Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 18—චිත්ත උද්‍යානය

    දෙමාපියන් උයන්පල්ලන් ලෙස: ස්වාමින්වහන්සේ දෙමාපියනට භාරධූර, ශුද්ධ කර්තවයක් පවරා තිබේ. ඔවුන් ඉතා සැලකිලිමත්ව සිතේ පසෙහි වගා කළ යුතුව ඇත. මෙලෛස ඔවුනට දෙවියන්වහන්සේ සමග සේවය කරන්නනන් විය හැකිය. තම දරුවන්ගේ චිත්ත උද්‍යානයන් රැක බලාගෙන එහි වගා කිරීම උන්වහන්සේ ඔවුන්ගෙන් අපේක්ෂා කරන සේක. සැම අශෝබන වල් පැලෑටියක්ම උදුරා ඉවත ලමින් ඔවුන් හොඳ බීජ වැපිරිය යුතුව ඇත. චරිතයෙහි සැම දෝෂයක්මද ගති පැවැත්මෙහි සැම වරදක්මද කපා හැරිය යුතුව ඇත. මන්ද ඒවාට වැඩීමට ඉඩ දුන හොත් ඒවා චරිතයේ සිත්කළු බව පළුදු කරනු ඇත.AHS 54.1

    උයන බලාහදා ගැනීම: ලොවෙහි පවත්නා අනුබලය වනුයේ යොවුන් පරපුරට සිතැහි පරිදි ක්‍රියා කිරීමට ඉඩ දී සිටීමය. ළමයින් ගැටවර වියහිදී ඉතා මුරණ්ඩු නම්, වයස අවුරුදු දහසයක් දහ අටක් පමණ වන විට ඔවුන් නිසි මගට හැරී තර්ක බුද්ධියෙන් කටයුතු කර තම නරක පුරුදු අත්හැර අවසානයේදී හොඳ මිනිසුන් වනු ඇතැයි දෙමාපියෝ කියති. මෙය කෙතරම් සාවද්‍ය ප්‍රකාශයක්ද! වසර ගණනාවක් චිත්ත උද්‍යානයෙහි බීජ වැපිරීමට සතුරාට ඉඩ හැර, වැරදි ආකල්ප ගොඩ නැගෙන්ට අවස්ථා සලසා දුන් පසු බොහෝ විට එම පසෙහි යහපත වගා කිරීමට ගන්නා ශ්‍රමය අපතේ යනු ඇත.AHS 54.2

    දරුවන් තුළ නරක ගති පැවතුම් වැඩෙන්නට ඇතැම් දෙමාපියන් ඉඩදී බලා සිට ඇති අතර, එහි සලකුණු ජීවිතය ඔස්සේ දැකිය හැකි වනු ඇත. මෙම පාපය දෙමාපියන් මත පැවරේ. මෙම දරුවන් කිතුණුවන් සේ පෙනිය හැකිය. එහෙත් සිත කෙරෙහි අනුග්‍රහයේ විශේෂ කාර්යයකින් හා ජීවිතයේ මනා ප්‍රතිසංස්කරණයකින් තොරව, ඔවුන්ගේ සියලු අතදැකීම් තුළ පරණ පුරුදු දක්නට ලැබෙන අතර දෙමාපියන් ඔවුන් තුළ ලියලන්ට ඉඩ හල ගති ස්වභාවයන් ඔවුන් දක්වා ලනු ඇත. අනාගතයේදී යහපත මතුවී විත් අයහපත යටපත් වේ යැයි යන හැඟිමෙන් යුතුව තෝරා බේරා ගැනීමකින් තොරව හොඳ හා නරක ඉගෙනීමට බාලයනට ඉඩ දිය යුතු නොවේ ඔවුන් ‍ඉගෙන ගත් අයහපත් දෑ වසර ගණනාවකට පසුව ඔවුන් කෙරෙන්‍ ඉවත් කර දැමීමට පිළිවන. එහෙත් එය කිරීමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද? කාලය කෙටිය. පසුව වල් පැලෑටි උදුරා දමනවාට වඩා ඔබගේ දරුවන්ගේ සිත් තුළ පවිත්‍ර යහපත් බීජ වැපිරීම වඩා ආරක්ෂා සහිත හා වඩා පහසු වන්නේය. බාලයන්ගේ සිත්හි කාවදින දෑ මකා ලීමට අපහසුය. එහෙයින් දරුවන්ගේ නම්‍ය කුසතාවයන් නිසි දෙසට නැඹුරු වන්ට සැලැස්වීම කෙතරම්ම වැදගත් වේද? AHS 55.1

    බීජ වැපිරීම හා වල් නෙළීම: දරුවාගේ ජීවිතයේ මුල් යුගයේදීම ඔහුගේ හදවත් කෙත දෙවියන්වහන්සේගේ අනුග්‍රහ වරුෂා සඳහා සැලකිලි මත් අයුරින් සැකසිය යුතුය. ඉක්බිතිව සත්‍යයේ බීජ ඉතා සැලකිලිමත් ලෙස වපුරා ඉමහත් උනන්දුවෙන් යුතුව රැක බලාගත යුතුව ඇත. එවිට තමන්වහන්සේගේ නාමයෙන් දරනු ලබන සැම ප්‍රයත්නයකටම යහපත් එල විපාක දානය කරන්නා වූ දෙවියන්වහන්සේ, වපුරන ලද බීජයට ජීවය ලැබ දීම නිසා පළමුව කොළද දෙවනුව කරල්ද ඉන්පසු කරලේ සම්පූර්ණ ධාන්‍යයද හට ගන්නේය.AHS 55.2

    කෙතක් නොවපුරා තැබුව හොත්, එහි නියත ලෙස අහිත කර වල් පැලෑටි වැඩෙන අතර, ඒවා තුරන් කර දැමීමද පහසු නොවනු ඇත. එහෙයින් පස සකසා වටිනා පැල වැඩෙන්ට පෙර වල් පැලෑටි මර්දනය කළ යුතුය. මෙම අගනා පැල වැඩෙන්ට පෙර, බීජ ඉතා සැලකිලිමත් අයුරින් වැපිරිය යුතුය. අගනා බීජ නොවපුරා අගනා ධාන්‍ය අස්වැන්නක් මව් වරුන් බලාපොරොත්තු වේ නම්, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වනු ඇත. මන්ද ඔවුන් නෙළා ගනුයේ කටු හා තොකටු පමණය. පැලවී තම සාතනික ගති ස්වභාවයන් දක්වන සරු අස්වැන්නක් ගෙන දෙන බීජ වැපිරීමට සූදානමින් සාතන් සැම විටම බලා සිටියි. AHS 55.3