Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 54—ඔබගේ සමාජීය අවශ්‍යතා

    මිතුරන්ගේ අනුබලය: සෑම අයෙකුම මිතුරන් සොයා ගනියි. නැතහොත් මිතුරන් ඇති කර ගනියි. මිතුරන් යමෙකු කෙරෙහි යහපත හෝ අයහපත උදෙසා ඇති කරන අනුබලය ඔවුනතර මිත්‍රත්වයේ ගැඹුරු කමට සමානුපාතික වේ. සියල්ලන්ටම මිතුරන් සිටිනු ඇති අතර ඔවුන් තම මිතුරන් කෙරෙහිද බලපෑම් ඇති කරනු ඇත.AHS 161.1

    පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ පවා ඇසුරෙහි අනුබලය කෙරෙහි දෙවියන්වහන්සේගේ වචනය මහත් බරපතල කමක් දක්වයි. ළමා සහ තරුණ දරුවන්ගේ වර්ධනය වන මනස සහ චරිත ස්වභාවය කෙරෙහි එහි බලය ඊටත් වඩා කොපමණ වැඩි වනු ඇතිද! ඔවුන් පවත්වන සමාගමය, අනුගමනය කරන ප්‍රතිපත්තිය, පුරුදු වන ගති පැවතුම් ආදිය මෙලොව ඔවුන්ගේ ප්‍රයෝජනවත් භාවයත් අනාගත ඉරණමත් තීරණය කරනු ඇත.AHS 161.2

    තරුණ දරුවන්ට ඔවුන්ගේ මිතුරන් සිටීම වැළකිය නොහැකි වන අතර නිසැකවම ඔවුන්ට මිතුරන්ගේ අනුබලය දැනෙනු ඇත. එක් අයෙකු‍ගේ හදවත තවත් අයෙකුගේ හදවතට පිළිතුරු දෙන ලෙසින් පුද්ගලයින් එකට බැඳ තබන අභිරහසිගත සබඳතා ඇත. එක් අයෙකුට තවකෙකුගේ අදහස්, මත හා ගති ස්වභාවය බෝවෙයි. මෙම ඇසුර ආශීර්වාදයක් හෝ ශාපයක් විය හැකිය. දැනීම, ගති ස්වභාවය, හැසිරීම ආදිය දියුණු කර ගැනීමට තරුණ වියේ දරුවන් හා ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට අන්‍යෝන්‍ය ලෙස සහ‍‍ය විය හැකිය. එසේ නො‍වේ නම්, නොසැලකිලිමත් වීමට හා විශ්වාසවන්ත නොවීමට ඉඩ හැරීම මගින් පිරිහීමට පත්කරවන සුළු අනුබලයක් ඇති කිරීමට ඔවුන්ට පුළුවන.AHS 161.3

    සියලු අලංකාරකමේ කතුවරයාණන්ද අලංකාර දේට ප්‍රිය කරන තැනැන්වහන්සේද වන දෙවියන්වහන්සේ ස්වකීය දරුවන් තුළ වන අලංකාරකමට ඇති ආශාව පිනවීමට අවැසි දේ සපයා දුන් සේක. ඔවුන්ගේ සමාජීය අවශ්‍යතාවයන් සහ දයානුකම්පාව වඩවා ජීවිතය දීප්තිමත් හා මිහිරි කරවීමට කාරුණික හා ප්‍රයෝජනවත් ආශ්‍රයන්ද උන්වහන්සේ සලසා දුන් සේක.AHS 162.1

    ස්වභාවික නැඹුරුතාවයන් ගැන ප්‍රවේශම් වන්න: පිවිතුරු, කල්පනාශීලී, ගුණවත් මිතුරන් සමග ඇසුරු කිරීමට තරුණ වියේ දරුවන් යොමු කළ හැකි නම්, එහි ප්‍රතිඵලය ඉතා වැඩ දායක වනු ඇත. ස්වාමීන්වහන්සේට භය වන මිතුරන් තෝරා ගත හොත්, ඔවුන්ගේ අනුබලය සත්‍යය, යුතුකම සහ ශුද්ධ භාවය වෙත යොමු කරවනු ඇත. සැබෑ කිතුණු ජීවිතය යහපත උදෙසා ශක්තියක් වන්නේය. එහෙත් අනික් අතට, එතරම් හොඳ නැති සදාචාරයකින් යුත් නරක ප්‍රතිපත්තීන් හා පුරුදු ඇති ස්ත්‍රීන් හා පුරුෂයන් ඇසුරු කරන්නන් නොබෝ කලකින් එම මගෙහිම යනු ඇත. ස්වභාවික සිතෙහි ආශාවන් පාතාලය කරා යොමු වේ. ආගම දහම ගැන සැක පහළ කරන්නෙකු හා ඇසුරු කරන්නා වැඩිකල් නොගොස් එවැන්නෙකු වෙයි. අධමයෙකු ඇසුරු කරන්නා නියත වශයෙන්ම අධමයෙකු වෙයි. අදේව දෘෂ්ටික‍යන්ගේ උපදෙස් පිළිපැදීම පාපිෂ්ඨයන්ගේ මාර්ගයෙහි සිට ගැනීමටටත් නින්දා අපහාස කරන්නන්ගේ අසුනෙහි හිඳ ගැනීමටත් තබන පළමු පියවර වන්නේය.AHS 162.2