Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 17—ප්‍රේමය තුළින් රැකවරණය

    ප්‍රේමයේ බලය: ප්‍රේමාන්විත අනුබලයන් දිව්‍යමය වන බැවින් ඒවා තුළ විශ්මිත බලයක් ගැබ්ව ඇත. උදහස පහ කරවන මෘදු පිළිතුර, බොහෝ ඉවසිලිවන්ත හා කාරුණික ප්‍රේමය පව් රාශියක් වසන්නා වූ ප්‍රේමය ආදී ලෙසින් සුවය සඳහා අප ජීවිතයන්ට කවර බලයක් දෙනු ලැබ තිබේදැයි අපි ඉගෙන ගන්නෙමු! ජීවිතය වෙනස් වී පොළොව ස්වර්ගයේ සම ස්වරූපයක් හා පූර්ව රස බැලීමක් බවට කෙලෙස පත්වේද!AHS 51.1

    කුඩා දරුවන් විසින් පවා වටහා ගනු ලබන පරිද්දෙන් මෙම අගනා පාඩම් ඉතා සරල ලෙසින් ඉගැන්වෙනු ඇත. දරුවාගේ සිත මෘදු වන අතර ඊට යමක් පහසුවෙන් ඇතුළ් කල හැක. වැඩිමහල් අප කුඩා දරුවන් මෙන් වූ විට, ගැළවුම් කරුවාණන්ගේ චාම් මෘදු කම හා දයාන්විත ප්‍රේමය වටහා ගන්නා විට, කුඩා වුන්ගේ සිත් දිනා ගෙන, ප්‍රේමය සතු සුව කාරක මෙහෙය ගැන ඔවුන්ට ඉගැන්වීමට අපහසු නොවනු ඇත. AHS 51.2

    ලෞකික දෘෂ්ටියෙන් බලන කල ධනය බලය වන මුත් ක්‍රිස්තියානි දෘෂ්ටියෙන් සලකන කල්හි ප්‍රේමය බලය වන්නේය. මෙම ප්‍රතිපත්තිය තුළ බුද්ධිය හා අධ්‍යාත්මික ශක්තිය අන්තර්ගතය. යහපත කිරීමට පිවිතුරු පෙම තුළ විශේෂ බලයක් තිබෙන අතර ඉන් කළ හැකි වනුයේ යහපතම පමණි. අසමගිය හා අසන්තෝෂය වළකාලන එය සැබෑ සතුට ගෙන දෙයි. ධනය බොහෝ විට නරක අතට යොමු කරවන හා විනාශ කරවන අනුබලයකි. බලය රිදවීමට තරම් ප්‍රබලය. එහෙත් පවිත්‍ර ‍ප්‍රේමයේ ලක්ෂණයන් වනුයේ සත්‍යය හා යහපත් කමය.AHS 51.3

    ඔබගේම ළමා විය සිහිපත් කර ගන්න: ඔබගේම ළමා වියද ළමයින් ළමයින් බවද අමතක කරමින් ඔබගේ දරුවන්ට තදබල කමින් පමණක් නොසලකන්න. ඔවුන් සියල්ලෙන් අති සම්පූර්ණ වි යුතු යැයිද එක් වරම ඔවුන්ගේ ක්‍රියා තුළින් ඔවුන් ලොකු මිනිසුන් කිරීමටද නොසිතන්න. එසේ කිරීමෙන් ඔබ වෙත ඔවුනට ප්‍රවේශ වීමට ඇති දොර ඔබ වසා දමන්නෙහිය. එලෙස අන්‍යයන් විසින් ඔවුන්ගේ ළපටි මනස විකෘති කරනු ලැබීමටද අහිතකර අනුබලයන් වෙතට යාමටද දොරක් විවර කිරීමට ඔබ ඔවුන් පොළඹ වන්නෙහිය. ප්‍රේමය හා දයානුකම්පාව බෙහෙවින් පැතූ, කෝපයෙන් තරවටු කරන කල හා තහංචි පනවන ලද කල අසතුටු වූ තම ළමා විය දෙමාපියන් අමතක නොකළ යුතුය. ඔවුන් තම හැඟීම් වලින් යලි ළමා වියට එළඹ, තම දරුවන්ගේ අවශ්‍යතාවයන් වටහා ගන්ට හැකි තත්ත්වයට පත් විය යුතුය.AHS 52.1

    දෙමාපියෙනි ඔබ දරුවන්ට ප්‍රේමය දක්වන්න: බිළිඳු වියේදීද ළමා වියේදීද තරුණ වියේදීද ඔවුනට තම ප්‍රේමය දක්වන්න. ඔවුන් දෙස රවා නොබලා සැම විටම සිනා මුසු මුහුණුනින් යුතුව ඔවුනට සලකන්න.AHS 52.2

    දරුවන් ප්‍රීතිමත් පරිසරයත තබන්න: කුඩා දරුවන්ට යම් කරදරයක් වූ විට ඔවුන් ඉතා සැලකිල්ලෙන් සනසාලිය යුතුයි.බිළිඳු වියත් වැඩිහිටි වියත් අතර දරුවනට සාමාන්‍යයෙන් ඔවුන් ලැබිය යුතු අවධානය නොලැබේ. තමන්ද පවුලේ එක් කොටසක් යැයි දරුවනට සිතෙන පරිදි ඔවුනට මග පෙන්විය හැකි මව්වරුන් අවශ්‍යව ඇත. තම දරුවන්ගේ පැතුම් හා ප්‍රශ්ණ ගැන මව ඔවුන් සමග කථා බහ කරත්වා. අමුත්තන්ට වඩා තම දරුවන්ට සැලකිය යුතු බව දෙමාපියන් මතක තබා ගනිත්වා. මවගේ මග පෙන්වීම යටතේ දරුවන් ප්‍රීතිමත් වාතාවරණයක තැබිය යුතුය.AHS 52.3

    සාධාරණ අවශ්‍යතාවයන් සපයා දෙන්න: ඔබ ඔබේ දරුවන්ට ප්‍රේම කරන බවත් : ඔවුන්ගේ යහපතට වෙහෙසෙන බවත් : ඔවුන්ගේ සතුට ඔබ අගය කරන බවත්: ඔබ කිරීමට යන්නේ ඔවුන්ගේ යහපතට හේතුවන දේ පමණක් බවත් ඔබ ඔවුනට නිතර ඇඟවිය යුතුය. ඔබට හැකි කවර අවස්ථාවකදී වුව ඔබ ඔවුන්ගේ සුළු අවශ්‍යතාවයන් සපයා දිය යුතු වේ.AHS 52.4

    ළමයින් පාලනය කිරීමේදී චිත්තාවේගයන්ට අනුව ක්‍රියා නොකරන්න. අධිකාරී බලය හා සෙනෙහස එකට මුසු කෙරෙත්වා. යහපත් හා ප්‍රිය ජනක සියල්ලට ආශා වී, දරුවනට ක්‍රිස්තුස්වහන්සේ එළිදරව් කිරීම කරණ කොට ගෙන වඩා යහපත් දේට ප්‍රිය වීමට ඔවුනට මග පෙන්වන්න. ඔබ ඔවුනට අහිතකර දේ ප්‍රතික්ෂේප කරන අතරම ඔවුනට ප්‍රේම කරන බවත් ඔවුන් සතුටින් සිටීම ඔබගේ අපෙක්ෂාව බවත් අඟවන්න. ඔවුන් රළු පරුෂ වන තරමටම, ඔබගේ ප්‍රේමය දැක්වීමට වඩ වඩාත් වෙහෙසෙන්න. තමන් සතුටු කිරීමට ඔබ වෙහෙසෙන බැව් දරුවා දකිනා විට, ඒ ප්‍රේමය සියලු බාධක සිඳ බිඳ දමනු ඇත. AHS 52.5

    ඔබගේ ප්‍රේමය පෙන්වන්න: බොහෝ පවුල් වල එකිනෙකා හට ප්‍රේමය ප්‍රකාශ කිරීම බෙහෙවින් හිඟව ඇත. බොළඳ ලෙස ක්‍රියා කිරීමට අවශ්‍යතාවයක් නැති වුවද ගෞරවාන්විත, පවිත්‍ර, නිර්මළ ආකාරයට ප්‍රේමය හා මෘදු කම දැක්වීමේ අවශ්‍යතාවය ඇත. බොහෝ දෙනා සිතේ දැඩි කම වඩවා ගන්නා අතර වදනින් හා ක්‍රියාවෙන් තම ගති පැවැත්මෙහි අයහපත් පැත්ත දක්වා ලති. සැමියා සහ බිරිඳ අතර, සොයුර සොයුරියන් අතර මෘදු සෙනෙහස පැවතිය යුතුය. සැම හදිසි වදනක් ගැනම පරීක්ෂා කාරී විය යුතු වේ. අනොන්‍ය ප්‍රේමය නැතිකම යමෙකු තුළ දැකීමට පවා ‍නොතිබිය යුතුය. ප්‍රසන්නව සිටීම හා කාරුණිකව කථා බහ කිරීම පවුලේ සෑම අයෙකුගේම යුතුකම වේ. සුළු සුළු වශයෙන් ආචාරශීලීත්වය දැක්වීම, කථාබහ සහ කල්පනාශීලී ක්‍රියා මගින් පිළිබිඹු කෙරෙන මෘදුකම, සෙනෙහස හා ප්‍රේමය වඩවා ගන්න.AHS 53.1

    යේසුස්වහන්සේගේ ප්‍රේමය දක්වා ලන්න: මව තම දරුවන්ගේ විශ්වාසය දිනාගෙන, තමනට ප්‍රේම වීමට හා කීකරු වීමට ඉගැන්වූ කල ඇය ක්‍රිස්තියානි ජීවිතයේ පළමු පාඩම ඔවුන්‍ට ලැබ දී ඇත. ඔවුන් තම දෙමාපියන් කෙරෙහි විශ්වාසය තබා ඔවුනට ප්‍රේම කොට කීකරු වන්නා ‍සේම තම ගැළවුම් කරුවාණන් කෙරෙහිද විශ්වාසය තබා උන්වහන්සේට ප්‍රේමවී කීකරු විය යුතුය. නිසි සැලකිල්ල හා නිවැරදි පුහුණුව තුළින් මවක් තම දරුවාට පෙන්වන ප්‍රේමය ක්‍රිස්තුස්වහන්සේ තම විශ්වාසවන්ත සෙනග කෙරෙහි දක්වන ප්‍රේමය යම් පමණකින් හෝ පිළිබිඹු කරලයි.AHS 53.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents