකට හේතුව නිසි ගෘහ පුහුණුවේ මදිකම බැව් දැක්විය හැකිය.AHS 44.1

    ගෘහ ජීවිතය පවිත්‍ර හා සත්‍යවාදීනම්, එහි රැක බලා ගැනීමෙන් පිටව යන දරුවන් ජීවිතයේ වගකීම හා අනතුරු වලට මුහුණ දීමට සූදානම්ව සිටියේ නම්, ලොව කවර වෙනසක් දක්නට ලැබෙනු ඇතිද! AHS 44.2

    අන් සියල්ල දෙවෙනි තැනට: ලොවට ගෙන එනු ලබන සැම දරුවෙකුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අයත් වස්තුවක් වන බැවින්, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට උපදෙසින් හා ආදර්ශයෙන් දරුවාට ඉගැන්විය යුතුය. එහෙත් තර්ක බුද්ධියේ පළමු විකසිත වීමේ සිට ක්‍රිස්තුස්වහන්සේ දැන හඳුනා ගන්ටත් උන්වහන්සේට ප්‍රේම කරන්ටත් තම දරුවනට උගන්වා පුහුණු කිරීමට අසමත් වීම කරණ කොට ගෙන අති විශාල දෙගුරුන් සංඛ්‍යාවක් දිව්‍ය පැවරුම නොසලකා හැර තිබේ. දරුවාගේ විමසිලිමත් සිත අවදිවන මොහොත ඉතා සැලකිලිමත්ව බලා සිට, ස්වාමීන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේ පිළිබඳ අවබෝධය තුළ තම දරුවන් පුහුණු කිරීමට දෙවියන්වහන්සේ විසින් ඔවුනට පවරා වදාළ කාර්යයට මුල්තැන දෙමින් ගෘහ ජීවිතයේ අන් සියලු කාරණා වලට දෙවෙනි තැන දිය යුතු වේ. AHS 44.3

    තම දරුවන් බිළිඳු වියේදී ඔවුන් නොසලකා සිටින්ටත් දරුවන් වයසින් වැඩෙනා කල නිසි උපදෙස් දීමට අපොහොසත් වීමටත් නොපෙළඹෙන පිණිස දෙමාපියෝ තමන් පාලනය කිරීමට ගනු දෙනු කටයුතු, ලෝක සිරිත් විරිත්, මති මතාන්තර හා විලාසිතාවන් ආදියට ඉඩ දිය යුතු නොවෙයි. AHS 44.4

    ස්වාමීන්වහන්සේගේ මාර්ගය තම දරුවනට කාරුණිකව හා ඉවසිලිවන්තව ඉගැන්වීමේ කාර්යයට තමන් හැඩ ගැසෙනා සැටි කෙසේදැයි සිතා බැලීම නමැති අති වැදගත් කාරණාව පසෙකලා අනිකුත් කාරණා වලට දෙමාපියන් සිත මෙහෙයවීම අද ලොවෙහි මෙතරම් අධර්මිෂ්ඨකම් තිබීමට එක ප්‍රබල හේතුවකි. කඩතුරාව පසෙකට ඇදලිය හැකි නම්, මෙම නොසැලකීම තුළින් නොමග ගිය බොහෝ දරුවන් නිවසින් ලැබිය යුතු වූ යහපත් ආභාෂයන් අහිමි කරගෙන තිබෙන බැව් අප දකිනු ඇත. දෙමාපියෙනි, ඔබට මෙවැන්නක් අත් දැකිය හැකිද? ස්වාමීන් වහන්සේ මුළු සිතින් අදහාගෙන කීකරුවීම යනු කවරේදැයි ඔවුනට වටහා ගැනීමට අවශ්‍යවන සියලු කාලය ඔවුනට ලැබ දීමෙන් ඔබ වලකා ලන්ට සමත් අන් කිසිදු වඩා වැදගත් කටයුත්තක ඔබ නිරත නොවිය යුතුය. AHS 44.5

    ඔබගේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස ඔබ කුමක් නෙළාගන්නෙහිද? ඔබ පෙන්වා දෙන මාර්ග‍යන්හි ඔබ හා එක්ව කටයුතු කිරීමට ආශාවෙන් ඔබේ පසෙකින් සූදානමින් සිටිනා දරුවන් ඔබට දකින්ට ලැබෙනු ඇත. එමගින් ඔබේ කාර්යයන් පහසු කෙරෙනු ඇත. AHS 45.1

    භාරධූර වැදගත් කටයුතු පියා මත තිබියදී මෙම දරුවන් පුහුණු කිරීමේ කාර්යයෙහි ලා මව ප්‍රබල ස්ථානයක් දරන්නීය. ප්‍රධාන කොටම දරුවන්ගේ ළපටි වියේදී නිරතුරු ඇසුර කරණ කොට ගෙන මව ඔවුන්ගේ විශේෂ උපදේශිකාව සහ මිතුරිය විය යුතු වේ. දරුවන් තුළ නිසි පුරුදු හා වින්දනයන් ගොඩ නංවමින් ඔවුන් තුළින් ක්‍රමවත් භාවය හා පිළිවෙළ වැඩිමට ඇය විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. කාර්ය ශීලී, ආත්ම විශ්වාසයෙන් යුත්, අන්‍යයන්ට ප්‍රයෝජනවත් වූවන් වීමටද සැම විමට දිව්‍ය අභිමුඛයෙහි වසනා ලෙසින් ජීවත් වීමට, ක්‍රියා කිරීමට හා සේවය කිරීමට ද ඇය ඔවුන් පුරුදු පුහුණු කළ යුතුය. AHS 45.2

    දෙමාපියන් නිතර දරුවන් හා ගැවසිය යුතුය. උ‍පදෙසින් හා ආදර්ශයෙන් ඔවුන් තම දරුවන් හට දේව භක්තිය හා ප්‍රේමය ඉගැන්විය යුතුය. ඔවුනට නැණවත් වීමට, සමාජ ඇසුරට, සෙනෙහස දැක්වීමට, ‍වෙහෙසව වැඩ කිරීමට, සැකසුරුවම් වීමට හා ආත්ම පරිත්‍යාගික වීමට ඉගැන්විය යුතුය. නිවසේදී තම දරුවන්ට ‍ප්‍රේමය, දයානුකම්පාව සහ දිරිගැන්වීම දැක්වීමෙන් ඔවුන්ට ලොව බොහෝ පරීක්ෂාවන්ගෙන් බැහැරව සිටිය හැකි ආරක්ෂිත, ප්‍රිය ජනක පරිසරයක් නිවසේ බිහි කිරීමට දෙමාපියන්ට පුළුවන.AHS 45.3

    දිව්‍ය උපදෙස් අති උත්කෘෂ්ඨ විය යුතුය: බැහැර කළ නොහැකි උතුම් ශුද්ධ ප්‍රමිතියක් වන බයිබලීය නීති රීති දෙමාපියන් හා දරුවන් ආදී සියල්ලන්ගේ මග පෙන්වීම පිණිස අපට ඇත. දිව්‍ය උපදෙස් අති උත්කෘෂ්ඨ විය යුතුය. සිත් සෝදිසි කරන්නා වූ තැනැන්වහන්සේ අභියස පියාද මවද දේව වචනය වන බයිබලය පෙරළා, අවංකකමින් යුතුව උන්වහන්සේ කුමක් පවසා තිබේදැයි විමසත්වා.AHS 45.4

    දෙමාපියනට පමණක් දැරිය හැකි වගකීම්: දෙමාපියනි, ඔබ උදෙසා අන් කිසිවෙකුට දැරිය නොහැකි වගකීම් ඔබ දරන්නහුය. ඔබ ජීවත් වන තාක් කල්, දෙවියන්වහන්සේගේ මාර්ගයෙහි පැවතීමට ඔබ උන්වහන්සේට වගකීමෙන් බැඳී සිටින්නහුය. දේව වචනය තම මාර්ගෝපදේශකයා ලෙස සලකන එමෙන්ම තම දරුවන් ඔවුන්ගේ චරිත වර්ධනය පිණිස තමන් කෙරෙහි කෙතරම් රඳා සිටී දැයි අවබෝධ කරගන්නා දෙමාපියෝතම දරුවන්ට අනුගමනය කිරීමට ආරක්ෂා සහිත ආදර්ශයක් දෙති.AHS 45.5

    ස්වකීය දරුවන්ගේ නිරෝගී සුවයට, ශරීර ශක්තියට හා චරිත වර්ධනයට පියවරුන් හා මව් වරුන් වගකිවයුතු වේ. මේ කාර්යය අන් කිසිවෙකු මත නොපැවරිය යුතුය. දරුවන්ගේ දෙමාපියන් වශයෙන් නිසි ප්‍රතිපත්තීන තුළ ඔවුනට ඉගැන්වීමෙහි ලා ස්වාමීන්වහන්සේ සමග සහයෝගීව ක්‍රියා කිරීමට ඔබට පැවරෙයි. AHS 45.6

    දරුවන් පිළිබඳව දෙවියන්වහන්සේ දෙවා වදාළ වගකීම ඉවත ලා ඒ වගකීම තමන් උදෙසා ඉටු කිරීමට පිටස්තර අයවළුන් මත තැබීමට ‍බොහෝ දෙමාපියන් පෙළඹී සිටීම කෙතරම් කණගාටුදායකද! අන්‍යයන් තම දරුවන් උදෙසා වෙහෙස මහන්සිව කටයුතු කරමින් එම වගකීමෙන් තමන් නිදහස් කරනවාට ඔවුහු සතුටු වෙති. AHS 46.1

    තම දරුවන් නොමග යාම ගැන දැන් කඳුළු සලන බොහෝ දෙනෙකු ඊට දොස් ලැබිය යුතුව ඇත. දෙමාපියන් හා භාර කරුවන් ලෙස දෙවියන්වහන්සේ ඔවුන් මත පවරා වදාරනුයේ කුමක්දැයි ඔවුන් තම බයිබලයන්ගෙන් සොයා බලත්වා.ඔවුන් මෙතෙක් නොසලකා හැරිය තම වගකීම යලි භාර ගනිත්වා. තම දරුවන් පුරුදු පුහුණු කිරීමෙහි ලා දෙවියන්වහන්සේගේ උපදෙස් පිළිපැදීමට නොසලකා හැරීම ගැන ඔවුන් යටහත්ව දෙවියන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙත්වා. ඔවුන් තම කර්යාවලිය වෙනස් කොට තම උපදේශකයා හා මග පෙන්වන්නා ලෙස ඉතා සැලකිලිමත්ව බයිබලය තරයේ අනුගමනය කළ යුතු වේ.AHS 46.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents