Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 43—දෙවියන්වහන්සේගේ ගබඩාකරුවෝ

    දෙවියන්වහන්සේගේ අයිතිය වටහා ගන්න: ගනු දෙනු කටයුතු පිළිබඳව අවංක භාවයේ පදනමෙහි සැබෑ සාර්ථක්වයෙහිදීද රහස වනුයේ දෙවියන්වහන්සේගේ අයිතිය වටහා ගැනීමය. සියල්ලෙහි මැවුම් කරුවාණන්වහන්සේ මුල් අයිතිකරුවාණෝය. අපි උන්වහන්සේගේ දේපල බලා හදා ගන්නන් වන්නෙමු. අපට අයත් සියල්ල උන්වහන්සේ‍ගේ මග පෙන්වීම් අනුව භාවිතා කිරීමට දෙනු ලැබූ පැවරුමකි.AHS 130.1

    මෙය සැම මනුෂ්‍යයා මතම පවතින යුතුකමකි.. එය මිනිස් ක්‍රියා කාරිත්වයෙහි පූර්ණ ක්ෂේත්‍රයට අදාළ වෙයි. මෙම කරුණ වටහා ගත්තද නොගත්තද අපි දෙවියන්වහන්සේ විසින් කුසලතාවයන් හා විවිධ දේ සපයනු ලැබ, උන්වහන්සේ විසින් නියම කරන ලද කාර්යයයන් ඉටු කිරීම පිණිස ලොවෙහි පත් කරනු ලැබ සිටින ගබඩා කරුවන් වන්නෙමු. මුදල් අපගේ නොවේය.: ගේ දොර වතු පිටි, ගෘහ භාණ්ඩ හා විසිතුරු දෑ ඇඳුම් පැළඳුම් සහ සුඛෝපබෝගී දේ අපට අයත් නැත. මෙලොව වසනා අප වන්දනා දරුවන් සහ ආගන්තුකයන්ය. අපට තිබෙන්නේ සෞඛ්‍යයට හා ජීවිතයට අවශ්‍යවන දේවල පැවරුමක් පමණකි. අපගේ ලෞකික ආශිර්වාදයන් අපට පවරනු ලැබ තිබෙන්නේ, සදාකාලික වස්තූන් අපට පවරනු ලැබීමට සුදුසුදැයි ඔප්පුකර පෙන්වා ලීමටය. දෙවියන්වහන්සේ අපට දී තිබෙන පරීක්ෂාව අප දරා සිටිය හොත් මහිමය, ගෞරවය සහ අමරණීයත්වය වැනි සමිඳුන් අප උදෙසා මිළට ගෙන තිබෙන වස්තුව අපට හිමි වනු ඇත. AHS 130.2

    අප ගණන් දිය යුතු වේ: දෙවියන්වහන‍්සේගේ මුදල් භාවිතා කළ ආකාරය ගැන විනිශ්චයේදී වාර්ථාවක් දිය යුතු බැව් අප මතක තබා ගත යුතු වේ. අපට සැබෑ යහපතක් ගෙන නොදෙන එහෙත් නියත ලෙස හානි පමුණුවන ස්වකීය සැප පහසුවට හා විනෝදයට බොහෝ මුදල් වැය කෙරෙයි. සියලු යහපත් දේ ලැබ දෙනුයේ දෙවියන්වහන්සේ බවත් මුදල් උන්වහන්සේගේ ශුද්ධ කැමැත්තට අනුකූලතාවය දක්වමින් අප එම මුදල් වියදම් කිරීමේදී බුද්ධිමත්ව කටයුතු ‍කරනු ඇත. AHS 130.3

    දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්න: දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවයන් ප්‍රථම ස්ථානය හිමි කර ගනියි. අප‍ගේ සියලු සිතුම් පැතුම් ඉටු කර ගත් පසු, ආදායමින් ඉතිරිවන කොටස උන්වහන්සේට කැප කළ හොත් අපි උන්වහන්සේගේ කැමැත්ත ඉටු නොකරන්නෙමු. අ‍පගේ ඉපයීමෙන් කවර කොටසක් හෝ වියදම් කිරීමට පෙර අප උන්වහන්සේ ඉල්ලා වදාරණ කොටස වෙන් ‍කොට උන්වහන්සේට දිය යුතු වේ. අපගේ ලෞකික ව්‍යාපාර කටයුතු වලදී අපට සමෘධිය ලැබ තිබේ නම්, ඒ දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරන බැවිනි. මෙම ආදායමින් කොටසක් දිළිඳුන් උදෙසා වෙන් කළ යුතු අතර ඉන් වැඩි කොටසක් දෙවියන්වහන්සේගේ මෙහෙය සඳහා යෙදවිය යුතුය. දෙවියන්වහන්සේ ඉල්ලා සිටින කොටස උන්වහන්සේට දෙනු ලබන කල, ඉතිරි කොටස අපගේ භාවිතය පිණිස ශුද්ධවත් කරනු ලැබ දිව්‍ය ආශීර්වාදය ඊට එක් කෙරෙයි. එහෙත් මනුෂ්‍යයෙකු දෙවියන්වහන්සේ ඉල්ලා සිටින කොටස නොදී එය සොරකම් කර ගත් විට, උන්වහන්සේගේ ශාපය මුළු ආදායම මතටම පැමිණේ.AHS 131.1

    දිළිඳුන් ගැන මතක තබා ගන්න: අප ක්‍රිස්තුස්වහන්සේගේ චරිත ස්වභාවය නියෝජනය කරන්නේ නම්, ආත්මාර්ථකාමී බවේ සැම කුඩා අංශුවක්ම සිතින් බැහැර කළ යුතු වේ. උන්වහන්සේ අප දෑතට පවරා වදාළ කාර්යය ඉටු කිරීමේදී අප‍ගේ ආදායමින් පසෙකට කළ හැකි සැම සතයක්ම දීම අවශ්‍ය වනු ඇත. පවුල්වල නැති බැරි කම් ගැන අපට දැන ගන්ට ලැබෙනු ඇති අතර ලෙඩින් දුකින් පීඩාවට පත්ව සිටින්නන්ට සහනය සැලසීමට සිදුවේ. අප අවට පවතින මිනිසත් කමේ නැති බැරි කම් හා දුක් වේදනා ගැන අප දන්නේ ඉතා ස්වල්පයකි. එනමුත් අවස්ථාවක් ලැබෙන කල, තදබල ලෙස පීඩාවට ලක්ව සිටින්නන් හට ක්ෂණිකව සහය වීමට අප සූදානමින් සිටිය යුතු වේ. AHS 131.2