Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 33—දරුවන් පිළිබඳ සැබෑ ඇස්තමේන්තුව

    ක්‍රිස්තුස්වහන්සේ විසින් මිලට ගනු ලැබුවෝ: ක්‍රිස්තුස්වහනසේ ස්වකීය ජීවිතය ඔබ දරුවන් උදෙසා දෙන තරමට උන්වහන්සේ ඔබගේ දරුවන් උසස් කොට සැලකූ සේක. එහෙයින් උන්වහන්සේගේ රුධිරය කරණ කොට ගෙන මිලට ගනු ලැබුවන් සේ ඔවුනට සලකන්න. ඉවසීමෙන් හා ස්ථිර කමින් යුතුව ඔවුන් උන්වහන්සේ උදෙසා පුහුණු කරන්න. ප්‍රේමය හා දරා සිටීම ඇතිව ඔවුන් හික්මවන්න. ඔබ එසේ කරනා විට, ඔවුන් ඔබට ප්‍රීතියේ කිරුලක් වන අතර ලොවෙහි මිණි පහන් සේ බබළනු ඇත.AHS 96.1

    උතුම් ගැළවීම නොසලකා හරින කුසලතාවයන්ගේ පිරි උගතාට වඩා දෙවියන්වහන්සේට ප්‍රේම වී භය භක්තිය පානා ඉතා කුඩා දරුවා උන්වහන්සේ ඉදිරියෙහි උතුම් වන්නේය. එසේ කිරීමෙහි ලා දෙවියන්වහන්සේට තම ජීවිත හා හදවත් කැප කරන දරුවෝ සියලු ප්‍රඥාවේද ශ්‍රේෂ්ඨ භාවයේද පදනමට සම්බන්ධව සිටිති. AHS 96.2

    සුර දූතයින් මෙන් අගනේය: ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගෙන සිටිනා කුඩා දරුවා දෙවියන්වහන්සේගේ සිහසුන අවට සිටිනා සුරදූතයින් මෙන් උන්වහන්සේට අගනේය. තෘෂ්ණාවන්ට හෝ නිෂ්එල කමට නැඹුරු වීමට නොදී, කීකරු කමේ මාර්ගවල ඔවුන් ගෙන යා යුතු වේ.AHS 96.3

    දෙමාපියනට භාර දී තිබෙන දෙවියන්වහන්සේ වස්තුව: දරුවන් දෙමාපියන්ගෙන් ජීවිතය ලබන මුත් ඔවුනට ජීවනය ලැබෙනුයේ දෙවියන්වහන්සේගේ මැව්ම්කාර බලය තුළිනී. මන්ද ජීවන දායකයානෝ දෙවියන්වහන්සේය. දරුවන් අපගේ පෞද්ගලික වස්තුව සේ සිතා ඔවුන් පිළිබඳව කටයුතු නොකළ බැව් මතක තබා ගනු ලබවත්වා. දරුවන් ස්වාමීන්වහ්සේගේ උරුමය වන අතර මිදීමේ සැලැස්මට අපගේ ගැළවීම මෙන්ම ඔවුන්ගේ ගැළවීම්ද අයත් වේ. ඔවුන් දෙමාපියනට භාර දෙනු ලැබ තිබෙනුයේ දැනුත් සදාකාලයේදීත් ඔවුනගේ කාර්යය ඉටු කිරීමට ඔවුනට සුදුසුකම ලැබෙන පිණිස ස්වාමින්වහන්සේගේ හික්මවීම සහ අවවාදය තුළ ඔවුන් ඇති දැඩි කිරීමටය. AHS 96.4

    මව් වරුනි, ඔබගේ කුඩා දරුවන් සමග මෘදු ලෙස කටයුතු කරන්න. වරක් ක්‍රිස්තුස්වහන්සේ කුඩා දරුවකු වූ සේක. උන්වහන්සේ වෙනුවෙන් කුඩා දරුවන්ට ගරු කරන්න. වරදට ඉඩ දීමට අනවශ්‍ය සේ සුරතල් කිරීමට සහ සීමාව ඉක්මවා ඇලුම් කිරීමට නොව: පිවිතුරු උතුම් ජීවිත ගත කිරීමට ඉගැන්වීමට ඔබට පවරනු ලැබ ඇත. ශුද්ධ වගකීමක් සේ සලකා ඔවුන් දෙස බලන්ට පුරුදු වන්න. ඔවුන් දෙවියන්වහන්සේගේ වස්තුව වන අතර ඔවුනට ප්‍රේම කරන උන්වහන්සේ පූර්ණ චරිතයන් ගොඩ නගා ගැනීමට ඔවුනට සහය වීමෙහි ලා උන්වහන්සේට සහයෝගය දෙන්නැයි ඔබෙන් ඉල්ලා සිටින සේක. AHS 97.1

    ළමා, තරුණ දරුවනට ලැබී තිබෙන කුසලතාවයන් ඔවුනට අයත් නොවන බැව් ඇඟවිය යුතුව ඇත. ශක්තිය, කාලය, බුද්ධි බලය තාවකාලිකව ණයට දෙනු ලබන කුසලතාවයන්ය. ඒවා දෙවියන්වහන්සේට අයත් වන අතර ඒවායින් උපරිම ඵල නෙළා ගැනීමට සැම දරුවාගේම අධිෂ්ඨානය විය යුතුය. හෙතෙම ඵල දරනු ලබතැයි දෙවියන්වහන්සේ අපේක්ෂා කරන ශාඛාවකි: තම ආයෝජනයෙන් ලාබ ලැබිය යුතු භාර කරුවෙකි: ‍ලොව අඳුරු පහ කළ යුතු ආලෝකයකි. දෙවියන්වහන්සේගේ ගෞරවය සහ මානව අභිවෘද්ධිය උදෙසා යම් කාර්යයක් ඉටු කිරීමට සැම යොවුන් හා ළමා වියේ දරුවෙකු හටම පැවරී තිබේ. AHS 97.2

    දරුවනට ජීවනයේ මාර්ගය: අපගේ දුබලතාවයන් දන්නා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාපය හැර අන් සියල්ලෙහිදීම අපගේ අත් දැකීම් අත් දුටු සේක. එහෙයින් අපගේ ශක්තිය හා හැකියාවට ගැළපෙන මාර්ගයක් අපට සූදානම් කර වදාළ උන්වහන්සේ, යාකොබ් මෙන්, ස්වකීය දරුවන් සමග ඔවුන්ගේ පා ගමනේ වේගයට අනුව හෙමිහිට ගමන් කර තිබෙන්නේ, ස්වකීය ඇසුරින් අප පිනවීමටත්, අපට නිරන්තර මාර්ගෝපදේශකයාණන් වන පිණිසත්ය. උන්වහන්සේ ස්වකීය රැළේ දරුවන් හෙළා දකින්නේවත්, නොසලකා හරින්නේවත්, අතරමග දමා යන්නේවත් නැත. දරුවන් අතරමග දමා පෙරට යන්නැයි උන්වහන්සේ අපට නියෝග කොටද නැත. අප අපගේ දරුවන් සමගින් අතරමං වන පිණිස උන්වහන්සේ ඉක්මන් ගමනින් ගොස්ද නැත. උන්වහන්සේ දරුවන් උදෙසා පවා ජීවනයේ මාර්ගය සමතලා කොට තිබේ. දරුවන් උන්වහන්සේගේ නාමයෙන් පටු මාවතෙහි ගෙන යාමට දෙමාපියන්ගෙන් අපේක්ෂා කෙරෙයි. දෙවියන්වහන්සේ දරුවන්ගේ ශක්තිය සහ හැකියාවට ගැළපෙන මාවතක් අපට දී ඇත.AHS 97.3