Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 53—ආගන්තුක සත්කාරය

    නොසලකා හරිනු ලැබූ අවස්ථාවන් සහ භාග්‍යයන්: “ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න” යනු සභාව තුළ වගකීම දරන පුද්ගලයා සතුව තිබිය යුතු විශේෂ ගති ගුණාංග ලෙස ශුද්ධාත්මයාණන් විසින් දෙන ලද ලක්ෂණයන්ගෙන් එකකි.එමෙන්ම සකල සභාවට දෙනු ලැබ ඇති උපදෙස් මෙසේය. : “කොඳුරන්නේ නැතිව එකිනෙකා හට ආගන්තුක සත්කාර කරන්න. දෙවියන්වහන්සෙ‍්ගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකා හට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකා හට සේවය කරන්න”.AHS 158.1

    මෙම උපදෙස් පුදුම සහගත ලෙස නොසලකා හැර තිබේ. තමන් කිතුණුවන් යැයි කියා ගන්නා අයවළුන් අතරෙහි පවා සැබෑ ආගන්තුක සත්කාරය සිදුකෙරෙනුයේ අල්ප වශයෙනි. ආත්මාර්ථකාමීව තමන් ගැන පමණක් සිතීමෙන් අහිමි වන ආශීර්වාද : “මටත් මගේ පවුලටත්” යනුවෙන් බොහෝ විට දක්වා ලන ආත්මාර්ථකාමී කම ගැන දෙවියන්වහන්සේ අප්‍රසන්නව සිටින සේක. මෙම හැඟිමට ගැති වනසැම පවුලක්ම ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයෙන් ආදර්ශයකොට දක්වන ලද පවිත්‍ර ප්‍රතිපත්තීන් කරණ කොට ගෙන සිත් හරවනු ‍ලැබිය යුතුය. අමුත්තන්ට සැලකීමට නොකැමතිව තමන් තුළ සැගවෙන්නෝ බොහෝ ආශීර්වාද අහිමිකර ගන්නෝය. AHS 158.2

    ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පවසන සේක: නුඹ දවල් කෑමක් හෝ රාත්‍රී කෑමක් හෝ පිළියෙල කරන කල, නුඹේ යහළුවන්ටත් ‍නෑයන්ටත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහර සමරහ විට ඔවුහු නැවත නුඹ කැඳවන්නෝය. එවිට නුඹට ප්‍රතිඵලයක් ලැබෙන්නේය. නුමුත් කෑමක් පිළියෙල කරන කල දිළිඳුන්ද අබ්බගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවාපාන්න. නුඹට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් නුඹට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මෂ්ඨයන්ගේ නැවත නැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේය. AHS 158.3

    මෙම අමුත්තන් යමක් ලැබ ගැනීම පිණිස ඔබට මහත් බරක් සිදු නොකරනු ඇත. ඔවුන්ට වෙහෙස මහන්සි වී බොහෝ සේ වියදම් කොට ආහාර පාන සූදානම් කිරීමට ඔබටද සිදු නොවේ. රස නහර පිනා යන විවිධ කෑම බඳුන් කාහටත් පෙනෙන සේ පිළියෙල කර තැබීමට ඔබට අවශ්‍ය නොවෙයි. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු හට සුහද ආරාධනාවක උණුසුම ඔබ නිවසේ කෑම මේසයට වාඩි වීමට පනවන අසුන, යාච්ඤා පැයේ ආශීර්වා බෙදා ගැනීමට ලැබෙන භාග්‍ය්‍ය ආදිය ස්වර්ගය දැකුමට ලද කෙටි බැල්මක් සේ වටනේය. AHS 159.1

    අපගේ දයානුකම්පාවන් තමකමේ සීමාවන්ද පවුල වටා ඇති ප්‍රාකාරයෙන්ද ඔබ්බට උතුරා යා යුතු වේ. තම නිවෙස් අන්‍යයන්හට ආශීර්වාදයක් කරන්නන්හට අගනා අවස්ථාවන් විවෘතව ඇත. සමාජීය අනුබලය පුදුමාකාර අනුබලයකි. කැමති නම්, සිටින්නන්හට උදව් උපකාර කිරීමේ ක්‍රමයක් ලෙස එය භාවිතා කිරීමට අපට පුළුවන. AHS 159.2

    පරීක්ෂාවන්ට අසුවූ යොවුන්වියේ දරුවන්ට රක්ෂස්ථානයක්: අපගේ නිවෙස් පරීක්ෂාවන්ට අසුවූ යොවුන් දරුවන්ට එක්ෂස්ථානයක් වියයුතුය. ජීවිතයේ මංසන්ධිවලට පැමිණ සිටින්නෝ බොහෝ වෙති. මෙහිදී හා මෙයින් මතු ඔවුන්ගේ ඉරණම හැඩගස්වෙන පිණිස ඔවුන් ගන්නා තෝරා ගැනීම ඔවුන් ලබන සැම අනුබලයන් හා හැගීමෙන් තීරණය කෙරෙයි. නපුරු දේ ඔවුන්ට ආරාධනා කරයි. නපුරු දේ ඇති ස්ථාන ආරාධනයක් ඇත. නිවෙස් නැති එමෙන්ම සහයවන සුළු සහ ඔසවා තැබීමේ ශක්තියෙන් තොර නිවෙස් ඇති යොවුන් වියේ දරුවන් අප අවට සැම තැනම ගැව‍සෙන අතර මෙවැන්නෝ නපුරු දේ කෙරෙහි ඇදී යති. ඔවුහු අපගේ නිවෙස්හි සෙවනැල්ල තුළදීම විනාශය කරා ප්‍රපාතයට යති.AHS 159.3

    මෙම තරුණ වියේ දරුවන්ට දයානුකම්පාවෙන් යුත් අතක් ඔවුන් කෙරෙහි දිගු කිරීම අවශ්‍යව ඇත. නිකමට මෙන් පැවසෙන කාරුණික වදන්, නිකමට මෙන් දෙනු ලබන සුළු අවධානයන් ඔවුන් මත ඒකරාශී වන පරීක්ෂාවේ වලාකුල් පිසදමනු ඇත. කිතු ස්වරූපී වදන්හි සුවඳවත් බවත් ක්‍රිස්තුස්වහන්සෙගේ ප්‍රේමයෙහි සරල, මෘදු පහසත් අවැසිව ඇති හදවත්හි දොර විවර කිරීමේ ශක්තිය සහ ජනිත ‍දයානුකම්පාවේ සැබෑ එළැදැක්වීම තුළ ගැබ්ව ඇත. යොවුන් පෙළ කෙරෙහි සැබෑ උනන්දුවක් පෙන්වීම සඳහා සඳහා ඔවුන් අප නිවෙස්වලට කැඳවා ප්‍රීතිමත්, සහයෝගීතාවයේ වාතාවරණයක් ඇති කළ කල්හි ඔවුන්ගෙන් බොහෝ දෙන සතුටින් සග මගට පා නැගීමට පෙළඹෙනු ඇත්තාහ.AHS 159.4

    ඔබගේ අමුත්තන්ට කාරුණිකව සලකමින් ඔවුන්ට සුව පහසුව සලසා දිය යුතු අතරම දෙවියන්වහන්සේ ඔබට දී ඇති කුඩා දරුවන්ට ඔබ ගුරුවරයෙකුව සිටිනා බැව් මතක තබා ගන්න. ඔවුන් ඔබ දෙස බලා සිටිනා බැවින්, ඔබගේ කිසිදු ක්‍රියා මාර්ගයක් ඔවුන් නොමගට යොමු නොකළ යුතුය. ඔබ දිනපතා ඔබ පවුලේ අයවළුනට ප්‍රසන්නව, සැලකිලිමත්ව, ආචාරශීලීව සිටිනා අයුරින් ඔබ නිවසට පැමැණෙන අමුත්තන්ටද සලකන්න. මෙයාකාරයෙන් සියල්ලන්ටම ගුරුවරුන්ද යහපත් ක්‍රියා සඳහා ආදර්ශයක්ද වියහැකිය. කන, බොන, පළඳීන දේ මොනවාදැයි සංකා වෙනවාට වඩා සිත යෙදවීමට වැදගත් දෙයක් ඇතැයි ඉන් පෙන්වයි. AHS 159.5

    සග වැය ගිණුමක්: තමන්‍වහන්සේ උදෙසා දරන ලද සැම වියදමක්ම ක්‍රිස්තුස්වහන්සේ ලියා තබනා සේක. උන්වහන්සේගේ කාර්යය සඳහා අවශ්‍ය සියල්ල උන්වහන්සේ සපයා දෙන සේක. උන්වහන්සේගේ නාමයෙන් තම සොයුරන්ට ආගන්තුක සත්කාර කරන්නෝ, නිවසට ගොඩ වීමෙන් තමන්ටත් ඔවුන්ටත් උපරිම ප්‍රයෝජන ලැබ ගන්ට සලස්වන්නෝ විශේෂ ආශීරවාදයන්ට සුදුස්සන් ලෙස ස්වර්ගයේ වාර්තා ගත වෙයි.AHS 160.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents