Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 56—විනෝදාත්මක ක්‍රීඩා අත්‍යවශ්‍යය.

    අන්තවාදී මත: ආගම යනු යකඩ දණ්ඩකින් තමන් පාලනය කරන ද්‍රෝහී පාලකයෙකැයි සිතනා රෝගී සිතිවිලි සහිත පුද්ගලයෝ සිටිති. ඔවුහු නිරතුරුව තම පාපිෂ්ඨකම ගැන සිතින් වැළපෙමින් සිතින් මවා ගත් බිය කරුදේ ගැන කෙඳිරි ගාති. ප්‍රේමය ඔවුන්ගේ සිත්හි නොපවතින අතර, සැම විටම ඔවුන්ගේ මුහුණෙහි තිබෙනුයේ රවා බැල්මක් පමණකි. යොවුන් වියේ පසුවන්න‍න‍්ගේ හෝ කවරෙකුගේ හෝ අහිංසක සිනහවකින් ඔවුන්ගේ සිත් කීරි ගැසී යයි. සියලු විනෝද ක්‍රීඩා ආදිය පාපයකැයි සලකන ඔවුහු සිත සැම විටම දැඩි, තදබල කමින් පවත්වා ගත යුතු යැයි සිතති. මෙය එක අන්තයකි.AHS 166.1

    තවත් සමහරුන් සිතනුයේ සෞඛ්‍යමත් වනු පිණිස සිත සැම විටම නව විනෝදාස්වාදයන් සහ නව ප්‍රවනතාවයන් කරා යොමු විය යුතු බවය. සිත කුල්මත් කරවීමට සිතනා ඔවුහු ඉන් තොර වුව හොත් අසහනයට පත් වෙති. එවැන්නෝ සැබෑ කිතුණුවන් නොවෙති. ඔවුහු තවත් අන්තයක් කරා යති. ක්‍රිස්තියානි ධර්මයේ සැබෑ ප්‍රතිපත්තීන් මැනිය නොහැකි තරම් දිගින් හා පළලින්ද, උසින් හා ගැඹුරින්ද යුත් ප්‍රීතිමත් බවේ උල්පතක් සැමදෙන ඉදිරිපිට විවෘත කරයි.AHS 166.2

    සිත පුබුදුවා කය පණ ගැන්වීමට: දෙවියන්වහන්සේගේ මහිමයට තම කායික, මානසික කුසලතාවයන් භාවිතා කිරීමේ අරමුණ ඇතිව, අහිංසක විනෝදාත්මක ක්‍රීඩා කරණකොට ගෙන තම සිත පිනවා ගැනීම හා කය පණ ගැන්වීමට කටයුතු කිරීම කිතුණුවන්ගේ යුතුකම සහ භාග්‍යය වන්නේය. අපගේ විනෝදාත්මක ක්‍රීඩා ආදිය විකාර ස්වරූපයක් ගන්නා අරුත් සුන් සරදම් අවස්ථා නොවිය යුතුය. කිතුණුවන් ලෙස අප මත පැවරෙන යුතුකම් ඉටු කිරීමට අපද අප ඇසුරු කරන්නන්ද වඩාත් සුදුසුකම් ලබනු පිණිසද ඔවුනට පල ප්‍රයෝජන ලැබෙන ලෙස හා ඔවුන්ගේ උන්නතියට හේතුවන ලෙස එම ක්‍රීඩා ආදිය පැවැත්වීමට අපට පුළුවන.AHS 166.3

    හොඳින් ක්‍රියාකාරි වීම අත්‍යාවශ්‍ය වේ: කායික ව්‍යායාමයන්හි නිරත වීමට ගත කෙරෙන කාලය අපතේ නොයයි. සියලු ඉන්ද්‍රියයන්ගේද සිරුරේ සියලු කාර්යයන්ගේද ප්‍රමාණවත් ව්‍යායාම එවායේ උපරිම ක්‍රියාකාරීත්වය‍ට අත්‍යාවශ්‍ය වේ. සජීවී ශරීර යන්ත්‍රයේ වෙනත් ඉන්ද්‍රියයන් අකර්මන්‍යව පවතිද්දී මොළය පමණක් නිරතුරුව වෙහෙසට පත් කිරීමෙන් කායික හා මානසික ශක්තිය හීන වී යයි. කාය පද්ධතියේ නිරෝගී ස්වභාවය දුර්වලවී මනසේ නැවුම්කම හා ප්‍රාණවත් බව මිලින වන විට එහි ප්‍රතිඵලය වනුයේ සිතෙහි අනිසි සිතිවිලි රජයන්ට පටන්ගැනීමය.AHS 167.1

    නින්දේ විශ්‍රාම ගන්නා වූද ශ්‍රමය යොදා වෙහෙසෙන්නාවූද කාලය නියම කර ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අවශ්‍ය වේ. අපට විශ්‍රාමික කාලයක්ද විනෝද ක්‍රීඩා සඳහා කාලයක්ද භාවනව සඳහා කාලයක් ද තිබිය යුතුය.AHS 167.2

    සිසුනට නිස්කලංකව සිටීම අවශ්‍යය: ඉගෙනීමෙහි නිරතව සිටින්නන් හට සිතට විවේකය දෙන නිස්කලංක කාලයක් තිබිය යුතුය. මෘදු මානසික ශක්තීන් වැහැරී යා හැකි බැවින් මනස නිතරම සමීප සිතිවිලි වලට සීමා නොකළ යුතු වේ. මනස මෙන්ම ශරී‍රයටද ව්‍යායාම අවශ්‍ය වෙයි.AHS 167.3

    කාර්යාලීය සේවකයන්ද මනසට විවේක දිය යුතුය: කාර්යාලීය වගකීම දරන්නන්ගේ නිරතුරුව සිත වෙහෙසෙවන මානසික ශ්‍රමය ගැන වටහා ගන්නේ ස්වල්ප දෙනෙකු පමණය. දිනෙන් දින, සතියෙන් සතිය කාර්යාල තුළ ඔවුන් සිර වී සිටිනා අතර මානසික ශක්තීන් පෙ‍ළන නිරන්තර ආයාශය නියත වශයෙන් ඔවුන්ගේ කාය බලය පිරිහීමට ලක් කර ආයු කාලයද අඩු කරවයි. ඔවුන් තම දිවි රටාවෙහි වෙනසක් නිතර ඇති කර ගත යුතු සේම තම ඇසුර මුළු මනින්ම පාහේ නොලබන පවුලේ අඹුදරුවන් සමග විනෝදයෙන් ගත කිරීමට දවසක් වෙන් කර ගත යුතුය. එකවර කාර්යාලයේ සියල්ලන්ටම නිවාඩු ගැනීමට අපහසු විය හැකිය. එහෙත් එක් අයෙකු දෙදෙනෙකු පමණ නිවාඩු ගත්විට ඔවුන්ගේ වැඩ අන්‍යයන් කරනා ලෙසින් පිළියෙල කර ගත යුතුව ඇති අතර ඔවුන්ටද නිසි වාරය පැමිණි කල එම අවස්ථාව ලැබ ගන්ට ඉඩ සලසන්න.AHS 167.4