Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 6—ප්‍රීතිමත් සාර්ථක හවුල්කාර කමක්

    යාවජීව අත්දැකීමක්: විවාහ සබඳතාවය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම ජීවිත කාලයක කාර්යයකි. විවාහ වන්නෝ මේ ජිවිතයේදී කිසි දිනක තම අධ්‍යපනය නිම නොකරන පාසලකට ඇතුල්වන්නෝය.AHS 19.1

    විවාහයට කොතරම් සැලකිලිමත්ව, නුවණැතිව පා තැබුවද විවාහ බන්ධන චාරිත්‍රය සිදුකරන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ඵ්කත්වයට පත්ව සිටිනා යුවතිපතීන් විරලය. විවාහ බන්ධනය තුළ සිටින දෙදෙනාගේ සැබෑ ඵ්කත්වය වර්ධනය කර ගැනීම ඉක්බිතිව ඵළ‍ඹෙන දිගු කාලයක කාර්යයකි.AHS 19.2

    විවාහක යුවල ජීවිතය ඵහි ව්‍යාකූලතාවයන් සමගින් දකිනා කල, විවාහය පිළිබඳව ඔවුන් තුළ වූ බොළඳ ප්‍රේම හැඟීම් තුරන්ව යයි. විවාහයට පෙර අඹු සැමි යුවල ඵකිනෙකා ගැන දැන නොසිටි චරිත ලක්ෂන දැන් වටහා ගනිතී. මෙම ඔවුන්ගේ අත්දැකීමේ අති තීරණාත්මක කාල පරිච්ඡේදයකි. ඔවුන්ගේ අනාගත ජීවිතයේ සතුට හා සාමය රඳා පවත්නේ මේ අවස්ථාවේදී ඔවුන් ගන්නා තීරණයන් මතය. බොහෝ විට ඔවුන් එකිනෙකා තුළ තිබී යැයි ඉන් පෙර සිහි‍නෙකින් පවා නොසිතූ දුබලකම් හා අඩුපාඩු දැන් ඔවුනට පෙනී යයි.ඵහෙත් ප්‍රේමයෙන් බැඳුණු මේ හෘදයන් මෙතෙක් ඵකිනෙකා තුළ නොදුටු අති උතුම් ගුණාංගයන්ද දැන් අවබෝධ කර ගන්නවා ඇත. සියල්ලන්ම අනිකා තුළ වූ අඩු පාඩු වලට වඩා උතුම් ගති ලක්ෂන සොයත්වා. තම සහකරු හෝ සහකාරිය තුළ අප දකිනා හොඳ හෝ නොහොඳ අපට පෙනෙනුයේ අප දරනා ආකල්පය හා අප අවට වට පිටාව අනුවය.AHS 19.3

    ප්‍රේමය වර්ධනය විය යුතුය: සෙනෙහස වීදුරු මෙන් සුපැහැදිලිවද පවිත්‍රකමින් අලංකාරවද තිබිය හැකි මුත්, පරික්ෂාවන්ට හා පීඩාවන්ට ලක් නොවු සෙනෙහස නොගැඹුරු විය හැකිය. ක්‍රිස්තුස්වහන්සේ සියල්ලෙහි ප්‍රථමයාද අන්තිමයාද පරමාදර්ශයද කර ගන්න. නිරතුරුව උන්වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ කෙරෙහි ඔබ තුල වූ ප්‍රේමය පරික්ෂාවට භාජනය වද්දී, දිනපතා ඵය තවත් ගැඹුරු හා ප්‍රබල වනු ඇත. උන්වහන්සේ කෙරෙහි ඔබගේ ප්‍රේමය වර්ධනය වන විට, ඔබ තුළ වූ අන්‍යේන්‍ය ප්‍රේමයද වඩා ගැඹුරු හා ප්‍රබල වනු ඇත.AHS 20.1

    දුෂ්කරතාවයන්, ව්‍යාකූලතාවයන් හා බලාපොරොත්තු කඩවීම පැන නැගුණද තම ඵක්වීම අත්වැරැද්දක් හෝ බලාපොරොත්තු සුන්වීමකැයි යන සිතිවිල්ල පුරුෂයා හෝ භාර්යාව සිත තුළ තබා නොගත යුතුය. ඵකිනෙකා උදෙසා විය හැකි හා කළ හැකි සියල්ල වීමට හා කිරීමට තීරණය කර ගන්න. ජීවිතයේ සටන් මෙහෙයචීමට සියලු අයුරින් ඵකිනෙකා හට දිරි දෙන්න. ඵකිනෙකාගේ සතුට වඩවන සැටි සොයා බලන්න. අනන්‍යේන ප්‍රේමයත් අන්‍යේන්‍ය ඉවසීමත් ඔවුන් අතර වේවා. ඵවිට විවාහය ප්‍රේමයේ කෙළවර වනු වෙනුවට ප්‍රේමයේ ආරම්භය වනු ඇත. සැබෑ මිත්‍රත්වයේ උණුසුම වන හදවතක් හදවතකට බඳවන ප්‍රේමය ස්වර්ගීය සන්තෘෂ්ටියේ පෙර රස බැලීමකි.AHS 20.2

    දර දඬු යුවලකට උපදෙස්: සැමියා මෙන්ම භාර්යාවද පාලන ධූරය නොසෙවිය යුතුය. මේ සම්බන්ධව මග පෙන්වන ප්‍රතිපත්තිය ස්වාමින්වහන්සේ විසින් දානය කරනු ලැබ ඇත. ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කරන්නාක් මෙන් සැමියා භාර්යාවට ප්‍රේම කල යුතුය. භාර්යාව තම සැමියාට ගෞරව කරන්ටත් ප්‍රේම කරන්ටත් ඕනෑය. අනිකාගෙ සිත නොරිද වීමට ඉටාගෙන, දෙදෙනාම කාරුණිකත්වය පුරුදු පුහුණු කළ යුතුවේ.AHS 20.3

    ඔබ සිතනා අයුරු කටයුතු කිරීමට අනිකාට බල නොකරන්න. මෙය කරමින් අන්‍යේන්‍ය ප්‍රේමය රඳවා ගන්ට ඔබට බැරිය. ආත්මාර්ථය මුදුන්පත් කරගන්නට යාමෙන් නිවසේ සතුට, සමාදානය වැනසේ. ඔබගේ යුග දිවිය ආරවුලින් පුරවා නොගන්න. ඔබ ඵය කළහොත්, දෙදෙනාම අසන්තෝෂයෙන් සිටිනු ඇත. ඔබගේම රුචිකත්වයන් අත් හරිමින් වදනින් කාරුණිකව, ක්‍රියාවෙන් මෘදු වන්න. යහපත හෝ අයහපත උදෙසා ඔබගේ වචන වල ප්‍රබල බලපෑමක් ඇති හෙයින් කල්පනාකාරීව කථා කරන්න.ඔබගේ හඬට කිසි තියුණු කමක් එක් නොකරන්න. ඔබගේ යුග දිවියට ක්‍රිස්තු සමානත්වයේ සුවඳ ගෙන එන්න.AHS 20.4

    ප්‍රේමයේ වචන හා ක්‍රියා:AHS 21.1

    ප්‍රේමනීය වදන් දුබලකමේ ලකුණක් කොට සලකන්නෝ අන්‍යයන් දුරස් කරවන වචන භාවිතා කරති. මෙම ගති ස්වභාවය අනුකම්පාව ගලා ඵ්ම නවත්වා ලයි.සිතෙහි වූ සමාජීය, ත්‍යගශීලී චිත්තාවේග මැඩලන කල්හි, ඵ්වා වියලී ගොස් සිත පාලුව සීතල වී යයි. අප මේ වරද ගැන ප්‍රවේශම් විය යුතුය. ප්‍රකාශ කිරීමෙන් තොරව ප්‍රේමයට වැඩිකල් පවතින්නට බැරිය. ඔබ හා බැඳී සිටිනා සහකරු හෝ සහකාරියගේ සිත කරුණාව සහ දයානුකම්පාව නොලබා මිලිනවන්ට ඉඩ නොතබන්න.AHS 21.2

    එකිනෙකා ප්‍රේමය ලැබ ගන්නවාට වඩා ප්‍රේමය දෙත්වා. ඔබ තුල උතුම් දේ වගා කර ගන්නා අතර, අනිකා තුළ වූ උතුම් ගති ලක්ෂණ හඳුනාගන්ට පමා නොවන්න. අගය කරනු ලැබීම නිසා යමෙකුට ඇතිවන හැඟීම විශ්මිත දිරි ගැන්වීමක් හා තෘප්තියක් වන්නේය. අනුකම්පාව සහ ගරු කිරීම යමෙකු වඩා උතුම් තත්ත්වයකට නැගීමට දරන උත්සහයට දිරි දෙන අතර, ශ්‍රේෂ්ඨ එල්ලයන් කරා දිරිගන්වන ප්‍රේමය තවත් වර්ධනය වන්නේය.AHS 21.3

    හොඳ බිරියක හා මවකගේ ලක්ෂන:AHS 21.4

    සුපුරුදු ගෙදර දොර වැඩපලෙහිම ගැලී සිටිනු වෙනුවට භාර්යාවද මවද තම ස්වාමි පුරුෂයාට මිතුරියක වන ලෙසද තම දරුවන්ගේ වර්ධනය වන බුද්ධියට අනුබල දෙන පිණිසද තම දැනුම දියුණු කර ගැනීමට පොත පත කිය වීමට කාලය ගනිත්වා. වඩා උතුම් ජීවිතය සඳහා තම ප්‍රියාදරයන් පොළඹවනු පිණිස ඇය තමන්ට ලැබී තිබෙන අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගනිත්වා. ප්‍රේමනීය ගැළවුම් කරුවාණන් දෛණික මිතුරෙකු හා හොඳින් දැන හඳුනන යාළුවෙකු කර ගැනීමට ඇය කාලය මිඩංගු කරත්වා. උන්වහන්සේගේ වචනය ඉගෙනීමටද සොබාදහම දෙස බලා දෙවියන්වහන්සේ ගැන ඉගෙනීමට දරුවන් එළිමහනට ගෙනයාමටද ඇය කාලය ගනිත්වා.AHS 21.5

    ඇය සතුටින්, සිනහවෙන් යුතුව සිටිත්වා. සෑම වේලේම මැසුමට ගෙතුමට නිරතව නොසිට, දවසේ වැඩ කටයුතු නිම වූ විට සවස්කාලය පවුලේ කවුරුත් එකමතුවන ප්‍රීතිමත් වේලාවක් කර ගන්න.බොහෝ පුරුෂයෝ සවස සමාජ ශාලාවකට යනු වෙනුවට එවන් නිවසක රැ‍‍ඳෙන්ට පෙළෙඹෙනු ඇත්තාහ. බොහෝ තරුණයන් ද සවසට පාර තොටට නොයනු ඇත. බොහෝ තරුණියන්ද වැරදි ආශ්‍රයන්ට යාමෙන් වළකනු ලබනු ඇත. නිවසේ යහපත් වාතාවරණය දෙවියන්වහන්සේ සැලසුම් කර තිබූ ලෙසින්ම දෙමාපියන්ට හා දරුවන්ට යාවජීව ආශිර්වාදයක් වනු ඇත.AHS 21.6

    අන්‍යෝන්‍ය ප්‍රේමය හා ඉවසීම ඵල දරයි:AHS 21.7

    අන්‍යෝන්‍ය ප්‍රේමය හා ඉවසීමෙන් තොරව, ඔබත් ඔබගේ සැමියාත් ක්‍රිස්තියානි එකමතු කමේ බැමි තුළ රඳවා ගැනීමට කිසිදු ලෞකික බලයකට බැරි වන්නේය.දේව වචනය ඉල්ලා සිටින පරිදි ඔබ එක්නෙකා හට සියල්ල වන ලෙස විවාහ සබඳකමේ ඇසුර ඔබ දෙදෙනාගේ ජීවිත වලට ආත්මික බලය කුළු ගන්වන සමීප, ශුද්ධ හා උසස් මට්ටමේ එකක් විය යුතුය. ස්වාමින්වහන්සේ අපේක්ෂා කර වදාරන තත්ත්වයට පත්වූ කල්හි, ස්වර්ගය පහළවී ඔබගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේ වැඩ සිටිනු ඔබ දකිනු ඇත.AHS 21.8

    ක්‍රිස්තුස්වහන්සේ තම සහායකයාණන් කර ගන්නවානම්, තමන් කෙරෙහි දෙවියන්වහන්සේ බලා පොරොත්තු වන උතුම් ජීවිතයට ළඟාවීමට ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට හැකි වන්නේය.ප්‍රේමනීය විශ්වාසයෙන් දෙවියන්වහන්සේට භාර වෙන්නන් හට උන්වහන්සේගේ අනුග්‍රහය මිනිස් ප්‍රඤාවට කළ නොහැකි දේ කරනු ඇත. ස්වර්ගීය සම්භවයක් ඇති හදවත් බැඳ තැබීමට උන්වහන්සේගේ දිව්‍ය බලයට පිළිවන.ප්‍රේමය යනු මෘදු බොළඳ වදන් හුවමාරුවක් නොවන්නේය. සග යතුරින් වියෙන පිළිය බිම් යතුරක වියැවුනු පිළියකට වඩා සිනිඳුය, එහෙත් සවිමත්ය එම පිළිය කල් පවතින, පරික්ෂාවන්ට ඔරොත්තු දෙන එකකි. දරා සිටිනා ප්‍රේමයක රන් කෙන්දෙන් හදවත හදවතට බැ‍ඳෙයි.AHS 22.1