Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 47—ව්‍යාපාරික අවංකකම

    ව්‍යාපාරික ප්‍රතිපත්ති මූලාශ්‍ර පොත: බයිබලය මගින් අත්‍යාවශ්‍ය සූදානමක් ගෙන හැර නොපාන නීත්‍යානුකූල ව්‍යාපාර අංශයක් ‍නොමැත. සැබෑ සාර්ථකත්වයේ රහස එහි දැක්වෙන දැඩි උනන්දුව, අවංකකම, සැක සුරුවම්කම, පමණ දැන ක්‍රියා කිරීම සහ පිවිතුරු බවේ ප්‍රතිපත්තීන්ය. හිතෝපදේශ පොතේ පෙන්වා දෙන පරිදි මෙම ප්‍රතිපත්තීන් තුළ ප්‍රායෝගික දැනමුතුකම් සම්භාරයක් ගැබ්ව ඇත. වෙළෙන්දෙකු, කර්මාන්ත කරුවකු, කවර හෝ ව්‍යාපාර අංශයක සේවක අධ්‍යක්ෂකවරයෙකු තමන් හෝ තම සේවකයන් උදෙසා මෙම ප්‍රඥාවන්ත මනුෂ්‍යයාගේ වදන්හි ගැබ්ව ඇති සිද්ධාන්ත වලට වඩා හොඳ සිද්ධාන්ත සොයා ගනුයේ කොතැන්හිද?AHS 141.1

    “තම කටයුතු ගැන දස්කම්පාන මනුෂ්‍යයෙක් සිටීනම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අභියස වැජඹෙනු ඇත”. “වැඩක යෙදුනොත් ජීවිකාව ලැබේ. කථාවටම වැටුණොත් දිළිඳුකම ලැබේ”. AHS 141.2

    “බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරි මතින් හිඟමනට බසිනු ඇත”.AHS 141.3

    ශුද්ධ ලියවිලි තුළ බොහෝ විට යලි යලිත් පැවසෙන, එමෙන්ම අවධාරණයෙන් පෙන්වා දෙන අනතුරු ඇගවීම සිතට ගැනීමෙන් කොතරම් දෙනෙකු හට ආර්ථික පිරිහීම සහ විනාශයෙන් බේරී සිටිය හැකි වන්ට තිබිණිද? AHS 141.4

    “ධනවත් වීමට කඩිනම් වන්නා නිර්දෝෂී නොවෙයි”. AHS 141.5

    “නිරායා‍සයෙන් ලබන සම්පත වහා නැති වී යයි. වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩිවෙයි”. AHS 141.6

    “බොරු කියන දිවක් කරණ කොට ගෙන වස්තුව ලැබීම හුළගට ගසාගෙන යන දුමාරයක්ය. ඒවා මරණයේ මළපත්ය” “ ණයට ගන්නා ණය දෙන්නාගේ දාසයාය”.AHS 141.7

    අන්‍යයෙකුට ඇප වෙන්නාට දුක් පැමිණෙයි. එහෙත් ඇප වීමට මැලි කරන්නා සුරක්ෂිතව සිටින්නේය”.AHS 142.1

    අප අපගේ අසල් වැසියන්ට සුළු හෝ විශාල වංචා කරනා විට, අප දෙවියන්වහන්සේ කෙරෙහිද එ‍සේම කටයුතු කරනු ඇත. වංක කමෙහි පවතින මනුෂ්‍යයෝ තමන්ටම වංචා කරගෙන ස්වර්ගයත් සදාකාල ජීවනයත් අහිමිකර ගන්නා තුරු එම වැරදි මාර්ගයන්හි යන්නෝය. සුළු ලෞකික වාසියක් උදෙසා ඔවුන් ස්වකීය ගෞරවය සහ ආගමද පරිත්‍යාග කරනු ඇත.AHS 142.2

    ණය තුරුස් වලට අසු වුවෙකුහට උපදෙස්: කිසි ණයක් නොගෙන සිටීමට අධිෂ්ඨාන කර ගන්න. ණය වනවාට වඩා දහසක් දේ නැති ව සිටින්න. ණය වීම ඔබගේ ජීවිතයේ ශාපය වී ඇත. වසූරියෙන් මෙන් ඉන් ඈත්ව සිටින්න.AHS 142.3

    දෙවියන්වහන්සේගේ ආශීර්වාදය කරණ කොට ගෙන ණය ගෙවා දමන බවටත් ඉක්බිතිව කැඳ බී ජීවත් වන්ට සිදු වුවත් කිසිවෙකුට ණය නොවන බවටත් දෙවියන්වහන්සේ සමග ස්ථිර ගිවිසුමක් ඇති කර ගන්න. ඔබගේ කෑම මේසය පිළියෙල කර ගැනීමේදී අමතර කැවිලි පෙවිලි සඳහා සුළු මුදලක් වැඩියෙන් වැය කිරීම පහසු දෙයකි. එහෙත් සුළු වියදම් ගැන සැලකිලිමත් වන්න. එවිට ලොකු වියදම් ඒවා ගැන බලා ගන්නවා ඇත. අරකට මේකට වියදම් කරන සුළු සුළු මුදල් එකතු වී රුපියල් ගණන් වන්නේය. අඩු තරමින් ඔබ ණය බරින් මිරිකී සිටිනා විටත් තම කම නසන්න. ඇද නොවැටෙන්න, අධෛර්යය නොවන්න, ආපසු නොහැරෙන්න. ඔබගේ රුචිකත්වයයන්, දිව පිනවීම ප්‍රතික්ෂේප කොට සුළු වියදම් ඉතිරිකොට ගෙන ඔබේ ණය ගෙවා දමන්න. හැකි පමණ ඉක්මනින් ඒවායින් මිදෙන්න. කිසිවෙකුට කිසිවක් නොණයවී නිදහස් මනුෂ්‍යයෙකු ලෙස ඔබට යලි නැගී සිටින්ට හැකි වූ විට, ඔබ විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනු ඇත. AHS 142.4

    අන්තවාදී වීමේ අනතුරුදායී බව: නුවණැතිව ක්‍රියා නොකරන සමහරු මගහැර සිටිය හැකි දේට අනවශ්‍ය ලෙස ණය වෙති. අන්‍යයෝ නොඇදහිල්ල පිළිබිඹු කෙරෙන තරමට අප්‍රවේශම් වෙති. දෙවියන්වහන්සේගේ කාර්යය සවිමත්ව ගොඩ නැගෙන පිණිස යම් අවස්ථාවල වාසිදායී තත්ත්වයෙන් උපරිම ඵල නෙළා ගනිමින් ඉන් ලැබෙන ආදායම අපට ආයෝජනය කළ හැකි අතරම හරි ප්‍රතිපත්තීන් තුළ පැවතීමටද පුළුවන.AHS 142.5