Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 4—ඔබ නිවසේ බලපෑම

    ආදර්ශ පාඩමකි: ආචාරශීලී සමාජිකයන්ගෙන් සමන්විත නිවස සමාජය කෙරෙහි විශාල යහපත් බලපෑමක් ඇති කරයි. එවන් පවුලක් ලැබගෙන ඇති ප්‍රතිඑල දකින වෙනත් පවුල්ද සාතනික බලපෑම් වලින් ආරක්ෂා වෙමින් එම ආදර්ශය අනුගමනය කරනු ඇත.AHS 13.1

    මනාලෙස සංවිධානය වූ හොඳ හික්මීමෙන් යුත් පවුලක් බොහෝ දේශනාවන්ට වඩා කිතු දහම ගැන පවසයි. දිව්‍ය මග පෙන්වීම අනුගමනය කිරීමෙහි ලා දෙමාපියන් සාර්ථකත්වය ලැබ ඇති බවටත් ඔවුන්ගේ දරුවන් සභාව තුළ උන්වහන්සේට සේවය කරන බවටත් එවන් පවුලක් සාක්ෂි දරයි. සමාජයට ඔවුන් යහපත් බලපෑම් ඇති කරනා විට, ඔවුන්ගේ යහපත් කම තවත් වර්ධනය වෙයි.AHS 13.2

    නිවසේදී තමනට ලැබෙන හොඳ උපදෙස් පිටස්තර අයවලුන් සමග පවා බෙදා ගන්නා දරුවෝ දෙමාපියන්ගේ සහයකයෝය.මෙම යහපත් උපදෙස් වලින් පෝෂණය වන අසල්වැසියෝ මෙකලටද සදාකාලයටද ඉන් ඵල නෙළතී.පවුලේ සියලු දෙනාම ස්වාමියාණන්ගේ සේවයෙහි නිරතව සිටිති. ඔවුන්ගේ යහපත් ආදර්ශය කරණ කොට ගෙන දෙවියන්වහන්සේගේ රැල සම්බන්ධ කටයුතු වලදී ඇදහිලිවන්තව සහ සත්‍යවාදීව සේවය කිරීමට අන්‍යයෝ පොළඹවනු ලබන්නෝය.AHS 13.3

    විශ්මයජනක දේ කළ හැකිය: මෙහි අපගේ කාලය කෙටිය.මෙලොව ඔස්සේ අපට යා හැකි වන්නේ එක වරකි.මෙම ගමනේදී අපි ජීවිතයේ උපරිම එල ලබා ගනිමු. අප කැඳවා තිබෙන කාර්යයට ධනය, නිලතල හෝ විශාල හැකියාවන් අවශ්‍ය නොවේ. ඊට අවශ්‍ය වන්නේ කාරුණික, ආත්ම පරිත්‍යාගික සිතක් හා ස්ථිර අරමුණක්ය. කෙතරම් කුඩා වුවද පහනක් නොනිවී තබා ගත හොත්, තවත් බොහෝ පහන් දැල්වීමට එය ඉවහල්වනු ඇත. අපගේ අනුබලය පටු විය හැකිවා සේම අපට ලැබෙන අවස්ථාවන් විරලව, අපගේ හැකියාවන් සුළුව අප දැනුම හා අත් දැකීම් සීමිතව තිබුණද අප නිවසේදී අපට ලැබෙන අවස්ථාවන් විශ්වාස වන්තව ඉටු කිරීම තුළින් අපට විශ්මය ජනක දේ කළ හැකිය. ජීවිතය පිළිබඳ දිව්‍ය ප්‍රතිපත්තියට අප අපගේ නිවෙස් විවෘත කළහොත්, අප ජීවනය දෙන දිය දහරක් වනු ඇත. දැන් පාලුකම හා අඩුපාඩු රජයන ස්ථාන වෙතට අප නිවෙස් වෙතින් ජීවනය, අලංකාරකම සහ ඵලදායි බව රැගත් සුව සෙතෙහි දිය දහරා ගලා යනු ඇත.AHS 14.1

    ලොවට යම් හොඳ හෝ නරක අනුබලයක් ඇති නොකර ජීවත් වීමට අප කිසිවෙකුට බැරිය. පවුලේ අනිකුත් සාමාජිකයනට තම අනුබලය හා චිත්ත ස්වභාවය නොහැ‍ඟෙන පරිදි තමන් තුළ සැඟවී සිටින්ට තවත් සාමාජිකයෙකුට බැරිය.AHS 14.2

    මුහුණේ පිටාතර පෙනීම තුළින් යහපත හෝ අයහපත උදෙසා අනුබලයක් දිස්වේ.AHS 14.3

    අවිධිමත් පවුලක බලපෑම ව්‍යාප්ත වන අතර එය සකල සමාජයටම අහිතකර විපාක ගෙන දෙයි. ඒ තුළ ඒක රාශිවන අයුතුකම් පවුල්, සමාජයන් මෙන්ම ආණ්ඩුවලටද බලපායි.AHS 14.4

    ප්‍රබල තර්කයක්: අප නිවෙස් ඒවා තිබිය යුතු ආකාරයෙන් පවතිනා විට, අප දරුවන්ට ඔවුන් අවට සිටින නැති බැරි උදවිය වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉල්ලා සිටින කාරණාවල් ගැන නොසැලකිලිමත් කමින් හා අලසව සිටීමට ඉඩ නොලැබේ. ස්වාමින්වහන්සේගෙන් තමන්ට උරුම වන කාර්යය ලෙස, ඔවුන් සිටිනා තැන්හි කළ යුතු දේවල් භාර ගැනීමට ඔවුහු සුදුසුකම් ලබන්නෝය. නොදන්නා අයවලුන් සියලු දැන ගැන්මෙහි සම්හාවය වෙතට යොමු කරවමින් ඔවුන් උදෙසා ආලෝකයක් එවන් නිවෙස් වෙතින් විහිද එනු ඇත. දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ සත්‍යය උදෙසා යොමු කරවන්නා වූ යම් අනුබලයක් ඉන් නිකුත් වනු ඇත.AHS 14.5

    ප්‍රීතිමත් නිවෙස් අසල්වැසියන්ට ආදර්ශයෙකි: අපට සිනා පිරි මුහුණින් යුත් දෙමාපියන් හා සිනා පිරි මුහුණින් යුත් කිතුණුවන් වඩ වඩාත් අවශ්‍යය. අප අප තුළම වැසී සිටිනවා වැඩිය. බොහෝ විට අප දරුවන්ට මෙන්ම පීඩාවට ලක්ව අධෛර්යයව සිටින්නන්ට ද කාරුණික දිරිගන්වන සුළු වදනක් පවසන්නේවත් සිත පිනවන සිනහවක් පාන්නේ නැත.AHS 14.6

    පවුලේ සමගියේ ප්‍රතිඑල: කිතුණුවන්ගේ ප්‍රථම කාර්යය වනුයේ පවුල තුළ එක්ව සිටීමය. ඉක්බිතිව අහල පහළ හා ඈත සිටිනා අසල්වැසියන් කරා එම කාර්යය ගෙන යා යුතුය. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් සුවඳවත් වූ ඔවුන්ගේ වදන් ජීවිතයට ජීවනයේ මිහිරියාවක් විය යුතු වේ. නිවසේ තම කාර්යයේදී පවුලේ සමාජිකයන් සමීපව ක්‍රියා කරන තරමට, දෙමාපියන්, දූ දරුවන් නිවසින් පිටතට දක්වන අනුබලයද ප්‍රයෝජනවත් හා ප්‍රගතිශීලී වන්නේය.AHS 15.1

    හොඳ මනුෂ්‍යයන් අවශ්‍යය: පවුල් වල හා සභාවල සතුට රඳා පවතින්නේ නිවසේ බලපෑම් මතය. සදාකාලික කාරණා රැඳී පවත්නේ මේ ජිවිතයේ යුතු කම් නිසි අයුරින් ඉටු කිරීම මතය.තම නිවෙස්හී ආශිර්වාදයක් වන යහපත් මනුෂ්‍යයන් මිස ලොවට ශ්‍රේෂ්ඨ මොළවල අවශ්‍යතාවයක් එතරම් නැත.AHS 15.2